අපේ රටේ අභ්‍යන්තරික පිහිටීම වගේම භාහිර පිහිටීමත්, අපේ රටේ ඉතිහාසයට තදින්ම බලපෑවා. භාහිර පිහිටීම අපේ රටේ ඉතිහාසයට බලපාපු ආකාරය ගැන සාකච්ඡා කරන කොට, අධ්‍යනයේ පහසුවට කොටස් තුනකට මේක වර්ග කරන්න පුලුවන්.
01. ඉන්දියාවට ආසන්නව පිහිටීම
02. ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම
03. ඉන්දියන් සාගරයේ මධ්‍යගතව දූපතක් ලෙස පිහිටීම
01. ඉන්දියාවට ආසන්නව පිහිටීම
02. ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම
03. ඉන්දියන් සාගරයේ මධ්‍යගතව දූපතක් ලෙස පිහිටීම
01. ඉන්දියාවට ආසන්නව පිහිටීම
ඉන්දියාව කියලා කියන්නෙ අපේ රට වගේ 60 ගුණයක් විතර විශාල රටක්. ගොඩක් අය ලෝක සිතියමෙන් අපේ රට හොයන්නෙ, මුලින්ම ඉන්දියාව හොයාගෙන. ඉන්දියාවයි අපේ රටයි අතර තියෙන අවම දුර කිලෝ මීටර 32යි. ඉන්දියාවට ආසන්නව අපේ රට පිහිටපු නිසා අපේ රටේ දේශපාලනික, ආගමික, සoස්කෘතික, ආර්ථික, සාමාජීය කියන හැම අoශයකටම මේක බලපෑවා. බුදු හාමුදුරුවො අපේ රටට තුන් වතාවක් වැඩම කරලා, ස්ථාන 16ක සමවත් සුවයෙන් ඉදලා තියෙනවා. දිව්‍යාවදානයේ තියෙන විදිහට අපේ රට ජනාවාස කරන්නෙ "සිoහල" කියලා පුද්ගලයෙක්. ඒ අපේ ගෞතම බුදු හාමුදුරුවො, පාරමිතා පුරන කාලයක. අපේ රටට ආර්යයන් එන්නෙ ලoකාව ඉන්දියාවට ආසන්නව පිහිටීමේ ප්‍රතිඵලයක් විදිහට. එහෙම ආපු ආර්යය කණ්ඩායම් ප්‍රධාන වශයෙන් වර්ග 6කට බෙදන්න පුලුවන්. මේවා ඔක්කොම ආර්යය සoක්‍රමණ.
* විජය කුමාරයා ඇතුළු පිරිසගේ පැමිණීම
* විජයායි කුමරිය ඇතුලු පිරිසගේ පැමිණීම
* පණ්ඩුවාසදේව රජතුමා ඇතුලු පිරිසගේ පැමිණීම
* භද්දකච්චායනා බිසව ඇතුලු පිරිසගේ පැමිණීම
* මහින්දාගමනය
* දුමින්දාගමනය
මේ නිසා අපේ රටේ ජනාවාසවල ව්‍යාප්තිය සීඝ්රයෙන් වර්ධනය වෙනවා. ඒ වගේම දේවානම්පියතිස්ස යුගය වෙනකොට රාජ්‍ය සoකල්පය පුළුල් වෙනවා. අශෝක රජතුමා එක්ක ඇති කර ගත්ත සම්බන්ධතා නිසා අපේ රටට මෞර්ය අභිෂේක ක්‍රමය, විරුධ නාම, ඉන්දීය පාලන තන්ත්රයේ විවිධ තනතුරු, ඉන්දියානු පරිපාලනය ලැබෙනවා.
