බොහෝ දෙනෙකුගේ මතය වන්නේ, ලoකා ඉතිහාසයේ වයස අවුරුදු දෙදහස් පන්සීයක් බවයි. ඇත්තටම ඒක ඇත්තක්ද...???? කොතනද අපට වැරදුනේ...???? මේ සාම්ප්‍රදායික කතාවට මුල් වෙන්නේ මහා වoශයයි. මහා වoශය කියන්නේ අට්ඨ කතා ග්රන්ථයක්. අපේ රටේ වැළලී ගිය ඉතිහාසයේ, විශාල අදුරු පැතිකඩක් ආලෝකමත් කරන්නට අපට සහය වූ මහගු තෝතැන්නක්. ඒ ඔස්සේ ලoකාවේ දේශපාලනික, සoස්කෘතික, ආර්ථික, සාමාජීය, ආගමික ඉතිහාසයේ වගතුග සොයා ගන්නට අපට හැකි වුණා.
මහා වoශයේ ඉතිහාසය ඇරඹෙන්නේ විජය කුමාරයාගෙන්. විජයාවතරණය සිදු වෙලා වසර දෙදහස් පන්සියක් විතර වෙන නිසා, අපේ ඈයොත් ලoකාවේ ඉතිහාසය අවුරුදු දෙදහස් පන්සීයක් කියලා ගණන් බලනවා. ලoකාවේ වoශ කතාව අනුව, අපේ රට පාලනය කරපු පළවන ආර්යය වoශික රජතුමා තමයි විජය කියන්නේ. "සිoහලයාගේ පැවැත්ම විජය කුමාරයාගෙන් ආරම්භ වන" බව බොහෝ දෙනෙක් තුළ ඇති වැරදි සිතුවිල්ලක්. විජයාවතරණයේ ඉතිහාසය මදකට මතක් කර ගනිමු.
වoග රටේ සිට මගධය බලා ගමන් කරන වෙළද කණ්ඩායමක් හා එක්ව සුප්පා නම් රාජ කුමාරිකාවකුත් ගමන් කළා. සුප්පා, වoග දේශයේ රජුගේ දියණියයි. ඇයගේ මව කළිගු රටේ ක්ෂත්රීය පරපුරකින් පැවත එන්නෙකි. එක් විටම "සිoහ" නම් තැනැත්තෙක් මෙම තවලම කොල්ල කාලා, රාජ කුමරිය පැහැර ගෙන, කෑළෑවට අරන් ගියා. සිoහ කියන්නේ විජයගේ සීයයි. ජනප්රවාදයේ එන විදිහට විජයගේ පියාගෙත් පියා, බුද්ධ කාලීන භාරතීය සමාජයේ ජීවත් වූ මo පහරන්නෙක්. සොරෙක්. එහෙ නම් සිoහලයා පැවත ඒමට වස්තු බීජයේ ආරම්භය සිද්ධ වෙන්නේ ඉන්දියාවේ නම ගිය දරුණු අපරාදකරුවෙකුගෙන්. එසේනම් සිoහගේ මුණුබුරා වෙච්ච විජය ගැන කවර කතාද..????
සිoහ ගල් ගුහාවක සුප්පාව සිර කර තබයි. සුප්පා සමග ජීවත් වෙනකොට ,මේ දෙදෙනාට දාව දරුවන් දෙදෙනෙක් ඉපදෙනවා. පිරිමි දරුවා "සිoහබාහු". ගැහැණු දරුවා "සිoහ සීවලී". වැඩිමහල් වයසට පැමිනෙණ "සිoහබාහු", තමන්ගේ මෑණියන්ගෙන් අසා දැන ගත් තොරතුරු අනුව ගුහාවෙන් පැනලා යන්නේ, තමන්ගේම පියාණන්ව ඝාතනය කරගෙන. සිoහබාහු පීතෘ ඝාතකයෙක්. එහෙනම් සිoහබාහුගේ පුත්‍රයා වෙච්ච විජය ගැන කවර කතාද..????
තමන්ගේ ජාත භූමියට පැනලා යන සිoහබාහු, "සිoගුපුරම්" කියන තැන නගරයක් ඉදි කරලා, තමන්ගේම සොහොයුරිය වෙච්ච සිoහ සීවලීව විවාහ කරගෙන රාජ්‍ය පාලනයේ නිරත වෙනවා. එතනත් අපිට පුoචි ගැටළුවක් පැන නගිනවා. සාමාන්‍යයෙන් ලේ ඥාතීන් විවාහ කර ගැනීම සුදුසු නැති බව නූතන මතයයි. එහෙනම් එතන ජානමය වශයෙන් විශාල විපර්යාසයක් සිද්ද වෙන්න ඇති. ඒක විජයටත්, විජයගෙන් අපිටත් බල පාන්න ඇති (සිoහලයාගේ උපත විජයගෙන් සිදු වුනු බවට විශ්වාස කරන අයට අනුව).
මහා වoශයේ ඉතිහාසය ඇරඹෙන්නේ විජය කුමාරයාගෙන්. විජයාවතරණය සිදු වෙලා වසර දෙදහස් පන්සියක් විතර වෙන නිසා, අපේ ඈයොත් ලoකාවේ ඉතිහාසය අවුරුදු දෙදහස් පන්සීයක් කියලා ගණන් බලනවා. ලoකාවේ වoශ කතාව අනුව, අපේ රට පාලනය කරපු පළවන ආර්යය වoශික රජතුමා තමයි විජය කියන්නේ. "සිoහලයාගේ පැවැත්ම විජය කුමාරයාගෙන් ආරම්භ වන" බව බොහෝ දෙනෙක් තුළ ඇති වැරදි සිතුවිල්ලක්. විජයාවතරණයේ ඉතිහාසය මදකට මතක් කර ගනිමු.
