ප්‍රාග් බෞද්ධ යුගය කියලා කියන්නේ "බුදු දහම පැමිණීමට පෙර" යුගයයි. මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්නේ, අපේ රටට ශ්‍රී සම්බුද්ධ සද්ධර්මය පැමිණෙන්න පෙර, අපේ රටේ පැවති ආගම්, ඇදහිලි සහ විශ්වාස මොනවද කියලයි. ඒ කියන්නේ "ප්‍රාග් මහින්ද" යුගය හෙවත් මහින්ද මහ රහතන් වහන්සේ, මෙහි වැඩම කරන්නට පෙර පැවති යුගය. එසේත් නොමැති නම් දේවානම්පියතිස්ස රාජ්‍ය පාලන සමයට, පෙර කාල වකවානුවයි.
මහින්ද මහ රහතන් වහන්සේ මෙහි පැමිණීමට පෙර සිටම අපේ රටේ යක්ෂ වන්දනය, නාග වන්දනය, ස්වභාවික වස්තූන් වන්දනය වැනි ප්‍රාථමික ඇදහිලි සහ විශ්වාසවලට අමතරව ඉන්දියාවේ තිබූ අනිකුත් ආගම් සියල්ලක්ම පාහේ තිබූ බවට සාක්ෂි ලැබෙනවා. ඉන්දියාවේ පැවතුනු ආගම් සියල්ලක්ම පාහේ තිබුණා නම් බුදු දහම පමණක් නොතිබෙන්නට හේතුවක් නෑ. මේ පිළිබද ජනප්‍රවාද ,වoශ කතා පදනම් කර ගෙන සාකච්ඡා කිරීම වටිනවා.
පැරණි මිනිසා ඉර, හද, තාරකා, ග්‍රහලෝක, ගස්, ගල්, පර්වත වගේ ස්වභාවික වස්තූන්වලට වන්දනාමාන කළ බව අපි දන්නවා. එක් එක් ගස් වල, ඒවාට අධිගෘහිත වූ දෙවි දේවතාවන් වැඩ වාසය කරන බව සිතා ඒවාට වැදුම් පිදුම් කළා. ජලයට අධිගෘහිත සහ ආරක්ෂාවේ සoඛේතය ලෙස "නාගයා" හදුන්වා, නාග වන්දනයද සිදු කළා. පැරණි සෑම පොකුණකම නාගයෙකු සහිත ගල් පුවරුවක් සවි කර තියෙන්නේ අන්න ඒ නිසයි. පසුව ඇතම් අය තමන්ගේ නමටද "නාග" කියන පදය එක් කර ගෙන තියෙනවා. ඒ වගේම නාග යනුවෙන් අපේ රටේ වාසය කළ, ජනකොට්ටාශයක් ගැනත් කියවෙනවා.
මහින්ද මහ රහතන් වහන්සේ මෙහි පැමිණීමට පෙර සිටම අපේ රටේ යක්ෂ වන්දනය, නාග වන්දනය, ස්වභාවික වස්තූන් වන්දනය වැනි ප්‍රාථමික ඇදහිලි සහ විශ්වාසවලට අමතරව ඉන්දියාවේ තිබූ අනිකුත් ආගම් සියල්ලක්ම පාහේ තිබූ බවට සාක්ෂි ලැබෙනවා. ඉන්දියාවේ පැවතුනු ආගම් සියල්ලක්ම පාහේ තිබුණා නම් බුදු දහම පමණක් නොතිබෙන්නට හේතුවක් නෑ. මේ පිළිබද ජනප්‍රවාද ,වoශ කතා පදනම් කර ගෙන සාකච්ඡා කිරීම වටිනවා.
පැරණි මිනිසා ඉර, හද, තාරකා, ග්‍රහලෝක, ගස්, ගල්, පර්වත වගේ ස්වභාවික වස්තූන්වලට වන්දනාමාන කළ බව අපි දන්නවා. එක් එක් ගස් වල, ඒවාට අධිගෘහිත වූ දෙවි දේවතාවන් වැඩ වාසය කරන බව සිතා ඒවාට වැදුම් පිදුම් කළා. ජලයට අධිගෘහිත සහ ආරක්ෂාවේ සoඛේතය ලෙස "නාගයා" හදුන්වා, නාග වන්දනයද සිදු කළා. පැරණි සෑම පොකුණකම නාගයෙකු සහිත ගල් පුවරුවක් සවි කර තියෙන්නේ අන්න ඒ නිසයි. පසුව ඇතම් අය තමන්ගේ නමටද "නාග" කියන පදය එක් කර ගෙන තියෙනවා. ඒ වගේම නාග යනුවෙන් අපේ රටේ වාසය කළ, ජනකොට්ටාශයක් ගැනත් කියවෙනවා.
