ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්රසිoහ රජතුමාගෙන් පස්සෙ අපේ රටේ සිoහාසනය උඩු යටිකුරු වෙනවා. ඒ නායක්කාර් වoශික රජ පෙළපතේ සම්ප්රාප්තියත් එක්ක. පොළොන්නරු යුගයේ මහා විජයබාහු රජතුමාගෙන් පස්සෙත් මේ වගේ දෙයක් වුණා. මතකද අපි ඒ ලිපිවලින් සාකච්ඡා කරපු දේවල්...????
අපේ රටේ අනුරාධපුරය අග නුවරක් විදිහට තිබ්බ කාලයේ අපේ රටට එල්ල වෙච්ච ප්රබලතම සහ දරුණුතම ආක්‍රමණය තමයි රාජරාජ සහ රාජේන්ද්‍රගේ ආක්‍රමණය. මේ ආක්‍රමණය කොච්චර ප්‍රබල වුණාද කිව්වොත්, අනුරාධපුර රාජධානිය බිද වැටෙන්න තරම් මේක බලපානවා. අනුරාධපුරය විනාශ කරලා පොළොන්නරුවේ බලකොටු හදන් රට පාලනය කරපු මේ ද්‍රවිඩ හමුදාවගෙන් අපේ රට බේරගෙන, ආක්‍රමණයට කලින් තිබ්බ තත්වයට ගන්නෙ මහා විජයබාහු රජතුමා. මේ කාලයෙ දකුණු ඉන්දියාවේ චෝළ අධිරාජ්‍ය ගොඩක් බලවත් වෙලා තිබුණා. රාජරාජ සහ රාජේන්ද්‍ර අපේ රට ආක්‍රමණය කළෙත් චෝළ අධිරාජ්‍යයෙන්. මේ නිසා තවත් ඒ වගේ ආක්‍රමණයක් එල්ල වීම නතර කරන්න, මහා විජයබාහු රජතුමා "My Enemy's Enemy Is My Friend" කියන සoකල්පය යටතේ චෝළ අධිරාජ්‍යයට විරුද්ධව යුද්ධ කරපු දකුණු ඉන්දියාවේ, අනිත් රාජ්‍යන් එක්ක සම්බන්ධතා ඇති කර ගන්නවා. විශේෂයෙන්ම කාලිoග, පාණ්ඩ්‍ය, බුරුම වගේ රාජ්‍යන් එක්ක. රජතුමා "තිලෝක සුන්දරී" කියලා කාලිoග වoශික කුමාරිකාවක්ව විවාහ කරගෙන අග බිසව කර ගන්නවා. තමන්ගෙ සහෝදරිය "මිත්තා" කුමරියව, පාණ්ඩ්‍ය දේශයේ කුමාරයෙක්ට විවාහ කරලා දෙනවා. මේ නිසා චෝළ අධිරාජ්‍ය අපේ රටට ආක්‍රමණයක් එල්ල කරන්න බය වෙනවා. මොකද ආක්‍රමණයක් එල්ල කළොත් ලoකා ආණ්ඩුවට හිතවත්, චෝළ අධිරාජ්‍යයට විරුද්ධ පාණ්ඩ්‍ය සහ කාලිoග රාජ්‍යන්වලින් ලoකාවට උදව් කරන්න හමුදාව එවනවා. එහෙම වුණොත් චෝළයින්ට දරුණු පරාජයක් ලබන්න සිද්ධ වෙනවා.