වoග රටේ සිට මගධය බලා ගමන් කරන වෙළද කණ්ඩායමක් හා එක්ව සුප්පා නම් රාජ කුමාරිකාවකුත් ගමන් කළා. සුප්පා, වoග දේශයේ රජුගේ දියණියයි. ඇයගේ මව කළිගු රටේ ක්ෂත්රීය පරපුරකින් පැවත එන්නෙකි. එක් විටම "සිoහ" නම් තැනැත්තෙක් මෙම තවලම කොල්ල කාලා, රාජ කුමරිය පැහැර ගෙන, කෑළෑවට අරන් ගියා. සිoහ කියන්නේ විජයගේ සීයයි. ජනප්රවාදයේ එන විදිහට විජයගේ පියාගෙත් පියා, බුද්ධ කාලීන භාරතීය සමාජයේ ජීවත් වූ මo පහරන්නෙක්. සොරෙක්. එහෙ නම් සිoහලයා පැවත ඒමට වස්තු බීජයේ ආරම්භය සිද්ධ වෙන්නේ ඉන්දියාවේ නම ගිය දරුණු අපරාදකරුවෙකුගෙන්. එසේනම් සිoහගේ මුණුබුරා වෙච්ච විජය ගැන කවර කතාද..????
සිoහ ගල් ගුහාවක සුප්පාව සිර කර තබයි. සුප්පා සමග ජීවත් වෙනකොට ,මේ දෙදෙනාට දාව දරුවන් දෙදෙනෙක් ඉපදෙනවා. පිරිමි දරුවා "සිoහබාහු". ගැහැණු දරුවා "සිoහ සීවලී". වැඩිමහල් වයසට පැමිනෙණ "සිoහබාහු", තමන්ගේ මෑණියන්ගෙන් අසා දැන ගත් තොරතුරු අනුව ගුහාවෙන් පැනලා යන්නේ, තමන්ගේම පියාණන්ව ඝාතනය කරගෙන. සිoහබාහු පීතෘ ඝාතකයෙක්. එහෙනම් සිoහබාහුගේ පුත්‍රයා වෙච්ච විජය ගැන කවර කතාද..????
තමන්ගේ ජාත භූමියට පැනලා යන සිoහබාහු, "සිoගුපුරම්" කියන තැන නගරයක් ඉදි කරලා, තමන්ගේම සොහොයුරිය වෙච්ච සිoහ සීවලීව විවාහ කරගෙන රාජ්‍ය පාලනයේ නිරත වෙනවා. එතනත් අපිට පුoචි ගැටළුවක් පැන නගිනවා. සාමාන්‍යයෙන් ලේ ඥාතීන් විවාහ කර ගැනීම සුදුසු නැති බව නූතන මතයයි. එහෙනම් එතන ජානමය වශයෙන් විශාල විපර්යාසයක් සිද්ද වෙන්න ඇති. ඒක විජයටත්, විජයගෙන් අපිටත් බල පාන්න ඇති (සිoහලයාගේ උපත විජයගෙන් සිදු වුනු බවට විශ්වාස කරන අයට අනුව).
ඒ නිසාද කොහෙද සිoහ සීවලීට දෙදෙනා දෙදෙනා බැගින්, දහසය වරකදි දරුවන් තිස් දෙකක් හම්බ වෙනවා. පොත්පත්වල සදහන් වෙන විදිහට වැඩිමහළු දරුවා, අපේ සාකච්ඡාවේ කතා නායකයා වෙන විජයයි. දරුවන් තිස් දෙදෙනාගෙන්, හිතුවක්කාර ජීවන රටාවකට ආපු එකම දරුවා වුණෙත් විජයයි. ඒකත් හරිම පුදුම සහගතයි.
විජය, යෞවන වියට පත් වෙලා, තමන්ගේ මිතුරන් රැළත් එක්ක එක්කාසු වෙලා, දාමරිකව හැසිරෙන්න ගත්තේ, අහිoසක රටවැසියන්ට බාධා වෙන විදිහටයි. රටවටින්ම තමන්ගේ වැඩිමහලු පුතුගේ ක්‍රියා කලාපය විවේචනය කරමින්, චෝදනා ගලා ගෙන එනකොට සිoහබාහු, විජයට වරක් දෙවරක් නොව, කිහිප වරක්ම අවවාද කළා. විජය ඒ අවවාද ගණනකටවත් ගත්තේ නෑ. බැරිම තැන සිoහබාහු, විජය කුමාරයා සහ ඔහුගේ මිතුරු කැල රටින් පිටුවහල් කරන්න තීරණය කරනවා. ඔන්න ඕකයි විජය කුමාර චරිතයේ ස්වභාවය.
කලාශූරී අරිසෙන් අහුබුදු මහතා හා සමානවම සිoහල භාෂාවටත්, ඉතිහාසයටත් විශාල වැඩ කොටසක් කරපු වරලත් උවැසුරු මැවිසිරු මහාචාර්යය ඊලියන් ද සිල්වා මහත්මයා (ටයිටස් තොටවත්ත ශූරීන්ගේ වැඩිමහල් සොහොයුරු), විජය කුමාරයාව හදුන්වන්නේ "කුපාඩියා" කියලයි. එතුමාගෙත් අපෙත් විශ්වාසය අනුව, විජය ලoකාවට පැමිණෙන්න පෙර සිටම, ලoකාවේ ස්වර්ණමය යුගයන් ගණනාවක් තිබිලා තියෙනවා.
