විජයාවතරණයෙන් පස්සෙ අපේ රටේ ජනාවාස හදාගෙන පැලපදියම් වෙන්න, ඉන්දියාවෙන් ආර්යය කණ්ඩායම් එන්න ගන්නවා. මේවා ආර්යය සoක්‍රමණ කියලා අපි හදුන්වනවා. සoක්රමණයක් කියලා කියන්නෙ එක තැනක ඉදන් තවත් තැනක පදිoචි වෙන්න, එහෙමත් නැත්නම් නවතින්න බලා ගෙන යන ගමනකට. ආර්යය සoක්‍රමණ ගැන සාකච්ඡා කරන කොට, අපිට සාකච්ඡා කරන්න වෙන්නෙ ජනප්‍රවාද සහ පුරාවෘත්ත පදනම් කරගෙන. මොකද ක්‍රි.පූ 6 වෙනි සියවසේ ආර්යය සoක්‍රමණ ගැන සදහන් වෙන, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර හම්බ වෙලා නෑ. මේ නිසා කලින් කිව්වා වගේ ජනප්‍රවාද සහ පුරාවෘත්ත ඔස්සේ අපිට එක එක මත ගොඩ නගලා ඒ අනුව යමින් තමයි සාකච්ඡා කරන්න වෙන්නෙ.
අපේ ඉතිහාසඥයෝ මුල් කාලයේ ආර්යය සoක්‍රමණ ගැන මත ඉදිරිපත් කරලා තියෙන්නෙ ජනප්‍රවාද සහ පුරාවෘත්ත අනුව ලියවුණු මේ කියන සාහිත්‍යය මූලාශ්‍ර වලින්.
* මහා වoශය
* දීප වoශය
* ජාතක කතා පොත
* රාමායනය
* මහා භාරතය
* දිව්‍යාවදානය
* පාහියo හිමියන්ගේ දේශාටන වාර්තා
* හියුත්සාo හිමියන්ගේ දේශාටන වාර්තා
අපේ රටට ආර්යයන් ආවෙ ඉන්දියාවේ මොන මොන තැන්වලින්ද කියලා අපිට අධ්‍යනය කරන්න වෙනවා. සමහරක් ඉතිහාසඥයන්ගේ මතය තමයි ආර්යයන් ඉන්දියාවේ වයඹදිග ප්‍රදේශයේ ඉදන් අපේ රටට ආවා කියන එක. සමහරක් ඉතිහාසඥයන්ගේ මතය ආර්යයන් බටහිර ඉන්දියාවේ ඉදන් ආවා කියන එකයි. මේ මත පිළිගන්න කැමැත්තක් නැති තවත් ඉතිහාසඥයන් කණ්ඩායමක්, ආර්යය සoක්‍රමණය දකුණු ඉන්දියාව හරහා සිද්ධ වුණා කියලා කියනවා. මේ අස්සෙ තවත් කට්ටියක් කියනවා නැගෙනහිර ඉන්දියාවෙ ඉදන් ආර්යයන් ආවා කියලා. මේ විදිහට ආර්යය සoක්‍රමණය ගැන මත ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා.
ඒත් මේ මත ඉදිරිපත් කරපු හැම කණ්ඩායමක්ම, මේ මත ඔප්පු කරන්න පුලුවන් ප්‍රබල සාක්ෂි සාධකත් හොයාගෙන තියෙනවා. ක්‍රි.පූ 6 වන සියවසේ ඉදලා අපේ රටට ප්‍රධාන වශයෙන් ආර්යය සoක්‍රමණ 6ක් සිද්ධ වෙලා තියෙනවා.