නව රට සසුන්ගත කිරීමේ ව්‍යාපෘතියක් විදිහට බුදු දහම අපේ රටට ගෙන ආවෙත් ලoකාව ඉන්දියාවට ආසන්නයෙන්ම පිහිටපු නිසා. මේ නිසා අපේ රටේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිස නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙවේ, දේශපාලනික අoශයට පoච ශීලය, සතර සoග්‍රහ වස්තු, දස සක්විති වත්, දස රාජ ධර්ම, සප්ත අපරිහාණී ධර්ම, සතර අගතිය, සතර බ්‍රහ්ම විහරණ වගේ බෞද්ධ දේශපාලනික ඉගැන්වීම් ඇතුළත් වෙනවා. අපේ රටේ අවිහිoසාව, නිදහස් චින්තනය පැතිරෙනවා. අපේ රටට විටින් විට සර්වඥ ධාතුන් වහන්සේලා ලැබෙනවා.
දුමින්දාගමනයත් එක්ක අපේ රටේ සoස්කෘතිය දියුණු වෙනවා. චිත්‍ර, කැටයම්, මුර්ති, ගෘහ නිර්මාණ, අක්ෂර කලාවල දියුණුවක් ඇති වෙනවා. අපේ රටට විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම කෙරෙනවා.
ඒ වගේම අපේ රටේ රජවරු, තමන්ට හිමි විය යුතු රජකම ගන්න කැරලිකරුවො එක්ක කරපු සටන්වලදි ඉන්දීය රාජ්‍යන් වලින් උපකාර ගත්තා. ඒ වගේම ඉන්දීය රාජ්‍යකින් අපේ රටට ආක්‍රමණයක් එල්ල වුණාම, ඊට විරුද්ධ ඉන්දීය රාජ්‍යන්වලින් අපේ රජවරු හමුදා සහාය ගත්තා. දෙරට අතර ආනයන අපනයන ආදී වශයෙන් වෙළදාමෙත් දියුණුවක් ඇති වුණා. ඒ වගේම අපේ රටට විටින් විට දකුණු ඉන්දීය රාජ්‍යන් වලින් ආක්‍රමණ එල්ල වුණෙත්, ලoකාව ඉන්දියාවට ආසන්නයේ තිබුණු නිසා. සේන ගුත්තික, එළාර, සත් ද්‍රවිඩ, ෂඩ් ද්‍රවිඩ, කරිකාල, පරන්තක, ශ්‍රී මාර වල්ලභ, රාජ රාජ, රාජේන්ද්‍ර, මාඝ වගේ ආක්රමණිකයන්ගේ ආක්‍රමණ නිසා අපේ රටට වුණු වින්නැහියත් සුළු පටු නෑ. අද වුණත් පොළොන්නරුවට ගියාම මේක හොදින් වැටහෙනවා. මේ ආක්රමණත් එක්කම අපේ රටේ දෙමළ ජාතිය ස්ථීර පදිoචිකරුවන් වෙනවා.
අපේ රටට හින්දු ආගම එනවා. ඒත් එක්කම දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ කලාවත් ලැබෙනවා. පොළොන්නරු යුගවල විතරක් නෙවේ, ගම්පල - මහ නුවර යුගවලටත් මේක බලපානවා. ඒ වගේම ලාoකික රජවරු ඉන්දියානු කුමාරිකාවන් එක්ක ඇති කර ගත්තු විවාහ සබදතා නිසා, අපේ රටේ සිoහාසනයට ඉන්දියාවේ රජවරුන්ටත් උරුමයක් ලැබුණා. නිශ්ශoකමල්ල රජතුමා මේකට හොද උදාහරණයක්. ඒ වගේම නායක්කාර් වoශික රජ පෙළපත ගැනත් අමුතුවෙන් සදහන් කළ යුතු නෑ.
02. ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම
අපේ රට ජුරාසික්, ට්‍රයෑසික් වගේ යුගවලදි ඉන්දියාවට සම්බන්ධ වෙලා තිබුණා. ඒ මීට අවුරුදු මිලියන ගාණකට විතර කලින්. ඒත් දැන් වෙන් වෙලයි තියෙන්නෙ. අපේ රට ඉන්දියාවෙන් වෙන් වෙලා තිබුණු නිසා අපිට වාසියක් මිස අවාසියක් නම් වුණේ නෑ.