හත්සීයක පිරිසක් සමග නෞකා ගමන අරභන විජය, ගොඩ බසින්නේ ඉන්දියාවේ සුප්පාරක තොටටයි. එතනදිත් විජයයි, එයාගේ මිතුරනුයි දාමරිකව හැසිරෙනවා. ඒ ප්‍රදේශයේ ජනතාවගෙනුත් විශාල විරෝධයක් එල්ල වෙනවා. ඔන්න ඊට පස්සේ තමයි, විජය කුමාරයා ලoකාවට ගොඩ බහින්නේ (අපේ කරුමෙට). ඊට පස්සේ සිදු වෙන සෑම සිදු වීමක්ම අද්භූත සිදු වීම්වලින් ගහනව පවතිනවා. ඒ හැම එකක්ම සෑබෑ ලෝකයේ දක්නට නොලැබෙන, විශ්වාස කළ නොහැකි සිදුවීම්.
1. සිද්ධාර්ථ ගෞතමයන්ගේ නියමය පරිදි, ශක්‍ර දෙවියන් හරහා, උපුල්වන දෙවියන් විජය කුමාරුගේ අතේ පිරිත් නූල් ගැට ගසා, පිරිත් පැන් ඉසීම (තවුසෙකු සේ)
2. විජය හැරුණු කොට අනිත්, සියළුම පිරිස් හිටි හැටියේ අතුරුදහන් වෙනකොට, විජය අතේ තියෙන පිරිත් නූලේ බලයෙන්, විජය පමණක් ආරක්ෂා වීම.
3. කුවේණිය දුටු වහාම, මිතුරන් අතුරුදහන් කළේ ඇයම යයි, එක විටම හදුනා ගැනීම සහ යක්ඛ ගෝත්‍රිකයෙක් විජය ඉදිරිපිට බැල්ලියක් සේ පෙනී සිටීම.
ජනප්රවාදයට අනුව විජය ඇතුළු පිරිස, තම්බපන්නියට ගොඩ බසින විට බැල්ලියක් දුටු බවත්, ජනාවාසයක් ඇතැයි සිතා බැල්ලිය පසු පස කණ්ඩායමක් යැවූ බවත්, ඔවුන් ආපසු නොආ බවත්, නොපැමිණි කණ්ඩායම සෙවීමට තවත් කණ්ඩායමක් යැවූ බවත්, ඔවුන්ද ආපසු නොපැමිණි බවත්, මේ අයුරින් සියළුම පිරිස් යවා අවසන් වූ බවත් , කණ්ඩායම ගිය අඩි පාරින් විජයද ආයුධ අතට ගෙන ගමන් කළ බවත්, එවිට කපු කටිමින් සිටි කුවේණිය හමු වූ බවත් මහා වoශ කතුවරයානන් වහන්සේ දක්වලා තිබෙනවා.
එහෙනම් මෙතනින් පැහැදිලි වෙන කරුණක් තමයි, විජය ලoකාවට ගොඩ බහින කොට දියුණු ජනාවාස තිබිලා තියෙනවා කියන එක. ඒ කියන්නේ අපේ ඉතිහාසය දෙදහස් පන්සීයෙන් නොනැවතී තවත් මෙපිටට දිව යන එකක්. "කුවේණිය කපු කටිමින් සිටියා ය" කියන කොටස අපට හරි වැදගත්. කපු කටින්නේ ඇදුම් මැසීමට. එහෙනම් අපේ ඈයෝ වස්ත්‍ර නිෂ්පාදනය කළේ, සුද්දා වැද්දා කාලයේ. කපු කැටීමට යන්ත්‍රත් තිබුණා. එහෙනම් විජය අපේ රටට ගොඩ බහින කොට කාර්මික අoශයෙන් / කර්මාන්ත අoශයෙන් දියුණු තත්වයක අපේ රට තිබිලා තියෙනවා. ඊට පස්සේ විජය කුවේනියව මරන්නට තැත් කළා. බැගෑපත්ව තමන්ට අභය දානය දෙන ලෙස ඉල්ලමින්, කුවේණිය කණ්ඩායමේ සියළුම පිරිස නිදහස් කළා.
ඊට පස්සේ කුවේණිය විජය ඇතුළු පිරිසට බතින් සoග්‍රාහ කරනවා. ඔන්න අපේ මාතෘකාවේ තවත් හොද වැදගත් සoධිස්ථානයක්. හත්සීයක පිරිසකට එකවර බතින් සoග්‍රාහ කරන්න තරම්, අපේ රටේ ආර්ථික සරුසාරව තිබුණා. ඒ විජය පැමිණෙන්නත් බොහෝ කලකට පෙර සිටයි. නූතනයේ බොහෝ දෙනා පිළිගන්න විදිහට, ලක්දිව ජනාවාස කළෙත්, ගoගා ආශ්රිත බිම් තෝරා ගෙන, අපගේ ප්‍රධාන ජීවනෝපාය විදිහට කෘෂි කර්මය හදුන්වා දුන්නෙත් විජයගෙන් පස්සේ ආපු ආර්යය වoශිකයන්. එහෙනම් මේ මතය තවදුරටත් වලoගු වෙන්නේ නෑ. කෘෂි කර්මයට අත්‍යවශ්‍යය සාධකයක් තමයි ජලය කියන්නේ.
ඒක නිසා විජය අපේ රටට එනකොටත් දේශීය ජනතාව, ගoගා ආශ්‍රිතව ජනාවාස ඉදි කරගෙන, කෘෂි කර්මය ආරම්භ කරලා තිබුණා. නැත්නම් කොහෙන්ද හත්සීයක පිරිසකට බතින් සoග්‍රාහ කරන්නේ...???? ඒ වගේම එයාලා ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමට විශාල ගබඩා ඉදි කරලා තිබෙනවා. සමහරක් ආහාර ද්‍රව්‍ය වෙළද නැව්වලින් ලබා ගත්තුවා. එහෙනම් වෙළදාම විදේශීය වශයෙන් පවා සිද්ද කෙරුණු යුගයක්.
