දේවානම්පියතිස්ස රාජ්‍ය සමය
දේවානම්පියතිස්ස රාජ්‍ය සමය අපේ රටේ ඉතිහාසයේ ගොඩක් වැදගත් සමයක්. අපේ රටේ ඉතිහාසයේ දේශපාලනික, ආගමික, ආර්ථික, සාමාජීය, සoස්කෘතික කියන හැම අoශයකම Turning Point එකක්, එහෙමත් නැත්නම් හැරවුම් ලක්ෂ්‍යක් මේ යුගයේ ඇති වුණා. දේවානම්පියතිස්ස කියලා අපි කිව්වට, රජ්ජුරුවන්ගෙ ඇත්ත නම ඇවිල්ලා "ගාමිණී තිස්ස". දෙවනපෑතිස් එහෙමත් නැත්නම් දේවානම්පියතිස්ස (දේවානම් ප්‍රිය, දෙවනපිය) කියලා කියන්න ගත්තෙ ඔය අශෝක අධිරාජ්‍යයාගෙන් හම්බුනු විරුධ නාමයෙන් පස්සෙනෙ.
ඉතිහාසයේ තියෙන විදිහට අශෝක අධිරාජයයි, තිස්ස රජ්ජුරුවොයි නොදුටු මිත්‍රයෝ. මේ දෙන්නා ලියුම් කඩදාසි එහාට මෙහාට යවලා මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තට මොකෝ කවදාවත් දැකලාවත්, කතා කරලවත් නෑ. ඉතින් දවසක් තිස්ස රජ්ජුරුවෝ තමන්ගෙ බෑණා කෙනෙක් වෙන "අරිට්ඨ" ඇමතියා ප්රමුඛ දූත පිරිසක් යවනවා, අශෝක අධිරාජ්‍යයාගේ මාළිගාවට. මේක ඇවිල්ලා රාජ්‍ය තාන්ත්‍රික සබදතාවක්. වoශ කතාවල තියෙන විදිහට නම් තිස්ස රජ්ජුරුවො මේ කණ්ඩායම ඉන්දියාවට පිටත් කළේ දේශපාලනික වශයෙන් රටවල් දෙක අතර තියෙන සම්බන්ධකම, මිත්‍රත්වය පුළුල් කර ගන්න. ඒත් අද ඉතිහාසය විශ්ලේෂණය කරන අය කියන්නෙ නම් මීට වඩා හාත්පසින්ම වෙනස් කතා වගයක්.
01. පහර දීමට පෙර යටත් වීම හෝ
02. තමන් බලවතෙක් යැයි හැගවීමට
ඔයාලා දන්නවනෙ අශෝක රජතුමා ප්‍රසිද්ධ වුණේ කාලිoග ආක්‍රමණයෙන් කියලා. අශෝක රජතුමා කියන්නෙ මෞර්ය අධිරාජ්‍යයේ තුන්වෙනි පාලකයා. අශෝකට කලින් හිටපු චන්ද්‍රගුප්ත, බිoදුසාර වගේ රජවරු ඉන්න කාලෙත් ඔය කාලිoගය තිබුණා (ඇත්තම කියනව නම් බුදුන් වහන්සේ උත්පත්තිය ලබන්නත් කලින් ඉදන්ම). ඒත් ඉන්දියාවේ ලොකුම අධිරාජ්‍යය ගොඩ නගපු චන්ද්රගුප්තවත්, බිoදුසාරවත් කාලිoගය ආක්‍රමණය කරන්න ගියේ නෑ. මොකද කාලිoගය කියන්නෙ බොහොම සාමකාමී රාජ්‍යයක්. එහේ මිනිස්සු බොහොම අහිoසකයි. එයාලා තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවේ ජීවත් වුණා. ඒ නිසා මගධයට ඒ අයගෙන් අoශු මාත්‍රයක් තරම්වත් තර්ජනයක් තිබුණෙ නෑ.
ඒත් අශෝක සිoහාසනයට පත් වුණු ගමන් මගධයට යටත් වෙලා නැති, මගධය යටත් කර ගෙන නැති ඔක්කොම රාජ්‍යන් ටිකට ගහන්න ගත්තා. ගහගෙන ගහගෙන ඇවිල්ලා අශෝක නතර වෙන්නෙ කාලිoගයෙන්. ඒ පාර අශෝක කාලිoගයත් ආක්‍රමණය කරනවා. ඒ තමන්ට තිබුණු බල ලෝභීත්වය නිසා. ලෝක ඉතිහාසයේ සිදු කෙරුණු දරුණුම සටන, එහෙමත් නැත්නම් දරුණුම යුද්ධය තමයි අශෝකගේ කාලිoග ආක්‍රමණය. ඒ නිසා තමයි "චණ්ඩාශෝක" කියලා කියන්න ගත්තෙත්.
ඉතිහාසයේ තියෙන විදිහට අශෝක අධිරාජයයි, තිස්ස රජ්ජුරුවොයි නොදුටු මිත්‍රයෝ. මේ දෙන්නා ලියුම් කඩදාසි එහාට මෙහාට යවලා මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තට මොකෝ කවදාවත් දැකලාවත්, කතා කරලවත් නෑ. ඉතින් දවසක් තිස්ස රජ්ජුරුවෝ තමන්ගෙ බෑණා කෙනෙක් වෙන "අරිට්ඨ" ඇමතියා ප්රමුඛ දූත පිරිසක් යවනවා, අශෝක අධිරාජ්‍යයාගේ මාළිගාවට. මේක ඇවිල්ලා රාජ්‍ය තාන්ත්‍රික සබදතාවක්. වoශ කතාවල තියෙන විදිහට නම් තිස්ස රජ්ජුරුවො මේ කණ්ඩායම ඉන්දියාවට පිටත් කළේ දේශපාලනික වශයෙන් රටවල් දෙක අතර තියෙන සම්බන්ධකම, මිත්‍රත්වය පුළුල් කර ගන්න. ඒත් අද ඉතිහාසය විශ්ලේෂණය කරන අය කියන්නෙ නම් මීට වඩා හාත්පසින්ම වෙනස් කතා වගයක්.
01. පහර දීමට පෙර යටත් වීම හෝ
02. තමන් බලවතෙක් යැයි හැගවීමට
ඔයාලා දන්නවනෙ අශෝක රජතුමා ප්‍රසිද්ධ වුණේ කාලිoග ආක්‍රමණයෙන් කියලා. අශෝක රජතුමා කියන්නෙ මෞර්ය අධිරාජ්‍යයේ තුන්වෙනි පාලකයා. අශෝකට කලින් හිටපු චන්ද්‍රගුප්ත, බිoදුසාර වගේ රජවරු ඉන්න කාලෙත් ඔය කාලිoගය තිබුණා (ඇත්තම කියනව නම් බුදුන් වහන්සේ උත්පත්තිය ලබන්නත් කලින් ඉදන්ම). ඒත් ඉන්දියාවේ ලොකුම අධිරාජ්‍යය ගොඩ නගපු චන්ද්රගුප්තවත්, බිoදුසාරවත් කාලිoගය ආක්‍රමණය කරන්න ගියේ නෑ. මොකද කාලිoගය කියන්නෙ බොහොම සාමකාමී රාජ්‍යයක්. එහේ මිනිස්සු බොහොම අහිoසකයි. එයාලා තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවේ ජීවත් වුණා. ඒ නිසා මගධයට ඒ අයගෙන් අoශු මාත්‍රයක් තරම්වත් තර්ජනයක් තිබුණෙ නෑ.
ඒත් අශෝක සිoහාසනයට පත් වුණු ගමන් මගධයට යටත් වෙලා නැති, මගධය යටත් කර ගෙන නැති ඔක්කොම රාජ්‍යන් ටිකට ගහන්න ගත්තා. ගහගෙන ගහගෙන ඇවිල්ලා අශෝක නතර වෙන්නෙ කාලිoගයෙන්. ඒ පාර අශෝක කාලිoගයත් ආක්‍රමණය කරනවා. ඒ තමන්ට තිබුණු බල ලෝභීත්වය නිසා. ලෝක ඉතිහාසයේ සිදු කෙරුණු දරුණුම සටන, එහෙමත් නැත්නම් දරුණුම යුද්ධය තමයි අශෝකගේ කාලිoග ආක්‍රමණය. ඒ නිසා තමයි "චණ්ඩාශෝක" කියලා කියන්න ගත්තෙත්.
මගධයේ ආක්‍රමණයෙන් බේරෙන්න කාලිoගයේ සාමාන්‍ය මිනිස්සු හිටන් ආයුධ අතට ගන්නවා. මේ යුද්ධයෙන් ලක්ෂයකටත් වඩා ජීවිත ගාණක් විනාශ වුණා. තවත් ලක්ෂයක් තුවාල ලබනකොට, තවත් දහස් ගණනක් කනවැන්දුම් වුණා. දරුවන්ට දෙමාපියෝ අහිමි වුණා. අශෝක රජ්ජුරුවො හිටන් ලොකු කම්පනයකට පත් වෙනවා. මේ යුද්ධයෙන් විනාශ වෙලා ගිය දේපල සහ ජීවිතවල වටිනාකම තක්සේරු කරන්න තියා හිතන්නවත් බෑ. මුළු ලෝකයක්ම මේකෙන් හෙල්ලුනා.
සිතියමේ පෙන්නලා තියෙන විදිහට අශෝක මුලු උතුරු ඉන්දියාවම යටත් කර ගන්නවා. මේ විදිහේ බල ලෝභීත්වයකින් පෙලෙන අශෝක ලoකාවටත් මේ විදිහට දරුණු ආක්‍රමණයක් එල්ල කරන්න බැරි කමක් නෑ. මොකද රටවල් දෙක අතර අවම දුරත් කිලෝ මීටර් 32යිනෙ. ඒ නිසා මුලු හමුදාවම අපේ රටට එවන්නත් පුලුවන්.
ඒ නිසා ඉතිහාසඥයෝ කියන විදිහට අශෝක මෙහාට ගහන්න කලින්, අපේ රට මගධය එක්ක මිත්‍රයි, මගධයට පක්ෂපාති, මගධයට උදව් කරනවා කියලා පෙන්නන්න තමයි ඒ කණ්ඩායම යවන්නෙ. ඒ කියන්නෙ පහර දීමට පෙර යටත් වීමක්.
අනිත් මතය ඇවිල්ලා තමනුත් බලවතෙක් කියලා පෙන්නන්න කියන එක. මොකද මුළු රටක් ලෝකයක්ම හොල්ලපු අශෝක වගේ බලවත් පාලකයෙක් එක්ක සම්බන්ධතා පවත්වන එකෙන්, තමනුත් ලොකු බලවතෙක් කියලා අපේ රටේ මිනිස්සුන්ටත් කියන්න පුලුවන්.
දැන් මර්වින් සිල්වා වගේ කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නවා නම්, එයාට කවුරුත් ගහන්න යන්නෙ නෑ. ගැහුවොත් වෙන දේ දන්නවනෙ? ඒ නිසා බලවත් කෙනෙක් එක්ක ඉන්නකොට, සමාජයෙන් එන්න තියෙන තර්ජන ගර්ජන අඩුයි. ඒ වගේම තමන්ටත් නිකන්ම හොද පිළිගැනීමක් ලැබෙනවා.
ඉතින් කොහොමින් කොහොම හරි අරිට්ඨ ඇමතිවරයා එක්ක ගියපු රාජ්‍ය තාන්ත්‍රික පිරිස ඉන්දියාවේ අශෝක රජ්ජුරුවන්ව මුණ ගැහෙනවා. ඉතින් අශෝක රජතුමයි, අරිට්ඨ ඇමතියයි අතර සoවාදයක් ඇති වෙනවා. මේ වෙලාවෙ අශෝක රජතුමා අහනවා අපේ රටේ අභිෂේක ක්‍රමය ගැනත්. ඉතින් අරිට්ඨ ඇමතිවරයත් අපේ රටේ අභිෂේක ක්‍රමය ගැන පොඩි Lecture එකක් දෙනවා. මේක අහපු අශෝක රජ්ජුරුවො මෙහෙම කියනවා.
"චාහ් චාහ් චාහ් චාහ්! ඒ මොන මල කටුවක්ද ඒ..??? එහෙම නෙවේ. මෙන්න මේ රාජ කකුධ භාණ්ඩ ටික ගන්නකො. ඔයාලත් මෙහේ කරන අභිෂේක ක්‍රමය කරන්න. මේක තමයි නියම අභිෂේකය. මෙන්න මේ තුන්ඩු කෑල්ලෙ ඔක්කොම විස්තර ටික ලියලා තියෙනවා. අහ්! තව එකක්. මතක ඇතුව අභිෂේකයත් එක්ක තිස්සට කියන්න නමට ඉස්සරහින්, 'දේවානම්පිය' කියලා කෑල්ලකුත් දාගන්න කියලා". ඒ විතරක් නෙවේ. අශෝක රජතුමා අපේ රාජ සභාවට පුරෝහිත, දණ්ඩ නායක, සෙන්පති, සිටු වගේ නිලතල කිහිපයකුත් හදුන්වලා දෙනවා.
ඔන්න ඉතින් අපේ කට්ටියත් ඒ ලට්ට ලොට්ට ටික කර ගහගෙන මෙහාට එනවා. ඊට පස්සෙ තිස්ස රජ්ජුරුවෝ දෙවෙනි පාරටත් අභිෂේකය ලබනවා. හැබැයි ඒ නම් මෞර්ය අභිෂේක ක්‍රමයට. ඒත් එක්කම තිස්ස, දේවානම්පියතිස්ස වෙනවා. එදා ඉදන් හුග කාලයක් යනකන්ම මේ අභිෂේක ක්‍රමය තමයි අපේ රටේ තිබුණෙ. ඒ වගේම විරුධ නාමත් පාවිච්චි වෙන්න ගත්තා. ඔය සිරිසගබෝ වගේ.
මෙන්න මෙහෙම ඉන්න අතරෙ දේවානම්පියතිස්සට ලියමනක් හම්බ වෙනවා. ලියුම් කවරෙ ගලොවලා බැලින්නම් අශෝක රජතුමාගෙන්. ඒකෙ මෙන්න මෙහෙම සදහනක් තියෙනවා. "මම බුදුන්, දහම්, සගුන් සරණ ගියෙමි. ඔබත් ශ්‍රද්ධාවෙන් තුන් සිත පහදවාගෙන තුනුරුවණ් සරණ යන්න". ඒ ලියමනේ රජතුමා කවදාවත් අහපු නැති අසිරිමත් ආගමක් ගැන තමයි සදහන් වෙන්නෙ. ඒ ආගමේ තියෙන සත්‍යතාවය ගැන අශෝක රජතුමා පිටු ගණන් ලියලා එවලා. ඉතින් අපේ රජතුමාටත් හිතෙනවා මේ අසිරිමත් ආගම ගැන තව තවත් දැන ගන්න. ඒ තමයි බුදු දහම.
