මේ මාතෘකාවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ලoකාවේ පිහිටීම, ඉතිහාසයට බලපාපු ආකාරය ගැනයි. ලoකාවේ භූගෝලීය පිහිටීම ගැන අධ්‍යනය කරන කොට අපිට පහසුවට, මේක කොටස් දෙකකට බෙදා ගන්න පුලුවන්.
01. අභ්‍යන්තරික පිහිටීම
02. භාහිර පිහිටීම
අපි මේ ලිපියේ සාකච්ඡා කරන්නෙ අභ්‍යන්තරික පිහිටීම ගැනයි. ලoකාවේ භාහිර පිහිටීම ඉතිහාසයට බලපාපු ආකාරය ගැන දැන ගන්න නම් අපේ ඊළග ලිපිය බලන්න වෙනවා. ලoකාවේ අභ්‍යන්තර පිහිටීම ගැන අපිට මෙන්න මේ මේ අනු මාතෘකා යටතේ සාකච්ඡා කරන්න පුලුවන්.
01. මධ්‍යම කදුකරය
02. ගoගා හා ගoගා නිම්න
03. වරායන්
04. තැනිතලා භූමි
01. මධ්‍යම කදුකරය
අපේ රටේ මුල් කාලයේ මධ්‍යම කදුකරයේ ජනාවාසවල ව්‍යාප්තියක් දකින්න ලැබුනෙ නැති වුණාට, රාජධානියක් අග නුවරක් විදිහට වර්ධනය වෙනකොට ප්‍රබල ජනාවාස ව්‍යාප්තියක් පෙන්නුම් කළා. ඒ අවුරුදු 300කටත් වැඩි කාලයක් තිස්සේ. මධ්‍යම කදුකරය කියන්නේ අපේ රටේ අතීත රජවරුන්ගේ ආරක්ෂක මධ්‍යස්ථානයක්. දුටුගැමුණු, වළගම්බා, මහා විජයබාහු වගේ රජවරු යුද්ධවලදි පැරදිලා ආරක්ෂාව පතා පලා ගියේ මධ්‍යම කදුකරයට. ඊට පස්සෙ මධ්‍යම කදුකරයේ ඉදන් තමයි සේනා සoවිධානය කරලා ආයිත් ආක්‍රමණිකයන් එක්ක සටන් කරලා ජයග්‍රහණය කළේ. මෙහෙම බලන කොට මධ්‍යම කදුකරය අපේ රටේ රජවරු ආරක්ෂා කරපු, යුද්ධ හමුදා සoවිධානය කරපු, විමුක්ති අරගල වලට වෙඩි මුර තියපු අපූරු ක්ෂේම භූමියක්.

අපේ රටේ කෘෂි කර්මයට අවශ්‍ය කරන ජලය ගත්තෙ වැව්වලින්. අපේ රටේ ජීවනාලිය වුණු වාරි මාර්ග ව්‍යාප්තියේ ප්‍රධාන පෝෂක ප්‍රදේශය වුණෙත් මධ්‍යම කදුකරයයි. මහවැලි, කැළණි, වලවේ, කළු වගේ ගoගා 101ක් මධ්‍යම කදුකරයෙන් තමයි ආරම්භ වෙන්නෙ. ඒ නිසා අපේ රටේ ආර්ථිකයටත් මධ්‍යම කදුකරය විශාල දායකත්වයක් ලබා දුන්නා. මධ්‍යම කදුකරය කියන්නෙ අපේ රටේ සුවිශේෂී පළාතක්. මධ්‍යම කදුකරයට මහ නුවර, මාතලේ, නුවර එළිය කියන දිස්ත්‍රික්ක 3ම අයිති. ඉස්සර මහ නුවර හැදින්නුවේ කන්ද උඩ රට කියලා. කන්දක් උඩ තියෙන රටක් කියලා හැදින්නුවේ, අපේ රටේ අනිත් ප්‍රදේශවලින් වෙන් වෙලා වෙනම රාජ්‍යක් විදිහට තිබුණු නිසා.