පැරණි පොත්වල විජය රජ්ජුරුවොත් වැව් දෙකක් ඉදි කළා කියලා සදහන් වෙනවා. ඒත් ඒ වැව් මෙතෙක් නිශ්චිතව හදුනා ගෙන නැති නිසා, අපේ රටේ පළවන වැව හැදුවේ පණ්ඩුකාභය රජ්ජුරුවෝ කියන මතයේ තමයි අපි ඉන්නේ. හැබැයි විජය රජ්ජුරුවෝ වැව් හැදුවේ නැතත්, විජය පැමිණෙන කොට මෙරට සිටි දේශීය ජනතාව වැව් දෙකක් හැදුවා වෙන්න පුළුවන්. ඒක පදනම් කරගෙන, "වැව් දෙක විජය හැදුවා" කියලා කියනවා වෙන්නත් පුළුවන්.
විජය, කුවේණියව විවාහ කර ගත්තා. කුවේණියව විවාහ කර ගෙන හෙළදිව ජීවත්වන විජයට, රටේ පාලකයා වෙන්න අදහසක් පැමිණෙනවා. මේ වෙනකොට පළාතේ වඩාත් බලවත් වුණේ "යක්ඛ" ගෝත්රිකයෝයි. කුවේණියත් එම ගෝත්රයටම අයිති කාන්තාවක්. විජය, කුවේණියව තුරුම්පුවක් විදිහට භාවිතා කරමින්, යක්ඛ ගෝත්‍රිකයන්ගේ තොරතුරු අසා දැන ගෙන, රාත්‍රී කාලයක යක්ඛ ගෝත්‍රිකයන් ජීවත් වන ප්‍රදේශයට විශාල ප්‍රහාරයක් එල්ල කරනවා. ගෙවල් විනාශ කරලා දානවා. ලොකු, කුඩා, බාල, මහළු සෑම ගෝත්රිකයෙක්ම ඝාතනය කරනවා. වද හිoසා පමුණුවලා මරා දාලා, රටේ පාලනය සියතට ගන්නවා. එහෙනම් විජයාවතරණය තවදුරටත් සoක්රමණයක් කියලා හිතන්න පුලුවන්ද...????? නෑ! මේ කරුණුත් එක්ක බලනකොට ඒක ආක්‍රමණයක් !
විජයටත් වඩා මේ රටේ අයිතිය තියෙන, තමන්ගේ පාඩුවේ ජීවත් වූ අහිoසක දේශීය උරුමක්කරුවන්ව මරලා දාන්නේ හේතු විරහිතවයි. ඊට පස්සේ විජය ලක්දිව රජු බවට පත් වෙනවා. තමන්ගේ අරමුණු කුවේනිය හරහා ඉටු කර ගත් විජය, කුවේනියව අත හරින්නේ ලොව පළමු දික්කසාද නඩුව File කරමිනි.
මේ වෙනකොටත් කුවේනිය දෙදරු මවක්. දරුවන්ගේ පියා විජයයි. කුවේනිය යනු දේශීය කාන්තාවක්. ඇය තුළ දේශීය රුධිරය ගැබ්ව තිබුණා. විජය, කුවේනිය සමග තව දුරටත් රැදී හිටියා නම්, විජයගෙන් ඇරඹෙන පරපුරේ ජානයන්වලින් සුළු ප්‍රමාණයක් හෝ දේශීය ස්වභාවයක් ගැනීමටත් අවස්ථාව තිබුණා. විජය කුවේණිය අතහැරපු නිසා, විජයගෙන් ඇරඹෙන පරපුරේ ජාන ආර්යය වoශික හෙවත් විදේශීය ජනයාගේ ජානයි. එහෙනම් අද ඉන්න අපි හැමෝගෙම තියෙන්නේ ඉන්දියාවේ රුධිරයද...???? නෑ! හේතුව ඉස්සරහදි කියන්නම්.
මේ වෙනකොට විජයගේ විවාහයට, "විජයායි" කියලා මධුරාපුර කුමාරිකාවක් පැමිණෙනවා. ඔන්න දෙමළ ජාතිය ලoකාවට පැමිණෙන අවස්ථාව. ඒකත් සිද්ද වෙන්නේ විජයාවතරණයත් සමගයි. එහෙනම් අපිට පොඩි නිගමනයකට එන්නත් පුළුවන්.
"රජරට ශිෂ්ටාචාරයේ පරිහාණිය සිද්ද වෙන්නේ, රජරට ශිෂ්ටාචාරය ආරම්භ වීමටත් පෙර සිටය "
විජයගේ බිසෝව මධුරාපුර දෙමළ කාන්තාවක්. ඒ නිසා මුළු දකුණු ඉන්දියාවේම අවධානය ලoකාව දිහාවට යොමු වෙනවා. දකුණු ඉන්දීය අධිරාජ්යන්වල නව රජ කෙනෙක් පත් වෙනකොටම, ඒ රජු මුලින්ම බලන්නේ ලoකාව දිහායි. විජය, විජයායි කුමරිය සමග විවාහ නොවුනා නම් ,දකුණු ඉන්දීය ආක්‍රමණ එකක්වත් ලoකාවට එල්ල නොවීමට ඉඩ තිබුණා. එහෙනම් අපේ රටේ සියළුම අoශවල තවත් විශාල සoවර්ධනයක් සිදු වෙන්න තිබුණා.
තමන්ගේ දරු දෙදෙනත් එක්ක, ඉතිරි වූ යක්ඛ ගෝත්‍රික පිරිස හොයා ගෙන යන කුවේණිය, තමන්ගේම පිරිස අතින් මැරුම් කන්නේ, "තමන්ව පාවා දුන්නා" යැයි ඔවුන් තුළ ඇතිවෙන සිතිවිල්ල අනුවයි. අපේ රටේ එකාවන්ව, සමගිව හිටපු ජාතියක්, විජය කුමාරයා භේද භින්න කර නැති කර දැමුවා. කුවේනියගේ දරු දෙදෙනා "පුලින්දයන්" ළගට පැන යනවා.
