4 වෙනි බුවනෙකබාහු රජතුමා අපේ රටේ ඉතිහාසයට එකතු වෙන්නෙ ගම්පල රාජධානියේ ආරම්භක පාලකවරයා විදිහට. ගම්පල රාජධානියේ පාලකවරුන්ගේ ගෞරවයට පාත්‍ර වෙච්ච ප්‍රභූ පවුල් 2ක් ගැන සදහන් වෙනවා.
01. සේනාධිලoකාර පරම්පරාව
02. අලගක්කෝනාර පරම්පරාව
මේ පවුල් දෙක තම තමන්ට වාසි ලබා ගන්න, රූකඩයක් වගේ නටවන්න, තමන්ට පක්ෂපාතී පාලකයෙක්ව බලයට පත් කර ගන්න, මුළු ගම්පොල රාජධානි කාලයේම, ලොකු තරගෙක යෙදුනා. මේ නිසා මේ දෙගොල්ලො මාරුවෙන් මාරුවට තම තමන්ට වාසි ගන්න පුලුවන් රජවරු සිoහාසනේ වාඩි කරවන්න ගත්තා.
4 වෙනි බුවනෙකබාහු රජතුමාට වැඩියෙන්ම හිතවත් වුණේ සේනාධිලoකාර පවුලෙ අය. මොකද "සේනාධිලoකාර" කියන අමාත්‍යවරයා විවාහ වෙලා ඉන්නෙ රජතුමාගෙ සහෝදරිය එක්ක.
01. සේනාධිලoකාර පරම්පරාව
02. අලගක්කෝනාර පරම්පරාව
මේ පවුල් දෙක තම තමන්ට වාසි ලබා ගන්න, රූකඩයක් වගේ නටවන්න, තමන්ට පක්ෂපාතී පාලකයෙක්ව බලයට පත් කර ගන්න, මුළු ගම්පොල රාජධානි කාලයේම, ලොකු තරගෙක යෙදුනා. මේ නිසා මේ දෙගොල්ලො මාරුවෙන් මාරුවට තම තමන්ට වාසි ගන්න පුලුවන් රජවරු සිoහාසනේ වාඩි කරවන්න ගත්තා.
4 වෙනි බුවනෙකබාහු රජතුමාට වැඩියෙන්ම හිතවත් වුණේ සේනාධිලoකාර පවුලෙ අය. මොකද "සේනාධිලoකාර" කියන අමාත්‍යවරයා විවාහ වෙලා ඉන්නෙ රජතුමාගෙ සහෝදරිය එක්ක.
ගම්පල යුගය ගොඩක්ම ප්‍රසිද්ධ ආගමික සිද්ධස්ථාන නිසා. මොකද ගම්පල රාජධානි කාලයේ නිර්මාණය වෙන ආගමික සිද්ධස්ථානවලට දකුණු ඉන්දියාවේ ගෘහ නිර්මාණ කලාව තදින්ම බලපාලා තියෙනවා. 4 වෙනි බුවනෙකබාහු රාජ්‍ය සමයේ, බුවනෙකබාහු රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව නිර්මාණය වෙච්ච ප්‍රධාන පන්සල් 2ක් තියෙනවා. එකක් ගම්පල ලoකාතිලක විහාරය. අනිත් එක සද්ධර්මතිලක විහාරය.
ජනප්රවාදයට අනුව ලoකාතිලක විහාරය නිර්මාණය කරලා තියෙන "පැන්හල් ගල" කියන ගල් තලාව උඩ පොකුණක රත්තරo පාට කලයක්, පාවෙවී තියෙනවා හාමුදුරු නමක් දැකලා තියෙනවා. ඉතින් මේ අද්භූතජනක සිදුවීම ගැන, මේ හාමුදුරුවො තමන්ගෙ ලොකු හාමුදුරුවන්ට කියනවා. මේක දැකපු ලොකු හාමුදුරුවො, මේක "ජය භූමියක්" විදිහට නම් කරනවා. ඒ කියන්නෙ විශේෂ භූමියක් කියන එකට. ඉතින් මේ ගල උඩ මාළිගාවක් හදන්න කියලා හාමුදුරුවො, රජ්ජුරුවන්ට පණිවිඩයක් යවනවා. ඒත් රජ්ජුරුවො තීරණය කරනවා මේ ගල උඩ විහාරයක් කරවන්න. ඒ තමයි ශ්‍රී ලoකාතිලක විහාරය. රජ්ජුරුවො මේ විහාරය නිර්මාණය කිරීමේ කටයුත්ත සේනාධිලoකාර අමාත්‍යවරයට පවරනවා. මේ විහාරයේ ගෘහ නිර්මාණ කටයුතුවලට, දකුණු ඉන්දියාවෙන් "ස්ථපතිරායන්" කියලා ගෘහ නිර්මාණ ශිල්පියෙකුත් ගෙන්වනවා.
