අනිත් පාලි වංශ කතා අතරින් අපිට බෝධි වංශය, ථූපවංශය සහ දාඨා වංශය වැදගත් වෙනවා. පරිසමාප්ත අර්ථයෙන් ගත්තොත් මේවා "බෝධින් වහන්සේ", "මහා ථූපය", "දළදා වහන්සේ" මුල් කරගෙන රචනා වුණු ග්රන්ථ. ආරම්භක අවස්ථාවේ සිංහල භාෂාවෙන් ලිව්වත්, කල් යන කොට සංශෝධන සහිතව පාලි භාෂාවට පරිවර්තනය කෙරෙනවා. පසු කාලය වෙන කොට, සිංහලෙන් ලියූ ග්රන්ථ අස්තානගත වෙන නිසා, ආයිත් සිංහලෙන් ලියවෙනවා. සමහරක් විට මේ නිසා එකම වස්තුවක් කේන්ද්‍ර කරගෙනත් ග්රන්ථ ලිය වෙනවා (දළදා සිරිත, දළදා පූජාවලිය)
"පාලිබෝධි වංශය" උපතිස්ස හාමුදුරුවන් අතින් රචනා වෙන කොට, "ථූපවංශය" වාචීශ්වර හාමුදුරුවන් අතින් රචනා වෙනවා. "දාඨා වංශය" ධර්ම කීර්ති හාමුදුරුවන් අතින් රචනා වෙනවා. සිරිසගබෝ චරිතය කේන්ද්‍ර කරගෙන ලියවෙන "හත්ථවනගල්ල විහාර වංශය", අනෝමදස්සි හාමුදුරුවන් අතින් සම්පාදනය වුණු කෘතියක්.
කුමන අරමුණින් ලියුවත් මේ වංශ කතා, ඓතිහාසික තොරතුරු විශාල ප්‍රමාණයක් හෙළි කර ගන්න අපිට උදව් වෙනවා.

Cover Photo -
Taken from www.palmleafupali.blogspot.com