මහා වංශය රචනා කරන්නේ මහා විහාරවාසි මහානාම හාමුදුරුවෝ. පරිච්ඡේද 37ක් තියෙන මහා වංශයේ ක්‍රි.පූ 6 වන සියවසේ ඉදන්, මහාසෙන් රාජ්‍ය සමය වෙනකන් තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. "සීහලට්ඨ කතා මහා වංශය" ආශ්‍රය කරගෙන රචනා වෙන මහා වංශයේ එන ගොඩක් කරුණු කාරණා, බෞද්ධ වස්තූන් කේන්ද්‍ර කර ගෙන රචනා වුණු ඒවා.
සීහලට්ඨ වංශ කතාව සංශෝධනය කරනකොට වෙනස්වීම් සිද්ධ වෙන්න පුලුවන්. අද වෙන කොට නම් "මහා වංශය" ප්‍රතික්ෂේපිත ග්රන්ථයක් විදිහටත් සමහරු හදුන්වනවා. මහා වංශය නිසා අපේ ඉතිහාසයේ විශාල අදුරු පැතිකඩක්, ආලෝකමත් කර ගන්න පුලුවන් වුණා. ඒත් හේතුන් කිහිපයක් නිසා මහා වංශය 100%ක්ම අපිට පිළිගන්න බෑ. ඒ නිසා මහා වංශයේ තියෙන, පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් ඔප්පු කර ගත්තු කරුණු ගැන විතරක් දැනට අවධානය යොමු කරන එක නුවණට හුරුයි.
මහා වංශය රචනා කිරීමේ ප්‍රධානම අරමුණ බුදු දහම සහ අනුරාධපුර රාජධානිය ගැන තොරතුරු හෙළි කරන්නයි. ඒත් රටක ඉතිහාසය කියලා කියන්නෙ ආගම දහම විතරක්ම නෙවේ. සංස්කෘතික, දේශපාලනික, ආගමික, ආර්ථික අංශත් තියෙනවා. අනුරාධපුරයෙන් පිටත තොරතුරු හොයා ගන්න නම් මහා වංශයෙන් ඉඩක් ලැබෙන්නෙම නැති තරම්. ඒ වගේම වාරි කර්මාන්ත, කෘෂි කර්මය, සමාජ ව්‍යුහය වගේ පැතිකඩවල් ගැන මහා වංශයේ රචනා වෙලා තියෙන්නෙ බොහෝම අඩුවෙන්.
සීහලට්ඨ වංශ කතාව සංශෝධනය කරනකොට වෙනස්වීම් සිද්ධ වෙන්න පුලුවන්. අද වෙන කොට නම් "මහා වංශය" ප්‍රතික්ෂේපිත ග්රන්ථයක් විදිහටත් සමහරු හදුන්වනවා. මහා වංශය නිසා අපේ ඉතිහාසයේ විශාල අදුරු පැතිකඩක්, ආලෝකමත් කර ගන්න පුලුවන් වුණා. ඒත් හේතුන් කිහිපයක් නිසා මහා වංශය 100%ක්ම අපිට පිළිගන්න බෑ. ඒ නිසා මහා වංශයේ තියෙන, පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් ඔප්පු කර ගත්තු කරුණු ගැන විතරක් දැනට අවධානය යොමු කරන එක නුවණට හුරුයි.
මහා වංශය රචනා කිරීමේ ප්‍රධානම අරමුණ බුදු දහම සහ අනුරාධපුර රාජධානිය ගැන තොරතුරු හෙළි කරන්නයි. ඒත් රටක ඉතිහාසය කියලා කියන්නෙ ආගම දහම විතරක්ම නෙවේ. සංස්කෘතික, දේශපාලනික, ආගමික, ආර්ථික අංශත් තියෙනවා. අනුරාධපුරයෙන් පිටත තොරතුරු හොයා ගන්න නම් මහා වංශයෙන් ඉඩක් ලැබෙන්නෙම නැති තරම්. ඒ වගේම වාරි කර්මාන්ත, කෘෂි කර්මය, සමාජ ව්‍යුහය වගේ පැතිකඩවල් ගැන මහා වංශයේ රචනා වෙලා තියෙන්නෙ බොහෝම අඩුවෙන්.