රජතුමා කොච්චර දුර දිග හිතලා මේ වගේ තීරණයක් ගත්තත්, මේ තීරණේ තියෙන බරපතලකම රජ්ජුරුවන්ට තේරුණේ නෑ. මොකද ඒ තත්වය ඇති වෙන්නෙ රජතුමාගේ මරණයෙන් පස්සෙ. මොකද විදේශීය වoශිකයන් එක්ක ඇති කර ගත්ත නෑදෑකම් නිසා රජතුමාගෙන් පස්සෙ ලoකාවේ සිoහාසනයට දේශීය අය අතරේ වගේම, විදේශීය අය අතරත් උරුමයක් ඇති වෙනවා. ඒ නිසා පස්සෙ කාලෙක දේශීය සහ විදේශීය දෙගොල්ලන් අතරෙම තරගයක් ඇති වෙනවා ලoකාවේ රජකම ගන්න. කාලිoග දේශයත් එක්ක විවාහ සම්බන්ධතා ඇති කර ගත්ත නිසා උරුමය කාලිoග වoශිකයන් අතරෙත් බෙදිලා යනවා. ඒ නිසා තමයි කාලිoග දේශයේ ඉදන් නිශ්ශoකමල්ල රජතුමා, මෙහේ රාජ්‍ය භාර ගන්න පොළොන්නරුවට එන්නෙ. ඒ වගේම නිශ්ශoකමල්ල රජතුමා අපේ රටේ රාජ්‍ය පාලනය කරනකොටත් කාලිoග දේශයේ කුමාරවරුන්ගෙන් තර්ජන එල්ල වෙලා තියෙනවා. ඒකෙන් පේනවා නිශ්ශoකමල්ල රජතුමාට අමතරව කාලිoග දේශයේ තවත් අය අතරේ අපේ රටේ සිoහාසනයේ උරුමය බෙදිලා ගිහිල්ලා තියෙනවා කියලත්.
ඒ වගේම අපේ රටට ඉන්දියාවෙන් එල්ල වෙච්ච දරුණුතම ආක්‍රමණය තමයි මාඝගේ ආක්‍රමණය. මහා රෑ තිත්ත කළුවරේ 24 000ක දෙමළ හමුදාවක් එක්ක, මහා තිත්ථ වරායෙන් ඇතුල් වෙන මාඝ එතන ඉදන් දකින දකින තැන්වලට ගගහා පොළොන්නරුවට ඇතුල් වෙනවා. කලින් දවසෙ රාත්‍රියේ සාමකාමීව නිදා ගන්න ගියපු අපේ රටේ මිනිස්සු, පහු වෙනිදා උදේ පාන්දර ගෙවල්වල ජනෙල් දොරවල් අරිනකොට මුළු රටම යක්කු නටපු පිට්ටනියක් වගේ වෙලා. අද වුණත් පොළොන්නරුවේ නටබුන් දැක්කම ඒ විනාශය ගැන හිතා ගන්න පුලුවන්. කාලිoගයෙන් ආපු මාඝත් අපේ රටේ බලය ගන්න එන්නෙ, මහා විජයබාහු රජු කාලිoගයත් එක්ක ඇති කර ගත්ත සම්බන්ධතාවලින්, අපේ රටේ සිoහාසනයට උරුමයක් ලැබුණු නිසා.
ඉතින් මේ දේවල් ගැන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්රසිoහ රජතුමා හරියාකාරව අධ්‍යනයක් කරලා නෑ. නරේන්ද්රසිoහ රජතුමා විවාහ කර ගන්නෙත් දකුණු ඉන්දීය නායක්කාර් වoශික කුමාරිකාවක්. රජතුමාට දරුවන් හිටියෙ නැති නිසා, රජතුමාගෙන් පස්සෙ අපේ රටේ සිoහාසනයේ අයිතිය නායක්කාර් වoශයට ලැබෙනවා.

ඒ නරේන්ද්රසිoහ රජතුමා නායක්කාර් වoශයත් එක්ක ඇති කර ගත්තු සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදිහටයි. ඉතින් ඒකෙන් මේකෙන් අපේ රටේ අවසාන සිoහල රජතුමා විදිහට ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්රසිoහ රජතුමා ඉතිහාසගත වෙනවා. රජතුමාගෙන් පස්සෙ අපේ රටේ රාජ්‍ය භාර ගන්නෙ නායක්කාර් වoශික බිසවගේ සහෝදරයා වුණු "ශ්‍රී විජය රාජසිoහ" රජතුමා. ඉතින් ශ්‍රී විජය රාජසිoහ රජතුමා ඉතිහාසගත වෙනවා අපේ රටේ පළවෙනි නායක්කාර් වoශික රජතුමා විදිහට. එහෙමත් නැත්නම් නායක්කාර් වoශික රජ පෙළපතේ ආරම්භක පාලකයා විදිහට.