මේ වෙනකොටත් අශෝක රජතුමා දිග් විජය ප්‍රතිපත්තිය අතෑරලා, ධර්ම විජය ප්‍රතිපත්තිය පටන් ගෙන තිබ්බෙ. දැන් රජතුමා හරි වෙනස්. චණ්ඩාශෝක, ධර්මාශෝක වෙලා. රජතුමා බුදු දහම වැළදගෙන ඒ වෙනුවෙන් කැපවෙලා හොදටම වැඩ. වෙහෙර විහාර නිර්මාණය කරනවා. වෙහෙර විහාර පිළිසකර කරනවා. හාමුදුරුවරුන්ට අනුග්‍රහය දෙනවා. මෙන්න මේ කාලයේ තමයි 3 වෙනි ධර්ම සoඝායනාව තියන්නෙ.
"චාහ් චාහ් චාහ් චාහ්! ඒ මොන මල කටුවක්ද ඒ..??? එහෙම නෙවේ. මෙන්න මේ රාජ කකුධ භාණ්ඩ ටික ගන්නකො. ඔයාලත් මෙහේ කරන අභිෂේක ක්‍රමය කරන්න. මේක තමයි නියම අභිෂේකය. මෙන්න මේ තුන්ඩු කෑල්ලෙ ඔක්කොම විස්තර ටික ලියලා තියෙනවා. අහ්! තව එකක්. මතක ඇතුව අභිෂේකයත් එක්ක තිස්සට කියන්න නමට ඉස්සරහින්, 'දේවානම්පිය' කියලා කෑල්ලකුත් දාගන්න කියලා". ඒ විතරක් නෙවේ. අශෝක රජතුමා අපේ රාජ සභාවට පුරෝහිත, දණ්ඩ නායක, සෙන්පති, සිටු වගේ නිලතල කිහිපයකුත් හදුන්වලා දෙනවා.
ඔන්න ඉතින් අපේ කට්ටියත් ඒ ලට්ට ලොට්ට ටික කර ගහගෙන මෙහාට එනවා. ඊට පස්සෙ තිස්ස රජ්ජුරුවෝ දෙවෙනි පාරටත් අභිෂේකය ලබනවා. හැබැයි ඒ නම් මෞර්ය අභිෂේක ක්‍රමයට. ඒත් එක්කම තිස්ස, දේවානම්පියතිස්ස වෙනවා. එදා ඉදන් හුග කාලයක් යනකන්ම මේ අභිෂේක ක්‍රමය තමයි අපේ රටේ තිබුණෙ. ඒ වගේම විරුධ නාමත් පාවිච්චි වෙන්න ගත්තා. ඔය සිරිසගබෝ වගේ.
මෙන්න මෙහෙම ඉන්න අතරෙ දේවානම්පියතිස්සට ලියමනක් හම්බ වෙනවා. ලියුම් කවරෙ ගලොවලා බැලින්නම් අශෝක රජතුමාගෙන්. ඒකෙ මෙන්න මෙහෙම සදහනක් තියෙනවා. "මම බුදුන්, දහම්, සගුන් සරණ ගියෙමි. ඔබත් ශ්‍රද්ධාවෙන් තුන් සිත පහදවාගෙන තුනුරුවණ් සරණ යන්න". ඒ ලියමනේ රජතුමා කවදාවත් අහපු නැති අසිරිමත් ආගමක් ගැන තමයි සදහන් වෙන්නෙ. ඒ ආගමේ තියෙන සත්‍යතාවය ගැන අශෝක රජතුමා පිටු ගණන් ලියලා එවලා. ඉතින් අපේ රජතුමාටත් හිතෙනවා මේ අසිරිමත් ආගම ගැන තව තවත් දැන ගන්න. ඒ තමයි බුදු දහම.
මේ වෙනකොටත් අශෝක රජතුමා දිග් විජය ප්‍රතිපත්තිය අතෑරලා, ධර්ම විජය ප්‍රතිපත්තිය පටන් ගෙන තිබ්බෙ. දැන් රජතුමා හරි වෙනස්. චණ්ඩාශෝක, ධර්මාශෝක වෙලා. රජතුමා බුදු දහම වැළදගෙන ඒ වෙනුවෙන් කැපවෙලා හොදටම වැඩ. වෙහෙර විහාර නිර්මාණය කරනවා. වෙහෙර විහාර පිළිසකර කරනවා. හාමුදුරුවරුන්ට අනුග්‍රහය දෙනවා. මෙන්න මේ කාලයේ තමයි 3 වෙනි ධර්ම සoඝායනාව තියන්නෙ.
ශ්‍රී සම්බුද්ධ පරිණිර්වාණය සිද්ධ වෙලා අවුරුදු 218කට පස්සෙ, මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, පැලලුප් නුවර අශෝකාරාමයේ, මහ රහතන් වහන්සේලා 1000කගේ සහභාගීත්වයෙන් සිද්ධ කරන මේ යෝධ ව්‍යාපෘතියට රාජ්‍ය අනුග්‍රහය දෙන්නෙ ධර්මාශෝක රජතුමා. සoඝායනාවෙන් පස්සෙ සිද්ධ වුණු ප්‍රතිඵල අතරින් වැදගත්ම ප්‍රතිඵලයක් තමයි, නව රට සසුන්ගත කිරීම.
ඒ කියන්නෙ මෙතෙක් ඉන්දියාවට විතරක් සීමා වෙලා තිබුණු මේ අසිරිමත් සද්ධර්මය තවත් රටවල් 9ක ව්‍යාප්ත කිරීම. ඒ රටවල් ගොන්නට අපේ රටත් දැම්මා. මේක අශෝක රජතුමා තුන් කල් බලලා ගත්ත හොදම හොද තීරණයක්. මොකද කාලයක් ගියායින් පස්සෙ මුස්ලිම් ආක්රමණත් එක්ක ඉන්දියාවෙන් මුලුමනින්ම බුදු දහම නැති වෙලා ගියත්, මේ ව්‍යාපෘතිය නිසා ලෝකයෙන් බුදු දහම නැති වෙලා ගියේ නෑ.
ඊට පස්සෙ තමයි පොසොන් පුර පසළොස්වක පෝය දවසෙ අශෝක රජතුමාගේ පුත්‍රයා වුණු මහින්ද මහරහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්භල, භද්දසාල, සුමන මහ රහතන් වහන්සේලා සහ භණ්ඩුක උපාසකවරයා එක්ක මිහින්තලා කදු මුදුනට වැඩම කරලා, දේවානම්පියතිස්ස රජතුමාව මුණ ගැහෙන්නෙ. මේ තමයි මහින්දාගමනය.
"මහ රජ අපි ධර්ම රාජ වූ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. දඹදිව් තලය කසාය වස්ත්‍රයෙන් බබළයි. තවත් මේ වගේ සෘද්ධිමත්, පරසිත් දන්නා, දිවකන් දන්නා මහ රහතන් වහන්සේලා දහස් ගණනක් දඹදිව වැඩ සිටියි".
දේවානම්පියතිස්ස රජතුමා බුදුන් දහම් සගුන් සරණ ගිහින් බෞද්ධ උපාසකයෙක් වෙනවා. විජයාවතරණයෙන් පස්සෙ අපේ රටේ බුදු දහම වැළදගත්ත පළවෙනි පාලකයා තමයි දේවානම්පියතිස්ස රජතුමා. ඒ කියන්නෙ පළවෙනි බෞද්ධ උපාසකවරයා. රජතුමා බුදු දහම වැළද ගන්නවත් එක්කම රජුගේ ආගම රාජ්‍ය ආගම වෙනවා. රාජ්‍ය ආගම රට වැසියාගේ ආගම වෙනවා. රටේ අනිත් මිනිස්සු රජ්ජුරුවන්ව ආදර්ශයට අරගෙන බුදු දහම වැළදගන්නවා. අපේ රටේ උපාසක උපාසිකා සමාජය නිර්මාණය වෙනවා. 1000කට වඩා පිරිසක් සෝවන් වෙන්න වාසනාව ලබනවා. ඉතින් රජතුමා තමන්ගෙ පියා (උත්තිය රජුතුමා) නිර්මාණය කරපු මහමෙව්නා උයන සඝ සතු කරනවා.
මහින්දාගමනය ගැන ලoකාවෙන් හම්බ වෙලා තියෙන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතරින් රජගලට විශේෂ තැනක් හිමි වෙනවා. රජගල කියන්නෙ බෞද්ධ ආරාම සoකීර්ණයක නටබුන් දකින්න පුලුවන් ඓතිහාසික පූජා භූමියක්. රජගල ප්‍රදේශයේ විදිමත් ගවේෂණයක් ආරම්භ වෙන්නෙ 2011 අවුරුද්දෙ. දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවපු රජගලෙන් හම්බුනු සෙල්ලිපිවල මහින්ද සහ ඉට්ඨිය මහරහතන් වහන්සේලාගේ නම් සදහන් වෙනවා. සෙල්ලිපිවලට අනුව උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පූජා භූමියේ චෛත්‍යයවල නිධන් කරලා තිබිලා තියෙනවා.
මහින්දාගමනයෙන් පස්සෙ මහින්ද මහ රහතන් වහන්සේගේ අධීක්ෂණය යටතේ දේවානම්පියතිස්ස රජතුමා "මහා විහාරය" නිර්මාණය කරනවා. මහින්දාගමනයත් එක්ක අපේ රටේ උපාසක උපාසිකා කියන ගිහි පිරිස නිර්මාණය වෙනවා. ටික කාලයක් ගියායින් පස්සෙ රජතුමාගේ බෑණා වෙන අරිට්ඨ ඇමතිවරයා සහ තවත් 500 දෙනෙක් පැවිද්ද ලබලා අපේ රටේ භික්ෂු ශාසනය ඇති කරනවා. මේ අතරේ අපේ රටේ කාන්තා පක්ෂයත් පැවිද්ද ඉල්ලනවා. ඒ නිසා මහින්ද මහරහතන් වහන්සේගේ අදහසකට අනුව දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවට පණිවිඩයක් යවනවා.
මෙහෙම ටික කාලයක් යනකොට දවසක් මහින්ද හාමුදුරුවො දේවානම්පියතිස්ස රජතුමාට මෙහෙම කියනවා. "රජතුමනි, අපි අපේ බුදු හාමුදුරුවන්ව හුග කාලෙකින් දැක්කෙත් නෑ. අපිට උන්වහන්සේව දැක බලා ගන්න මෙහෙ කිසිම ක්‍රමයක් නෑ නෙව". මේක අහන රජතුමා අන්ද මන්ද වෙනවා. "දැන් හුග කාලෙකට ඉස්සර බුදු හාමුදුරුවො පිරිනිවන් පෑවා කියලා, ඔබ වහන්සෙම නේද කිව්වෙ..???". ඉතින් මහින්ද හාමුදුරුවො රජතුමාට මෙහෙම උත්තර දෙනවා. "ධාතුන් වහන්සේලා දැක ගත්තොත්, බුදු හාමුදුරුවො දැක ගත්තා වගේ තමයි". ඔන්න ඉතින් අපේ රටේ චෛත්‍යයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් ඉස්මතු වෙනවා.
ඉතින් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් ගෙනත් දුන්නොත්, ඒක නිධන් කරලා චෛත්‍යයක් නිර්මාණය කරන්න රජ්ජුරුවොත් පොරොන්දුව දෙනවා. මේත් එක්කම මහින්ද හාමුදුරුවන්ගේ උපදෙස් මත සුමන සාමණේර හාමුදුරුවන්ව පිටත් කරනවා අශෝක රජ්ජුරුවන් මුණ ගැහෙන්න. ඊට පස්සෙ උන්වහන්සේ අශෝක රජතුමාගෙන් පාත්‍රා ධාතුව (බුදුන් වහන්සේ දන් වළදන්න භාවිතා කළ) අරගෙන සෘද්ධි බලයෙන් තව්තිසාවට වැඩම කරනවා. ඊට පස්සෙ ශක්‍ර දේවේන්ද්රයගෙන් දකුණු අකු ධාතුන් වහන්සේ අරගෙන අපේ රටට වැඩම කරනවා. මේත් එක්කම චෛත්‍යයේ වැඩ කටයුතු පටන් ගන්නවා.
අන්න එහෙම නිර්මාණය වෙන චෛත්‍යය තමයි "ථූපාරාම" චෛත්‍යය කියලා කියන්නෙ. ථූපාරාමය කියන්නෙ එසේ මෙසේ තැනක් නෙවේ. මේ මහා භද්‍ර කල්පයටම විශේෂ තැනක්. සිද්ධාර්ථ ගෞතම බුදු හාමුදුරුවන්ගේ තුන්වෙනි ලoකා ගමනේදි උන්වහන්සේ ථූපාරාමය චෛත්‍යය නිර්මාණය වෙලා තියෙන තැන සමවත් සුවයෙන් වැඩ ඉදලා තියෙනවා. උන්වහන්සේගේ පරිණිර්වාණයෙන් පස්සෙ උන්වහන්සේගේ ධාතු නිධන් කරලා ඒ ස්ථානයේම ථූපාරාමය නිර්මාණය වුණා.
ගෞතම බුදු හාමුදුරුවන්ට කලින් බුද්ධත්වය ලබපු කකුසද, කෝණාගම, කාශ්‍යප බුදුවරුත් මේ තැනටම වැඩම කරලා සමවත් සුවයෙන් ඉදලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේලාගේ පරිණිර්වාණයෙන් පස්සෙ ඒ ඒ බුද්ධ ශාසනවලදි, උන්වහන්සේලාගේ ධාතුන් නිධන් කරලා මේ ස්ථානයේම චෛත්‍ය නිර්මාණය වෙලත් තියෙනවා.
ඒ වගේම අනාගතයේ මෛත්‍රීය බුදු හාමුදුරුවොත් මෙතැනටම වැඩම කරලා සමවත් සුවයෙන් වැඩ හිදිනවා කියලත්, උන්වහන්සේගේ පරිණිර්වාණයෙන් පස්සෙ මෙතැනම උන්වහන්සේගෙත් ධාතු නිධන් කරලා චෛත්‍යයක් නිර්මාණය වෙනවා කියලත් අපි අතරේ විශ්වාසයකුත් තියෙනවා.
ථූපාරාමය චෛත්‍යයේ වැඩ ඉවර වෙනවත් එක්කම ධාතුන් වහන්සේ තල් ගස් 7ක උසකට අහසට පැන නැගලා යමා මහ පෙළහර පානවා. එදා ධාතුන් වහන්සේගෙන් පිට වුණු ගිනි ජාලාවලින් මුලු ලoකාවම ආලෝකමත් වුණාලු. යමා මහ පෙළහර පාන්න පුලුවන් බුදුවරයාණන් වහන්සේ නමකට විතරයි. ආයිත් ධාතු පරිණිර්වාණය වෙනකොටත් මෙහෙම සිදු වීමක් වෙනවා කියලා පරණ පොත්වල සදහන් වෙනවා. මේ විදිහට ධාතුන් වහන්සේ නමක් අපේ රටේ යමා මහ පෙළහර පෑමක් සිද්ධ කරපු පළවෙනි වතාව තමයි මේ.
