පොළොන්නරු රාජධානියේ බිද වැටීමට හේතු වුණු සාධක විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ සාධක අතරින් ප්‍රධානතම සාධකය විදිහට ගැනෙන්නෙ ඉන්දියාවේ කාලිංග දේශයේ ඉදන් ආපු මාඝගේ ආක්රමණයයි. මේක තමයි "කාලිංග මාඝ" ආක්‍රමණය කියලා කියන්නෙ. 1215 අවුරුද්දෙ ඒ වෙනකොට අපේ රටේ රජකම් කළේ, ලීලාවතී බිසවව එලවලා අපේ රටේ බලය අල්ල ගත්ත, ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයෙන් ආපු පරාක්‍රම පාණ්ඩ්‍ය රජතුමයි.
අපි පහුගිය ලිපියෙන් කතා කළා ගොඩක් රජවරු ඉන්දියාවෙන් විවාහ සම්බන්ධතා ඇති කර ගත්ත නිසා, අපේ රටේ සිංහාසනය සම්බන්ධව ඉන්දියාවත් උරුමකම් කිව්වා කියලා. එහෙම උරුමකම් කිව්වෙ ඉන්දියාවෙ කාලිංග වංශිකයන් සහ පාන්ඩ්ය වංශිකයන්. ඉතින් එයාලා එයාලා අතරෙත් ගැටුම් ඇති වෙලා තියෙනවා. මාඝටත් අපේ රටේ සිංහාසනයට උරුමයක් තිබිලා තියෙනවා.
ඉතින් මහා රෑක 24 000ක ඉන්දීය හමුදාවක් එක්ක අපේ රටේ වෙරළට ගොඩ බහින මාඝගේ එකම අරමුණ වෙන්නෙ අපේ රටේ බලය අල්ල ගන්න එකයි. ආර්යය වංශිකයින්ගේ සංක්රමණයෙන් පස්සෙ අපේ රටට එල්ල වෙන පළවෙනි කෘරතම සහ දරුණුතම ආක්‍රමණය තමයි මාඝගේ ආක්‍රමණය. මාඝගේ ආක්‍රමණය කොයි වගේද කියලා පොළොන්නරුවේ පැරණි නගරය බලන්න ගියාම අපිට හිතාගන්න පුලුවන්.
අපි පහුගිය ලිපියෙන් කතා කළා ගොඩක් රජවරු ඉන්දියාවෙන් විවාහ සම්බන්ධතා ඇති කර ගත්ත නිසා, අපේ රටේ සිංහාසනය සම්බන්ධව ඉන්දියාවත් උරුමකම් කිව්වා කියලා. එහෙම උරුමකම් කිව්වෙ ඉන්දියාවෙ කාලිංග වංශිකයන් සහ පාන්ඩ්ය වංශිකයන්. ඉතින් එයාලා එයාලා අතරෙත් ගැටුම් ඇති වෙලා තියෙනවා. මාඝටත් අපේ රටේ සිංහාසනයට උරුමයක් තිබිලා තියෙනවා.
ඉතින් මහා රෑක 24 000ක ඉන්දීය හමුදාවක් එක්ක අපේ රටේ වෙරළට ගොඩ බහින මාඝගේ එකම අරමුණ වෙන්නෙ අපේ රටේ බලය අල්ල ගන්න එකයි. ආර්යය වංශිකයින්ගේ සංක්රමණයෙන් පස්සෙ අපේ රටට එල්ල වෙන පළවෙනි කෘරතම සහ දරුණුතම ආක්‍රමණය තමයි මාඝගේ ආක්‍රමණය. මාඝගේ ආක්‍රමණය කොයි වගේද කියලා පොළොන්නරුවේ පැරණි නගරය බලන්න ගියාම අපිට හිතාගන්න පුලුවන්.
