ලoකා ඉතිහාසය ගොඩ නගනකොට, මූලාශ්‍රයක් විදිහට නටබුන් අපිට ගොඩක් වැදගත් වෙන්නෙ ඇස් පනා පිටම පේන්න තියෙන දෙයක් නිසා. සාමාන්‍යයෙන් නටබුන් කියලා කියන්නෙ "ගොඩනැගිලි / ඉදි කිරීම් වලින් ඉතිරි වෙලා තියෙන (ශේෂ වී ඇති) කොටස්"වලටයි. නගරයක, ගමක, ඓතිහාසික තොරතුරු අධ්‍යනය කරන්න වගේම අතීත මිනිසාගේ තාක්ෂණය, සෞන්දර්ය, කලාව, සoස්කෘතිය ගැන අධ්‍යනය කරන්නත් නටබුන් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන් අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, කෝට්ටෙ වගේ ප්‍රදේශවල තියෙන නටබුන්වලින් අපිට සැබෑ ඉතිහාසයක් ගොඩ නගා ගන්න පුලුවන්.
ඒ වගේම චිත්‍ර, කැටයම්, මුර්ති, ගෘහ නිර්මාණ, රසස්වාදය, ආගමික විශ්වාස සහ ඇදහිලි, ආභරණ, ඇදුම් පැළදුම්, අමු ද්‍රව්‍ය, පාෂාණ වර්ග, ශිල්පීය ඥානය මේ හැම දෙයක් ගැනම අපිට අධ්‍යනය කරන්න අවස්ථාව ලැබෙනවා.
ඒ වගේම චිත්‍ර, කැටයම්, මුර්ති, ගෘහ නිර්මාණ, රසස්වාදය, ආගමික විශ්වාස සහ ඇදහිලි, ආභරණ, ඇදුම් පැළදුම්, අමු ද්‍රව්‍ය, පාෂාණ වර්ග, ශිල්පීය ඥානය මේ හැම දෙයක් ගැනම අපිට අධ්‍යනය කරන්න අවස්ථාව ලැබෙනවා.
නටබුන් ගැන කතා කරන කොට අපිට සීගිරිය ගැන අමතක කරන්න බෑ. සීගිරි කුරුටු ගී වලින් හෙළයාගේ සාහිත්‍යය දැනුම ගැන අවබෝධ කර ගන්න පුලුවන්. බලකොටුවක් විදිහට ඉදි වුණු සීගිරිය ජල තටාක, මාළිගා, උද්‍යාන, චිත්‍ර, කැටයම්, මුර්ති, පවුරු මේ හැම දේකින්ම සමන්විත වෙනවා.
ඒ වගේම අතීත මිනිසාගේ තාක්ෂණ ඥානය, ගෘහ විද්‍යා කලාව කොච්චර දුරකට දියුණු තත්වයක තිබුණද කියලා අපිට ලෝවමහාපාය, රුවන්වැලි සෑය, ජේතවනාරාමය, සමාධි සහ අවුකන බුදු පිළිම, වටදාගෙය, හැටදාගෙය, සදකඩ පහණ, කුට්ටම් පොකුණ තුළින් බලා ගන්න පුලුවන්.