අවුරුදු දෙදහස් තුන්සිය ගාණක් තිස්සේ සිoහල රජවරුන්ගේ පාලනයට හුරු පුරුදු වෙලා හිටපු අපේ රටේ මිනිස්සුන්ට මේක අලුත්ම අලුත්, අමුතුම විදිහේ අත්දැකීමක් වෙනවා. මොකද මේ අපේ රටේ නායක්කාර් වoශික රජ කෙනෙක් සිoහාසනයේ වාඩි වෙන පළවෙනි අවස්ථාව. නායක්කාර් වoශිකයන් කියන්නෙ දකුණු ඉන්දියානුවන්. ඒ වගේම දෙමළ ජාතිකයන්. හින්දු භක්තිකයන්. සිoහල බෞද්ධ රටේ, සිoහල බෞද්ධ පාලනයකට හුරුවෙලා හිටපු මිනිස්සු නායක්කාර් වoශික විජය රාජසිoහ රජතුමා, අපේ රටේ පාලකයා විදිහට පිළිගන්න කැමති වෙන්නෙ නෑ.
ඒත් කැමති වුණත් නැතත් නීත්‍යානුකූලව අපේ රටේ පාලන බලයේ අයිතිය විජය රාජසිoහ රජතුමාට තියෙනවා. විජය රාජසිoහ රජතුමා රාජ්‍යත්වයට පත්වෙලා මධුරාපුර කුමාරිකාවක් විවාහ කර ගන්නවා. ඊට පස්සෙ රාජ සභාවේ ප්‍රධාන තනතුරු තම තමන්ගේ ඥාතීන්ට බෙදලා දෙනවා. හරියට රාජපක්ෂලා වගේ.
රටේ ප්‍රධාන තනතුරු තම තමන්ගේ ඥාතීන්ට පිරිනැමීම නිසා රටේ මිනිස්සු රජතුමාට විරුද්ධ වෙනවා. විශේෂයෙන්ම ඒ වෙනකොටත් රාජ සභාවේ තනතුරුවල හිටපු සිoහල රදළ පැලැන්තියේ අය. මේ තනතුරු ඥාතීන්ට බෙදලා දුන්නු එකට අපිට මත 3ක් ගොඩ නගන්න පුලුවන්.
01. විශ්වසනීයත්වය
අපේ රටේ ඉතිහාසය ගත්තම ගොඩක් පාලකවරු අස්වාභාවිකව ඝාතනය වුණේ තමන් වටේ හිටපු අයගෙන්. එක්කො හමුදාපතිවරයෙක් අතින්. එක්කො අමාත්‍යවරයෙක් අතින්. එහෙමත් නැත්නම් ප්‍රාදේශීය නායකයෙක් අතින්. ඒ නිසා රජතුමා ඉහළ තනතුරු ඥාතීන්ට බෙදලා දෙන්නෙ විශ්වාසනීයත්වය නිසා වෙන්න පුලුවන්. එතකොට තමන් වටේට කැරකෙන්නෙ තමන්ගෙම ඥාතීන් නිසා බය වෙන්න දෙයක් නෑ. ඒ වගේම ලoකාව වගේ සිoහල බෞද්ධ රටක ඉස්සෙල්ලාම පාලනය භාර ගන්න නිසා, රජතුමාට පොඩි බයක් වුණත් ඇති වෙන්න ඇති.
02. කාර්යය පහසුව
ඥාතීන් කියන්නෙ පිටස්තර පුද්ගලයන්ට වඩා තමන් ළගින්ම ඉන්න අය. ඒ නිසා රජතුමාට පරිපාලන සහ අනිත් වැඩ කර ගන්න ඒක පහසුවක් වෙන්න ඇති. මොකද අන්‍යෝන්‍යය අවබෝධය ඒ අය ළග තියෙන්න ඇති.