මේ ආක්‍රමණය ගැන වංශ කතාවල තියෙන්නෙ "යකුන් නැටූ යුධ පිටියක් වූ සේක" කියලයි. මාඝගේ හමුදාව ඒ තරමටම විනාශයක් අපේ රටට කළා. මාඝටත්, මාඝගේ හමුදාවටත් අපේ රටේ බලය අල්ල ගන්න ගියේ බොහොම පොඩි කාලයක්. නිකං රැයක් එළිවෙලා, උදේ පාන්දර වෙනකොට වගේ බලය අල්ල ගත්තා. ඊට පස්සෙ පරාක්‍රම පාණ්ඩ්‍ය රජතුමාගේ ඇස් අන්ධ කරලා, හිර කරලා, දස වධ දීලා, මාඝ අපේ රටේ සිංහාසනයේ ඉදගන්නවා.
ඊට පස්සෙ කිසිම හේතුවක් නැතුව අපේ රටේ ප්‍රභූ මිනිස්සුන්ව, සිංහාසනයට උරුමකම් කියන අයව, හාමුදුරුවරුන්ව, සාමාන්‍ය මිනිස්සුන්ව දරුණු විදිහට මරාගෙන මරාගෙන මරාගෙන යන්න ගත්තා. ගොඩක් අයව මරලා තියෙන්නෙ දස වධ දීලා.
ඊට පස්සෙ අපේ රටේ වැව් අමුණු ටික විනාශ කරන්න ගත්තා. පන්සල් සහ මිනිස්සුන්ගෙ ගෙවල් සම්පූර්ණයෙන්ම ගිනි තිබ්බා. පුස්තකාල වගේ වටිනා ගොඩනැගිලිත් සම්පූර්ණයෙන්ම බිමට සමතලා කරලා, මුළු පොළොන්නරුවම ගිනි තිබ්බා. සමහරක් පොත්වල තියෙනවා දවස් හතක් තිස්සෙ පොළොන්නරුව ගිනි ගත්තා කියලා. ඒ වගේම මිනිස්සුන්ට හිරිහැර කළා. අසාධාරණ විදිහට කප්පම් එකතු කළා. මිනිස්සුන්ගෙ වස්තුව කොල්ල කන්න ගත්තා. සැප පහසු ගෙවල්වල ඉන්න අයව එලවලා, ඒ ගෙවල් මාඝට හිතවත් අයට පැවරුවා.
මාඝගේ වැව් අමුණු විනාශ කිරීමේ ප්‍රතිපත්තිය නිසා වතුර නැති වුණා. කෘෂි කර්මය කර ගන්න බැරි වුණා. කන්න නැති වුණා. මිනිස්සු බඩගින්නෙ මෙව්වා ගැනම හිත හිතා හිටියා, යුද්ධ කරන්නෙ නැතුව. ඒක නිසා අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා.
මාඝ බලෙන්ම කරපු තවත් කැත වැඩක් තමයි, සිංහල මිනිස්සුන්ව බලෙන්ම කාලිංගයේ මිනිස්සුන්ට විවාහ කරලා දීපු එක. එතකොට සිංහල සහ කාලිංගයන් අතරේ සම්මිශ්‍රණයක් හැදෙන නිසා, කිසිම කෙනෙක් අනාගතයේදී මාඝගේ පාලනයට විරුද්ධ වෙන එකක් නැති වෙයි කියලා හිතුවා. මේ අතරෙ සමහරක් සිංහල මිනිස්සු පුංචි පුංචි කණ්ඩායම් හදාගෙන මාඝට විරුද්ධව අරගල කළත්, ඒ එකක්වත් සාර්ථක වුණේ නෑ.
ඉතින් මාඝගේ කාලයේ අපේ රටේ ආර්ථිකයට අමතරව හැම දෙයකම පරිහාණිය සිද්ධ වෙන්න ගත්තා. දේශපාලනික අංශය අතින් ගත්තත්, ආගමික අංශය අතින් ගත්තත්, සංස්කෘතික අංශය අතින් ගත්තත්, සාමාජීය අංශයෙන් වුණත්.... මේ හැම දෙයක්ම කඩාගෙන වැටුණා. මේ කරදර තවත් ඉවසන් ඉන්න බැරි වුණු, මාඝගේ හිරිහැරවලින් බේරිලා හිටපු ඔක්කොම මිනිස්සු, පොළොන්නරුවෙන් පැනලා යන්න පටන් ගත්තා. ඒ නිසා පොළොන්නරු රාජධානිය බිද වැටෙන්න බලපාපු ප්‍රධානතම කාරණාව විදිහට, කාලිංග මාඝ ආක්‍රමණය හදුන්වන්න පුලුවන්.