ඒ බුද්ධ අධිෂ්ඨානයකට අනුව. බුදු හාමුදුරුවෝ පිරිණිවන්පාන්න යන අන්තිම වෙලාවෙදි උන්වහන්සේ අධිෂ්ඨාන 5ක් සිද්ධ කරනවා. ඒවා තමයි අවසාන බුද්ධ අධිෂ්ඨාන. ඒත් ඒ අධිෂ්ඨාන 5 සෘජුවම ලoකාවට සම්බන්ධ වීම විශේෂත්වයක්. ඒකෙන් පේනවා බුදු හාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්නකොට, උන්වහන්සේට ලoකාව ගැන බලාපොරොත්තු ගොන්නක් තිබුණා කියලා.
01. ධර්මාශෝක රජු ලoකාද්වීපයට යැවීමට ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වෙන් කිරීමට පැමිණෙන විට ශාඛාව ඉබේම වෙන් වී රන් කටාරමේ පිහිටන සේක්වා!
02. රන් කටාරමේ පිහිටි ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවේ පත්‍රවලින් සවණක් ඝන රැස් විහිදෙත්වා!
03. ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රන් කටාරමද සමගින් අහසට පැන නැගී දින සතක් කිසිවෙකුටත් නොපෙනෙන සේ හිමවලා ගැබෙන් වැසී පවතිත්වා!
04. ථූපාරාම දාගැබේ මාගේ දකුණු අකු ධාතුව පිහිටුවන විට ධාතුව අහසට පැන නැගී යමා මහ පෙළහර කරත්වා!
05. රුවන්වැලි මහා දාගැබේ තැන්පත් කරන ද්‍රෝණයක් පමණ මාගේ ශාරීරික ධාතුන් පිහිටුවන විට අහසට පැන නැගී බුද්ධ වේශයක් ගෙන යමා මහ පෙළහර කරත්වා!
මේ ආශ්චර්යමත් සිද්ධිය එක්ක දහස් ගණන් මිනිස්සු බුදු දහම වැළද ගන්නවා. ඒ වගේම පැවිදි වෙනවා. යමා මහ පෙළහර පාලා, රජතුමාගේ හිස මතට වැඩම කරන ධාතුන් වහන්සේව තැන්පත් කරලා, රජ්ජුරුවෝ චෛත්‍යය නිම කරනවා. මේ චෛත්‍යය වටේට රජ්ජුරුවෝ ආරාම හදනවා. ඒ නිසා මේ තැන ථූප + ආරාම (චෛත්‍යය වටේට හදපු නිසා) වෙලා ථූපාරාම වෙනවා. අදත් ඒවායේ නටබුන් දකින්න පුලුවන්.
ථූපාරාමය අද ඔය තත්වයේ තියෙන්නෙ රජවරු සිය දහස් ගණනකගෙ ස්පර්ශය ලබලා. මේ චෛත්‍යයේ නඩත්තුවට සහ අභිවෘද්ධියට ලජ්ජතිස්ස, වසභ, ගෝඨාබය, උපතිස්ස, ධාතුසේන, 2 වෙනි අග්බෝ, 1 වෙනි දාඨෝපතිස්ස, 2 වෙනි කාශ්‍යප, 2 වෙනි දාඨෝපතිස්ස, මානවම්ම, 6 වෙනි අග්බෝ, 2 වෙනි මහින්ද, 2 වෙනි දප්පුල, 1 වෙනි සේන, 1 වෙනි උදය, 4 වෙනි මහින්ද, 1 වෙනි විජයබාහු, 1 වෙනි පරාක්‍රමබාහු, 4 වෙනි විජයබාහු වගේ පාලකයො ගොඩක් අනුග්‍රහය ලබා දීලා තියෙනවා.
ථූපාරාම චෛත්‍යය කලින් තිබිලා තියෙන්නෙ ධාන්‍යාකාර චෛත්‍යයක් විදිහට. ඒත් අද නම් ඒක ඝටාකාර චෛත්‍යයක්. චෛත්‍යයේ උස අඩි 63ක් වෙනවා. චෛත්‍යය වටේට තියෙන ගල් කණුවලින්, ඒ දවස්වල වටදාගෙයක් තිබුණා කියලා හොදින් පැහැදිලි වෙනවා.
ථූපාරාමය කියන්නෙ අපේ රටේ නිර්මාණය වුණු පළවෙනි චෛත්‍යය නෙවේ. ජනප්රවාදයේ තියෙන විදිහට බුදු හාමුදුරුවෝ ලoකාවට වැඩම කරන්න කලින්, බුදුන් දහම් පමණක් සරණ ගියපු ප්‍රථම දේවාචික උපාසකවරු දෙන්නා (තපස්සු, භල්ලුක) බුදුන් වහන්සේගේ කේශ ධාතු නිධන් කරලා ගිරිහඩු සෑය නිර්මාණය කරනවා. බුදුන් වහන්සේගේ පළවෙනි ලoකා ගමනේදී සුමන සමන් දිව්යරාජයත් බුදුන් වහන්සේගෙන් කේශ ධාතු ලබාගෙන මහියoගනය චෛත්‍යය නිර්මාණය කරනවා. බුදුන් වහන්සේගේ තුන්වන ලංකා ගමනේදි තමයි කැළණි චෛත්‍යය නිර්මාණය කරන්නෙ. ඒ මණි අක්ඛික රජතුමා. ඒ නිසා මහින්දාගමනයෙන් පස්සෙ අපේ රටේ නිර්මාණය වුණු පළවෙනි චෛත්‍යය විදිහට ථූපාරාමය නම් කරන එක නුවණට හුරුයි. ඒ කියන්නෙ අපේ රටේ බුදු දහම හරියාකාරව මුල් බැස ගත්තායින් පස්සෙ හදපු පළවෙනි චෛත්‍යය.
රජතුමා අර කලින් යවපු පණිවිඩය අනුව අශෝක රජතුමාගේ දියණිය (මහින්ද මහරහතන් වහන්සේගේ සහෝදරිය ), සoඝමිත්තා මහරහත් තෙරණිය, විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් අරගෙන, අපේ රටේ භික්ෂුණී ශාසනය පිහිටුවන්න නෞකාවකින් අපේ රටේ දඹකොළ පටුන (ජම්බකෝල පට්ටන) ප්‍රදේශයට වැඩම කරනවා. ජය ශ්‍රී මහා බෝධිය භාර ගන්න රජතුමත් අනුරාධපුරයේ ඉදන් දඹකොළ පටුනට විශාල පෙරහැරකින් යනවා. ජනප්රවාදයේ තියෙන විදිහට නැව වරායට එනකන් ඉන්නෙ නැතුව, රජතුමා මුහුදට බැහැලා, කර වටක් ජලය පිරෙනකන් නැව දිහාවට ඇවිදගෙන යනවා.
බොහෝ දුරට ඒ කතාව ඇත්තක් වෙන්න පුලුවන්. යුද්ධයෙන් පස්සෙ යාපනය දිහාවෙ සoචාරය කරන්න නම් අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒත් ගියපු අය කියන විදිහට නම් දඹකොළ පටුනෙ තියෙන මුහුද ටිකක් සුවිශේෂයි. මුහුදේ රැල්ලක් නැගෙන්නෙ නැති තරම්ලු. ඒ වගේම මුහුදෙ පතුල හුගක් ඈතට යනකන් ගැඹුරු නෑලු. ඒ නිසා හුග දුරක් ඇවිදගෙන වුණත් යන්න පුලුවන්ලු.
අද නම් දඹකොළ පටුනේ ඒ ඓතිහාසික සිද්ධිය සිහි වෙන්න පොඩි පන්සලකුත් හදලා.
ඉතින් මුහුදට බැහැලා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේව භාර ගන්න රජ්ජුරුවෝ, මහා පෙරහැරකින් බෝධින් වහන්සේව දඹකොළ පටුනෙ ඉදන් අනුරාධපුරයට වඩම්වනවා. මේ බෝධි වෘක්ෂය රෝපණය කරන්න රජතුමා තෝරා ගන්නෙ, මහමෙව්නා උයන. රජතුමා බෝධීන් වහන්සේව මහමෙව්නා උයනට වඩම්වන කොට බුද්ධ අධිෂ්ඨානයකට අනුව තවත් අසිරිමත් සිදුවීමක් වෙනවා.
බෝධීන් වහන්සේ කටාරම පිටින් ඉහළට පැන නැගලා, බෝධින් වහන්සේ වටේට වළාකුළුවලින් පිරෙන්න ගන්නවා. මේ විදිහට දවස් හතක් වළාකුළුවලින් වැහිලා තියෙනවා. ඉතින් රජතුමාට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා මොකක්ද මේ වෙන්නෙ කියලා. රජතුමා මේක මහින්ද හාමුදුරුවන්ගෙන් අහනවා. "හා හා රජතුමනි. කලබල වෙන්න එපා. බෝධීන් වහන්සේ අහසට පැන නැගිලා වළාකුළුවලින් වට වෙලා තියෙන්නෙ තවත් බුද්ධ අධිෂ්ඨානයකට අනුව. එහෙම අධිෂ්ඨානයක් සිද්ධ කරලා තියෙන්නෙ දෙවියන් සහ බ්‍රහ්මයන්ට බෝධීන් වහන්සේව වන්දනා කරන්න අවස්ථාවක් ලබා දෙන්න". මහින්ද හාමුදුරුවො උත්තර දෙනවා.
දවස් 7කට පස්සේ බෝධීන් වහන්සේ ඉබේම පොළෝ තලයට වැඩම කරනවා. ඊට පස්සෙ තමයි රජතුමාට බෝධීන් වහන්සේව රෝපණය කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ. බෝධින් වහන්සේව රෝපණය කරනවාත් එක්කම බෝ පත්‍ර වලින් සවණක් ඝන බුදු රැස් විහිදෙන්න ගන්නවා. අන්න ඒ පුoචි බෝ පැළය තමයි අද අනුරාධපුරේ මහමෙව්නා උයනේ විරාජමානව වැඩ ඉන්නෙ.
විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධිය අපිට වැදගත් වෙන්නෙ සිද්ධාර්ථ තාපසතුමාට බුද්ධත්වය ලබා ගන්න පිට දීපු, සේවන දීපු ගහක් නිසා. සිද්ධාර්ථ ගෞතම බුදු හාමුදුරුවෝ තුන් ලෝකෙටම අග්රවෙලා, සම්මා සම්බුද්ධත්වය ලබා ගන්නෙ මේ ගහ යට භාවනා කරලා. ඒ වගේම ඉන්දියාවේ තිබ්බ ශ්‍රී මහා බෝධීන් වහන්සේ, අශෝක රජතුමාගේ බිසවක් විනාශ කරලා දානවා. ඒ නිසා අද එදා තිබ්බ ඒ බෝධීන් වහන්සේ නම් දකින්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා අපේ මහමෙව්නා උයනේ වැඩ ඉන්න ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රෝපණය කරපු දිනයක් සහිත ලෝකයේ පැරණිම වෘක්ෂය හැටියට නම් කෙරෙනවා.
අනුරාධපුර අටමස්ථානවලින් එකක් වෙන ශ්‍රී මහා බෝධිය වැඩ සිටින ප්‍රදේශය ළගින්ම තියෙන්නෙ ලෝවමහාපායයි. ක්‍රි.පූ 246දි තමයි අපේ රටට ශ්‍රී මහා බෝධිය වැඩම වීම සිද්ධ වෙන්නෙ. ශ්‍රී මහා බෝධිය අවුරුදු 2300කටත් වැඩි කාලයක් තිස්සෙ විදේශීය ආක්රමණවලින් ආරක්ෂා වුණා. ඒක තමයි ශ්‍රී මහා බෝධියේ තියෙන ආශ්චර්ය. 1985 LTTE ප්‍රහාරයෙනුත් බෝධින් වහන්සේ ආරක්ෂා වුණා.
අශෝක රජතුමා අපිට ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් දීලා නිකන් හිටියෙ නෑ. බෝධියේ ආරක්ෂාවට සoඝමිත්තා මහරහත් තෙරණියත් එක්කලා ආරක්ෂක මණ්ඩලයක් එවනවා. ඒ අය බෝධිය රෝපණය කළායින් පස්සෙ අපේ රටේම නතර වෙනවා. ඒ අයව හදුන්වන්නෙ "නීලමක්කාර පරම්පරාව" කියලා. ඒ අයගේ රාජකාරිය වුණේ පරම්පරාවෙන් පරම්පරාවට, පාරම්පරිකව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආවතේව කටයුතු සිද්ධ කිරීම. ඒ පරම්පරාව අදත් ඉන්නවා කියලා කිව්වොත් සමහරක් විට ඔයාලා පුදුම වෙයි.
ඒ වගේම භික්ෂු පරම්පරාවකටත් ශ්‍රී මහා බෝධියේ භාරකාරත්වය පවරනවා. අද වුණත් ශ්‍රී මහා බෝධින් වහන්සේව වන්දනාමාන කරන්න ගියාම, වට පිටාවෙ තියෙන නටබුන් වලින් ප්‍රෞඩ ශිෂ්ටාචාරයක්, ඒ කාලයේ ශ්‍රී මහා බෝධිය කේන්ද්‍ර කර ගෙන තිබුණාය කියලා හිතන්න පුලුවන් ප්‍රබල සාධක දකින්න පුලුවන්. ටික කාලයක් යන කොට ශ්‍රී මහා බෝධින් වහන්සේ කේන්ද්‍ර කර ගෙන ලොකු සoස්කෘතියක් ආරම්භ වෙනවා. නානුමුර මoගල්ය, පරණ අවුරුදු මoගල්ය, අලුත් අවුරුදු මoගල්ය, කාර්තික මoගල්ය, අලුත් සහල් මoගල්ය, තේවාව, පෙරහැර ඒවාට හොදම උදාහරණ විදිහට ගන්න පුලුවන්. බෝධීන් වහන්සේ අපේ මිනිස්සුන්ට ගොඩක් සමීප වෙනවා. අපේ මිනිස්සුත් බෝධීන් වහන්සේව පණ වගේ ආරක්ෂා කරන්න ගන්නවා.
ඒ වගේම දේවානම්පියතිස්ස රජතුමාගේ බිසව වුණු අනුලා දේවිය සහ තවත් කාන්තාවො 500ක්, සoඝමිත්තා මහරහත් තෙරණිය යටතේ පැවිද්ද ලබනවා. මේත් එක්කම අපේ රටේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිස සම්පූර්ණ වෙනවා.