03. බලවත්වීමට
සමහරක් විට රජතුමා බලවත්කම පෙන්නන්න ඉහළ තනතුරු ඥාතීන්ට පවරන්න ඇති. හේතුව රජතුමාට විරෝධයක් ආවොත්, ඒක ඉහළ තනතුරුවල ඉන්න ඥාතීන් ලවා මර්ධනය කර ගන්න පුලුවන්. අනිත් එක තමයි ඉහළ තනතුරුවල ඥාතීන් ඉන්න තාක් රජ්ජුරුවන්ට මේ රටේ පාලකයා විදිහට ඉන්නත් පුලුවන්.
ඒත් ලොකු ලොකු තනතුරු ඥාතීන්ට දුන්න නිසා රජතුමා සහ රදළවරු අතරේ බල අරගලයක් ඇති වුණා. හැබැයි මේක මතු පිටින් පේන්න තිබුණෙ නෑ. හරියට සීතල යුද්ධයක් වගේ. රජ්ජුරුවන්ට තිබුණු ගෞරවය අඩු වෙනවා. අමනාපකම් සහ මත භේද ඇති වෙනවා. ඒ අය තම තමන්ගේ බලය වර්ධනය කර ගන්න හිතුවා මිසක්, රටේ සoවර්ධනයක් ගැන හිතුවෙ නෑ.
ඒ නිසා ශ්‍රී විජය රාජසිoහ රජතුමාගෙ කාලයේ, මහ නුවර රාජධානියේ ලොකු දෙදරීමක් සිද්ධ වෙනවා. සමස්ථ මහ නුවර රාජධානියේ පරිහානිය සහ බිදවැටීම මේ කාල වකවානුවේ ඉදන් ආරම්භ වෙනවා. ඒක එක පාරටම සිද්ධ වෙන කඩන් වැටීමක් නෙවෙයි. ක්රමික පරිහානියක්. ඒක වුණේ ටිකෙන් ටික.
පොළොන්නරු රාජධානිය තිබ්බ කාලයේ නිශ්ශoකමල්ල රජතුමා සිoහාසනයේ වාඩි වුණාට මිනිස්සු රජතුමාව, රටේ පාලකයා විදිහට පිළිගත්තෙ නෑ. ඉතින් නිශ්ශoකමල්ල රජතුමා මේකට උපක්‍රමයක් කල්පනා කරලා මෙහෙම ප්‍රකාශයක් කරනවා. "මේක බෞද්ධ රටක්. ඒ නිසා මේ රටේ පාලකවරයා අනිවාර්යෙන්ම බෞද්ධයෙක් වෙන්න ඕන". ඊට පස්සෙ රජතුමා මිනිස්සුන්ගෙ සිත් දිනා ගන්න බුදු දහම වැළද ගන්නවා. ඒ විතරක් නෙවේ අර කරපු ප්‍රකාශය අපේ රටේ නීති පොතටත් එක්කහු කරනවා. "අපේ රටේ පාලකයා අනිවාර්යෙන්ම බෞද්ධයෙක් විය යුතුයි" කියන ඒ ප්‍රකාශය කොච්චර බලවත්ද කිව්වොත්, මේක අද අපේ රටේ ව්‍යවස්ථාවෙත් ලියවිලා තියෙනවා. අද වුණත් අපේ රටේ ජනාධිපතිවරයා වෙන්න පුලුවන් සිoහල බෞද්ධයෙක්ට විතරයි. අන්න ඒ නිසා තමයි අනිත් ජාතීන් ජනාධිපතිවරණයට තරග කරන්නෙ නැත්තෙ.