ඊට අමතරව තවත් කාරණා කිහිපයක්ම තියෙනවා. මේවා දිගු කාලීන සාධකවලට ඇතුළත් වෙන දේවල්. ඒ කියන්නෙ පොළොන්නරු රාජධානිය ආරම්භ වුණු කාලයේ ඉදන්ම, කල්ප කාලාන්තරයක් තිස්සේ පැවතුණු දේවල්.
එකක් තමයි මහා පරාක්‍රමබාහු රජතුමා ගොඩ නගපු සංඛේන්ද්‍රගත පාලනය, ඒ විදිහටම පවත්වාගෙන යන්න කාර්යශූර පාලකයෙක් බිහි නොවීම. පරාක්‍රමබාහු සමය කියන්නෙ දේශපාලන, ආර්ථික සහ ආගමික කියන අංශ තුනටම වැදගත් කාලයක්. මේ කාලයේදී රටේ තිබුණු හැම අංශයක්ම පාලනය කළේ පරාක්‍රමබාහු රජතුමයි. ව්‍යවස්ථාව, විධායකය, අධිකරණය වගේම චතුරංගනී සේනාවේ ප්‍රධානියා වුණෙත් රජතුමයි. ඒ නිසා සංඛේන්ද්‍රගත පාලනයකදි, ඒ පාලනයේ සාර්ථකත්වය රැදෙන්නෙ පාලකයාගේ ශක්තිය සහ හැකියාව මතයි. මේ වගේ පාලනයක් කරන්න පුළුවන් දක්ෂ කෙනෙක්ට විතරයි. අදක්ෂ කෙනෙක් පාලනය භාර ගත්තට, ඒ අයට කරන්න බෑ. ඉතින් පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ බලයට පත් වුණු පාලකයන්ට, මේ වගේ දෙයක් කරන්න පුළුවන් වුණේ නෑ.
පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ යුද්ධ ගණනාවක්ම සිද්ධ වුණා. ඒවා අතරින් රට එක්සේසත් කරන්න කරපු යුද්ධ මාලාව, බුරුම සහ ඉන්දියාව වගේ විදේශීය රටවල් එක්ක කරපු යුද්ධ හදුන්වන්න පුලුවන්. ඉතිහාසඥයන්ගේ මතයට අනුව, මේ යුද්ධවලට ගොඩක් සම්පත් වැය වෙලා තියෙනවා. විශේෂයෙන්ම විදේශීය රටක් ආක්‍රමණය කරනකොට නම් ගොඩක් සම්පත් වැය වෙනවා. පරාක්‍රමබාහු රජතුමාට ප්‍රබල නාවික හමුදාවක් එහෙම තිබිලා තියෙනවා. ඉතින් පොළොන්නරු ආර්ථිකයයේ පරිහානියට, පරාක්‍රමබාහු රජතුමාගේ මේ යුද්ධ ව්‍යාපාරත් බලපාලා තියෙනවා. ඒක හෙන ගහනවා වගේ එක පාරටම වුණු ආර්ථික පරිහානියක් නෙවේ. ක්‍රමිකව සිද්ධ වුණු දෙයක්.
පරාක්‍රමබාහු රජතුමාට බුරුමය ආක්‍රමණය කරන්න හේතුවක් තිබුණා. ඒකෙන් අපිට ආර්ථික ප්‍රතිලාභයක් ලැබුනා. ඒත් පරාක්‍රමබාහු රජතුමාට දකුණු ඉන්දියාව ආක්‍රමණය කරන්න කිසිම හේතුවක් තිබුනෙ නෑ. ඒ වගේම ඒකෙන් කිසිම ප්‍රතිලාභයක් ලැබුණෙත් නෑ. ඒ නිසා ඉතිහාසඥයන්ගේ මතයට අනුව පරාක්‍රමබාහු රජතුමාගේ මේ විදේශීය ආක්‍රමණ, ලාභයකට වඩා තමන්ගේ අභිමානය පෙන්වන්න කරපු දේවල්.