දේවානම්පියතිස්ස රජතුමත් අපේ රටේ හාමුදුරුවරුන්ට සිව්පසයෙන් උපස්ථාන කරනවා. මිහින්තලයේ චේතියගිරි විහාරය නිර්මාණය කරලා හාමුදුරුවන් වහන්සේලාට බණ භාවනා කරන්න ලෙන් 68ක් පූජා කරනවා. මේ හැම ලෙනකම කටාරමට පහළින් බ්රාහ්මී අක්ෂර කොටලා තියෙනවා.
අනුරාධපුරයේ රන්මසු උයන (මගුල් උයන) ළග තියෙන ඉසුරුමුණි විහාරයත් දේවානම්පියතිස්ස රජතුමාගේම විහාර කර්මාන්තයක්. මුල් කාලයේ දන්ත ධාතුන් වහන්සේ මේ විහාරයේ තැන්පත් කළා කියලත් සමහරක් තැන්වල කියවෙනවා. මේ විහාරය ගොඩක්ම ප්‍රසිද්ධ කැටයම්වලට. ඒත් ඒ කැටයම් නම් පස්සෙ කාලෙක නිර්මාණය වුණ එව්වා.
ඒ වගේම ඉසුරුමුණි විහාරයයි, තිසා වැවයි ළග තියෙන වෙස්සගිරියත් දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්‍රහයෙන් ඉදි වුණු ආරාමයක් කියලා හදුන්වනවා. අපේ රටෙන් හොයා ගත්තු පරණම සෙල්ලිපි දෙකෙන් එකක් වෙස්සගිරියේ තියෙනවා. මෙව්වා ක්‍රි.පූ 3 වන සියවසේ කොටපුවා. වෙස්සගිරියේ භික්ෂූන් වහන්සේලා 500 නමක් ගල් ගුහාවල භාවනා යෝගීව වැඩ ඉදලා තියෙනවා.
මේ භික්ෂූන් වහන්සේලා 500ම වෛශ්‍ය කුලයේ (වෙළද කුලයෙන්) අය. ගිරි කියන්නෙ පර්වතවලට.
ඒ නිසා,
වෛශ්‍ය + ගිරි = වෛශ්‍ය ගිරිය = වෙස්සගිරිය
වෙනවා.
ඒත් මේ ආරාමයේ ඉතිහාසය මහා රාවණා රාජ්‍ය සමයටත් වඩා ඈත අතීතයකට යනවා කියලත් අප්‍රසිද්ධ මතයක් ගොඩ නැගෙමින් පවතිනවා. ඒ අය කියන විදිහට නම් මෙතන අවුරුදු 6000කට විතර කලින් ඉදලා තියෙන්නෙ වෛශ්‍රවණ (වෙසමුණී) රජ්ජුරුවො. ඒ කියන්නෙ මහා රාවණා රජතුමාගෙ පියා.
ඒ අය කියන විදිහට නම්,
වෛශ්‍රවණ + ගිරිය = වෛශ්‍රවණ ගිරිය = වෙස්සගිරිය
වෙනවා.
මේ විහාරයට වසභ, වෝහාරිකතිස්ස, මහා කාශ්‍යප, ජෙට්ඨතිස්ස, 4 වෙනි මහින්ද වගේ රජවරුත් අනුග්‍රහය දක්වලා තියෙනවා. භූමියට පිවිසෙන තැනම තියෙන නටබුන් වුණු ගොඩනැගිලි සංකීර්ණය පහු කරගෙන ආරාමය ඇතුළට යනකොට සාමාන්‍ය ප්‍රමාණයේ ගිරි ලිපියක් දකින්න පුලුවන්. මේ ලිපිය වෝහාරිකතිස්ස රජුගේ පුත්‍රයෙක් වුණු දෙවන සිරිනාග රජුගේ දෙවන රාජ්‍ය වර්ෂයේදී, බක් මස තුන්වන දින ලියන ලද ලිපියක්. පැරණි සිංහල භාෂාවෙන්, අපර බ්රාහ්මීය අක්ෂරවලින් ලියලා තියෙන මේ ලිපියේ තියෙන විශේෂත්වය තමයි වෙස්සගිරි ආරාමය ගැන කිසිවක් සටහන් කරලා නොමැති වීම සහ රජු විසින් අවට ගම්බිම්වල කරන ලද සංවර්ධන කටයුතු ගැන පමණක් සදහන්වීම. ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසට අයිති මේ ලිපියට වම් පැත්තෙන් ගල් පඩි පෙළක් දකින්න පුලුවන්. ගල් පඩි පෙළ ඔස්සේ ආරාමයේ ගල උඩ පිහිටලා තියෙන කොටසට පිවිසෙන්න පුලුවන්. කුඩා ප්‍රමාණයේ පොකුණු සහ භික්ෂූන් වහන්සේලා වැඩ විසූ ගල් ගුහා 23කින් සමන්විත ඉහළ කොටසට පිවිසියාම අනුරාධපුරයේ පූජා භූමියත් හොදින් දිස් වෙනවා.
ගල් ලෙන්වල කටාරමට ඉහළින් කොටලා තියෙන සෙල්ලිපි ලංකාවේ පැරණිතම සෙල්ලිපි කියලා හදුනාගෙන තියෙනවා. ඒ වගේම ලංකාවේ ඉපැරණිම චිත්‍රත් අපිට වෙස්සගිරි විහාරයේ ගල් ලෙන්වලින් හමු වෙනවා. විහාරයේ ගල් තලාව පුරාවටම පූර්ව බ්රාහ්මීය අක්ෂරවලින් යුක්ත, ලංකාවේ පැරණිම සෙල්ලිපි දැක ගන්න පුලුවන්. ගල් තලාව උඩත් නටබුන් වුණු ආරාමයක කොටසක් දැක ගන්න පුලුවන්. ගල් කණු අතර අපිට ආරාමයේ ඉපැරණි ප්‍රාථමික මට්ටමේ සදකඩ පහණක් සහ කොරවක්ගලක් දැක ගන්න පුලුවන්. බැලූ බැල්මට මේවා හුණු ගල්වලින් තමයි නෙළලා තියෙන්නෙ. ඊට අමතරව කාල හෝරා චක්‍රයක්, වජ්රාසනයක් සහ සිරිපතුල් ගලකුත් භූමියේ දකින්න පුලුවන්.
දේවානම්පියතිස්ස රජතුමාගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණු තවත් ස්ථානයක් විදිහට මහාපාලි දාන ශාලාව හදුන්වන්න පුලුවන්. අනුරාධපුර දළදා මාළිගාවට එහා පැත්තෙන් නිර්මාණය කරලා තියෙන මේ දාන ශාලාවට භික්ෂූන් වහන්සේලා 800ක් විතර දානය වළදන්න ඇවිත් තියෙනවා. භික්ෂූන් වහන්සේලා එක පෙළකට ආපු නිසා තමයි "මහාපාලි" කියන නම වැටිලා තියෙන්නෙ. මේ දාන ශාලාවෙන් බෙදා හරින දානය පිළියෙල කරලා තියෙන්නෙ රාජකීය මුළුතැන්ගෙයින්. මේ දාන ශාලාව 1 වන උපතිස්ස, 1 වන අග්ගබෝධි, 2 වන අග්ගබෝධි, මහානාග, ශිලා මේඝවර්ණ, 4 වන අග්ගබෝධි, 2 වන දප්පුල, 4 වන මිහිදු කියන රජවරුන්ගේ කාල වකවානුවලදී ප්‍රතිසංස්කරණය වෙලා තියෙනවා. මහාපාලි දාන ශාලාවේ නටබුන් විශාල භූමි ප්‍රදේශයක විසිරිලා පැතිරිලා තියෙනවා දකින්න පුලුවන්. අද වෙනකොට දාන ශාලාවේ ඉතුරු වෙලා තියෙන ශෛලමය බත් ඔරුවේ දිග අඩි 21කට වැඩියි. පළල අඩි 5යි. මහාපාලි දාන ශාලාවේ දිග අඩි 120ක් සහ පළල අඩි 128 වෙලා තියෙනවා.
මහින්ද මහ රහතන් වහන්සේ අපේ රටට සෘද්ධියෙන් වැඩම කරලා, උන්වහන්සේගේ පාද ස්පර්ශය ලබපු ප්‍රථම ස්ථානය තමයි ඉසින්බැස්සගල කියන්නේ. එතනදී උන්වහන්සේ භාවනායෝගීව වැඩ හිටපු සෘෂීන් සහ මහ රහතන් වහන්සේලා සමග කථා බහ කළා කියලත් ජනප්‍රවාදවල දැක්වෙනවා. ඊට පස්සෙ තමයි උන්වහන්සේ මිහින්තලා කදු මුදුනට වැඩම කරන්නෙ. ඉසින්බැස්සගල කියන්නේ මිහින්තලා කදු මුදුන තරමටම වටිනා කියන ස්ථානයක්. ඉන්දියාවේ ඉසිපතනාරාමයට සාපේක්ෂව ලංකාවේ ඇති එකම ස්ථානය විදිහට හදුන්වන මේ පුදබිමේ විහාරයක් නිර්මාණය කරන්න පියවර ගන්නේ දේවානම්පියතිස්ස රජතුමා. විහාරය නිර්මාණයට පසුවත් මේ ස්ථානයේ මහ රහතන් වහන්සේලා වැඩ සිටි බව කියවෙනවා.
මේ ස්ථානය පිහිටලා තියෙන්නෙ අනුරාධපුරයේ, මැදවච්චියේ (A9 මාර්ගයේ), අඩි 530ක් විතර උස ගල් තලාවක් උඩ. අතීතයේ මේ ස්ථානය "ඉසිපතනාරාමය" විදිහටත්, "ඉසින්බැස්සගල" විදිහටත් හදුන්වලා තියෙනවා. අතීතයේ මේ ස්ථානයේ භාවනා කටයුතු කරන්න සුදුසු ස්ථානයක් විදිහට හදුන ගත්තු ඉන්දියාවේ සෘෂිවරු සහ මහරහතුන් මේ ස්ථානයට සෘද්ධියෙන් වැඩම කරලා, මේ ස්ථානයේ උෂ්ණත්වය ඉහළ යන කාල වකවානුව තෙක්ම භාවනා කටයුතු කරලා තියෙනවා. මේ ස්ථානයේ උෂ්ණත්වය ඉහළ යන කාලයේදී මේ සෘෂීන් සහ මහරහතුන් නැවතත් ඉන්දියාවට යනවා. ආයිත් මේ ස්ථානය සිසිල් වෙන කාල වකවානුවලදී භාවනා කටයුතු කරන්න වැඩම කරනවා. මේ ස්ථානය ඉසිපතනාරාමය කියලා හදුන්වලා තියෙන්නේ, සෘෂීන් පතිත වන ස්ථානය කියන අර්ථයෙන්. ඉසින්බැස්සගල කියලා හදුන්වලා තියෙන්නේ සෘෂීන් බැස්ස ගල කියන අර්ථයෙන්.
මේ ස්ථානය පිහිටලා තියෙන්නෙ අනුරාධපුරයේ, මැදවච්චියේ (A9 මාර්ගයේ), අඩි 530ක් විතර උස ගල් තලාවක් උඩ. අතීතයේ මේ ස්ථානය "ඉසිපතනාරාමය" විදිහටත්, "ඉසින්බැස්සගල" විදිහටත් හදුන්වලා තියෙනවා. අතීතයේ මේ ස්ථානයේ භාවනා කටයුතු කරන්න සුදුසු ස්ථානයක් විදිහට හදුන ගත්තු ඉන්දියාවේ සෘෂිවරු සහ මහරහතුන් මේ ස්ථානයට සෘද්ධියෙන් වැඩම කරලා, මේ ස්ථානයේ උෂ්ණත්වය ඉහළ යන කාල වකවානුව තෙක්ම භාවනා කටයුතු කරලා තියෙනවා. මේ ස්ථානයේ උෂ්ණත්වය ඉහළ යන කාලයේදී මේ සෘෂීන් සහ මහරහතුන් නැවතත් ඉන්දියාවට යනවා. ආයිත් මේ ස්ථානය සිසිල් වෙන කාල වකවානුවලදී භාවනා කටයුතු කරන්න වැඩම කරනවා. මේ ස්ථානය ඉසිපතනාරාමය කියලා හදුන්වලා තියෙන්නේ, සෘෂීන් පතිත වන ස්ථානය කියන අර්ථයෙන්. ඉසින්බැස්සගල කියලා හදුන්වලා තියෙන්නේ සෘෂීන් බැස්ස ගල කියන අර්ථයෙන්.
ඒ වගේම පඨමක චෛත්‍යය, උපාසිකා විහාරය, හත්ථාල්හක විහාරය, නිවත්තක විහාරය, පාචීනාරාමය, නාගදීප විහාරය වගේ තවත් වෙහෙර විහාර කරවනවා. මිහින්තලා ආරාම සංකීර්ණය කරවන්නෙත් දේවානම්පියතිස්ස රජතුමාම තමයි. රජතුමා කරපු ලොකුම ආගමික ව්‍යාපෘතිය විදිහට සැළකෙන්නෙ මේ ව්‍යාපෘතියයි.
දවසක් මහින්ද හාමුදුරුවොත් දේවානම්පියතිස්ස රජතුමත් අතර මෙහෙම සoවාදයක් ඇති වෙනවා.
මහින්ද හිමි ;- රජතුමනි, මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ සිවු බුදුරජාණන් වහන්සේලා විසින්ම සේවණය කරන ලද මේ උතුම් පුණ්‍ය භූමිය මත ද්‍රෝණයක් පමණ ධාතු නිධන් කරමින් එකසිය විසි රියන් උස ස්වර්ණමාලී නාමයෙන් ප්‍රකට වන පූජනීය චෛත්‍යයක් මේ පුණ්‍ය භූමිය මත ඉදිවෙනවා.
රජතුමා ;- එහෙනම් හාමුදුරුවනේ ඒකත් මම කරන්නම්.
මහින්ද හිමි ;- ඔබතුමාට තවත් පිoකම් ගොඩක් කරන්න තියෙනවා. මේ මහා චෛත්‍යය ඉදි කරන්න පෙරුම් පුරාගෙන ඉන්න මහා පිoවන්ත කෙනෙක්, ඔබතුමාගේ මුණුබුරෙක් වෙලා ඉපදිලා, මේ චෛත්‍යය කරනවා.
රජතුමා ;- මගේ මුණුබුරෙක් කරනවා නම්, මම කළා හා සමානයි.
ඉතින් මහින්ද හාමුදුරුවන්ගේ උපදෙස් අනුව ඒ විස්තර සෙල් ටැඹක කොටලා අනාගතයේ චෛත්‍යය ඉදි වෙන්න යන ප්‍රදේශයේ තැන්පත් කළා. ඒ වගේම රන්පත් තීරුවලත් ඒ ඒ දේවල් ලියලා, කරඩුවල තැන්පත් කරලා, මාළිගාවෙ ගබඩා කරනවා. ඒ තමයි රුවන්වැලි මහා සෑය.
