5 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ ගම්පල රාජධානියේ රජකමට පත් වෙන්නෙ "3 වෙනි වික්‍රමබාහු" රජතුමා. 3 වෙනි වික්‍රමබාහු රජතුමා කොහෙන් කඩා පාත් වුණු එක්කෙනෙක්ද කියලා කිසිම සදහනක් නෑ. ඒ නිසා ඉතිහාසඥයන් අනුමාන කරන විදිහට 3 වෙනි වික්‍රමබාහු කියන්නෙ, 5 වෙනි පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ තිබ්බ කැරලි කෝලහාලවලට නායකත්වය දීලා, කැරැල්ලකින් රාජධානියේ බලය අල්ල ගත්ත කැරලි නායකයෙක්. 3 වෙනි වික්‍රමබාහු රජතුමා ගැන සෙල්ලිපිවල සදහන් වෙන්නෙ මුලු ලoකාවේම රජු (රාජ ලoකා) විදිහටයි.
3 වෙනි වික්‍රමබාහු රජතුමාට හිතවත් වුණේ අලගක්කෝනාර පරම්පරාවේ, නිශ්ශoක අලගක්කෝනාර කියන අමාත්‍යවරයයි. වික්‍රමබාහු රජතුමාගෙ සහෝදරියව විවාහ කරගෙන හිටියෙ නිශ්ශoක අලගක්කෝනාර. මේ කාලය වෙනකොට යාපනය රාජධානිය බලවත් වෙලා තිබුණා. යාපනය රාජධානියේ ආර්යය චක්‍රවර්තීන් කොළඹ, මීගමුව, හලාවත වගේ සිoහල රාජධානියට අයිති පළාත්වලින් කප්පම් එකතු කරන්න ගත්තා. මේ කප්පම් එකතු කරන එක නවත්තලා දාන්න 3 වෙනි වික්‍රමබාහු රජතුමාට පුලුවන් වෙනවා. දෙමළ හමුදාව එක්ක යුද්ධ කරලා, ද්‍රවිඩ බලය උතුරටම සීමා කරලා දානවා.

3 වෙනි වික්‍රමබාහු රාජ්‍ය සමය ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්නෙ ඇම්බැක්කේ දේවාලය නිසා. ගම්පල ඇම්බැක්කේ දේවාලය, 3 වෙනි වික්‍රමබාහු රජතුමාගේ අනුග්‍රහයෙන් නිර්මාණය වුණු දේවාලයක්. ගෘහ නිර්මාණ කටයුතු කරලා තියෙන්නේ "දෙල්මඩ මූලාචාරීන්"ගේ අධීක්ෂණය යටතෙයි. ඇම්බැක්කෙ දේවාලය කියලා කියන්නෙ කතරගම දෙවියන් වෙනුවෙන් කැප කරපු දේවාලයක්. දේවාලයේ උත්පත්ති කතාව ගැන නම් ජනප්‍රවාද දෙකක් තියෙනවා.
