කාසි ගැන අධ්‍යනය කරන විද්‍යාව "නාණක විද්‍යාව" කියලා හදුන්වනවා. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් විදිහට කාසි හරිම වැදගත්. මේ වෙනකොට අපේ රටෙන් එක එක වර්ගවලට අයිති කාසි හොයා ගෙන තියෙනවා.
# හස්පිබු කාසි
# පුරාණ කාසි
# ගරණ කාසි
# රන් මසු
# රන් අඩ මසු
# දඹදෙනි තඹ මසු
# ඇතා සහ බෞද්ධ ස්වස්තිකය සහිත කාසි
# ලක්ෂ්මි කාසි
# ලැරිතය
# VOC කාසි
# රෝම කාසි
# ඉන්දු රෝම කාසි
# චීන කාසි
රටක කාසි භාවිතයෙන් ඒ රටේ ආර්ථික සoවර්ධනය මනින්න පුලුවන්. කලින් තිබුණු භාණ්ඩ හුවමාරු ක්‍රමය වෙනුවට කාසි, එහෙමත් නැත්නම් මුදල් නිකුත් කරන්න ගත්තෙ භාණ්ඩ හුවමාරු ක්‍රමයේදී ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණු නිසයි.
# කුඩා කොටස් වලට බෙදීමේ අපහසුව
# උවමනාවල නොගැලපීම
# ඉක්මනින් නෂ්‍ය වීම
# පොදු මිනුමක් නොතිබීම
ඒත් මුදල් නිකුත් වෙන්න පටන් ගත්තයින් පස්සෙ, භාණ්ඩ හුවමාරු ක්‍රමයට වඩා වාසි සහගත වෙන්න ගත්තා.
# පොදු පිළිගැනීමක් තිබීම
# කුඩා කොටස්වලට බෙදිය හැකි වීම
# පහසුවෙන් හදුනා ගත හැකි වීම
# ඉක්මනින් නෂ්‍ය නොවීම
# සැහැල්ලු බව
# සුලභ බව
# අනුකරණය අපහසු වීම
# විනිමය මාධ්යක්ව ක්‍රියා කිරීම
# වටිනාකමේ මිනුමක්ව ක්‍රියා කිරීම
# වටිනාකම රැස් කිරීමේ සන්නිධියක්ව ක්‍රියා කිරීම
# විලම්බීත ගෙවුම් මාධ්‍යක් වීම
මේ කාරණා නිසා කාසි නිකුත් වෙන්න පටන් ගත්තා. කාසිවලින් ඒ ඒ යුගවල අපේ රටේ තිබුණ ආර්ථික සහ තාක්ෂණික දියුණුව මැන ගන්න පුළුවන්. මේ කාසි නිෂ්පාදනය කරන්න රත්තරo, රිදී, තඹ වගේ ලෝහ කාසි භාවිතා කළා. රන් කාසි නිකුත් කළේ ගොඩක් ශක්තිමත් ආර්ථිකයක් තිබුණම විතරයි. ආර්ථිකය පිරිහෙන්න පිරිහෙන්න, කාසි නිෂ්පාදනය කරන්න ගත්තු ලෝහයේ වටිනාකමත් අඩු වෙන්න ගත්තා. ( රන්---> රිදී---> තඹ)

ඒ වගේම ජාත්‍යන්තර වෙළදාම සහ විදේශීය සම්බන්ධතාත් කාසි වලින් තහවුරු කර ගන්න පුලුවන්. එක රටකට අයිති කාසි, තවත් රටක තිබිලා හම්බුනොත් ඒකෙන් නිගමනය කර ගන්න පුලුවන් රටවල් දෙක අතර තිබුණු සම්බන්ධතා ගැන.
උදා ;-
මහා පරාක්‍රමබාහු රජුට අයත් කාසි දකුණු ඉන්දියාවෙන් සොයා ගැනීම.
ලoකාවෙන් හම්බුනු රෝම, චීන, ඉන්දීය කාසිවලිනුත් පැරණි විදේශීය සම්බන්ධතා ගැන තොරතුරු හෙළි කර ගන්න පුලුවන්. ඒ වගේම සාහිත්‍ය මූලාශ්රවල සදහන් වෙන රෝමය, චීනය, පර්සියාව වගේ රටවල් එක්ක පවත්වපු දේශපාලනික, ආර්ථික, සoස්කෘතික සම්බන්ධතා ගැනත්, කාසිවලින් හෙළි කර ගන්න පුලුවන්.
කාසි හොයා ගත්ත ප්‍රදේශ පදනම් කර ගෙන රාජ්‍ය ව්‍යාප්තිය ගැන සoකල්ප ගොඩ නගන්නත් පුලුවන්. සමහරක් රජවරු නිකුත් කරපු කාසි හොයා ගත්ත ප්‍රදේශවලින්, ඒ අයගේ පාලන බලය පැතිරුනු ප්‍රදේශ ගැන දළ අදහසක් ගන්නත් පුලුවන් වෙනවා.
* Cover Photo- Taken from www.sirimunasiha.wordpress.com