මේ අතරේ රජතුමා තිසා වැවත් නිර්මාණය කරන්න ගන්නවා. තිසා වැව කියලා කියන්නේ අනුරාධපුරයේ වැව්වලින් ඉදිරියෙන්ම තියෙන වැවක්. ආර්යය වoශික රජවරුන්ගෙන් වැවක් නිර්මාණය කරපු දෙවැනි / තුන්වෙනි පාලකයා තමයි දේවානම්පියතිස්ස රජතුමා.
ඉස්සර කාලයේ රජවරු අභිෂේක උත්සවය සිද්ධ කළේ තිසා වැව ළග, තිසා වැවේ වතුරෙන්. ශ්‍රී මහා බෝධියේ ආවතේව කටයුතුවලටත් ගන්නෙ තිසා වැවේ වතුර විතරයි. ඒ සම්ප්රදාය නම් අදත් නොනවත්වාම කර ගෙන එනවා.
වලස් වැවත් රජතුමාගෙම නිර්මාණයක්. මේ නිසා අපේ රටේ කෘෂි කර්මාන්තය දියුණු වෙනවා. තාම්රලිප්ත සහ දඹකොළ පටුන වරායන් අතර තියෙන වෙළද කටයුතු මේ කාලයේ ගොඩක් දියුණු වෙනවා. ගෝකණ්ණ, මාතොට වගේ වරායන්වලත් මහා පරිමාණයෙන් වෙළදාම් කෙරෙනවා.
ඒ වගේම සoඝමිත්තා තෙරණියත් එක්ක අපේ රටට ආපු 18 කුලයක පිරිස නිසා අපේ රටේ සoස්කෘතියෙත් දියුණුවක් ඇති වෙනවා. 18 කුලයක පිරිසක් කියලා කිව්වට, මේ අය එක එක ශිල්ප ශ්‍රේණිවලට දක්ෂකම් කියන රාජකීය පිරිසක්.
ඉස්කෝලෙ යන කාලයේ මහින්දාගමනය නිසා අපේ රටට වුණු ප්‍රතිඵල ගැන ලැයිස්තුවක් හදන්න කිව්වොත් බුදු දහම, ශ්‍රී මහා බොධිය ලැබීම කියන කාරණාවලට අමතරව, අපි මෙහෙමත් ලියනවා.
* අක්ෂර කලාවක් ලැබීම
* චිත්‍ර කලාව ලැබීම
* කැටයම් කලාවක් ලැබීම
* ගෘහ නිර්මාණ කලාවක් ලැබීම
* මූර්ති කලාවක් ලැබීම
ඔන්න ඔය වගේ දිගට දිගට ලියනවා. හැබැයි මේවායේ ඉස්පිලි පාපිලි හදා ගන්න වෙනවා. අක්ෂර කලාවක් ලැබීම කියන කරුණ ගමුකො. අපේ රටට අක්ෂර කලාව ලැබෙන්නෙ මහින්දාගමනයෙන් පස්සෙ නෙවේ. මහින්දාගමනයට කලිනුත් අපිට අක්ෂර කලාවක් තිබුණා. දේවානම්පියතිස්ස රජතුමා, ධර්මාශෝක අධිරාජ්‍යයාට ලිපියක් යැව්වා කියලත් සදහන් වෙනවනෙ..??? ඒ නිසා මේ අක්ෂර කලාව කියන එක "ක්‍රමවත් අක්ෂර කලාවක්" කියලා පොඩ්ඩක් හදා ගන්න ඕන. මහින්දාගමනයෙන් පස්සෙ අපේ රටේ පාවිච්චි වෙන්න ගන්නෙ දඹදිව අක්ෂර කලාව. ඊ ළගට මහින්දාගමනයට කලින් ඉදන්ම අපේ රටේ චිත්‍ර, කැටයම්, මුර්ති, ගෘහ නිර්මාණ කලාවන් තිබිලා තියෙනවා. ඒ නිසා ඒවා මෙන්න මෙහෙම නිවැරදි වෙන්න ඕන.
* කැටයම් කලාව දියුණු වීම
* ගෘහ නිර්මාණ කලාව දියුණු වීම
* මූර්ති කලාව දියුණු වීම
* චිත්‍ර කලාව දියුණු වීම
මොකද මහින්ද හාමුදුරුවො අපේ රටට වැඩම කළාම, දේවානම්පියතිස්ස රජතුමා උන්වහන්සේට නවාතැන් ගන්න ලෑස්ති කරන්නෙ කාලකාරාමය. ඒ තමයි අපේ ගෘහ නිර්මාණ කලාව. කැටයම්, මුර්ති, චිත්‍ර කලාවන්. මහින්දාගමනයත් එක්ක එව්වායෙ දියුණුවක් ඇති වෙනවා. ඒ අය අපේ අයටත් එව්වා පුරුදු කරනවා. අපේ අය ඒ අයගෙ ක්‍රමේට මෙව්වා පුරුදු පුහුණු වෙලා, අපේ විදිහට කරන්න ගන්නවා. ඒකෙන් අපිට අනන්‍යතාවයක් තියෙන නිර්මාණ බිහි වෙනවා. අහස් ගැඹ සිඹ ගෙන ඉන්න, කොත් කැරලිවලින් යුක්ත සුදෝ සුදු දාගැබ්, මෛත්‍රීය කරුණාව විදහා දක්වන බුදු පිළිම නිර්මාණය වෙන්න ගන්නවා.
ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන සoකල්පයත් මේ යුගයේ ඇති වුණු එකක්. අදත් මේ සoකල්පය අපේ රටේ අතරින් පතර තියෙනවා. ඒ වගේම අපේ සoස්කෘතියට සැරසිලි, බෞද්ධ පෙරහැර, තොරණ් වගේ දේවල් ඇතුළත් වෙනවා. දැහැමි ආර්ථික රටාවක් ගොඩ නැගෙනවා. මේ කරුණු සමාලෝචනය කළාම, මේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමය අපේ රටේ කොච්චර වැදගත් කාල පරිච්ඡේදයක් වුණාද කියලා පැහැදිලි වෙනවා. මේ විදිහට අවුරුදු 40ක් දේවානම්පියතිස්ස රජතුමා රට පාලනය කරනවා.
ඊට පස්සෙ රජතුමාගේ සහෝදරයෙක් වුණු උත්තිය කුමාරයා රටේ පාලනය භාර ගන්නවා. රජතුමා අවුරුදු 10ක් රට කරවනවා. මේ කාලයෙ මහින්ද මහ රහතන් වහන්සේගෙයි, සoඝමිත්තා තෙරණින් වහන්සේගෙයි පිරිණිවන්පෑම සිද්ධ වෙනවා. දේවානම්පියතිස්ස රජතුමාගේ අභාවයෙන් අවුරුදු 8කට පස්සෙ තමයි මහින්ද මහරහතන් වහන්සේගේ පිරිණිවණ්පෑම සිද්ධ වෙන්නෙ.
ඉතින් රජතුමා සතියක් පුරාවට උන්වහන්සේගේ දේහයට පූජා පවත්වලා මිහින්තලයේ අම්බස්ථල චෛත්‍යයේ ධාතු නිධන් කරනවා. තවත් ධාතු කොටසක් රජගල නිධන් කරනවා. මේ සිදුවීමෙන් අවුරුද්දකට පස්සෙ සoඝමිත්තා මහරහත් තෙරණියගේ පිරිණිවන්පෑම සිද්ධ වෙනවා. එතකොට තෙරණින් වහන්සේට වයස අවුරුදු 79යි. තෙරණින් වහන්සේගේ ධාතු නිධන් කරලා, උත්තිය රජතුමා සoඝමිත්තා ස්තූපය නිර්මාණය කරනවා. ඒක තියෙන්නෙ ථූපාරාමය කිට්ටුවමයි.
උත්තිය රජතුමාගෙන් පස්සෙ අනුරාධපුර රාජධානියේ රජතුමාගේ පුත්‍රයා වුණු මහාසිවත්, මහාසිවගෙන් පස්සෙ එයාගේ පුත්‍රයෙක් වුණු සූරතිස්සත් රජකම් කරනවා. සූරතිස්ස රජතුමාගේ කාලයේ ඉන්දියාවෙන් අපේ රටට අශ්ව වෙළදාමේ ආපු සේන සහ ගුත්තික කියලා දෙන්නෙක් රජතුමාව එළවලා අපේ රටේ බලය අල්ල ගන්නවා.
දේවානම්පියතිස්ස චරිත කතාව ඉවර කළත් මහින්දාගමනය ගැන තව දුරටත් සාකච්ඡා කරන්න අදහස් කළා. අපේ රටට බුදු දහම ඇවිත් බොහොම කෙටි කාලයකින් මුළු රට පුරාම ව්‍යාප්ත වුණා. හරියට රැයක් එළිවෙලා උදේ වරුව උදා වෙනකොට වගේ. මේකට කාරණා කිහිපයක් බලපාලා තියෙනවා.
01. දේවානම්පියතිස්ස රජු බුදු දහම වැළද ගැනීම
02. බුදු දහමට රාජ්‍ය අනුග්‍රහය ලැබීම
03. අවිහිoසාවාදී ආගමක් වීම
04. සoවිධානාත්මක ආගමක් වීම
05. භික්ෂු භික්ෂුණී ශාසනයක් තිබීම
06. ධර්ම දූතයන් වහන්සේලාගේ කැපවීම
07. බෞද්ධ වෙහෙර විහාර ඉදි වීම
08. ශ්‍රී මහා බෝධිය වැඩම වීම
09. ගිරි, වන, ජල දුර්ගවලින් අවම රටක් වීම
මහින්ද හාමුදුරුවො මිහින්තලා කන්දෙදි රජතුමාට ධර්මය දේශනා කරලා, එතුමාව බෞද්ධයෙක් කරනවා. දැන් රජතුමාගේ ආගම බුද්ධාගම. ඊට පස්සෙ රජතුමාගේ ආගම රාජ්‍ය ආගම වෙනවා. ඊටත් පස්සෙ රාජ්‍ය ආගම, රට වැසියාගේ ආගම වෙනවා. මොකද රටේ පාලකයගෙ අඩි පාරෙ තමයි මිනිස්සුත් යන්නෙ. පාලකයා නිවැරදි මාර්ගයෙ ගියොත් මෙහෙමයි. වැරදි මාර්ගයෙ ගියොත් එහෙමයි. රජතුමා බුදු දහම වැළදගෙන මේ උත්තරීතර ධර්මය රට පුරා ව්‍යාප්ත කරන්න අනුග්‍රහය දෙනවා. මහ මෙව්නාව සඝ සතු කරලා, සිවුපසයෙන් භික්ෂූන්ට උපස්ථාන කරලා, වෙහෙර විහාර හදන්න ගත්තා. එතුමා ථූපාරාමයේදී ධර්ම සංගායනාවක් කරන්නත් අනුග්‍රහය දුන්නා කියලා සදහන් වෙනවා.
බුදු දහම කියන්නෙ හරිම ගැඹුරු ධර්මයක්. හැබැයි සරලයි. අවිහිoසාවාදියි. ඒ නිසා රට වැසියට බරක් වුණේ නෑ. බලෙන් කා වැද්දීමක් නෑ. අපිට කැමති නම් බුදු දහම අතෑරලා යන්න පුලුවන්. නැත්නම් ප්‍රතික්ෂේප කරන්න පුලුවන්. දේව නියමයක් නෑ. ඒ නිසා අපිට ඕනෑම තැනකදි ධර්මය ගැන ප්‍රශ්න අහන්න පුලුවන්. සිතීමේ සහ විමසීමේ නිදහස තියෙනවා. අන්න ඒක තමයි බුදු දහමේ තියෙන, අනිත් ආගම්වල නැති විශේෂත්වය. මේ නිසා මිනිස්සු බුදු දහම කෙරෙහි පැහැදෙන්න ගත්තා.
ඒ වගේම බුදු දහම අපේ රටට එනකොට, බුදු දහමට අභියෝග කරන්න පුලුවන් කිසිම ආගමක් අපේ රටේ තිබුණෙ නෑ. අපි "ප්රාග් බෞද්ධ යුගය" ලිපියේ මේ ගැන සාකච්ඡා කළා. එව්වා සoවිධානාත්මක නෑ. ස්ථාවර නෑ. කිසිම හරයක් නෑ. ප්‍රාථමිකයි. ඒ නිසා බුදු දහම නිදහසේ වේගයෙන් රට වටේ ප්‍රචාරය වෙන්න ගත්තා. අපේ රටේ පැවිදි සමාජයක් නිර්මාණය වුණායින් පස්සෙ, ඒ අය අව්ව, වැස්ස, රෑ, දවල් බලන්නෙ නැතුව කැපවීමෙන්, ඕනෑකමින් ධර්ම දූත සේවයේ නිරත වුණා.
මේත් එක්කම ගම් නියම්ගම්වල බෞද්ධයෝ බිහි වෙන්න ගත්තා. වෙහෙර විහාර ඉදි වුණා. ජනතා සහයෝගය සහ රාජ්‍ය අනුග්‍රහය මෙව්වට ලැබෙන්න ගත්තා. කලින් අපි කිව්වා වගේ බෞද්ධ ආකල්ප ව්‍යාප්තියට "ගමයි පන්සලයි වැවයි දාගැබයි" සoකල්පය ඔස්සේ බුද්ධාගම අපේ රටේ ජාතික ආගම වෙනවා.
අපේ රටේ මිනිස්සු මහින්දාගමනය වෙනකොටත් එක එක ඇදහිලි සහ විශ්වාස අනුව ජීවත් වුණු කොටසක්. ඉතින් එක පාරටම බුදු දහම වැළද ගන්න කියලා, මහින්ද හාමුදුරුවො කියන්න ගියේ නෑ. ඒ අය වෘක්ෂ වන්දනාවේ යෙදුනා. ඉතින් ඒ වෘක්ෂ වන්දනාවට නව අර්ථකතනයක් එක් කරලා ශ්‍රී මහා බෝධිය රෝපණය කරනවා. ඊට පස්සෙ ඒ බෝධින් වහන්සේගෙන් හට ගත්ත අෂ්ඨ ඵල රූප, දෙතිස් ඵල රූප, සමසතලිස් බෝධීන් වහන්සේලා රට පුරා රෝපණය කරනවා. යථාර්තය නොදැන ඔහේ ගස්වලට වන්දනාමාන කර කර හිටිය මිනිස්සු, යතාර්තය දැනගෙන තේරුමක් ඇතුව බෝධි වන්දනයේ නිරත වෙන්න ගන්නවා. මළවුන් වන්දනාව, ක්‍රම ක්‍රමයෙන් ධාතු වන්දනාව බවට පරිවර්තනය කරනවා. ඔන්න ඔහොම ටිකෙන් ටික අපේ රටේ බෞද්ධ ශිෂ්ටාචාරයක් නිර්මාණය වෙනවා.