මේ ප්‍රදේශයේ බෙර වාදකයෙක් ඉදලා තියෙනවා. මේ බෙර වාදකයා හැම අවුරුද්දකම කතරගම දේවාලයේ පෙරහැරේ බෙර ගහන්න යනවා. කාලයත් එක්ක මේ බෙර වාදකයත් වයසට ගිහින්, ගොඩක් දුර්වල වෙලා, අසනීප වෙනවා. බෙර වාදකයට කතරගම පෙරහැරට යන්නත් බැරි වෙනවා. අවුරුදු ගාණක් කතරගම පෙරහැරට සහභාගි වෙලා, කතරගම දෙවියන් වෙනුවෙන් සේවාවක් කළත්, අසනීප සහ දුර්වල තත්වය නිසා බෙර වාදකයා එක්තැන් වෙනවා. කතරගම පෙරහැරට යන්න බැරි වෙන එක ගැන හැම තිස්සෙම දුක් වෙවී ඉන්නකොට, දවසක් රෑ නින්දෙදි බෙර වාදකයට කතරගම දෙවියො කතා කරලා මෙහෙම කියනවා. "ඔබ අවුරුදු ගණනක් මා වෙනුවෙන් බෙර ගැහුවා. දැන් ඔබ වයෝවෘද්ධයි. ඒ නිසා අද ඉදන් ඔබ මා වෙනුවෙන් කැප වෙන්න අවශ්‍යය නෑ. ඒ වෙනුවට මා වෙනුවෙන් දේවාලයක් හදන්න. ඇම්බැක්කෙ මල් උයනේ කදුරු ගස් තියෙනවා. පොරෝ පාරක් ගැහුවම එක ගහකින් ලේ ගලන්න පටන් ගනියි. අන්න එතන තමයි දේවාලය හදන්න ඕන". පහුවෙනිදා මේ බෙරකාරයා මේ අද්භූත සිහිනය ගැන රජ මාළිගාවට දන්වනවා. රජතුමා, අමාත්‍ය මණ්ඩලයත් එක්ක ඇම්බැක්කෙ උයනට ගිහින් කදුරු ගස් පරික්ෂා කරනවා. එක කදුරු ගහකට පොරොවෙන් පාරක් ගහනවත් එක්කම, කතරගම දෙවියො හීනෙන් කිව්වා වගේම රතු පාටින් ලේ ගලන්න ගත්තා.
අනිත් ජනප්‍රවාදයත් ඒකම තමයි. හැබැයි ඒ ජනප්‍රවාදේ තියෙන විදිහට කතරගම දෙවියන්ව හීනෙන් පේන්නෙ ඇම්බැක්කෙ මල් උයනෙ උයන්පල්ලට. මේ අද්භූත සිදුවීම නිසා, මේ භූමිය ජය භූමියක් විදිහට නම් කරලා, ඒ කදුරු ගහ තිබ්බ තැන දේවාලය නිර්මාණය කරනවා.
ලoකාතිලක විහාරය, ගඩලාදෙණිය විහාරය ළගම පිහිටලා තියෙන ඇම්බැක්කෙ ප්‍රධාන දේවාලෙ වටේට දැඩිමුණ්ඩ, ගම්භාර වගේ දෙව්වරු වෙනුවෙන් තවත් දේවාල නිර්මාණය වෙලා තියෙනවා. ඇම්බැක්කෙ දේවාලය ප්‍රධාන වශයෙන් කොටස් 4යි.
01. දිග්ගේ
02. දේවාලය
03. මොණර ගෙය
04. බුදු මැදුර
දේවාලය නිර්මාණය වෙලා හුග කාලෙකට පස්සෙ තමයි බුදු මැදුරයි, දිග්ගෙයයි දේවාලයට සම්බන්ධ කරලා තියෙන්නෙ. බුදු මැදුරේ මහ නුවර යුගයේ ලක්ෂණ සහිත ඔත් පිළිමයක් (මකර තොරණ සහිත) තියෙනවා. ඒ පිළිමයට දෙපැත්තෙන් තවත් හිටි පිළිම දෙකක් දකින්න පුලුවන්. බිත්තිවල රතු පාට ආලේප කරලා, ඒ උඩ සත් සතිය, සූවිසි විවරණය, බුද්ධ චරිතය චිත්‍රයට නගලා තියෙනවා. කඩුපුල්, නෙළුම්, මානෙල් මල් වලින් හිඩැස් පුරවලා තියෙනවා.
බුද්ධ මන්දිරයට මෙහා පැත්තෙන් තියෙන කුටිය හදුන්වන්නෙ "මොණර ගෙය" කියලා. මොණර ගෙය භාවිතා කරලා තියෙන්නෙ රන් ආයුධ තැන්පත් කරන්න. ඒ කතරගම දෙවියන්ගේ රණ මොණරාට කරන පූජාවක් විදිහටයි. ඒ වගේම ලීයෙන් කැටයම් කරපු මොණරෙකුගේ රූපයකුත් තැන්පත් කරලා තිබිලා තියෙනවා. මේ මන්දිරයේ ද්වාරය ලීයෙන් නිර්මාණය කරපු එකක්. ද්වාරයත් අලංකාර ලී කැටයම්වලින් අලංකාර කරලා තියෙනවා දකින්න පුලුවන්.
