පොළොන්නරු රාජධානිය බිද වැටෙනවත් එක්කම අපේ රට නොසන්සුන්කාරී වෙන්න ගත්තා. අපේ රටේ හැම අoශයක්ම අඩපණ වුණා. සාමාන්‍යයෙන් අපේ රටට ආක්‍රමණයක් එල්ල වුණාම, ඒක මැඩපවත්වන්න පළවෙනි වෙඩි මුරය තියන්නෙ රුහුණෙන්. ඒක අපේ රටේ සම්ප්රදායක් වුණා. දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු, මහා විජයබාහු වගේ චරිත කරලියට එන්නෙ රුහුණු දේශයෙන්. අවුරුදු 30ක් අපේ රටේ තිබ්බ යුද්ධය නිමා කරන්න නායකත්වය දීපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයත් රුහුණෙන් ආපු කෙනෙක්. ඒත් කාලිoග මාඝගේ ආක්‍රමණයෙන් රට මුදව ගන්න කිසිම උත්සාහයක් මෙදා පාර රුහුණෙන් ඉස්මතු වුණේ නෑ.
ඒ වෙනුවට නිදහස් අරගලය දියත් වෙන්න ගත්තේ ලoකාවේ නිරිත දිගින්, දඹදෙනිය කේන්ද්‍ර කර ගෙන. පොළොන්නරුවේ මාඝගේ කෘර පාලනය තවත් ඉවස ගන්න බැරුව, භික්ෂූන් වහන්සේලා, ප්රභූවරු, සාමාන්‍ය මිනිස්සු නිරිතට සoක්‍රමණය වෙන්න ගත්තා. මේ වෙනකොට නිරිතදිග රාජධානි 3ක්, ප්‍රාදේශීය වශයෙන් නිර්මාණය වෙමින් පැවතුණා.
# යාපහුව - සුභ සෙනෙවි
# ගෝවින්ද මලය - බුවනෙකබාහු ආධිපාද
# මිනිපේ - සoඛ සෙනෙවි
මේ අතරේ 3 වන විජයබාහු කියලා පාලකයෙක් "දඹදෙනිය" ප්‍රාදේශීය රාජ්‍යක් විදිහට ගොඩ නගනවා. අපේ රටේ මෙතෙක් කල් ආපු සාම්ප්‍රදායික ඉතිහාසය, 3 වන විජයබාහු රජතුමා උඩු යටිකුරු කරනවා.
පොළොන්නරුවෙන් පස්සෙ අපේ රටේ ඊළග රාජධානිය, අගනුවර "දඹදෙනිය" මුල් කර ගෙන ආරම්භ වෙන්න ගන්නවා. 3 වන විජයබාහු රජ්ජුරුවන්ගේ චරිතය චූල වoශය, පූජාවලිය, හත්ථවනගල්ල විහාර වoශය වගේ සාහිත්‍යය මූලාශ්‍රවලින් අධ්‍යනය කරන්න පුලුවන්. මේ වෙන කොට අපේ රටේ තිබ්බ අනිත් ප්‍රාදේශීය රාජධානිවල පාලකයන්ට අපේ රට මාඝගෙන් මුදවා ගන්න උවමනාවක් තිබ්බෙ නෑ. ඒ අය තමන්ගේ නායකත්වය ආරක්ෂා කර ගන්න, පෞද්ගලික උවමනා ඉෂ්ට සිද්ධ කරගෙන හිටියා. දඹදෙනිය රාජධානියේ පළවෙනි පාලකයා 3 වන විජයබාහු රජතුමයි.

මායා රටේ පාලකයා වෙන කොට විජයබාහු ගොඩක් මහළු වයසට පත් වෙලා හිටියෙ. ඒක නිසා සමහරක් තැන්වල 3 වන විජයබාහු රජතුමාව, "මහළු විජයබාහු" කියලත් හදුන්වනවා. "මායා රටේ අන්ධකාරය දුරු කරලා, ආලෝකය ලබා දීපු නායකයා" විදිහට පූජාවලියේ කතුවරයාණන් වහන්සේ, 3 වන විජයබාහු රජතුමාව හදුන්වනවා. 3 වන විජයබාහු රජතුමාගේ එකම අරමුණ වුණේ මාඝගේ පාලනයෙන් අපේ රට මුදවා ගන්න එකයි.