පරාක්‍රමබාහු රජතුමාගේ ආර්ථික ප්රතිපත්තියත්, පොළොන්නරු යුගයේ පරිහානියට බලපාලා තියෙනවා. පරාක්‍රමබාහු යුගය කියන්නෙ මහා පරිමාණයේ වැව්, කුඩා වැව්, ඇළ වේලි දස දහස් ගණනින් නිර්මාණය වුණු යුගයක්. මේ වගේ විශාල වාරි ව්‍යාපෘති අපේ වගේ පුංචි රටකට ඔරොත්තු දෙන්නෙ නෑ කියන එකයි ඉතිහාසඥයන්ගෙ අදහස. මොකද ඕනම දෙයක් ඉදි කරනවට වඩා නඩත්තු කරන එක අමාරුයි. ඉතින් ඉදිකිරීම්වලට සහ නඩත්තු කිරීම්වලට ලොකු මුදලක් වැය වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රමාණය ඉක්මවා ඔරොත්තු නොදෙන තරමටම නිර්මාණය කරපු වැව් තොගය නිසා, ආර්ථිකය බිද වැටිලා තියෙනවා.
මේක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙ කාලයෙත් වුණා. එතුමා අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් නොකරපු දෙයක් නෑ. ගුවන් පාලම්ද, වරායවල්ද, අධිවේගී මාර්ගද, සුඛෝපභෝගී මාර්ගද, උද්‍යානද, ක්රීඩාංගනද, ගුවන් තොටුපලවල්ද, වැව්ද, ව්‍යායාම මං තීරුද, සම්මන්ත්රණ ශාලාද..... මේ වගේ සෑහෙන ගොඩක් රටට අලුතින් දායාද කළා. මේ ඔක්කොම අපිට ලැබුණෙ බොහොම කෙටි කාලයක් ඇතුළත. එතුමාගෙ සංවර්ධිත වැඩ පිළිවෙලත්, මේ පුංචි රටට ඔරොත්තු දුන්නෙ නෑ. ඒ නිසා ආර්ථිකයේ පරිහානියට තදින්ම බලපෑවා. අපේ ඇස් දෙකට පේන විදිහට රට භෞතිකව සංවර්ධනය වුණත්, ප්‍රස්ථාර ඇදලා ගණන් හදලා බැලුවොත්, ආර්ථිකයේ රේඛාව යන්නෙ සෘණ පැත්තට. හේතුව තමයි ඉදිකිරීම්වලට සහ නඩත්තුවට විශාල මුදලක් වැයවීම. ඒ වගේම වෙනත් රටවල්වලින් පරම්පරා ගණනාවකට ඇතිවෙන්න සෑහෙන ණය තොගයක් අරගෙන තිබීම.
පොළොන්නරු පරිහානියට බලපාපු තවත් කාරණාවක් විදිහට යුද්ධ සෙනෙවිවරු අරගෙන ගියපු දූෂිත ප්‍රතිපත්තිය හදුන්වන්න පුලුවන්. පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ විශාල හමුදාවක් ගොඩ නැගුනා. මේ හමුදාව පාලනය කරන්නත් හමුදා නායකයන් ගොඩක් හිටියා. පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී ඒ හමුදා නායකයන් සද්ධ වහලා හිටියට, රජතුමාගෙ මරණයෙන් පස්සෙ අන්තනෝමතික විදිහට දූෂිත ක්‍රියාදාමයක නිරත වුණා. සමහරක් දෙනා තම තමන්ට වාසිවෙන විදිහට, රූකඩයක් වගේ නටවන්න පුලුවන් පාලකයින්ව සිංහාසනයේ ඉන්දෙව්වා. මේ දූෂිත ප්‍රතිපත්තිත් පොළොන්නරු පරිහානියට බලපාලා තියෙනවා.