අපේ රටේ තිබුණු තවත් පැරණි ආගමික විශ්වාස අතර යක්ෂ යක්ෂණි ඇදහිල්ල පණ්ඩුකාභය රාජ්‍ය සමය තුළත් තිබූ බවට සාහිත්‍යය මූලාශ්‍ර හෙළි කරනවා. ඓතිහාසික කතා පුවත්වල එන කාලවේල, චිත්තරාජ, ඡේතියා, බලවාමුඛි වගේ යක්ඛ යක්ඛනියන්ට, පණ්ඩුකාභය රජු දේවාල තනා පුද පූජා පැවැත්වූ බව මහා වoශයේ දැක්වෙනවා.
මහින්දාගමනයට පෙර යුගයේ සිටම අපේ රටේ ජෛන හෙවත් නිගන්ඨ ආගම තිබූ බවට නිශ්චිත වශයෙන්ම තොරතුරු හෙළි වෙනවා. ජෛන ආගම අනුව යන්නවුන් නිඝන්ටයින් ලෙස හදුන්වනවා. පණ්ඩුකාභය රජුද නිඝන්ටයන්ට ආරාම තනා පූජා කළ බව පැරණි සාහිත්‍ය මූලාශ්‍රවල දැක්වෙනවා.
භාරතයේ තිබුණු ප්‍රබලතම ආගම වන බ්‍රාහ්මණ ආගමත් අපේ රටේ මුල් බැස ගත්තේ, මහින්ද යුගයට කලින්. පණ්ඩුකාභය රජු මේ ආගමට අනුග්‍රහය දක්වපු ප්‍රධාන පෙළේ පාලකයෙක් විදිහට ගැනෙනවා.
පරිබ්‍රාජකයන් සහ ආජීවකයන්ද සිටි බව මහා වoශයේ දැක්වෙනවා. පණ්ඩුවාසදේවගේ විවාහයට පැමිණි භද්දකච්චායනා බිසව මෙරටට පැමිණියේ පරිබ්‍රාජක වෙස් ගෙනය. ඒ නිසා පෙර කීවාසේම ඉන්දියාවේ තිබූ අනිකුත් ආගම් සියල්ලක්ම පාහේ තිබුණේ නම් බුදු දහම පමණක් නොතිබෙන්නට හේතුවක් නෑ. දැන් අපි මේ ගැන සොයා බැලීමක් කරමු.
විජය රජතුමා කියන්නේ ජීවමාන බුදුන් කල ජීවත් වූ පුද්ගලයෙක්. සමහරක් විට ඔහු ගෞතම බුදු හාමුදුරුවන්ව දැකලත් ඇති. මහා වoශයට අනුව උපුල්වන දෙවියෝ තවුස් වෙසක් මවා ගෙන ලක්දිවට පැමිණ විජයගේ අතේ පිරිත් නූල් ගැට ගැසුවේත්, පිරිත් පැන් ඉස්සේත් ගෞතම බුදුන් වහන්සේගේ නියමය පරිදියි. විජය ඇතුළු 700ක පිරිසක් ලක්දිවට ගොඩ බසින්නෙත් බුද්ධ පර්නිර්වාණය සිදු වන දවසෙයි.
ආර්යය පෙළපතේ ලක්දිව 2 වන පාලකයා වුණු පන්ඩුවාසදේව රජතුමත් බුදුරදුන් වැඩ සිටි කල ජීවත් වූ තැනැත්තෙක්. පන්ඩුවාසදේව රජතුමත් බුදු දහම පිළිබද යම්තාක් දුරට හෝ දැන ගෙන සිටින්නට ඇත. පන්ඩුවාසදේව රජුගේ විවාහයට මෙහි පැමිණි භද්දකච්ඡායනා බිසව සිදුහත් ගෞතමයාණන් වහන්සේගේ ලේ ඥාතිවරියක්. ඇය ශුද්ධෝදන රජුගේ පරපුරේ ශාක්‍ය වාoශික කුමාරිකාවක්. බුද්ධ පරම්පරාවේ ලේ නෑකම නිසාම ඇය බුදුරදුන් සහ බුද්ධ ධර්මය පිළිබදව අනිවාර්යෙන් දැන සිටිය යුතුමය. ඇය බුදුන් වහන්සේගෙන් ධර්මය පවා අසන්නට ඇති. බුදුන් වහන්සේ යනු ඇයගේ මාමාවරයෙක්.
බුදුරජාණන් වහන්සේද මෙරටට 3 වරක් වැඩම කර ස්ථාන 16ක සමවත් සුවයෙන් වැඩ සිටි බව දැක්වේ. උන්වහන්සේ ප්‍රථම වරට මහියoගනයට වැඩම කොට යක්ඛ ගෝත්‍රිකයන් දමනය කර ඔවුන්ට දහම් දෙසා බෞද්ධයන් පිරිසක් බවට පත් කර ඇත.