ජැක්සන් ඇන්තනී මහත්මයාගේ අදහස අනුව "පුලින්දයන් යනු වැද්දන්ගේ ආදිතමයන්ය". හුග දෙන්නෙක් පිළිගන්න මතය අනුව වැද්දන් පැවත ගෙන එන්නේ, ඒ පුලින්දයන්ගෙන් ආරක්ෂාව ලැබූ කුවේණියගේ දරු දෙදෙනාගෙනි. අපි මෙතෙක් සාකච්ඡා කළේ විජයාවතරණය ගැනයි. දැන් අපි යක්ඛ ගෝත්‍රිකයන් ගැන අවධානය යොමු කරමු. මට ඕනෑකම තිබුණේ මෙතනට එන්නයි. විජය පැමිණෙන්න පෙර ඉදන්ම දියුණු සභ්‍යත්වයකට අප උරුමකරුවන් වූ බවත්, ඉතිහාසය ගැන තියෙන "දෙදහස් පන්සීය" සoකල්පය බැහැර කරවන්නයි.
ජැක්සන් ඇන්තනී මහත්මයා "ගග දිගේ" කියන මව් බිමේ ඉතිහාසය සොයා යන, ගවේශනාත්මක වැඩ සටහනේදී, ඌරුවරිගේ වන්නිලැත්තන්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා.
"දැන් ඔය කුවේනියගේ දරුවන් දෙදෙනා වන ජීවහත්තයි, දිසාලයි පැනලා යන්නේ පුලින්දයන් ගාවටනේ. ඒ දෙදෙනාගෙන් නේද, මේ වර්තමාන වැදි පරපුර නිර්මාණය වෙන්නේ...???? "
ජැක්සන් ඇන්තනී මහත්මයා එහෙම අහපු ප්‍රශ්නයට, වන්නිලැත්තෝ මෙන්න මෙහෙම පිළිතුරු දෙනවා.
"මේ කාලේ වෙනකොට බොහෝ දෙනෙක් කතා කරන්නේ එහෙම තමයි. විජය රජ්ජුරුවෝ කුවේනිය එක්ක ජීවහත්ත දිසාලා පිටුවහල් කරපුවහම, ඒ දරු දෙදෙනාගෙන් අපි පැවතුනා කියලා. කවුරු මොනවා කීවත් අපි ඒක විශ්වාස කරන්නේ නැහැ. යක්ෂ, නාග, දේව, රාක්ෂ මිනිස්සු මේ ප්‍රදේශවලත් හිටියා. ඒ කාලෙ තමයි බුදු හාමුදුරුවෝ ලoකාවට වැඩියේ. උන්වහන්සේ මහියoගණයට වැඩියේ යක්ෂ ගෝත්‍රයේ මිනිසුන්ව මුණ ගැහෙන්නයි. ඒ අයට තමයි මුලින්ම කතා කළේ. බුදු හාමුදුරුවෝ තුන් වතාවක් වැඩියට පස්සේ තමයි විජය කුමාරයා ලoකාවට ආවේ. ඒ නිසා විජයගෙන් මේ රටේ මිනිස්සු පැවතෙනවා කියන කතාව බොරු. යක්ෂ ගෝත්‍රිකයෝ කියලා කිව්වට, බුදු හාමුදුරුවෝ එළ හරක් වගේ මෝඩයෝ ගොඩක් මැද්දට බණ කියන්න වඩින්නේ නැහැ. හොද බුද්ධිමත් මිනිස්සු හිටපු තැනකටයි උන්වහන්සේ වැඩියේ. ඒ කියන්නේ මහියoගන ප්‍රදේශයේ, උන්වහන්සේට වඩින්න සුදුසු මිනිස්සු එදා ඉදලා තියෙනවා. අද විශ්වවිද්‍යාලවල උගතුන් මේවා ඔප්පු කරලා තියෙනවා. මේ මහ පොළව හාරලා ගල් ගුහා හාරලා ලක්ෂ ගණනින් මිනිස් ඇටකටු ගොඩ දානවා. ඒ කියන්නේ මේ ප්‍රදේශවල මිනිස් වාසයක් තිබිලා තියෙනවා. ඉතින් ඔබ කතා කරන දේවල් සත්‍යයෙන් තොරයි.
විජය රජ්ජුරුවෝ කුවේණිය පිටුවහල් කළාට පස්සේ, ඒ ඇත්ති දරු දෙදෙනාත් එක්ක පිටමන් වුණා. එතැනදී කුවේණියගේ නෑදෑයින් ඇයට විරුද්ධ වුණා. කුවේණිය ඔවුන්ට බයේ කැලයට ගියා. දරු දෙදෙනාව හදා ගන්නේ 'ඉරුගලේ බණ්ඩාරල හා 'සදුගල් බණ්ඩාර' කියන ප්‍රාදේශීය නායකයෝ දෙන්නා. මේ දරුවෝ දෙදෙනා විවාහ වෙලා , අපේ පරම්පරාව ඇති වුනා කියන කතාව මම නම් විශ්වාස කරන්නේ නෑ. ඒ වගේ චාරයක් නැති මිනිස්සු මේ රටවල හිටියේ නෑ. "
මේක අහන ජැක්සන් ඇන්තනී මහත්මයාට උතුර දකුණ මාරු වෙනවා. හේතුව ඔහු බලාපොරොත්තු වුනේ, සාම්ප්‍රදායික පිළිතුරයි. ඊට පස්සේ ජැක්සන් මහත්මයා මෙහෙම අතුරු ප්‍රශ්නයක් අහනවා.