මේ කාරණාවට වර්තමානයෙත් ඕන තරම් උදාහරණ තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, තුන්වන වර ජනාධිපතිවරණයෙන් පරාජය වෙනකොට හැමෝම කිව්වෙ "මහින්ද පැරදුනේ මහින්දගෙ වරදින් නෙවේ. එයාගෙ වටේ හිටපු අයගෙන්" කියලයි. මහින්ද රාජපක්ෂ චරිතය කියන්නෙ රටේ හුග දෙනෙක්ගෙ ගෞරවයට සහ ආදරයට පාත්‍ර වුණු චරිතයක්. ඒත් එතුමාගෙ වටේ හිටියෙ කොමිස්කාරයො, කුඩුකාරයො, මිනීමරුවෝ, පාතාල නායකයො, වංචාකාරයො, දූෂණකාරයො, බොරුකාරයො. හුග දෙනෙක් එතුමාව ආශ්‍රය කළේ, එතුමාට තිබුණු ආදරයට නෙවේ. එතුමාගෙන් වාසි ගන්නයි. මේ නිසා තමයි රටේ බහුතරයක් දෙනා එතුමාව තුන්වෙනි පාරෙදි ගෙදර යැව්වෙ.
ප්‍රභාකරන්ටත් ඔය දේම වුණා. ප්රභාකරන් කියන්නෙ උතුරු නැගෙනහිර දෙමළ මිනිස්සුන්ගෙ හිත් දිනාගෙන හිටපු කෙනෙක්. එයාගෙ සංවිධානයේ මුල් කාලයෙ වගේම, ශක්තිමත් විදිහට තිබ්බ කාලෙ ඒ පළාත්වල හිටපු හැම දෙමළ මනුස්සයෙක්ගෙන්ම සහයෝගය හම්බවෙනවා. ප්රභාකරන් දෙමළ මිනිස්සුන්ගෙ විශ්වාසය දිනා ගත්තෙ, ඒ හැම කෙනෙක් එක්කම එකට ඉදලා. හැම තිස්සෙම ගෙයින් ගෙට ගිහින්, දුක සැප හොයලා බලලා, ඒ ගෙවල්වලින් දෙන තැඹිලි කෝම්බයක් එහෙම බීලා, "අම්මේ තාත්තේ" කියලා හිනාවෙලා කතා කරලා, බදාගෙන.... ඒත් පස්සෙ කාලෙක ප්රභාකරන්ට මේ දේ කරන්න බැරි වුණා. එතකොට ප්රභාකරන්ගේ තුන්වෙනි පෙළ නායකයො සහ හතරවන පෙළ නායකයො මේකෙන් පටු වාසි ගත්තා.
බලෙන් ගෙවල් දොරවල් ඇරගෙන යන්න ගත්තා. බලෙන්ම සංග්‍රහ ලබා ගත්තා. කිසිම ගරු සරුවක් නැතුව කැත විදිහට කතා කරන්න ගත්තා. ගෑණු මිනිස්සුන්ව දූෂණය කළා. මිනිස්සුන්ට ගැහුවා. මිනිස්සුන්ව බලෙන් සංවිධානයට අරගෙන යන්න පටන් ගත්තා. මිනිස්සුන්ගෙන් කප්පම් ගත්තා. බඩු හොරකන් කරන්න ගත්තා. මිනිස්සුන්ව මැරුවා. ප්රභාකරන්ගේ තුන්වන සහ හතරවන පෙළ නායකයින්ගේ මේ ක්‍රියා කලාපය නිසා දෙමළ මිනිස්සු කළකිරුණා. ඒ නිසා මුල් දවස්වල ප්රභාකරන්ට තිබ්බ මිනිස්සුන්ගේ පක්ෂපාතීත්වය ටික ටික අඩුවෙලා ගියා. මේකත් ඒ සංවිධානයේ පරිහානියට තදින්ම බලපෑවා.