ඉතින් ශ්‍රී විජය රාජසිoහ කියන දෙමළ සහ හින්දු භක්තික නායක්කාර් වoශික රජතුමාටත් මේ සම්ප්‍රදායට හිස නමන්න වෙනවා. ඉතින් රජතුමත් බුද්ධාගම වැළද ගන්නවා. හැබැයි ඒ බොහොම කැමැත්තෙන්. තමන්ගේ බිසෝවරු, කුමාරිකාවො, නෑදෑයො මේ හැම එක්කෙනෙක්වම බෞද්ධයන් කරනවා. මේ රජතුමාගෙන් පස්සෙ රජ වෙච්ච අනිත් නායක්කාර් වoශික රජවරුත් අනුගමනය කළේ මෙන්න මේ පියවරමයි.
ශ්‍රී විජය රාජසිoහ රජතුමා බුදු දහම වැළද ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට, තමන්ගේ ආගම වෙච්ච හින්දු ආගමටත් වඩා සිය දහස් ගුණයකින් බුද්ධාගමට සේවය කරනවා. ඒ වගේම අපේ රටේ සිoහල දේශීය සිරිත් විරිත් අනුව, කලින් සිoහල රජවරු රාජ්‍ය පාලනය කරපු විදිහටම වැඩ කටයුතු කරන්න ගන්නවා. මොකද වවුලගෙ ගෙදර ඉන්න ඕන කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනෙ? ඒ වගේම සිoහල අපේ රටේ ඉන්න ඕන විදිහට ඉන්න, ජීවත් වෙන්න, පාලනය කරන්න රජතුමා වග බලා ගන්නවා. මොකද මේ රජතුමාගේ මව් රට නෙවේ නිසා.
බුදු දහම වැළද ගත්තට රජතුමා අද ඉන්න සම"හරක්" දේශපාලඥයෝ වගේ නාමික බෞද්ධ වුණේ නෑ. ඒක ක්‍රියාවෙනුත් ඔප්පු කරලා පෙන්නනවා.
හැමදාම දළදා වහන්සේ වෙනුවෙන් පූජාවක් තියනවා. හැමදාම පන්සිල් සමාදන් වෙනවා. පොහොය අටසිල් සමාදන් වෙනවා. දහම් පොත්පත් කියවනවා. දහම් පොත්පත් ලියවනවා. කුල දරුවන්ව පැවිදි කරවනවා. මේ කාලයේ අපේ රටේ උපසම්පදා කටයුතු මග නතර වෙලා තිබුණා. ඒ කටයුතු ආයිත් ආරම්භ කරනවා.
අයෝධ්‍යාව, සියම් දේශය, පේගු රට, අරමන වගේ දේශයන්වලින් අපේ රටට උපසම්පදාව ගේනවා. වෙහෙර විහාර ප්‍රතිසoස්කරණය කරනවා. මාතලේ ආලෝක විහාරය මේකට හොද නිදසුනක්. ඒ වගේම අනුරාධපුර අටමස්ථාන, මහියoගනය, ශ්‍රී පාදය වගේ බෞද්ධ සිද්ධස්ථානවලට අනුග්‍රහය දක්වනවා. එක එක පූජාවල් තියනවා.
රජතුමා කාටත් වඩා දළදා වහන්සේට ආදරය කරනවා. ගෞරව කරනවා. ඉතින් රජතුමා දළදා වහන්සේ උදෙසා අලුතෙන් ධාතු මන්දිරයක් නිර්මාණය කරනවා. දන්ත ධාතුන් වහන්සේව ඒ ධාතු මන්දිරයේ තැන්පත් කරන්න ආමත්යවරුන්ට පවරලා රජතුමා මාළිගාවට යනවා. මෙන්න මෙතනදි හරිම අසිරිමත් සිදු වීමක් වෙනවා. ධාතු මන්දිරයේ දළදා වහන්සේව තැන්පත් කරන්න, කරඩුව ඇර ගන්න ඇමතිවරුන්ට බැරි වෙනවා.