විජය රජතුමාගේ ඉදලා මහසෙන් රාජ්‍ය සමය වෙනකන් අපේ රටේ රජකම් කරපු රජවරුන්ගේ රාජ්‍ය නාමාවලිය හදනකොට මහා වංශය අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මහා වංශයේ ඒ ඒ රජවරුන්ගේ සේවාවන්, විදේශීය සබදතා, විදේශීන් අපේ රටට එල්ල කරපු ආක්‍රමණ, බුදුන් වහන්සේගේ ලංකාගමනය, මහින්දාගමනය, සංඝමිත්තාගමනය, මෞර්ය යුගය ගැන එහෙමත් තොරතුරු සදහන් වෙනවා. ඒත් අපේ රටේ "සැබෑ" ඉතිහාසය ගොඩ නගන්න, මහා වංශය කොච්චර දුරට විශ්වසනීයත්වයකින් යුක්තද කියන එක ගැටළුවක්.
ක්‍රි.ව 6 වන සියවසේ රචනා වෙන මහා වංශයේ ක්‍රි.පූ 6 වන සියවසේ තොරතුරු හිටන් සදහන් වෙනවා. ඉතින් මහා වංශය රචනා කරන්න අවුරුදු 1000කට කලින් සිදු වුණු සිදුවීම් ගැන තොරතුරු හොයා ගත්තෙ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම මේ තොරතුරු හොයා ගන්න භාවිතා කරපු කිසිම මූලාශ්‍රයක් ගැනවත් සදහනක් දාලා නෑ. එහෙනම් අනිවාර්යෙන්ම මේවා ජනප්‍රවාද, ජනස්‍රැති, ජන කතා, මිත්‍යා කතා පදනම් කරගෙන ඇතුළත් කරපුවා. ඉතින් සැබෑ ඉතිහාසය ගොඩ නගනකොට, අපිට මේ මිත්‍යා කතා, ජනප්‍රවාද මග හරින්න වෙනවා. ඒත් සැබෑ කරුණු මොනවද..??? ජනප්‍රවාද සහ මිත්‍යා කතා මොනවද..??? කියලා අපිට වෙන වෙනම අදුර ගන්නත් අමාරුයි.
ජනප්‍රවාදයක් වුණත්, ජන කතාවක් වුණත් කල්ප කාලාන්තරයක් තිස්සේ කටින් කට එනකොට, ඒක වෙනස් වෙන්න පුලුවන්. හරියට අර ගමරාළ කපුටො හත් දෙනෙක් වමනෙ කළා කියන ජන කතාව වගේ. ඉතින් මේවයින් සැබෑ ඉතිහාසය ගොඩ නගන්න අමාරුයි. ඒ වගේම මේක ලියන මහානාම හාමුදුරුවෝ, තමන්ට ඕන ඕන විදිහට අපේ රටේ ඉතිහාසය වෙනස් කර කර ලියලා තියෙනවා කියලත් දැන් හොයා ගෙන තියෙනවා.
ඒ වගේම මහා වංශයේ තියෙන ගොඩක් සිදුවීම් අද්භූතජනක සිදුවීම්වලින් සමන්විත ඒවා. විජය සහ පණ්ඩුකාභය කතාවල ඒවගේ සිද්ධීන් ගොඩක් අපිට දකින්න පුලුවන්.