ලoකාව කියන්නෙ ඉන්දියාවෙන් 60 ගුණයකටත් වඩා පුoචි රටක්. ඉන්දියාව පුරා බුදු දහම ව්‍යාප්ත වුණේ නැතත්, ලoකාව පුරා බුදු දහම ක්ෂණිකව විකාශය වෙනවා. ඉන්දියාවෙ තරම් ලොකු ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග, කාන්තාර අපේ රටේ නෑ. ඒ නිසා ධර්ම දූත කණ්ඩායම්වලට කිසිම බාධාවකින් තොරව ඒ කටයුතුවල නිරත වෙන්න පුලුවන් වුණා. අන්තිමට මහා විහාරය, අභයගිරිය, ජේතවනාරාමය වගේ ආයතනත් කරට කර හැප්පෙමින් බෞද්ධ අධ්‍යාපනය ලෝකයටම බෙදන්න ගන්නවා. ඒ නිසා අධ්‍යාපනයේ වගේම ශාසනයෙත් තරගයක් ඇති වෙනවා. මේ තරගකාරීත්වයත් බුදු සසුනේ චිරස්ථිතියට බලපානවා.
දේවානම්පියතිස්ස චරිත කතාව ඉවර කළත් මහින්දාගමනය ගැන තව දුරටත් සාකච්ඡා කරන්න අදහස් කළා. අපේ රටට බුදු දහම ඇවිත් බොහොම කෙටි කාලයකින් මුළු රට පුරාම ව්‍යාප්ත වුණා. හරියට රැයක් එළිවෙලා උදේ වරුව උදා වෙනකොට වගේ. මේකට කාරණා කිහිපයක් බලපාලා තියෙනවා.
01. දේවානම්පියතිස්ස රජු බුදු දහම වැළද ගැනීම
02. බුදු දහමට රාජ්‍ය අනුග්‍රහය ලැබීම
03. අවිහිoසාවාදී ආගමක් වීම
04. සoවිධානාත්මක ආගමක් වීම
05. භික්ෂු භික්ෂුණී ශාසනයක් තිබීම
06. ධර්ම දූතයන් වහන්සේලාගේ කැපවීම
07. බෞද්ධ වෙහෙර විහාර ඉදි වීම
08. ශ්‍රී මහා බෝධිය වැඩම වීම
09. ගිරි, වන, ජල දුර්ගවලින් අවම රටක් වීම
මහින්ද හාමුදුරුවො මිහින්තලා කන්දෙදි රජතුමාට ධර්මය දේශනා කරලා, එතුමාව බෞද්ධයෙක් කරනවා. දැන් රජතුමාගේ ආගම බුද්ධාගම. ඊට පස්සෙ රජතුමාගේ ආගම රාජ්‍ය ආගම වෙනවා. ඊටත් පස්සෙ රාජ්‍ය ආගම, රට වැසියාගේ ආගම වෙනවා. මොකද රටේ පාලකයගෙ අඩි පාරෙ තමයි මිනිස්සුත් යන්නෙ. පාලකයා නිවැරදි මාර්ගයෙ ගියොත් මෙහෙමයි. වැරදි මාර්ගයෙ ගියොත් එහෙමයි. රජතුමා බුදු දහම වැළදගෙන මේ උත්තරීතර ධර්මය රට පුරා ව්‍යාප්ත කරන්න අනුග්‍රහය දෙනවා. මහ මෙව්නාව සඝ සතු කරලා, සිවුපසයෙන් භික්ෂූන්ට උපස්ථාන කරලා, වෙහෙර විහාර හදන්න ගත්තා. එතුමා ථූපාරාමයේදී ධර්ම සංගායනාවක් කරන්නත් අනුග්‍රහය දුන්නා කියලා සදහන් වෙනවා.
බුදු දහම කියන්නෙ හරිම ගැඹුරු ධර්මයක්. හැබැයි සරලයි. අවිහිoසාවාදියි. ඒ නිසා රට වැසියට බරක් වුණේ නෑ. බලෙන් කා වැද්දීමක් නෑ. අපිට කැමති නම් බුදු දහම අතෑරලා යන්න පුලුවන්. නැත්නම් ප්‍රතික්ෂේප කරන්න පුලුවන්. දේව නියමයක් නෑ. ඒ නිසා අපිට ඕනෑම තැනකදි ධර්මය ගැන ප්‍රශ්න අහන්න පුලුවන්. සිතීමේ සහ විමසීමේ නිදහස තියෙනවා. අන්න ඒක තමයි බුදු දහමේ තියෙන, අනිත් ආගම්වල නැති විශේෂත්වය. මේ නිසා මිනිස්සු බුදු දහම කෙරෙහි පැහැදෙන්න ගත්තා.
ඒ වගේම බුදු දහම අපේ රටට එනකොට, බුදු දහමට අභියෝග කරන්න පුලුවන් කිසිම ආගමක් අපේ රටේ තිබුණෙ නෑ. අපි "ප්රාග් බෞද්ධ යුගය" ලිපියේ මේ ගැන සාකච්ඡා කළා. එව්වා සoවිධානාත්මක නෑ. ස්ථාවර නෑ. කිසිම හරයක් නෑ. ප්‍රාථමිකයි. ඒ නිසා බුදු දහම නිදහසේ වේගයෙන් රට වටේ ප්‍රචාරය වෙන්න ගත්තා. අපේ රටේ පැවිදි සමාජයක් නිර්මාණය වුණායින් පස්සෙ, ඒ අය අව්ව, වැස්ස, රෑ, දවල් බලන්නෙ නැතුව කැපවීමෙන්, ඕනෑකමින් ධර්ම දූත සේවයේ නිරත වුණා.
මේත් එක්කම ගම් නියම්ගම්වල බෞද්ධයෝ බිහි වෙන්න ගත්තා. වෙහෙර විහාර ඉදි වුණා. ජනතා සහයෝගය සහ රාජ්‍ය අනුග්‍රහය මෙව්වට ලැබෙන්න ගත්තා. කලින් අපි කිව්වා වගේ බෞද්ධ ආකල්ප ව්‍යාප්තියට "ගමයි පන්සලයි වැවයි දාගැබයි" සoකල්පය ඔස්සේ බුද්ධාගම අපේ රටේ ජාතික ආගම වෙනවා.
අපේ රටේ මිනිස්සු මහින්දාගමනය වෙනකොටත් එක එක ඇදහිලි සහ විශ්වාස අනුව ජීවත් වුණු කොටසක්. ඉතින් එක පාරටම බුදු දහම වැළද ගන්න කියලා, මහින්ද හාමුදුරුවො කියන්න ගියේ නෑ. ඒ අය වෘක්ෂ වන්දනාවේ යෙදුනා. ඉතින් ඒ වෘක්ෂ වන්දනාවට නව අර්ථකතනයක් එක් කරලා ශ්‍රී මහා බෝධිය රෝපණය කරනවා. ඊට පස්සෙ ඒ බෝධින් වහන්සේගෙන් හට ගත්ත අෂ්ඨ ඵල රූප, දෙතිස් ඵල රූප, සමසතලිස් බෝධීන් වහන්සේලා රට පුරා රෝපණය කරනවා. යථාර්තය නොදැන ඔහේ ගස්වලට වන්දනාමාන කර කර හිටිය මිනිස්සු, යතාර්තය දැනගෙන තේරුමක් ඇතුව බෝධි වන්දනයේ නිරත වෙන්න ගන්නවා. මළවුන් වන්දනාව, ක්‍රම ක්‍රමයෙන් ධාතු වන්දනාව බවට පරිවර්තනය කරනවා. ඔන්න ඔහොම ටිකෙන් ටික අපේ රටේ බෞද්ධ ශිෂ්ටාචාරයක් නිර්මාණය වෙනවා.
ලoකාව කියන්නෙ ඉන්දියාවෙන් 60 ගුණයකටත් වඩා පුoචි රටක්. ඉන්දියාව පුරා බුදු දහම ව්‍යාප්ත වුණේ නැතත්, ලoකාව පුරා බුදු දහම ක්ෂණිකව විකාශය වෙනවා. ඉන්දියාවෙ තරම් ලොකු ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග, කාන්තාර අපේ රටේ නෑ. ඒ නිසා ධර්ම දූත කණ්ඩායම්වලට කිසිම බාධාවකින් තොරව ඒ කටයුතුවල නිරත වෙන්න පුලුවන් වුණා. අන්තිමට මහා විහාරය, අභයගිරිය, ජේතවනාරාමය වගේ ආයතනත් කරට කර හැප්පෙමින් බෞද්ධ අධ්‍යාපනය ලෝකයටම බෙදන්න ගන්නවා. ඒ නිසා අධ්‍යාපනයේ වගේම ශාසනයෙත් තරගයක් ඇති වෙනවා. මේ තරගකාරීත්වයත් බුදු සසුනේ චිරස්ථිතියට බලපානවා.
ඒ වගේම බුදු දහමෙන් අපේ සoස්කෘතියේ ලොකු වෙනසක් වුණා. අර කලින් අපි සදහන් කරපු ක්‍රමවත් අක්ෂර කලාවක් ලැබීම, චිත්‍ර කලාව දියුණු වීම, කැටයම් කලාව දියුණු වීම, මුර්ති කලාව දියුණු වීම, ගෘහ නිර්මාණ කලාව දියුණු වීම කියන කරුණු කාරණාවලට අමතරව ඒ මාතෘකාවට මෙන්න මේ කාරණා ටිකත් ඇතුල් කරන්න පුලුවන්.
01. සමාජීය ඒකාබද්ධතාවයකට මග පෑදීම
02. සදාචාර සම්පන්න සමාජයක් බිහි වීම
03. සoවිධානාත්මක ආගමක් ලැබීම
04. නීතිගරුක ධාර්මික පාලකයන් බිහි වීම
05. භාෂා සාහිත්‍යයේ ආරම්භය
06. ඓතිහාසික සම්ප්රදායක් ලැබීම
අපේ රටේ ජාති ආගම් කුල මල භේද නිර්මාණය වුණේ නැත්තෙ බුදු දහම නිසයි. බුදු දහම අපේ රටට ආවයින් පස්සෙ ධාර්මික රැකි රස්සාවලට නෑඹුරු වෙන සමාජයක් නිර්මාණය වුණා. දෑතේ දෙපයේ වෙර වීර්යය යොදලා කෘෂි කර්මාන්තයේ යෙදුනා. පoච ශීල ප්‍රතිපදාව නිසා අපේ මිනිස්සු නොමගට යන එක නැවතුනා. අදුරේ හිටපු මිනිස්සුන්ට ආලෝකයට ඇවිල්ලා විමුක්තිය ලබා ගන්න පුලුවන් වුණා.
අපේ රටේ රාජ්‍ය පාලනය නිර්මාණය වෙනකොටත් බුදු දහම මූලික වෙනවා. දස රාජ ධර්ම, දස සක්විති වත්, සතර සoග්‍රහ වස්තු, සප්ත අපරිහාණී ධර්ම, පoච ශීලය, සතර බ්‍රහ්ම විහරණ, සතර අගතියෙන් තොරවීම වගේ ඉගැන්වීම් නිසා පාලකයා ජනතාවගේ ප්‍රසාදයට ලක් වෙන්න ගන්නවා. මහින්දාගමනයෙන් ලැබුණු ක්‍රමවත් අක්ෂර මාලාව නිසා ලේඛන කලාව දියුණු වෙනවා. බුත්සරණ, අමාවතුර, ලෝවැඩ සගරාව, සද්ධර්මරත්නාවලිය, සුභාශිතය වගේ ගද්‍ය සහ පද්‍ය කෘති නිර්මාණය වෙන්නෙ ඒ උත්තරීතර දායාදය නිසයි.
මහින්දාගමනයත් එක්ක අපේ රටටම අනන්‍ය වුණු සම්ප්රදායක් නිර්මාණය වෙනවා. පීතෘ මූලික ජන සමාජයක් ගොඩ නැගෙනවා. වැඩිහිටි ගෞරවය සහිත, සාරධර්ම සහ ගුණධර්මවලින් යුක්ත වටපිටාවක් නිර්මාණය වෙනවා. ශ්‍රී මහා බෝධිය, දළදා වහන්සේ කේන්ද්‍ර කර ගෙන ජන සමාජයක් සහ ජන සoස්කෘතියක් නිරමාණය වෙනවා. සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර අපිට ලැබෙනවා.
මහින්ද මහරහතන් වහන්සේ මේ විදිහට අපේ රටට කරපු මෙහෙවර නිසා තමයි අපේ අය උන්වහන්සේව, බුදුන් වහන්සේට පමණක් දෙවෙනි කොට (අනුබුදු) සළකන්නෙ. සoඝමිත්තා තෙරණියගේ උපකාරයත්, මේ කර්තව්‍ය සාර්ථකව කර ගන්න මහින්ද හාමුදුරුවන්ට ලොකු පිටුවහලක් වුණා.
* Rajagala Album - Hasitha Gunasinghe
අමතර කරුණක් දෙකක්
01. මිහින්තලේ කටු සෑය
මිහින්තලේ හංදියෙන් හැරිලා, යාපනය - මහනුවර පාරේ මීටර 850ක් යනකොට, පාර කෙලවරේ දකුණු අත පැත්තෙන් "කටු සෑය" දැක ගන්න පුලුවන්. කටුසෑය කියන්නෙ හතරැස් වේදිකාවක නිර්මාණය කරලා තියෙන, කුඩා ප්‍රමාණයේ ගරා වැටුණු චෛත්‍යයක්. මේ චෛත්‍යයේ ධාතු ගර්භයෙන් උඩ කොටස දකින්න නෑ. පාදම කළු ගලින් නිර්මාණය කරලා තිබුණට, උඩ කොටස් නිර්මාණය කරලා තියෙන්නෙ ගඩොල්වලින්. ජනප්‍රවාද කතාවලට අනුව මේ සෑයේ, මිහින්තලා ආරාමය නිර්මාණය කරන්න ප්‍රයෝජනයට ගත්ත කම්හල් උපකරණ සහ ආයුධ නිධන් කරලා තියෙනවා. 19 වෙනි සියවසේ මුල් භාගයේ කරපු කැණීම්වලදි ක්‍රිස්තු වර්ෂ 8 - 9 සියවස්වල සිංහල සහ සංස්කෘත භාෂාවලින් ලියපු මහායාන සූත්‍ර ඇතුළත් තඹ තහඩු එහෙමත් මෙතනින් හොයාගෙන තියෙනවා. 4 වෙනි මිහිදු රජ්ජුරුවන්ගේ මිහින්තලා පුවරු ලිපියෙත් මේ සෑය ගැන විස්තර ඇතුළත් වෙනවා. ඒ විස්තරවලට අනුව මේ ස්ථානය වෙනුවෙන් ඉඩකඩම් එහෙමත් විශාල ප්‍රමාණයක් පූජා කරලා තිබිලා තියෙනවා.