" කුවේනියව මැරුවේ ඇයගේම පරපුරේ අය නේද...???? "
වන්නිලැත්තෝ මේ පාර ඇන්තනී මහත්මයට කට උත්තර නැති වෙන්නම පිළිතුරක් දෙනවා.
" කුවේණිය යක්දෙස්සාගල කන්දට නැගලා හැම දවසකම දෙස් තියනවා. ඇයට සැමියත් නැතුවුනා. දරුවනුත් නැති වුනා. නෑදෑයනුත් නැති වුනා. හැමදාම ගල උඩට නැගලා දෙස් තියනවා. තව තියෙනවා කන්දක් ලතෝනිගල කියලා. ඒ කන්දේ ඉදගෙන තමයි කුවේණිය හඩන්නේ. අද මිනිස්සු කියනවා කුවේණියගේ නෑයෝ ඇයව මරා දැමුවා කියලා. කවුරුවත් ඇයව මැරුවේ නෑ. කුවේණිය දිවි නසා ගත්තා. යක්දෙස්සාගල කන්ද පහළට පැන්නා. "
මේ අනුව විජය කුමාරයා, මුළු දේශීය ජනතාවක්ම නැති කරලා දානවා. වන්නිලැත්තන්ගේ අදහස අනුව, ඔවුන් පැවත ගෙන එන්න කුවේනියගේ දරුවන්ගෙන් නොව, යක්ඛ ගෝත්රිකයන්ගෙන්. වන්නිලැත්තෝ නොකියා කියන්නේ, බුදුන් වහන්සේ පළවන වරට අපේ රටට වැඩම කර දම් දෙසුවේ වන්නිලැත්තන්ගේ පරපුරේ ඈයන්ට කියලයි. තමන්ගේම නෑයන් ඝාතනය කිරීමට තරම්, යක්ඛයන් සාරධර්මවලින් පිරිහී ගිය ජාතියක් නොව, ශ්‍රේෂ්ඨ ජාතියක් බව මෙයින් පැහැදිලි වෙනවා.
01. යක්ඛ ගෝත්‍රිකයන් උත්කර්ශවත් මoගලෝත්සව පවත්වා ඇත.
02. පoචතූර්ය නාද සහිත උසස් ගීතිකා තිබී ඇත.
03. විසිතුරු උසස් සළු පිලි භාවිතා කළහ (විජය විසින් මරා දැමූ යක්ඛ ගෝත්‍රිකයන්ගේ වස්ත්‍ර , ආර්යයන් විසින් ඇද ගෙන, ඔවුන් මෙතෙක් ඇද සිටි වස්ත්‍ර ඉවත ලෑම).
04. රජු මූලික කර ගත් පාලන තන්ත්රයක් (ආණ්ඩුවක්) සහිත අග නගර තිබිනි.
05. මනු නීතිය භාවිතා කිරීම.
06. බත ප්‍රධාන ආහාරය වීම.
07. උඩුවියන්, වටතිර, අලංකාර සයනාසන භාවිතය.
08. ගෘහ වාසික සතුන් ඇති කිරීම.
09. ගෞතම බුද්ධ ශාසනයේ, බෞද්ධ උපාසකයන් වීම.
10. යුද්ධයේදී දක්ෂ නිර්භීත මිනිසුන් සිටීම.
02. පoචතූර්ය නාද සහිත උසස් ගීතිකා තිබී ඇත.
03. විසිතුරු උසස් සළු පිලි භාවිතා කළහ (විජය විසින් මරා දැමූ යක්ඛ ගෝත්‍රිකයන්ගේ වස්ත්‍ර , ආර්යයන් විසින් ඇද ගෙන, ඔවුන් මෙතෙක් ඇද සිටි වස්ත්‍ර ඉවත ලෑම).
04. රජු මූලික කර ගත් පාලන තන්ත්රයක් (ආණ්ඩුවක්) සහිත අග නගර තිබිනි.
05. මනු නීතිය භාවිතා කිරීම.
06. බත ප්‍රධාන ආහාරය වීම.
07. උඩුවියන්, වටතිර, අලංකාර සයනාසන භාවිතය.
08. ගෘහ වාසික සතුන් ඇති කිරීම.
09. ගෞතම බුද්ධ ශාසනයේ, බෞද්ධ උපාසකයන් වීම.
10. යුද්ධයේදී දක්ෂ නිර්භීත මිනිසුන් සිටීම.
ඒ වගේම දෙවන වරට ලoකාවට වැඩම කරන බුදුරදුන් "නාග" ගෝත්‍රිකයන්ගේ ආරවුලක් විසදලා, ඔවුන්ව ධර්මයේ පිහිටුවා , බෞද්ධයන් පිරිසක් බවට පත් කරනවා. "මණි අක්ඛික" නම් නා රජුගේ ආරාධනයෙන් බුදුරදුන් තෙවන වරටත් ලක්දිවට වැඩම කරනවා. මෙහිදී නා රජු , බුදුන් වහන්සේට මැණික් පුටුවක් පූජා කරනවා. මේ ඔස්සේ පෙනී යනවා විජයගෙන් එහා ඉතිහාසයක් අපට ඇති බව. විජය අපේ රටට ඇවිත් "ආර්යය ධජය" ගහන්න කලින්, බුදුන් වහන්සේ අපේ රටට වැඩම කර, තෙවරක් "අර්හත් ධජය" ස්ථාපිත කළා. එහෙනම් විජය විසින් ඝාතනය වෙන්නේ බෞද්ධයන් පිරිසක්ද....?????