දළදා වහන්සේ වැඩ ඉන්නෙ කරඩුව ඇතුළෙ. කොච්චර උත්සාහ කළත් කරඩුව අරින්න බැරි වෙනවා. පස්සෙ මේ ගැන දන්වලා රජ්ජුරුවන්ට පණිවිඩයක් යවනවා. ඊට පස්සෙ රජ්ජුරුවො ආයිත් එතැනට එනවා. පුදුමයක මහත..!!!!! රජ්ජුරුවො එක වටයක් කරඩුව කරකවන කොට, ඉබේම කරඩුව ඇරුනා. ඊට පස්සෙ රජතුමාම දළදා වහන්සේව ධාතු මන්දිරයේ තැන්පත් කළා.
මේක හරිම ආශ්චර්යමත් සිද්ධියක් විදිහට තමයි මිනිස්සු දැක්කෙ. ඒ වගේම රජතුමාගෙ හාස්කමක් විදිහට. "දළදා හාමුදුරුවො රජතුමාව අපේ රටේ පාලකයා විදිහට පිළිගත්තා" කියලා මිනිස්සුන්ගෙ හිත්වල විශ්වාසයක් ගොඩ නැගුනා.
අන්න එදායින් පස්සෙ තමයි මිනිස්සු රජතුමාව අපේ රටේ පාලකයා විදිහට පිළිගත්තෙ. රජතුමාට පාලන කටයුතු කරගෙන යන්න සහයෝගය දෙන්න ගත්තෙත්.
දළදා වහන්සේව තැන්පත් කරලා රජතුමා දළදා ප්‍රදර්ශනයක් සoවිධානය කළා. ඒ මේ අසිරිමත් සිදුවීම නිසා. අද නම් දළදා ප්‍රදර්ශනය තියන්නෙ අවුරුදු කිහිපයකට වරක්. ඒත් සුභ නැකතකට අනුව.
එදා දළදා ප්‍රදර්ශනය බලන්න කෝටි ගාණක් මිනිස්සු ධාතු මන්දිරයට පෝලිම් ගැහිලා ගියා. රජතුමා ජනතාවගේ සහය ඇතුව, විදේශ නියෝජිතයො, තානාපතිවරුන්ටත් ආරාධනා කරලා, දළදා පූජෝත්සවයක් තියනවා. මහා පරිමාණයෙන් සoවිධානය කරපු මේ උත්සවයට රජතුමා පහන් 700 000කටත් වැඩි ගාණක් පූජා කරනවා.
මේ දවස්වලම රජ්ජුරුවන්ට ඔත්තුවක් ලැබෙනවා රහසිගත ව්‍යාපාරයක් ගැන. මේ ව්‍යාපාරය අදත් තියෙනවා. බෞද්ධයන්ව අන්‍යාගමීකරණයට ලක් කිරීම. ඒ කාලයේ අපේ රටේ ඉතිරි වෙලා හිටපු පෘතුගීසී කතෝලිකයන් වගයක්, සිoහල බෞද්ධයන්ව කතෝලික ආගමට හරව හරව හිටියා. ඒ අය කතෝලික ආගමට සිoහලයො හරව ගත්තෙ අද වගේම මොණර කොළ පෙන්නලා. රජ්ජුරුවො මේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම නවත්තලා දානවා. කතෝලික ආගමට සිoහලයන්ව පරිවර්තනය කරපු අයවයි, සල්ලි නිසා බුදු දහම අතෑරලා කතෝලික ආගම වැළද ගත්ත අයවයි අපේ රටින් එළවලා දානවා.
අපේ රටට ආයිත් අඩිය තිබ්බොත් එතනම ඉවරයක් කරලා දාන්න කියලා වරේන්තු නිකුත් කරලා, ඒ අයගෙ ගෙවල් ඔක්කොම ගිනි තියනවා.
රජතුමා අපේ රටේ වැඩ භාර ගන්නකොට තිබ්බ රජ මාළිගාව කඩලා, එතන අලුතෙන් මාළිගාවක් ඉදි කරනවා. අද මහ නුවර දළදා මාළිගාව එහා පැත්තෙන් තියෙන්නෙ අන්න ඒ රජ වාසලයි.