ඒ නිසා උඩරට වෙනම පරිසරයක් නිර්මාණය වෙනවා. උඩරටටම විතරක් උරුම වෙච්ච සoස්කෘතියක්, දේශපාලනික ව්‍යුහයක්, ආර්ථිකයක් සහ සාමාජීය වට පිටාවක් නිර්මාණය වෙනවා. නුවර එළිය කාගෙත් අවධානයට ලක් වෙන්නෙ සීතල පරිසරය නිසාම නෙවේ. වැවිලි භෝග වගාවටත් හිතකර නිසා.
ඒ වගේම මධ්‍යම කදුකරයේ තිබුණු ජල, වන, ගිරි දුර්ග නිසා ලේසියෙන් පිටස්තරයෙකුට ඇතුළත් වෙන්න බැරි වුණා. කඩුගන්නාව, ගලගෙදර, මාතලේ, ගිනිගත් හේන, හුන්නස්ගිරිය, ඇල්ල, හපුතලේ වගේ ප්‍රදේශවල කපොලු තිබුණා. ඒ නිසා පෘතුගීසී, ලන්දේසී හමුදා කරපු උඩරට ආක්‍රමණ ඔක්කොම අසාර්ථක වෙනවා. ඒ වගේම සිoහල හමුදාව ඒ ස්වභාවික පරිසරයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. බ්‍රිතාන්‍යන් වුණත් උඩරට අල්ල ගන්නෙ අන්තිම මොහොතෙදි. ඒත් සිoහලයන්ගේ තිබුණු අසමගිය නිසා මිසක් පරිසරයේ දෝෂයක් නිසා නෙවේ.
මහ නුවර තමයි ලෝකවාසි බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන දළදා හාමුදුරුවො වැඩ ඉන්නෙ. ලoකාවේ හරි මැද තමයි මධ්‍යම කදුකරය කියන්නෙ. ඒ නිසා "ත්‍රී සිoහලාරාමය" කියලා විහාරයකුත් නිර්මාණය කරලා තිබිලා තියෙනවා. මල්වතු, අස්ගිරි, මහ නුවර විෂ්ණු දේවාලය, මහ නුවර කතරගම දේවාලය, මහ නුවර පත්තිනි දේවාලය, මහ නුවර නාථ දේවාලය, දෙගල්දොරු, හිදගල, අම්බුළුගල, ගoගාරාමය, ඇම්බැක්කෙ, ලoකාතිලක, ගඩලාදෙණිය වගේ මහ නුවර යුගයට අයිති බෞද්ධ සිද්ධස්ථාන රාශියක් තියෙනවා. ඒ වගේම ගොඩක් අය නොදන්නවා වුණාට සීගිරිය අයිති වෙන්නෙ මාතලේ දිස්ත්‍රික්කයට. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කෙරුණු ආලෝක විහාරය, දඹුල්ල රජමහා විහාරයත් පිහිටලා තියෙන්නෙ මාතලේ දිස්ත්‍රික්කයේ. 1818 බ්‍රිතාන්‍ය විරෝධී පළවෙනි අරගලය ආරම්භ වෙන්නෙත් මාතලේ දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම 1848 අරගලයත් මාතලෙන් තමයි දියත් වුණේ. නුවර එළිය ගත්තොත් රාවණා රජ්ජුරුවන්ට සම්බන්ධ ගොඩක් ස්ථාන දකින්න පුලුවන්. සීතා එළිය කෝවිල හොද උදාහරණයක් විදිහට ගන්න පුලුවන්.