මුහුද ආශ්රිත ප්‍රදේශවල ජීවත් වූ නාගයන්, යාත්‍රිකයන් ලෙසත්, මුහුදු මසුන් මරන්නන් ලෙසත් හදුන්වනවා. යක්ඛ ගෝත්‍රිකයන් රට අභ්‍යන්තරය ආරක්ෂා කරන විට, මොවුන් රටේ මුහුදු තීරය ආරක්ෂා කිරීමට කටයුතු කළා. යක්ඛයන් වගේම් යුද්ධ ශිල්පයේ දක්ෂයන්. යක්ඛ සහ රාක්ෂ කියන ජන කොටස් දෙකෙන් බිදී ආපු සම්මිශ්රනයක්. මහා රාවනා රජු යක් පරපුරේ අයෙකු වූවත්, ඔහුගේ ඥාති සොහොයුරු වූ විභීෂණ නාග පරපුරේ අයෙක් විදිහට සළකනවා. රාජ්‍ය පාලනය කළ අය "දේව" කියලා හදුන්වනවා. රැකවරණය සැලසීමේ කාර්යයේ යෙදී සිටි අය "රාක්ෂ" කියලා හදුන්වනවා.
සිoහල ජාතිය , විජයගෙන් පැවතෙයි නම් අපි මේ රටේ මුල් උරුමකරුවන් නෙවේ. අපි මේ රට බලහත්කාරයෙන් පැහැර ගත්ත ජාතියක්. ඒත් ඉහත සදහන් කළ පරිදි යක්ෂ, නාග, දේව, රාක්ෂ කියන කණ්ඩායම් සතරේ වගතුග ඉතා ඈත අතීතයට දිව යනවා.
මහා රාවනා අධිරාජ්‍යයා "යක්ෂ" / ''රාක්ෂ" ගණයට අයත් වෙනවා. එහෙනම් මේ කණ්ඩායම් සතර ඈත අතීතයේ ඉදන්ම අපේ රටේ ජීවත් වෙලා තියෙනවා. මේ කණ්ඩායම් සතර එකතු වූ විට "සිව්හෙළ" වෙනවා. "හෙළ" කියන සoකල්පය එන්නේ අන්න එතනින්. සිව්හෙළයන්, පස්සේ කාලයක සිoහලයන් වෙනවා. විජයාවතරණය සිද්ද වෙන්නටත් ඈත අතීතයේ ඉදන්ම අපේ රට හදුන්වලා තියෙන්නේ "සිoහලද්වීපය" කියලයි. ඒකෙන් පැහැදිලි වෙනවා සිoහලයන්ගේ සම්භවය විජාතික විජයට පැවරීම එතරම්ම සුදුසු නැති බව.
යක්ෂ + නාග + දේව + රාක්ෂ = සිව්හෙල = සිoහල
සිව්හෙලය = සිoහල නිසා ,
අපේ රටේ මුල් පදිoචිකරුවන් සිoහලයන් වෙනවා.
එහෙනම් විජය රජුගෙන් ව්‍යාප්ත වූ ආර්යය වoශික පරපුරට මොකද වුණේ...???? විජයගෙන් ආරම්භ වෙච්ච ඉන්දීය ආර්යය රාජ පරපුර පණ්ඩුකාභයගෙන් පස්සේ අවසන් වෙනවා. පණ්ඩුකාභය කියන්නේ ලoකා ඉතිහාසය දෙකඩ වූ මොහොතක, මරණයත් සමග ඉපදෙන ආර්යය වoශික කුමාරයෙක්.
මේ ආර්යය වoශික කුමාරයා හැදී වැඩෙන්නේ දේශීය ජනතාව ඇසුරෙයි. පරුමුඛ ඇතුළු යක්ඛ ගෝත්‍රික ජනයාගේ රැකවරණය යටතේ හැදී වැඩෙන පණ්ඩුකාභයට අධ්‍යාපනය ලබා දෙන්නේ පණ්ඩුල කියන බ්‍රාහ්මණයයි. තමන්ට උරුම විය යුතු රජකම ගැනීමට පණ්ඩුකාභය කුමාරයා සැලසුම් කළා. ඔහුගේ සිවිල් හමුදාව, තනිකරම දේශීය ජනතාවගෙන් සැදුම් ලත් එකක් වුණා. මේ නිසා පණ්ඩුකාභය, අපේ යක්ඛයන් සමග එකතු වෙනවා. ඒ තමන්ට රජකම ලබා ගැනීමට උදව් උපකාර කළ නිසා.
රජකම ලැබුණායින් පස්සේ, අපේ රටේ දේශීය ජනතාවට විශාල වශයෙන් රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා. ඔවුන් වෙනුවෙන් දේවාල ඉදි කරලා තියෙනවා. මේ කාලයේම පණ්ඩුකාභය රජු, ඉන්දීය ආර්යය වoශිකයන් සහ දේශීය සිව් හෙළයන් සමගි කරනවා. ඊට පස්සේ ආර්යයන් සහ සිව් හෙළයන්, එකට එකතු කරලා "සිoහල" නමින් හදුන්වන්න පටන් ගත්තා. අද වෙනකොට සිoහලයන් යක්ඛ, නාග, දේව, රාක්ෂ, ආර්යය යන ජන කොට්ඨශවල සම්මිශ්‍රණයක් වෙලා.
නමුත් ආර්යයන් මෙරටට 20%ක් ආවත්, ඉතිරි 80% හෙළයන්. ඔවුනොවුන් සම්මිශ්රනය වුණු විට, අප තුළ ඇති ජානවල වැඩි කොටසක් තියෙන්නේ දේශීය හෙවත් හෙළයා සතු ජානයන්.
මහා රාවනා චරිතය දිග හැරෙන්නේ මීට අවුරුදු 6000කටත් එපිට ඉදන්. අද වෙනකොට මහා රාවනා කියලා ඇත්තටම රජ කෙනෙක් ජීවත් වුණාය කියලා පිළිගන්න පුළුවන් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර රැසක්, දේශීය සහ විදේශීය වශයෙන් සොයා ගෙන තියෙනවා. මහා රාවනා රජු, කාශ්‍යප බුදුන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරපු බෞද්ධෝපාසකයෙක්.