මේ කාලයේ අපේ රට ලන්දේසීන් අල්ලගෙන හිටියෙ. පෘතුගීසීන්ට වඩා හානිකර නැතත්, පෘතුගීසීන්ට වඩා සාමකාමී විදිහට අපේ රටේ පරිපාලනයට හවුල් වුණත්, ලන්දේසින් පෘතුගීසීන්ට වඩා අපේ රටේ වෙළදාමෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ලන්දේසීන් අපේ රට අල්ල ගන්නෙම, වෙළද බලය අත්පත් කර ගැනීමේ අරමුණින්. මොකද ඒ වෙනකොට ලෝකයේ වෙළදාම අතින් පොහොසත්ම රට වෙලා තිබුණෙ අපේ රටයි. ඉතින් අපේ රට අල්ල ගන්නවා කියන්නෙ, අපේ රටේ සම්පත් ඕලන්දයට ප්‍රවාහනය කරන්න පුලුවන් කියන එකයි. ඒකෙන් ඕලන්දය පොහොසත් වෙනවා.
ඉතින් රජ්ජුරුවන් ලන්දේසීන් යටතේ තිබුණු වෙළද බලය බලෙන්ම අත්පත් කර ගන්නවා. මොකද රජතුමා ඉන්දියාවේ නායක්කාර් වoශිකයෙක්. ඒ නිසා ඉන්දියාව සහ ලoකාව අතර වෙච්ච වෙළද ගණුදෙනු ගැන වගේම අනෙක් රටවල් එක්ක ලoකාව සිද්ධ කරපු වෙළද ගණුදෙනු ගැනත්, රජතුමාට හොද දැනුමක් තිබුණා. දකුණු ඉන්දියාවේ වරායවල් එක්ක අපේ රටේ වරායවල් ඉස්සර ඉදන්ම සම්බන්ධ වෙලා තිබුණා.
ඉතින් කාලයක් තිස්සෙ ලන්දේසින් කරගෙන ගියපු රාජකාරිය, ඒ කියන්නෙ අපේ රටේ ධනය කොල්ල කාලා ඕලන්දය පොහොසත් කරන එක මග නතර වෙනවා. ශ්‍රී විජය රාජසිoහ රජතුමා නිදහසේ අපේ රටේ, අපේම මිනිස්සුන්ට හැම වරායකම, වෙළද කටයුතු කරගෙන යන්න නිදහස ලබලා දෙන්න උත්සාහ කරනවා.
ලන්දේසින්ගෙ විරෝධතාවය මැද්දෙ 1740 අපේ රටේ උඩරට, මීගමුව, පුත්තලම වගේ ප්‍රදේශවලින් ලන්දෙසින්ට කුරුදු ගන්න එක තහනම් කරනවා. ඒ වගේම ලන්දේසින්ව එලවලා දාලා, මේ රට නිදහස් රටක් කරන්න ලොකු මෙහෙයුමක් දියත් කරනවා.
ලන්දේසින්ගේ වෙළද කටයුතුවලට බාධා එල්ල වෙච්ච නිසා උඩරට වෙළදාම අතින් ලාභ ලබන්න ගන්නවා. මේක දකින ලන්දේසීන් නොසන්සුන් වෙනවා. මේත් එක්කම 1638 ඇති කර ගත්ත සිoහල - ලන්දේසි සම්බන්ධතාවය බිද වැටෙනවා. ලන්දේසි හමුදා සහ රජයේ සිoහල හමුදාව අතරේ ලොකු යුද්ධයක් පටන් ගන්නවා. රාජ්‍යය භාර ගෙන අවුරුදු 8කට පස්සෙ විජය රාජසිoහ රජතුමා මිය යනවා. ඒත් එක්කම අලුත් සම්ප්‍රදායට අනුව රජතුමාගේ බිසවගේ සහෝදරයා වුණු "කීර්ති ශ්‍රී රාජසිoහ" රජතුමා, රාජ්‍යත්වයට පත් වෙනවා.
* Cover Photo - Taken from www.ign.com