සුප්‍රසිද්ධ ඇම්බැක්කේ ලී කැටයම් තියෙන්නෙ දිග්ගේ. දිග්ගේ භාවිතා කරලා තියෙන්නේ තේවාව කටයුතු සිද්ධ කරන්න. මේ දිග්ගේ දිග අඩි 53යි. පළල අඩි 25යි. මේ ශාලාවේ එක පැත්තක 16 ගාණෙ, ලී කණු 32ක් දකින්න පුලුවන්. ඒවායේ තමයි කැටයම් කපලා තියෙන්නෙ. ඇම්බැක්කෙ දේවාලයේ ලී කැටයම් 514කටත් වඩා ප්‍රමාණයක් තියෙනවා. කැටයම් කපන්න අරගෙන තියෙන්නෙත් ගම්මාලු, පිහිඹි, නා, කොස් වගේ හොද ලී වර්ග. මේ ලී කැටයම්වලින් ප්‍රධාන වර්ගයේ ලී කැටයම් කිහිපයක් පහතින් සදහන් කරමු.

01. සැරපෙන්දියා
02. හoස රූප 03. හoස පූට්ටුව 04. භේරුණ්ඩ පක්ෂියා 05. හිස් දෙකක් සහිත භේරුණ්ඩ පක්ෂියා 06. ගිජු ලිහිණියා 07. ගරුඩ පූට්ටුව 08. මිනිස් හිසක් සහිත පක්ෂියා 09. රබන්කරුවෝ 10. සිoහයා 11. නළුවා 12. ලී කෙළිය 13. යෝගියා 14. මකරා 15. කිහිඹි මුහුණ 16. සුරාසොඩ 17. අශ්වාරෝහක 18. හමුදා සෙබලා 19. හේවායා 20. මව සහ දරුවා 21. ඇත් පොරය 22. අස් පොරය |
23. මල්ලව පොරය
24. කිදුරු රුව 25. නළගන 26. පක්ෂියා 27. දෙවියා 28. කෙටේරිය අතින් ගත් මිනිසා 29. යටිකුරු නෙළුම් මල 30. උඩුකුරු නෙළුම් මල 31. ලියවැල් 32. මල් මෝස්තර 33. මල් වැල් මෝස්තර 34. පේකඩ 35. ලණු ගැට 36. මොණර මල් වැල් 37. ලියතඹරා වැල් 38. ලියවැල් තුඩින් ගත් හoස රූප 39. බෝ කොළ මෝස්තර 40. මුතුවැල් මෝස්තර 41. ලියතඹරා 42. සාමාන්‍ය නෙළුම් මල 43. සාමාන්‍ය ලියවැල 44. ගජසිoහ |
ඇම්බැක්කෙ දේවාලයේ තියෙන මඩොල් කුරුපාව කාගෙත් අවධානයට ලක් වෙන දෙයක්. වහලෙ පරාල 26 එකට සම්බන්ධ කරලා තියෙන තැනට තමයි මඩොල් කුරුපාව කියන්නෙ.
ඇම්බැක්කෙ දේවාලයෙන් 3 වෙනි වික්‍රමබාහු රාජ්‍ය සමයට ලොකු වටිනාකමක් එකතු වෙනවා. 3 වෙනි වික්‍රමබාහු රජතුමාගේ මරණයෙන් පස්සෙ 5 වෙනි බුවනෙකබාහු රජතුමා රාජ්‍යත්වයට පත් වෙනවා.
* Cover Photo -
By Chathura Anuradha Subasingha