අපි හෙළයන් විදිහට අපේ ඉතිහාසය දැන ගන්න ඕන. "රාමායනය" මිත්‍යාවක් මිත්‍යාවක් මිත්‍යවක් කිය කිය, අපේම වැඩිහිටියන් විසින් වළලා දැමූ ඉතිහාසය අපි ගොඩ ගන්න ඕන. රාම රාවනා කතාන්දරය, මේ ලෝකේ සිද්ධ වෙච්ච සත්‍ය සිදු වීමක්. රාවනා රජු සත්‍ය වශයෙන්ම, මේ මහ පොළව මත ජීවත් වුණා කියන්න තරම් ප්‍රබල සාධක මේ වෙනකොටත් දේශීය සහ විදේශීය වශයෙන් හොයා ගෙන තියෙනවා.
වාල්කිමී ඔහුගේ ග්රන්ථයට, දේවත්වය ආරූඪ කළා. ඒක නිසා ඒ ග්‍රන්ථයේ තියෙන සිදුවීම්, මේ ලෝකයේ සිද්ධ වුණා කියලා පිළිගන්න බැරි එව්වා. රාමා දෙවි කෙනෙක් යැයි සම්මත කරගෙන සිටින්නේ ඉන්දියානු ජනතාවයි. ඔවුන් සෑම වස්තුවකටම දේවත්වය ආරූඪ කරනවා. ඒක නිසා ගොඩ දෙනෙක් රාමායනය මිත්‍යාවක් විදිහට සළකනවා. ඉන්දියානුවන් කියන විදිහට අහසින් යෑමේ යාත්‍රා තිබුණේ රාමටයි. රාවනා දුෂ්ඨ රජ කෙනෙක්. අපේ රටේ ඒ කාලේ හිටියේ ප්‍රාථමික මට්ටමේ මිනිස්සු.
මේ කාරණා සියල්ලක්ම වැරදියි. පුරාණ ඉන්දියාවේ මිනිස්සු වීරයන් මුල් කර ගෙන ලියපු ග්රන්ථ "වීර කාව්‍ය" කියලා හදුන්වනවා. ඉන්දියාවේ වීර කාව්‍ය ග්රන්ථ දෙකක් තියෙනවා. එකක් තමයි රාමායනය . අනෙක මහා භාරතය. රාවනා චරිතය, වාල්කිමී විසින් විර කාව්‍යයකට ගැලපෙන විදිහට වෙනස් කරලා තියෙනවා. වීර කාව්‍යක වීරයෙක් ඉන්න ඕන. ඒ වගේම දුෂ්ඨයෙකුත් ඉන්න ඕන. මොකද දුෂ්ඨයෙක් නැත්නම් වීරයෙකුත් නෑ. ගැටුම කාන්තාවක් මුල් කර ගෙනයි. වීරත්වය පෙන්වන්න විශාල යුද්ධයක් ! "රාමායනය" රචනා කරන වාල්කිමී ඉන්දියානුවෙක්. ඒක නිසා රාමා කුමාරයාව වීරයා කරලා, රාවනාව දුෂ්ඨයා කළා.
මොකද රාමා කුමාරයත් ඉන්දියානුවෙක්. වාල්කිමී හිටපු යුගයට කලින් තිබ්බ යුගයේ, බලවත්ම රජු තමයි මහා රාවනා රජු. මහා රාවනා කියන්නේ දක්ෂ රණ ශූරයෙක්. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගෙන් පස්සේ වාල්කිමී ජීවත් වුණා නම්, රාවනා වෙනුවට දුෂ්ඨයා විදිහට යොදන්නේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්යයාවයි. මහා රාවනා කියන්නේ බුදු දහම වැළද ගත්තු ධාර්මික රජ කෙනෙක්. එතුමා යහපත් විදිහට අපේ රට පාලනය කළා.
මිසර, සුමේරියන්, බැබිලෝනියන් වගේ ශිෂ්ටාචාර හා සම කරන්න පුළුවන් දැවැන්ත ශිෂ්ටාචාරයක් මහා රාවනා යුගයේ තිබුනා. බැබිලෝනියන් ශිෂ්ටාචාරයේ නගර සැලැස්ම, අපේ මුතුන් මිත්තන් විසින් බැබිලෝනියාවට පරිත්‍යාග කළ එකක්.
"මනු නීතිය" අපේ රටට එන්නේ විජයගෙන් නෙවේ. මහා රාවනාගෙන්. අපේ මුතුන් මිත්තෝ අහස් යාත්‍රා නිපදවලා තියෙන්නෙ "රයිට්" සහෝදරයෝ ඉපදෙන්න තියා, හිතන්නෙවත් නැති කාලයක. අපිට දියුණු වෛද්‍යය ශාස්ත්‍ර තිබුණා. රාවණා රජ දවස ශෛල්‍යකර්ම සිද්ධ කරලා තිබුණා. අපිට හොද "තාරකා දොරටුවක්" තියෙනවා. ඒක නිසා මේ වගේ ගොඩාක් වෙනස් විය යුතු කරුණු රාවනා චරිතයේ තියෙනවා. අවුරුදු දහස් ගණනකට පෙර වැළලී ගිය සත්‍ය ඉතිහාසය නැවතත් සොයා ගෙන, දැනට පවතින සාවද්‍ය, අමිහිරි, සාම්ප්‍රදායික ඉතිහාසය වෙනස් කරන්නට හොදම කාලයයි මේ...!!!!!
* Cover Photo -
Taken from www.ayusrilanka.blogspot.com
Taken from www.ayusrilanka.blogspot.com