අනුරාධපුර යුගයේ ලංකා ඉන්දීය සම්බන්ධතා ශක්තිමත් වෙන්න බලපාපු ප්‍රධානතම සාධකය තමයි, ලංකාව ඉන්දියාව ආසන්නයෙන්ම පිහිටලා තිබීම. අපේ රටට එල්ලවුණු ආක්‍රමණ සහ සංක්‍රමණ වැඩි හරියක් ඉන්දියාවෙන් එල්ල වුණු ඒවා. විජයාවතරණයේ ඉදලම ඉන්දියාව සමග ලංකාව සම්බන්ධතා ගොඩ නගා ගත්තත් (ලිඛිත මූලාශ්‍ර අනුව), ලංකා ඉන්දීය සම්බන්ධතා ගොඩක්ම ශක්තිමත් වුණේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී. ඒ මෞර්ය රාජ්‍ය සමග ඇති කර ගත්ත සම්බන්ධතා නිසා.
අරිට්ඨ ප්රමුඛ දූත පිරිස අශෝක රජතුමා වෙත යවලා තමන්ගේ දේශපාලන ශක්තිය වැඩි කර ගත්ත දේවානම්පියතිස්ස රජතුමා, අශෝක රජතුමා එවපු රාජ කකුධ භාණ්ඩවලින් දෙවෙනි වරටත් අභිෂේක ලබලා, "දෙවනපිය" කියන නාමය භාවිතා කළා. මෞර්ය අභිෂේකය, විරුධ නාම භාවිතය, රාජාණ්ඩු ක්රමයේ සමාරම්භය ඇති වුණේ ලංකාව සහ ඉන්දියාව අතර අනුරපුර යුගයේ ඇති වුණු සම්බන්ධතා නිසා. ලංකාවේ පාලකයන් ආරම්භයේ ඉදලම ඉන්දියාවේ සෑම අධිරාජ්‍යයක් සමගම යහපත් හෝ අයහපත් සම්බන්ධතා ගොඩ නගාගෙන තිබුණා. මෞර්ය, ගුප්ත වගේ රාජ්‍යයන් සමග මිත්‍ර වෙලා හිටියා. ලංකාව සහ ඉන්දියාව අතර ඇති වුණු සම්බන්ධතා දේශපාලනික, ආගමික, ආර්ථික ආදී වශයෙන් අධ්‍යනයේ පහසුවට කොටස්වලට බෙදන්න පුලුවන්.

දේශපාලනික සම්බන්ධතාවලත් ස්වරූප කිහිපයක් දකින්න පුලුවන්. පාලන බලය ලබා ගන්න, පාලන බලය තහවුරු කරගන්න එහෙමත් ඉන්දියාවේ සහාය අරගෙන තියෙනවා. 5 වෙනි මහින්ද රාජ්‍ය සමයේ ඉන්දීය කුලී භට හමුදාවන්ගේ සේවය ලබා ගැනීම, මුගලන් කුමරු විසින් ඉන්දීය හමුදා ආධාරයෙන් කාශ්‍යප රජතුමාව පරාජය කරලා සිහසුන ගැනීම වගේ සිද්ධි උදාහරණ විදිහට ගන්න පුලුවන්.
මුළු ලොවක්ම පිළිගත්ත දර්ශනයක් වුණු උත්තරීතර බුදු දහම සහ බෞද්ධ සංස්කෘතික අගයන් අපේ රටට ඉන්දියාවෙන් දායාද වුණු දේවල්. ඒ විදේශීය සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදිහට. බ්රාහ්මී අක්ෂර, චිත්‍ර, කැටයම්, මූර්ති, ලේඛන කලාව ආදී ශිල්ප ශාස්ත්‍ර අපිට ලැබුනා. ඒ විතරක් නෙවේ ආහාර පාන, ඇදුම් පැළදුම්,
අනුරාධපුර අවධියේ ඉන්දියාව සහ ලංකාව අතර ඇති වුණු විදේශීය සම්බන්ධතා ගැන පුළුල් වශයෙන් අධ්‍යනය කරන්න දේවානම්පියතිස්ස රාජ්‍ය සමය සහ ලංකාවේ භාහිර පිහිටීම කියන ලිපි දෙක කියවන්න.
* Cover Photo - Taken from www.civilization-v-customisation.wikia.com
* Cover Photo - Taken from www.civilization-v-customisation.wikia.com