# කුවේණිය මන්ත්‍ර බලයෙන් 700ක පිරිසක් එකවර සැගවීම
# යක්ඛ ගෝත්‍රිකයෙක් සුනඛයෙකුගේ වේශයෙන් පැමිණීම
# විජයගේ පිරිත් නූලේ බලෙන් විජය පමණක් ආරක්ෂා වීම
# විජයාවතරණයට උපුල්වන් දෙවියන්ගේ ඇති සම්බන්ධය
# චිත්තරාජ සහ කාලවේල ප්‍රධාන කර ගත් සිදුවීම්
මේවා හරියට හින්දි නළු නිළියන් රගපාන Bollywood Film එකක කෑලි වගේ. මේ වගේ දේවල් සැබෑ ලෝකයේ දකින්න නෑ. සැබෑ ලෝකයේ වුණා කියලා විශ්වාස කරන්න අමාරුයි. ඉතින් මේ වගේ කරුණු නිසා විශ්වසනීයත්වය ගැන ගොඩක් ප්‍රශ්න මතු වෙලා තියෙනවා.
උදාහරණයක් විදිහට පණ්ඩුකාභය කතාව ගත්තොත්, රජ මාළිගාවෙන් කුමාරයව අරගෙන හොර රහසේ දොරමඩලාවට යන සේවිකාවට අතරමගදි දඩයමේ ගිහින් රජ මාළිගාවට එන කුමාරවරු Set එක හම්බ වෙනවා. පණ්ඩුකාභය කුමාරයා ඉන්න කූඩෙ අරින්න හදනකොටම, චිත්තරාජයි කාලවේලයි ඌරු වෙස් අරගෙන කුමාරවරු ගාවින් දුවනවා. කුමාරවරු ඌරො දෙන්නව දඩයම් කරන්න හිතාගෙන ඒ දෙන්නගෙ පස්සෙන් දුවනවා. පණ්ඩුකාභය කුමාරයා බේරෙනවා. ඉතින් චිත්තරාජටයි කාලවේලටයි තිබුණනෙ ඒ වෙලේ සද්ධන්ත කුලයේ ඇත්තු දෙන්නෙක්ගෙ වේෂයක් මවා ගන්න. කුමාරවරුන්ට එතනදිම ගහලා මැරුව නම්, පණ්ඩුකාභය කුමාරයට රජකම ගන්න මේ තරම් කට්ට කන්න ඕන නෑනෙ?
හින්දි Film එකක් ගමු. ශාරුක් ඛාන් වටේ අත් දෙකට තුවක්කු දෙක ගානෙ ගත්තු අය හතළිහක් විතර ඉන්නවා. ඒ ඔක්කොමලා එක සැරේම වෙඩි තියන්න ගන්නවා. ශාරුක් ඛාන්ගෙ අතේ තියෙන්නෙ එක පිස්තෝලයයි. එයත් දඩ බඩ දඩ බඩ ගාලා වෙඩි තියන්න ගන්නවා. අර ඔක්කොම අය එකා පිට එකා පිට මැරීගෙන වැටෙනවා. එයාලා තියන වෙඩි එකක්වත් ශාරුක්ගෙ අහලකින්වත් යන්නෙ නෑ. හැබැයි ශාරුක් තියන වෙඩි හැමෝටම, ඉලක්කෙටම වදිනවා.
සල්මන් ඛාන් ලොකු ගොඩනැගිල්ලක වහලයක් දිගේ දුවනවා. පිටිපස්සෙන් ලොකු ගැන්සියක් සල්මන්ව එළවගෙන එනවා. වහලේ ගැට්ටටම ඇවිල්ලා. දැන් වෙන විදිහක් නෑ. හොරුන්ට අහු වෙනවට වඩා හොදයි පල්ලෙහට පනින එක. සල්මන් ගොඩනැගිල්ලෙ වහලෙ ඉදන් බිමට පනිනවා. බිමට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි, සල්මන් වැටෙන්න හිටපු Spot එක ළගින් ගෝවා පටව ගත්තු ලොරියක් යනවා. ගෝවා ලොරියෙ ගෝවා ගොඩ උඩට වැටෙන සල්මන් බේරෙනවා.