මම ලිපියේ කලින් කිව්වා වගේම පොළොන්නරු පරිහානියට හේතු වුණු තවත් කාරණාවක් විදිහට පාණ්ඩ්‍යයන් සහ කාලිංගයන් අතරේ වුණු බල අරගලය හදුන්වන්න පුලුවන්. ඒ මම අර කලින් කිව්වා වගේම, ඉන්දියාවෙන් විවාහ සම්බන්ධතා ඇති කර ගැනීමේ ප්‍රතිඵලයක්. සමහරක් පාණ්ඩ්‍යන් සහ කාලිංගයන්, ලංකාවේ සිංහාසනයේ තම තමන්ගේ බලය රැක ගන්න බැලුවා මිසක්, ඒ අය ලංකාව සමෘද්ධිමත් කරන්න බැලුවෙ නෑ. අනිත් අතට විදේශ සම්භවයක් තියෙන අය සිංහාසනයට පත්වීම නිසා, ගොඩක් සිංහල මිනිස්සු අකමැත්තෙන් ඉදලා තියෙනවා. ඒ නිසා විදේශීය රජවරුන්ට විරුද්ධව ගොඩක් විරෝධතා සහ කැරලි ඇති වෙලා තියෙනවා.
තවත් කාරණාවක් විදිහට දුර්වල පාලකයින් බලයට පත්වීමත් නම් කරන්න පුලුවන්. පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ, නිශ්ශංකමල්ල රජතුමා හැරෙන්න අනිත් හැම රජ කෙනෙක්ම දුර්වල පාලකයෙක් වුණා. කලින් සදහන් කළා වගේම ගොඩක් සෙන්පතිවරු තමන්ට වාසිසහගත දුර්වල රූකඩ පාලකයින්ව සිංහාසනයේ වාඩි කරවලා, තම තමන්ට ඕන විදිහට නැටෙව්වා. ඊට පස්සෙ ඒ ඒ පාලකයො ක්‍රියාත්මක වුණෙත් ඒ ඒ සෙන්පතිවරුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් (මේ ගැන කියනකොට නම් අපිට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාවත් මතක් වෙනවා). මේ නිසා එයාලා බලය වෙනුවෙන් තරග කරනකොට, අපේ රටේ හැම අංශයක්ම බිද වැටිලා, අස්ථාවර වෙනවා.
පොළොන්නරු පරිහානියට හේතු වුණු තවත් කරුණු දෙකක් මතක් වෙනවා මේ වෙලාවෙ. එකක් තමයි වසංගත ලෙඩ රෝග ව්‍යාප්තිය. මේක මාඝගේ ආක්‍රමණය නිසා ඇති වුණු වක්‍ර ප්‍රතිඵලයක්. මාඝගේ වැව් අමුණු විනාශ කිරීමේ වැඩපිළිවෙල නිසා, තැන තැන රැදුනු වතුර නිසා පාචනය, මැලේරියාව වගේ ලෙඩ සීඝ්රයෙන් ව්‍යාප්ත වෙන්න පටන්ගෙන තියෙනවා.
අනිත් කාරණාව ඇහුවොත් නම් ඔයාලා ගොඩක් පුදුමවෙයි. අනිත් කාරණාව තමයි වගාව. අවුරුදු 1000ක් විතර අපේ මිනිස්සු ඒ පැතිවල ඉදගෙන වගා කටයුතු කළා. වගාවට ඉර එළිය, ජලය සහ වාතය වගේම සරු පසකුත් ඕන. අපේ අය ඒ පැතිවල වගා කළෙත් සරු පස නිසයි. ඒ වුණාට අවුරුදු 1000ක් තිස්සෙ වගා කරනකොට, රජරට පස, නිසරු වෙන්න ගත්තා. ඉතින් ආහාර ප්‍රශ්නයක් ඇති වුණා. අනිත් අතට ආර්ථිකමය ප්‍රශ්නයක් ඇති වුණා. මේකත් රාජධානියේ පරිහානියට වක්‍රව බලපෑවා.
මේ කරුණුවලින් තහවුරු වෙන එක දෙයක් තමයි පොළොන්නරු රාජධානියේ පරිහානිය සිද්ධවෙලා තියෙන්නේ, මාඝගේ ආක්රමණයටත් සෑහෙන කාලෙකට කලින් කියන එක. මාඝගේ ආක්‍රමණයට කලින් ඉදන්ම ක්‍රමිකව, ටිකෙන් ටික, පරිහානියට ලක් වෙමින් තිබ්බ රාජධානිය, මාඝගේ ආක්රමණයත් එක්ක ඉක්මන් වෙලා තියෙනවා.
* Cover Photo -
Taken from www.pcgamer.com