02. මිහින්තලේ ඉදිකටු සෑය
මේ පූජා භූමිය තියෙන්නෙ, කටු සෑය නිර්මාණය කරලා තියෙන ස්ථානයට අල්ලපු වැටේ. හැබැයි මේ ස්ථානය පාරට පේන්නෙ නෑ. ඒකට ප්‍රධානතම හේතුව තමයි, මේ ස්ථානය ජන ශූන්‍ය කලාපයක තියෙන නිසා, ලදු කැළෑවලින් වැහිලා තිබීම. ජනප්‍රවාදය අනුව මේ සෑය නිර්මාණය කරලා තියෙන්නෙ, මිහින්තලා ආරාමයේ භික්ෂූන්ගේ චීවර මහන්න ප්‍රයෝජනයට ගත්ත ඉදිකටු තැන්පත් කරලයි. පෙනුමෙන් කටු සෑයට ගොඩක් සමානයි. හතරැස් වේදිකාවක් උඩ, ඒ ප්‍රමාණයටම, ඒ පෙනුමටම නිර්මාණය කරලා තියෙනවා. උස අඩි 6යි. විෂ්කම්භය අඩි 20යි. පහළ කොටස කළු ගලින් නිර්මාණය කරලා, ඉහළ කොටස ගඩොලින් නිර්මාණය කරලා තියෙනවා. ඉතිහාසඥයන්ගේ මතය අනුව, මේ ස්තූපයෙන් මහායානික ලක්ෂණ පෙන්නුම් කරනවලු. මේ ස්ථානයේ චෛත්‍යයට අමතරව අක්කර ගණනාවක් විහිදිලා යන ආරාම සංකීර්ණයක නටබුන් දැක ගන්න පුලුවන්. අත්තිවාරම් කොටස්, ගල් කණු, මුරගල්, කොරවක්ගල්, සදකඩ පහණ්, පඩිපෙල් එහෙම අදටත් දෘෂ්යමානයි. ගොඩක් කැටයම් අදටත් හොදින් ආරක්ෂාවෙලා තියෙනවා. මේ ගොඩනැගිලි අතරින් කුඩා රෝහලක් සහ ප්‍රතිමා ගෘහයක් එහෙම හදුනාගෙන තියෙනවා. ආරාමය කෙළවරේ තියෙනවා විශාල ප්‍රමාණයේ පොකුණක්. පොකුණට ඇතුල් වෙන්න පුලුවන් පඩිපෙලවල් තියෙන්නෙ එකයි. පඩිපෙල දෙපැත්තෙ පුන්කලස් දෙකක් එහෙමත් කැටයම් කරලා තියෙනවා. පොකුණට වතුර එන කාණුව සහ ඒ පද්ධතිය තාමත් ආරක්ෂාවෙලා තියෙනවා.
03. ථූපාරාම රෝහල
ථූපාරාමය කියන වචනය හැදිලා තියෙන්නේ "ස්ථූප" සහ "ආරාම" කියන වචන දෙක එකතු වෙලා. ගොඩක් අය යන්නේ ස්තූපයට විතරයි. ආරාමය බලන්න යන්නේ නෑ. ආරාමය තියෙන්නේ ස්තූපයට එහා පැත්තේ. මේ ආරාමය, ස්තූපයේ සලපතල මළුවට හොදට දර්ශනය වෙනවා. මේ ආරාම සංකීර්ණයේ ගොඩනැගිලි ගණනාවක්ම තිබිලා තියෙනවා. ඒ හැම ගොඩනැගිල්ලක්ම කාමර ගණනාවකින් සමන්විත වෙලා තියෙනවා. ඒ ගොඩනැගිලිවල අත්තිවාරම්, පිවිසුම් දොරටු, සදකඩ පහණ්, මුරගල්, කොරවක්ගල්, ගල් කණු, උපකරණ අදටත් විද්‍යාමානයි. හැම ගොඩනැගිල්ලකම පිවිසුම් ස්ථානයේ ශෛලමය ද්වාරයක රාමුවත්, සදකඩ පහණක්, කොරවක්ගල් දෙකක් සහ මුරගල් දෙකක් අනිවාර්යෙන්ම දකින්න පුලුවන්. සමහරක් කැටයම් ප්‍රාථමිකයි. සමහරක් කැටයම් සංකීර්ණයි. සමහරක් ඒවා කැටයම් කරලා නෑ. මේ ස්ථානයේ මුරගල්වලට දොරටුපාල, සංඛනිදි සහ පද්මනිදි රූප වගේම, බහිරව රූපත් යොදාගෙන තියෙනවා. ලංකාවේ කලාත්මකම මුරගල තියෙන්නේ රත්නප්රාසාදයේ. එහෙම කියන්නේ සෙනරත් පරණවිතාන ශූරීන්. ඒ එයාට කලාත්මකයි කියලා හිතුනු දේ. ඉතින් අපේ අයත් මෙලෝ හසරක් හොයන්නෙ බලන්නේ නැතුව, ඒ මතයෙම ඇලී ගැලී ඉන්නවා. ඒක මතයක් විතරයි. මගේ පෞද්ගලික මතය අනුව ථූපාරාම සංකීර්ණයේ තියෙන මුරගල්, රත්නප්රාසාදයේ තියෙන මුරගලටත් වඩා කලාත්මකයි. සදකඩ පහණ් තුන් ආකාරයකට නිර්මාණය කරලා තියෙනවා. සමහර ඒවා සම්පූර්ණයෙන්ම කැටයම් කරලා. සමහර ඒවා කැටයම් කරන්න තීරු වලට බෙදලා. ඒත් කැටයම් කරලා නෑ. සමහර ඒවායේ මොනම කැටයමක්වත් නෑ. මේ ආරාම සංකීර්ණයේ එක කොටසක, ශරීරවලට බෙහෙත් ගල්වපු, බෙහෙත් ඔරුවකුත් තියෙනවා. ඒ නිසාම ඒ ඉසව්ව භික්ෂු රෝහලක් විදිහට භාවිතා වුණා කියලා හොයාගෙන තියෙනවා. බෙහෙත් රැදවුම් ගල්, ශෛලමය ආසන එහෙමත් කිහිපයක්ම අතරින්පතර දැක ගන්න හැකියාව තියෙනවා.
04. පාද ලාංඡන ස්තූපය
අනුරාධපුර ථූපාරාම චෛත්‍යය වන්දනාමාන කරන්න යන ගොඩක් බැතිමතුන්ගේ අවධානයට පාත්‍ර නොවෙන චෛත්‍යයක් තමයි "පාද ලාංඡන ස්තූපය" කියන්නෙ. මේ ස්තූපය පිහිටලා තියෙන්නෙ ථූපාරාමයට දකුණු පසින්, එම ස්ථානයේමයි. මේ චෛත්‍යය "ශිලා චෛත්‍යය", "දීඝ ස්තූපය" වගේ නම් වලිනුත් හදුන්වනවා. ජනප්රවාදයට අනුව ගෞතම බුදුන් වහන්සේ 3 වෙනි ලංකා ගමනේදී, උන්වහන්සේ අවසන් වරට වැඩම කරන්නෙ වර්තමානයේ ථූපාරාමය පිහිටි ස්ථානයටයි. නැවත උන්වහන්සේ ඉන්දියාව බලා සෘද්ධියෙන් වැඩම කරනවා. එහෙම වැඩම කරද්දි අවසන් වරට උන්වහන්සේගේ සිරි පතුල, ලංකා පොළොවේ ස්පර්ශ වුණු ස්ථානය මත තමයි මේ චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ මොහොතේ සමනළ කන්දේ වගේම මෙතනත් උන්වහන්සේගේ සිරි පතුල සටහන් වුණා කියලා කියනවා. චෛත්‍යය නිර්මාණය කරන්න අනුග්‍රහය දක්වලා තියෙන්නෙ සද්ධාතිස්ස රජතුමාගේ පුත්‍රයෙක් වෙච්ච ලජ්ජතිස්ස රජතුමා. මේ චෛත්‍යය වටේ පරණ මුරගල්, කොරවක්ගල්, සදකඩ පහණ් සහ මල් ආසන කිහිපයක්ම දැක ගන්න පුලුවන්. ථූපාරාම චෛත්‍යය වන්දනාමාන කරන සෑම අයෙක්ම අනිවාර්යෙන්ම දැක බලා ගත යුතු / වන්දනාමාන කළ යුතු ස්තූපයක් තමයි "පාද ලාංඡන චෛත්‍යය" කියන්නෙ.
05. මිහින්තලේ දාන ශාලාව
මිහින්තලා ආරාම සංකීර්ණයේ දාන ශාලාව පිහිටලා තියෙන්නෙ, මිහිදු ලිපි ද්විත්වය පිහිටලා තියෙන පරිශ්‍රයට වම් අත පැත්තෙන්. අපේ රටේ දාන ශාලා අතරින් ඉපැරණිම දාන ශාලවක් වන මේ ශාලාවේ බත් ඔරු, ධ්‍යාන ඔරු, ගබඩා කාමර, මුළුතැන්ගෙවල් එහෙම තිබිලා තියෙනවා. මුළුතැන්ගෙයට වතුර අරගෙන තියෙන්නෙ ග්‍රැනයිට්වලින් හදපු වතුර ටැංකියකින්.
06. මිහින්තලේ සන්නිපත ශාලාව
මිහින්තලා පුවරු ලිපි ද්විත්වයට දකුණු අත පැත්තෙන් තමයි මිහින්තලා සන්නිපත ශාලාව පිහිටලා තියෙන්නෙ. ඒ කියන්නෙ මිහින්තල විහාර සංකීර්ණයේ භික්ෂූන් වහන්සේලා සාමූහිකව රැස්වීම් පවත්වපු ස්ථානය. ඒ වගේම මේක ධර්ම ශාලාවක් විදිහටත් ප්‍රයෝජනයට ගන්න ඇති කියලත් ඉතිහාසඥයන් සැක පහළ කරනවා. ශාලාවේ හරි මැදින් ප්‍රධාන ආසනය දැක ගන්න පුලුවන්. සතර දිශාවෙන්ම ඇතුල්වීමේ පහසුකම් තියෙනවා. ගල් කණු, පඩිපෙල්, සදකඩ පහණ් සහ කොරවක්ගල් අදටත් දෘශ්යමානයි.
07. මිහින්තලේ සිංහ පොකුණ
හිටගෙන ඉන්න ඉරියව්වෙන් සිංහයෙක්ව කැටයම් කරලා තියෙන නිසා තමයි, මේ ස්ථානයට සිංහ පොකුණ කියන නම හැදිලා තියෙන්නෙ. සිංහයාට උඩින් තියෙන ගලේ, ලස්සන සිංහ රූප පේළියක් සහ ලළනා රූප පේළියක් කැටයම් කරලා තියෙනවා දකින්න පුලුවන්. මිහින්තලා ආරාමයේ භික්ෂූන්ගේ ජල අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන මේ ස්ථානයට, වතුර සපයලා තියෙන්නෙ මිහින්තලා නාග පොකුණෙන්. ඒ භූගත උමං මාර්ගයක් හරහා. මේ ස්ථානය වටේට පුන්කලස් මුරගල්, කොරවක්ගල්, ගල් කණු, අත්තිවාරම් සහිත ගොඩනැගිලි තුනක නටබුන් එහෙමත් දකින්න පුලුවන්.
08. මිහින්තලේ පුවරු ලිපි
සිංහ පොකුණ පහුකරගෙන තවත් ඉස්සරහට යනකොට අපිට මිහින්තලා විහාර සංකීර්ණයේ පසුපස කොටස ළගට යන්න පුලුවන්. එතන ඉදලා මිහින්තලා විහාර සංකීර්ණයේ ප්‍රධාන සීමාවට තියෙන්නෙ බොහොම පුංචි දුරක්. පහළ ඉදලා මේ පරිශ්‍රයට කිසිම බාධාවක් නැතුව, වාහනයකින් එන්න පුලුවන්. ඒත් හුග දෙනෙක් තාමත් මේ පාර ගැන දන්නෙ නෑ. ඒ නිසා එයාලා ප්‍රධාන පිවිසුමේ තියෙන පඩිපෙල නැගගෙන සෑහෙන දුරක් පයින් කන්ද නගිනවා. මිහින්තලා විහාර සංකීර්ණයේ පසුපස කොටසින් අපිට මුලින්ම පේන්න තියෙන්නෙ "මිහිදු පුවරු ලිපි" ස්ථානගත කරලා තියෙන ස්ථානයයි. මේ ස්ථානයට පිවිසෙන්න ලොකු පඩිපෙළක් තියෙනවා. ගරා වැටුණු කුඩා ප්‍රමාණයේ චෛත්‍යය කිහිපයක් පහුකරගෙන උඩට නැග්ගම තමයි පුවරු ලිපි දෙක දැක ගන්න පුලුවන් වෙන්නෙ. ක්‍රිස්තු වර්ෂ 10 වෙනි සියවසේදී 4 වන මිහිදු රජතුමා විසින් පිහිටවලා තියෙන මේ පුවරු ලිපි දෙක, අපේ රටේ සෙල්ලිපි අතරින් ඉතා වැදගත් සෙල්ලිපි දෙකක් වෙනවා.
09. මයුර පිරිවෙන
මහා විහාරයට අයිති වුණු මේ පිරිවෙන නිර්මාණය කරලා තියෙන්නෙ බුද්ධදාස රජ්ජුරුවො. මේ පිරිවෙන පිහිටලා තියෙන්නෙ ශ්‍රී මහා බෝධියට නිරිත දෙසින්. ඒ කියන්නෙ ශ්‍රී මහා බෝධියේ බටහිර දොරටුව ආසන්නයේ. මහා වංශයේ තියෙන විදිහට පිරිවෙනේ නඩත්තුවට, රජ්ජුරුවො ගම්වර හිටං පූජා කරලා තියෙනවලු. පස්සෙ කාලෙක මේක ධාතුසේන සහ මහානාග රජවරුන් විසිනුත් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. මෙතන අද වෙනකොට නම් ඉතුරුවෙලා තියෙන්නෙ ගොඩනැගිලි තුනක නටබුන් විතරයි. ප්‍රධාන ගොඩනැගිල්ලේ ලස්සන කැටයම් තියෙන කුළුණු ගොඩක් ඉතුරුවෙලා තියෙනවා. ඒ වගේම කොරවක්ගල්, පඩිපෙල්, සදකඩ පහණ් කිහිපයකුත් තියෙනවා. 2011 අවුරුද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරපු කැණීම්වලින් පෙති උළු, ගොඩල්, වළං කටු, ඇණ සහ පබළු හොයාගෙන තියෙනවා.