3 වන විජයබාහු රජතුමා මේ සටනට අවශ්‍ය කරන සම්පත් එකතු කරන්න පටන් ගන්නවා. මුලින්ම හොද ශක්තිමත් යුද්ධ හමුදාවක් ගොඩ නගනවා. ඒ අයට හොද පුහුණුවක් දෙනවා. ආයුධ නිෂ්පාදනය කරනවා. මාඝගේ බල ප්‍රදේශ සිතියම්ගත කරලා සැලසුම් සකස් කරනවා. මේ හැම දෙයක්ම කරනවා. ඒත් අපේ රට මාඝගෙන් බේරගන්න කොච්චර ලොකු අරමුණක් තිබුණත්, 3 වන විජයබාහු රජතුමාට ඒක කරන්න බැරි වෙනවා. මොකද රජතුමා ගොඩක් වයසයි. මේවා සoවිධානය කර කර ඉන්නකොට රජතුමා හදිස්සියේ මිය යනවා. ඒ රාජ්‍යත්වය භාර අරගෙන ගෙවුණු 4 වෙනි අවුරුද්දෙ.
ඒත් අපිට 3 වෙනි විජයබාහු රජතුමාගේ සේවාව ඉවත දාන්න බෑ. කාවණ්තිස්ස රජතුමාගේ චරිතය ආරෝපණය කර ගන්න මහළු විජයබාහු, මාඝ එක්ක යුද්ධ කරන්න ඕන කරන හැම දෙයක්ම සoවිධානය කරනවා. ගෝවින්ද මලය, මිනිපේ වගේ ප්‍රාදේශීය පාලකයන්ගෙ සහයත්, දඹදෙනියට ගන්න 3 වන විජයබාහු රජතුමා සමත් වෙනවා. ඒකම ඇති 3 වන විජයබාහු රජතුමාගේ දේශපාලනික සේවාව අගයන්න. (වැඩි විස්තර සදහා 2 වන පරාක්‍රමබාහු රජතුමා ගැන තියෙන ලිපිය බලන්න)
3 වන විජයබාහු රජතුමා බුදු දහමේ චිර්ස්ථිතියට ගොඩක් දේවල් කරනවා. කොත්මලේ හoගලා තිබ්බ දළදා වහන්සේ, බෙලිගලට වඩම්වලා, බෙලිගල දළදා මන්දිරයක් නිර්මාණය කරනවා. ඒ වගේම කැළණිය වගේ ජරාවාස වෙලා තිබුණ වෙහෙර විහාර ප්‍රතිසoස්කරණය කරනවා. ඒ වගේම "විජේසුන්දරාරාමාය" නිර්මාණය කිරීමේ ගෞරවයත් හිමි වෙන්නෙ 3 වන විජයබාහු රජතුමාට.
වත්තල විජයබා විහාරයත්, 3 වන විජයබාහු රජතුමාගෙම නිර්මාණයක්. ප්‍රාදේශීය පාලකයන්ගෙන් පක්ෂපාතීත්වය අරගෙන, මායා රට එක්සේසත් කරලා, ආර්ථික ජාතික ආගමික සේවාවන් රාශියක් කරලා, ජනතාවගේ පක්ෂපාතීත්වය ලබා ගෙන, අනාගතයේ සතුරන්ගෙන් රජරට ගලවා ගන්න අඩිතාලම දැම්මෙ 3 වන විජයබාහු රජතුමයි.
* Cover Photo - Taken from http://siriparakummovie.blogspot.com/
* Dambadeniya Kingdom Album - Thivanka Nillegoda
* Vijayasundararamaya Album - Thivanka Nillegoda