දෙවන වරට උන්වහන්සේ ලoකාවේ නාගදීපයට වැඩම කර, නාගයින් පිරිසක් අතර වූ ගැටුමක් නිරාකරනය කර නාග ගොත්‍රිකයන්ට දහම් දෙසා ඔවුන්ව බෞද්ධයන් පිරිසක් බවට පත් කරනවා.
මණි අක්ඛික නම් නා රජුගේ ආරාධනයෙන්, තුන් වන වර බුදුරදුන් 500ක් රහතන් වහන්සේලා සමග ලක්දිවට වැඩම කොට, නාග ගෝත්‍රිකයන්ට දහම් දෙසූ බවත්, කැලණිය ඇතුලු ප්‍රදේශ 14කට වැඩම කොට සමවත් සුවයෙන් වැඩ සිටි බවත් අප දන්නවා.
සුමන සමන් දිව්‍යරාජයා කියන්නේ බුදුරදුන්ගේ 1 වන ලංකා ගමනේදී දහම් අසා සෝවාන් වූ බෞද්ධ දෙවි කෙනෙක්. මහියංගන සෑය ඉදි කිරීමට බුදුරදුන්ගෙන් කේශ ධාතු ලබා ගත්තේත්, බුදුන් වහසේට සමනල කන්දට වැඩම කිරීමට ආරාධනා කලෙත් සුමන සමන් දෙවියන්.
කතරගම දෙවියන් කියන්නෙත් බුදුන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් වූ දෙවි කෙනෙක්. උන්වහන්සේගේ 3 වන ලoකා ගමනේදී, බෞද්ධයන් ආරක්ෂා කිරීමේ වගකීම, බුදුන් වහන්සේ කතරගම දෙවියන්ට පවරනවා.
උපුල්වන් දෙවියනුත් බෞද්ධ දෙවි කෙනෙක්. ලoකාවත් බුදු දහමත් ආරක්ෂා කිරිමේ වගකීම බුදුරදුන් විසින් ශක්‍ර දේවේන්ද්‍රයා හරහා ඔහුට පැවරූ සේක. විජයගේ අතේ පිරිත් නූල් බැන්දේත්, පිරිත් පැන් ඉස්සේ උපුල්වන් දෙවියන්.
බුදුරදුන්ගෙන් දහම් ඇසූ ප්‍රථම දේවාචික උපාසකයන් දෙදෙනා වන තපස්සු බල්ලුක දෙදෙනා, බුදුන් වහන්සේගේ කේශ ධාතු නිදන් කර අප රටේ "ගිරිගඩු" සෑය ඉදි කළා. ඔවුන් බුදුන් දැක බුදුන්, දහම් සරණ ගිය බෞද්ධයන්.
මෙම කරුණු වලින් පැහැදිලි වෙනවා මහින්දාගමනයට පෙර සිටම අපේ රටේ බුද්ධ ධර්මය පිලිබදව දන්නා අය සිටියාය කියලා. ඒත් රට තුළ බුද්ධාගම තිබුණේ නෑ. සoඝ සමාජයක් නොසිටීම ඊට ප්‍රබලතම සහ එකම හේතුව වුණා.
ධර්මය ව්‍යාප්ත කරන්න සoඝ සමාජය අත්‍යවශ්‍යයි. ගිහියන් විදිහට අපි ධර්මය ඇසුවත්, ඇසූ ධර්මය වෙනත් අයට කියා දෙන්නේ නෑ. ඒත් හාමුදුරුවරු කියන්නේ මේ අසිරිමත් ධර්මය ලෝකයාට දේශනා කරන්නම කැප වුණු පිරිසක්. උන්වහන්සේලා සියලු ගිහි සැප අතහැර දාලා, අනගාරිකත්වයට ඇතුළත් වුණේ අන්න ඒ නිසයි. ධර්මය කියා දෙන්න භික්ෂූන් නොසිටි නිසා, ධර්මය අපේ රට තුළ ව්‍යාප්ත වුණේ නෑ. බුද්ධ ධර්මය පිළිබද දන්නවුන්, තම තමන්ගේ සිත් තුළම, එය තබා ගෙන සිටියා. අපේ රටේ සoඝ සමාජය ඇති වෙන්නේ මහින්දාගමනයෙන් පසුවයි.
මීට වසර 2550කට පමණ පෙර ගෞතම බුදුන් වහන්සේගේ තෙවරක් ලoකාවට වැඩමවීම තුළින් අප රටේ බුදු දහම යම් මට්ටමකට ස්ථාපිත වූවත්, සoඝ සමාජය නොසිටි බැවින් කාලයත් සමග එය සිරි ලoකාද්වීපයෙන් ඈත් වී ගියේය. භික්ෂුව නොමැති නම් ශාසනයකුත් නැහැ. ඒ තරමට භික්ෂූන් වහන්සේලා වැදගත්...!!!!!!!!