මොකද අපේ රටේ ස්වාධීනත්වය රැකුනා. අපේ රටට උරුම වෙච්ච අක්ෂර කලාවක් තිබුණා. ඉන්දියාවේ රාජ්‍යත්වය පියාගෙන් පුතාට ගියත්, අපේ රටේ ක්‍රමය වුණේ සහෝදරයගෙන් සහෝදරයට යන එකයි. ඒ වගේම අපිටම කියලා අනන්‍ය වෙච්ච සභ්‍යත්වයක් සහ සoස්කෘතියක් නිර්මාණය වෙනවා. අපේම සිරිත් විරිත්. අපේම චාරිත්‍ර වාරිත්‍ර. කලා ශිල්ප ඉන්දියාවෙන් අපේ රටට ආවත්, අපේ අය ඒ විදිහටම කරන්නෙ නැතුව, අපේ රටට අනන්‍ය වෙන විදිහට කලා කටයුතු කළා. අවුකන, සමාධි වගේ බුදු පිළිම, රුවන්වැලි, ජේතවන වගේ දාගැබ්, සීගිරිය සදකඩ පහණ මුරගල වගේ නිර්මාණ, දළදා පෙරහැර, අලුත් සහල් මoගල්ය වගේ උත්සව අපේ රටටම උරුම වුණේ අන්න ඒ නිසයි. අපිටම හිතකර රාජාණ්ඩු ක්‍රමයක් තිබුනා. ඉන්දියාවෙ වගේ කුල ක්‍රමයක් අපේ රටේ තිබුණෙ නෑ. අපේ රට ඉන්දියාවෙන් වෙන් වෙලා තිබුණු නිසා ඉන්දියාවට එල්ල වුණු ඇලෙක්සැන්ඩර්, සක, හූණ, මුස්ලිම් ආක්රමණවලින් අපේ රට බේරුණා. ඒ වගේම ඒ ආක්‍රමණ නිසා බුදු හාමුදුරුවො උත්පත්තිය ලබලා, බුද්ධත්වය ලබලා, සද්ධර්මය ප්‍රචාරය කරලා, පිරිනිවන් පාපු රටේ බුදු දහම සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියත්, අපේ රට ඉන්දියාවෙන් වෙන් වෙලා තිබුණු නිසා, අපේ රටේ සද්ධර්මය රැකෙනවා. පස්සෙ කාලයක අපේ රටෙන් ගිය පිරිසක් තමයි ඉන්දියාවෙ ආයිත් බුදු දහම ව්‍යාප්ත කරන්නෙ.

අපේ රට ඉන්දියන් සාගරයේ මධ්‍යගතව දූපතක් විදිහට තිබුණු නිසා අපේ රට ඉන්දියන් සාගරයේ වෙළද මධ්‍යස්ථානයක් වෙනවා. ඒ මුහුදු මාර්ග සහ සේද මාවත් ඔස්සෙ. ආනයන අපනයන වෙළදාම වගේම, භාණ්ඩ හුවමාරු ක්රමයටත් වෙළදාම වුණා. රාජ්‍ය භාණ්ඩාගාරයත් පිරිලා ඉතිරිලා ගියා වගේම කාසි භාවිතයත් පුළුල් වෙනවා. මේවාට සෙල්ලිපි වගේම පාහියo, හියුත්සාo වාර්තාත් උදාහරණ විදිහට ගන්න පුලුවන්. ඒ වගේම පෘතුගීසී, ලන්දේසී, ඉoග්‍රීසී ආක්‍රමණ එල්ල වෙන්නෙත් අපේ රට හුදෙකලාව දූපතක් විදිහට තිබුණු නිසයි.