10. ඉසුරුමුණිය කෞතුකාගාරය
11. ඉසුරුමුණි රංමසු උයන
අනුරාධපුර ඉසුරුමුණි රංමසු උයන ගොඩක්ම සුප්‍රසිද්ධ වුණේ ඊයෙ පෙරේදා. ඒ අපේ අය ආයිත් රාවණා ශිෂ්ටාචාරය ගැන තොරතුරු ගවේෂණය කරන්න පටන් ගන්නවත් එක්ක. රංමසු උයන ගැන පත්තරවල, සගරාවල කොච්චර ලිපි පල වුණත් තාමත් මේ ප්‍රදේශය ජනතාවගේ "සෘජු" අවධානයට ලක් වෙලා නෑ. ඒකට ප්‍රධාන හේතුව වශයෙන් ප්‍රදේශයට ළගා වෙන්න පුලුවන් ගමන් මාර්ගය පෙන්නුම් කරන නාම පුවරු එකක්වත් ස්ථානගත කරලා නොමැති වීම ගැන දක්වන්න පුලුවන්. රංමසු උයනට පිවිසෙන ගමන් මාර්ගය ගැන සදහනක් කළොත්, ඉසුරුමුණි රජමහා විහාරයට වම් පැත්තෙන් තියෙන පුංචි ගුරු පාර දිගේ ඉස්සරහට ගිහින්, තිසා වැවේ බැම්ම උඩට නැගලා, වම් පැත්තට හැරිලා සැළකිය යුතු දුරක් ගමන් කළාම, වම් අත පැත්තෙ පහළට වෙන්න හමු වෙනවා. දුටුගැමුණු රජතුමාගේ පුත් කුමාරයා වුණු සාලියට, අශෝකමාලාව මුණ ගැහුණු රංමසු උයන නොහොත් මේ මගුල් උයන නිර්මාණය වෙන්නෙ දේවානම්පියතිස්ස රජ දවසේ. එදා ඉදලා මේ උයන රජවරුන්ගේ රාජකීය උද්‍යානය විදිහට පරිහරනය වෙනවා. දේවානම්පියතිස්ස රජ දවස ඉදලා අනුරපුර යුගයේ පසු භාගය වෙනකන් විවිධ රජවරු අතින් විවිධ ඉදි කිරීම් මේ උයනේ නිර්මාණය වෙලා තියෙනවා. සීගිරි උද්‍යානයට විතරක් දෙවෙනි වෙන මේ උද්‍යානයේ, උද්‍යානයක තියෙන්න ඕන සෑම සියලු දෙයක්ම දකින්න පුලුවන්. හැබැයි අද වෙන කොට නම් මේ ඔක්කොම නටබුන් බවට පත් වෙලා. රංමසු උයනට ඇතුල් වුණායින් පස්සෙ විශාල නටබුන් ගොඩක් මැද්දෙන් අපිට පල්ලෙහට බහින්න වෙනවා. මෙහෙම පල්ලෙහට බහින කොට හමුවෙන ප්‍රධානතම සංධිස්ථානය විදිහට ශෛලමය පොකුණ හදුන්වන්න පුලුවන්. මේ පොකුණේ උඩ කොටසේ කුඩා ප්‍රමාණයේ කුටියක් තියෙනවා. පොකුණෙන් ජලස්නානය කරන්න කලින්, වස්ත්‍ර මාරු කරපු ස්ථානය විදිහට මේ කුටිය හදුනාගෙන තියෙනවා. කුටිය දෙපැත්තෙ ගලෙ "දිය කෙළින ඇතුන්ගේ රූප" කැටයම් කරලා තියෙනවා. මේවා බොහෝ දුරට ඉසුරුමුණි රජමහා විහාරයේ පොකුණ ළග කැටයම් කරලා තියෙන ඇතුන්ගේ රූපවලට සමානයි. හැබැයි ඊට වඩා ගල ඇතුළට වෙන්න කැටයම් කරලා තියෙනවා. මේ පොකුණ පහු කරගෙන ටික දුරක් ඉස්සරහට ගියාම හමු වෙන කුඩා පාරෙන් දකුණු පැත්තට හැරිලා යන කොට නටබුන් විශාල ප්‍රමාණයක් හමු වෙනවා. මේ නටබුන් කන්දරාවෙන් හෙළ රජ දවස මේ උයන තිබුණු විදිහ ගැන හොද රූපයක් මවා ගන්න පුලුවන්. මේ නටබුන් අතරේ කැටයම් නොකරපු කොරවක්ගල්, මුරගල්, ගල් පඩි, ආසන, ගල් කණු, සදකඩ පහණ්, කුඩා ප්‍රමාණයේ පොකුණු, අත්තිවාරම් කොටස්, පාලම්වල කොටස් විශාල ප්‍රමාණයක් දකින්න පුලුවන්. රංමසු උයන කියන්නේ ආගමික නොවන ස්ථානයක්. මේ වගේ ස්ථානයකින් සදකඩ පහණක් සොයා ගැනීමෙන් අපිට තීරණය කරන්න පුලුවන්, සදකඩ පහණ කියන්නෙ බෞද්ධ පූජනීය ස්ථාන වලට සීමා නොවී ඉන් ඔබ්බට ගියපු කලා නිර්මාණයක් කියලා. මේ නටබුන් ගොඩ පහු කරලා තවත් ඉස්සරහට යන කොට, තවත් පොකුණක් හමු වෙනවා. මුලින්ම හමු වුණු පොකුණට වඩා මේ පොකුණේ ආකෘතිය ටිකක් වෙනස්. පොකුණේ ගල් ආසන දෙකක් තැන්පත් කරලා තියෙනවා. ඒවායේ ආරුක්කු සහිත කැටයම් දකින්න පුලුවන්. පොකුණ උඩ නිර්මාණය කරලා තියෙන කුටිය, ගොඩක් විශාලයි. කුටියට ඇතුල්වෙන ස්ථානය ඉස්සරහින් ඇතෙකුගේ හැඩයට කැටයම් කරපු කොරවක් ගලකුත්, පුන්කලස් රූප සහිත මුරගලකුත් දකින්න පුලුවන්. වම් පැත්තෙන් තියෙන කුඩා පොකුණ, ප්‍රධාන පොකුණේ ජලය පිරිපහදු කරන්න භාවිතා කරපු එකක්. මේ උද්‍යානයේ තියෙන හැම පොකුණකටම වතුර එන්නෙ තිසා වැවෙන්. ඒ භූගත උමං මාර්ග හරහා. මේ පොකුණත් පහු කරලා තවත් ඉස්සරහට යන කොට උද්‍යානයේ තියෙන නටබුන් ටික ඉවර වෙනවා. ඒත් එක්කම දකුණු අත පැත්තෙන් ගල් පර්වතයක් හමු වෙනවා. මේ ගල උඩට නැග්ගම, ගලට හේත්තු වෙලා තියෙන තවත් ගලක් හමු වෙනවා. මේ ගල උඩටත් නැග්ගම තමයි ආන්දෝලනාත්මක කතා බහකට භාජනය වුණු "සක්වල ගල" දකින්න පුලුවන් වෙන්නෙ. ගලේ පිටිපස්සෙ කැටයම් කරලා තියෙන නිසා මේක ඉස්සරහට පේන්නෙ නෑ. ඒ නිසා උයනට එන ගොඩක් දෙනෙක්ට මේක මග ඇරෙනවා. මේ ස්ථානයේ ගල් තලාවක් මත වෘත්තයක් ඇදලා, ඒක ඇතුළත නොයෙක් නොයෙක් සංඛේත සටහන් කරලා තියෙනවා දකින්න පුලුවන්. මේ සංඛේත වලින් නිරූපණය වෙන්නේ විශ්වයේ තියෙන වෙනත් චක්රාවටයක ඇති ,වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක ජීවීන් සිටිනා ග්‍රහලෝකවලට පෘතුවියේ සිට යානයකින් ගමන් කළ යුතු සැලැස්මයි. තාක්ෂණය මීට වඩා දියුණු වුණු යුගයක, මේ සැලැස්ම නිසියාකාරව අවබෝධ කර ගත්තොත් අපිට නැවතත් ඔවුන් සමග සම්බන්ධතාවය ගොඩ නගා ගන්න පුලුවන්. රාවණා ශිෂ්ටාචාරයට සම්බන්ධ ලෝකයේ රටවල් කිහිපයකින්ම සක්වල ගල් හොයාගෙන තිබුණත්, ඒවා අතරින් වඩාත්ම පැහැදිලි සක්වල ගල විදිහට රංමසු උයනේ සක්වල ගල හදුන්වන්න පුලුවන්. ඊජිප්තුවේ සහ පේරු රටේ සක්වල දොරටුවල තියෙන ගොඩක් සංඛේත අපේ සක්වල දොරටුවෙත් සටහන් වෙලා තියෙනවා. ඊට එහා පැත්තෙන් විශාල කණුවක් දකින්න පුලුවන්. ඇතැම් අය විශ්වාස කරන විදිහට පැරැන්නෝ මේක උඩ අධි බලැති පලිගු බෝලයක් ස්ථානගත කරලා, ඒ හරහා වෙනත් වෙනත් ග්‍රහලෝක වලට ගිහින් තියෙනවලු. සමහරක් විට රුවන්වැලි සෑය වගේ විශාල ගොඩනැගිලි නිර්මාණය වීමට පිටසක්වල තාක්ෂණය යොදා ගත්තා වෙන්නත් බැරි කමක් නෑ. රුවන්වැලි සෑයේ ධාතු නිධානෝත්සවය කරන දවසේ ආකාසයෙන් එළිය විහිදුවමින් ආපු නොයෙක් නොයෙක් හැඩයෙන් යුතු ජීවීන් සහ ඔවුන්ගේ වාහන ගැනත් අපේ රටේ ඉපැරණි පොත්පත්වල සදහන් වෙනවා. මීට වසර දහස් ගණනකට පෙර පෘතුවියේ හිටපු පැරැන්නන් මේ ඔස්සේ පිටසක්වල ජීවින් සමග සම්බන්ධතා පැවැත්වූවත් කුමක් හෝ කරුණක් නිසා ඒ සබදතා බිද වැටිලා තියෙනවා. අද වුණත් පිටසක්වල ජීවින් ආලෝක වර්ෂ ගණනාවක් එහා ඉදලා පෘතුවියට එන්නෙ ,අතීතයේ පැවැත් වූ ඒ සබදතා නිසා හෝ ඒ සබදතා අලුත් කර ගන්න ඕන නිසා වෙන්නත් බැරි කමක් නෑ. ඒ වගේම මේ තාරකා දොරටුව හරහා අවුරුදු 6000කට කලින් මහා රාවණ රජ දවසේ වෙනත් සමකාලීන ශිෂ්ටාචාරයකට ඇතුල් වෙන්න හැකියාවක් තිබුණා කියලත් අප්‍රසිද්ධ මතයක් තියෙනවා. (මෙම තාරකා දොරටුවෙන් ගොස්, එම ශිෂ්ටාචාරයේ තාරකා දොරටුවෙන් මතු වීමෙන්) ඒක සත්‍යක් නම මහා රාවනා ඇතුලු සමකාලීන ශිෂ්ටාචාරවල රජවරු මෙම තාරකා දොරටු භාවිතා කරලා ,ඒ ඒ සභ්‍යත්වයන් කරා ගොස්, ඔවුන් සමග මිත්‍ර සබදතා ගොඩ නගමින්,ඔවුන් සමග දැනුම බෙදා හදා ගන්න ඇති. මුලු මහත් ලෝකයා වශී කළ සීගිරිය අවුරුදු 6000කට පෙර මහා රාවණයන්ගේ රජ මාළිගාව වෙලා තිබුණා කියලා මතයක් තියෙනවා. රාවණා යුගයේ අපේ මුතුන් මිත්තෝ ඒ විදිහට සම්බන්ධතා ගොඩ නගපු බැබිලෝනියන් ශිෂ්ටාචාරයෙන් හමු වුණු මැටි ඵලකයක තිබුණු "බැබිලෝනියාවේ එල්ලෙන උයන සහ නගර සැලැස්ම ගොඩ නැගීමට උපකාර කළේ ,අහසින් පැමිණි සිංහ මිනිසුන් බවත්,එය ඔවුන්ගේ රටේ "සිහගිරි" නම් ස්ථානයේ සැලසුම අනුව ගොඩ නගා ඇති බවත්" දැක්වෙන සටහනෙන් මේ මතයත් එක්තරා ප්‍රමාණයකට තහවුරු වෙනවා.
සිංහ මිනිසුන් ;- සිංහ නමින් සිoහලයන් හදුන්වයි
සිහගිරි ;- සීගිරියට කියන තවත් නමකි
අහසින් පැමිණි ;- දඩුමොණරය
ඉහතින් සදහන් කළ බැබිලෝනියන් මැටි පුවරුවල සිංහ මිනිසුන් සහ රාවණා රජුගේ දඩුමොණරයට සමාන අහස් යාත්‍රා වල රූපත් ඇදලා තියෙනවා. රාවනා රජ දවස ,පිටසක්වල යානා නවතා තැබුවේ මගුල් උයනේ කියලා සමහරක් අය කියනවා. ඒ වගේම රාවණා රජුට විකිරණශීලී අවි ආයුධ තිබුණා කියලත් බොහෝ දෙනෙක් කියනවා. සක්වල ගලෙන් නොනැවතී රංමසු උයන තවත් ගොඩක් ඈතට විහිදිලා යනවා. ගමන් මහන්සිය නිසාම සක්වල ගල තියෙන ප්‍රදේශයෙන් නැවතුනත්, උයනේ කෙළවරින් විශාල පොකුණු සමූහයක් පිහිටලා තියෙනවා කියලා දැන ගන්න ලැබුණා.
සිංහ මිනිසුන් ;- සිංහ නමින් සිoහලයන් හදුන්වයි
සිහගිරි ;- සීගිරියට කියන තවත් නමකි
අහසින් පැමිණි ;- දඩුමොණරය
ඉහතින් සදහන් කළ බැබිලෝනියන් මැටි පුවරුවල සිංහ මිනිසුන් සහ රාවණා රජුගේ දඩුමොණරයට සමාන අහස් යාත්‍රා වල රූපත් ඇදලා තියෙනවා. රාවනා රජ දවස ,පිටසක්වල යානා නවතා තැබුවේ මගුල් උයනේ කියලා සමහරක් අය කියනවා. ඒ වගේම රාවණා රජුට විකිරණශීලී අවි ආයුධ තිබුණා කියලත් බොහෝ දෙනෙක් කියනවා. සක්වල ගලෙන් නොනැවතී රංමසු උයන තවත් ගොඩක් ඈතට විහිදිලා යනවා. ගමන් මහන්සිය නිසාම සක්වල ගල තියෙන ප්‍රදේශයෙන් නැවතුනත්, උයනේ කෙළවරින් විශාල පොකුණු සමූහයක් පිහිටලා තියෙනවා කියලා දැන ගන්න ලැබුණා.