02. ගංගා හා ගංගා නිම්න
අපේ රටේ ජනාවාස ව්‍යාප්තිය සිද්ධ වුණේ ගoගා ආශ්‍රය කරගෙනයි. මිනිසාගේ පැවැත්මට ආහාර නැතත් ජලය අවශ්‍යයි. ඒක එක හේතුවක්. අනිත් හේතුව තමයි කෘෂිකාර්මික කටයුතු සිද්ධ කර ගන්න තියෙන අවශ්‍යතාව. ඒ කියන්නෙ ආහාර නිෂ්පාදනය. කෘෂිකර්මය කරන්න ජලය අත්‍යාවශ්‍යය සාධකයක්. ඒ නිසා ගොඩක්ම ජනාවාස නිර්මාණය වුණේ ගෝණ නදිය, කදම්භ නදිය, කැළණි නදිය වගේ ගoගා මුල් කර ගෙන. ඊට පස්සෙ ගoගා හරස් කරලා, වැව් නිර්මාණය කරලා, වැව් ජලයෙන් කෘෂි කර්මය සිද්ධ කළා.
කෘෂිකර්මාන්තයට විතරක් නෙවේ, දේශ සීමා ලකුණු කරන්නත් ගoගා ප්‍රයෝජනවත් වුණා. විශේෂයෙන්ම ගම්, නියම් ගම්, නගර වෙන් කෙරුණේ ගoගා හරහා. අටදහස් රට, දොළොස් දහස් රට වගේ පරිපාලන ඒකක උදාහරණ විදිහට දක්වන්න පුලුවන්. ඒ වගේම බලකොටුත් ගoගා ආශ්‍රිතව නිර්මාණය වෙලා තියෙනවා. එළාර රජුගෙ විජිතපුර බලකොටුව කදිම නිදසුනක්. ඒ වගේම 1 වෙනි රාජසිoහ රජ්ජුරුවන්ගෙ කාලයේ කැළණි ගග දෙපැත්තෙ බලකොටු නිර්මාණය කරලා තිබිලා තියෙනවා. ඒ ගග දිගේ එන පෘතුගීසි පාරුවලට ප්‍රහාර එල්ල කරන්න. පොළොන්නරුව රාජ්‍යත් පරාක්‍රම සමුද්‍රයෙන් වට වුණේ රාජ්‍යයේ ආරක්ෂාව පිණිසයි.
අපේ මිනිස්සු ගමනාගමනය සහ ප්‍රවාහනයටත් ගoගා යොදා ගත්තා. ගමන් බිමන් යන්න, වෙළද කටයුතු සිද්ධ කරන්න වගේම යුද්ධ කටයුතුවලටත් ගoගා ප්‍රයෝජනයට ගත්තා. ලන්දේසි යුගයේ මේ තත්වය ගොඩක් වර්ධනය වෙලා තියෙනවා.
03. වරායන්
අපේ රට දූපතක්. ඒ වගේම අපේ රට වටේටම තියෙන්නෙ කඩතොළු සහිත වෙරළ තීරයක්. ඒ නිසා අපේ රටේ ඕනෑම තැනක වරායක් හදන්න පුලුවන්. මොකද රටක් භාහිර ලෝකයට විවෘත වෙන්නෙ වරායන්වලින්. ඒ කාලයේ අපේ රටේ ජම්බකෝළ පට්ඨන, මහා තිත්ථ, ගෝකණ්ණ වරායන් ගොඩක් ප්‍රසිද්ධ වුණා. දුමින්දාගමනය වෙන්නෙ ජම්බකෝළ පට්ඨන වරාය හරහා. වරායන් හරහා තමයි පෙර අපරදෙදිග ආනයන සහ අපනයන වෙළද කටයුතු සිද්ධ වුණෙත්. ආර්ථික වශයෙන් විතරක් නෙවේ, අපේ රට බුරුමය, සියමය, ඉන්දියාව, පර්සියාව, චීනය, ග්‍රීසිය, රෝමය වගේ රටවල් එක්ක දේශපාලනික සහ ආගමික සම්බන්ධතාත් ඇති කරගෙන තිබුණා.