ඇත්තටම මේ වගේ දේවල් සැබෑ ලෝකයෙ වෙන්න විදිහක් නෑ. අපි ඒක දන්නවා. අපිට පෙනුනෙ නැති වුණාට ශාරුක් ඛාන්ලගෙ පිටිපස්සෙ ඒ වෙලෙ අධ්‍යක්ෂකවරු, නළු නිළියො, කැමරා ශිල්පින්, නිෂ්පාදකයො... මේ ඔක්කොම ඉන්නවා. ඒත් Film එක බලනකොට අපිට මේ මොනවත් මතක නෑ. අපිත් ඔහේ කට ඇරන් බලන් ඉන්නවා.
අපි මුලින්ම කතා කරපු මේ වගේ දේවල් නිසා මහා වංශයේ විශ්වසනීයත්වය ගැන ලොකු ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. ග්රන්ථයක් රචනා කරනකොට කතුවරයා ලියන දේ ගැන, කතුවරයම විශ්වාසය තියන්න ඕන. "මම මේ ලියන දේවල් අනාගතයේ මේක කියවන අය පිළිගනීද..???" කියලා හිතන්න ඕන. එහෙම නැත්නම් ඒ වගේ කරුණු ගැන රචනා නොකර ඉන්න ඕන.
ඒ වගේම මහා වංශයේ පුනරුක්ති දෝෂත් ගොඩක් තියෙනවා. ඒ කියන්නෙ එකම කරුණ කිහිප තැනකම ලියලා තියෙනවා. එහෙම ලියපු කරුණුවලත් පරස්පර විරෝධී තැන් තියෙනවා. මේකෙන් පේන්නෙ රචනා කළායින් පස්සෙ නැවත කියවා බැලීමක් කරලා නෑ කියන එකයි. ඒ වගේම ව්‍යරණ දුර්වලතාවලිනුත් ගහණයි.
මහා වංශය ලියන මහානාම හාමුදුරුවො රජවරුන් ගැන සදහන් කරන කොට පක්ෂග්රාහී බවක් පෙන්නුම් කරනවා. මහා විහාරයට අනුග්‍රහය දක්වපු රජවරු ගැන වැඩි වැඩියෙන් විස්තර ලියනකොට, මහා විහාරයත් එක්ක ප්‍රශ්න දා ගත්තු රජවරු ගැන උඩින් පල්ලෙන් යාන්තමට ලියනවා. වළගම්බා, මහසෙන් වගේ රජවරු මහා වංශයෙන් විසික් වෙන්න යනකොට, පරිච්ඡේද 37න් 11කම පෙනී ඉදලා දුටුගැමුණු රජ්ජුරුවෝ මහා වංශයේ වීරයා වෙන්නෙ අන්න ඒ නිසයි. මේකට අද කාලෙ නම් කියන්නෙ "කඩේ යනවා" කියලා. මේ නිසා ගොඩක් රජවරු ගැන අවතක්සේරු වෙලා තියෙනවා. නමුත් ඇත්තටම හොයලා බලනකොට අපිට දකින්න පුලුවන් මහා වංශයෙන් විසික් වෙන්න ගිය රජවරුන් දුටුගැමුණු රජතුමාටත් වඩා දේශපාලනික වශයෙන් විශාල කාර්යය භාර්යයක් කරලා තියෙනවා කියලා (වළගම්බා සහ කාවන්තිස්ස රජවරුන්ගේ ලිපි බලන්න). ඒ වගේම ඒ රජවරු ඉලක්ක කර ගෙන මඩ ගැසීමක් වගේම බොරු ගෙතීමකුත් කරලා තියෙනවා. මේ පක්ෂග්රාහී බව සැබෑ ඉතිහාසය ගොඩ නැගීමට ලොකු බාධාවක් වෙනවා වගේම "මහා වංශය කියන්නෙ ඇත්තටම ඉතිහාස ග්‍රන්ථයක්ද..???" කියලත් සැකයක් මතු වෙනවා.
Cover Photo - Taken from www.blogs.mcgill.ca
Comments Via Facebook - SERVER ERROR !