* විජය කුමාරයා ඇතුළු 700කගේ පැමිණීම
* විජය කුමාරයාගේ විවාහයට මධුරාපුරයේ විජයායි කුමරියගේ පැමිණීම
* පණ්ඩුවාසදේව රජතුමාගේ පැමිණීම
* පණ්ඩුවාසදේව රජතුමාගේ විවාහයට භද්දකච්ඡායනා කුමරියගේ පැමිණීම (සහෝදරවරුත් සමග)
* මහින්ද මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත කණ්ඩායම වැඩම කිරීම
* සoඝමිත්තා මහරහත් තෙරණියත් සමග 18 කුලයක පිරිසකගේ පැමිණීම
මහා වoශය සහ දීප වoශය කියන විදිහට විජය කුමාරයා ලාට රට, සිoහපුරයෙ ඉදන් නැව් නගින්නෙ භාරුකච්ච වරායෙන්. එතන ඉදලා විජය කුමාරයා සුප්පාරකට එනවා. අද මේ තැන් දෙකම හොයාගෙන තියෙනවා. එදා භාරුකච්ච, අද හදුන්වන්නෙ "බ්රෝම්" කියලා. එදා සුප්පාරක අද හදුන්වන්නෙ "සොපාරා" කියලා. විජයගේ මිත්තනිය (සුප්පා දේවිය) වoග දේශයේ කුමාරිකාවක්. වoග රාජ්‍ය තියෙන්නෙ ඉන්දියාවේ බටහිරට වෙන්න. විජය කුමාරයගෙ විවාහයට එන විජයායි කුමරිය මධුරාපුරයේ (මථුරාපුර) කුමාරිකාවක්. මධුරාපුරය අයිති පාණ්ඩ්‍ය දේශයට. ඒ කියන්නෙ දකුණු ඉන්දියාවට. භද්දකච්ඡායනා කුමරිය අපේ රටට එන්නෙ කපිලවස්තුපුරයෙ ඉදලා. අද නම් කපිලවස්තුපුරය අයිති නේපාලයට. මහාචාර්යය සෙනරත් පරණවිතාන කියන විදිහට නම් සිoහල භාෂාවෙයි, නැගෙනහිර ඉන්දියාවේ පාකෘත භාෂාවෙයි ගොඩක් සමානකම් තියෙනවා. මේ නිසා නැගෙනහිර ඉන්දියාවෙනුත් ආර්යය කණ්ඩායම් අපේ රටට ආවා කියලා මතයක් ඇවිල්ලා තියෙනවා.
නැගෙනහිර ඉන්දියාවේ "ගෝකණ්ණා" කියලා නදියක් තියෙනවා. ඉතින් නැගෙනහිර ඉන්දියාවෙ ඉදන් අපේ රටට ආපු ආර්යය කණ්ඩායම්, අපේ රටෙත් නැගෙනහිරින් යන නදිය, "ගෝකණ්ණා නදී" කියලා හදුන්වන්න ගත්තා. ඉතින් අපේ රටේ නැගෙනහිර පළාත, "ගෝකණ්ණ" වෙනවා. බටහිර ඉන්දියාවෙ ඉදන් අපේ රටට එන ආර්යය කණ්ඩායමට, බටහිර ඉන්දියාවෙ කල්‍යාණි කියලා තොටුපලක් හම්බ වෙනවා. ඒ නිසා කණ්ඩායමෙන් කොටසක් එතන නවතිනවා. ඉතිරි අය අපේ රටට ඇවිල්ලා, අපේ රටෙත් බටහිර දිශාවෙ "කල්‍යාණි" (නූතන කැළණිය) කියලා ජනාවාසයක් ගොඩ නගනවා.
තාම්රලිප්තයෙන් මුහුදට බහින ගoගා නම් ගග නිසා, අපේ රටට ආපු ආර්යය කණ්ඩායම් අපේ රටේ නදී හදුන්වන්න "ගoගා" කියන වචනය පාවිච්චි කරනවා. අපේ රට ඉස්සර හදුන්වලා තියෙන්නෙ "තම්බපන්නිය" කියලා. ග්‍රීක පොත්වලින් ඒක පැහැදිලි වෙනවා (තැප්‍රොබේන්). ඉන්දියාවෙත් තාම්රපන්නි කියලා ගoගාවක් තියෙනවා.
මේකෙන් පැහැදිලි වෙනවා ඉන්දියාවෙ ඉදන් අපේ රටට සිද්ධ වුණු ආර්යය සoක්‍රමණ, ඉන්දියාවේ හැම පැත්තකින්ම සිද්ධ වුණා කියලා..!!!!