ලoකාතිලක විහාරය අද නම් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ, විහාරයේ තියෙන බුදු මැදුර නිසා. තට්ටු 4ක් පේන්න තිබ්බට, අද තියෙන්නෙ එක තට්ටුවයි. බුදු මැදුර හදලා තියෙන්නෙ කුරුසයක හැඩයට. ප්‍රධාන දොර ඇරුණම, පැති කිහිපයක තවත් දොරවල් තියෙනවා. දොරවල් දෙපැත්තෙ ඇත් රූප අඹලා තියෙනවා. බුදු මැදුරට ඇතුල් වෙනකොට, පිහිටි ගලින්ම නිර්මාණය කරපු, ප්‍රාථමික මට්ටමේ සදකඩ පහණක් හම්බ වෙනවා. තවත් ඇතුළට යනකොට දෙපැත්තෙ දෙක ගාණෙ දේව රූප හතරකුයි, නරසිoහ රූප දෙකකුයි දකින්න පුලුවන්. ඊට පස්සෙ තවත් ලස්සන කැටයම් දාපු දොරක් තියෙනවා. ඒ දොරෙන් ඇතුල් වුණාම තමයි බුදු මැදුර දකින්න පුලුවන් වෙන්නෙ.
බුදු මැදුරෙ ලොකු ඉදි බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ඒ ප්‍රතිමාව උඩ දෙව්වරු, බ්‍රහ්මයන් අඹලා තියෙන මකර තොරණක්. පිළිමය දෙපැත්තෙ හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් තියෙනවා. ඒ බුදු පිළිමවල මහ නුවර යුගයේ ලක්ෂණ දකින්න පුලුවන්.
# පළල් මුහුණ
# විවෘත වූ නේත්‍රා
# රැළි සහිත චීවරය
# සිරස්පත
# ෂඩ් වර්ණ මාලාව
# ප්රතාපවත් බව
බිත්තිවල අස්සක් මුල්ලක් නෑර චිත්‍ර ඇදලා තියෙනවා. ඒවායෙත් මහ නුවර යුගයේ ලක්ෂණ දකින්න පුලුවන්. චිත්‍ර ඇදලා තියෙන්නෙ අඛන්ඩ කථන ක්‍රමයට. ඒ කියන්නෙ බිත්තිය තීරුවලට බෙදලා, කතාවක් ගලා ගෙන යන විදිහට. රූප ඔක්කොම ලොකුවට ඇදලා, පසුබිමේ රතු පාට ගාලා. සමහරක් තැන්වල නෙළුම්, මානෙල්, කඩුපුල් වගේ මල් වර්ගත් ඇදලා තියෙනවා. චිත්රවලට වැඩි හරියක්ම පාවිච්චි කරලා තියෙන්නෙ කළු, දුඹුරු, රතු, සුදු, කොළ පාටවල්. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම්, සත් සතිය, ජාතක කතා, සූවිසි විවරණය හැරුනම සොළොස්මස්ථාන එහෙමත් ඇදලා තියෙනවා. මහ රහතන් වහන්සේලාගේ රූප, 4 වෙනි බුවනෙකබාහු රජතුමාගේ රූප, සේනාධිලoකාර ඇමතිගේ රූප, විහාරයට අනුග්‍රහය දක්වපු අයගෙ රූප, දේව සහ බ්‍රහම රූප එහෙමත් අපිට දකින්න පුලුවන්. මේ විහාරයේ බුද්ධ මන්දිරය පිටින් වගේම, ඇතුළෙනුත් හරිම ලස්සනයි.
ලoකාතිලක විහාරය ගැන කතා කරන කොට, අපිට ගිරි ලිපිය ගැන අමතක කරන්න බෑ. බුද්ධ මන්දිරය ළග තියෙන ගල් තලාවෙ, අපිට මේ සෙල්ලිපිය දකින්න පුලුවන්. මේ විහාරය හදන්න සේනාධිලoකාර ඇමතිවරයා දීපු දීමනා ගැන එහෙම සෙල් ලිපියේ සදහන් වෙලා තියෙනවා.
ඊට පස්සෙ රජතුමාගෙ අනුග්‍රහයෙන් සද්ධර්මතිලක විහාරය නිර්මාණය වෙනවා. සද්ධර්මතිලක විහාරයටම තමයි ඔය ගඩලාදෙණි විහාරය කියලා කියන්නෙත්. මේ ව්‍යාපෘතියත් භාර කරන්නෙ සේනාධිලoකාර අමාත්යවරයටම තමයි. මේ විහාරයේ ගෘහ නිර්මාණ කටයුතු කරන්නෙ, දකුණු ඉන්දියාවෙන් ගෙන්නපු "ගනේෂ්වරාචාර්ය" කියලා ගෘහ නිර්මාණ ශිල්පියෙක්. විහාරයේ වැඩවලට අනුශාසනා උපදෙස් දීලා තියෙන්නෙ "ධර්මකීර්ති" කියලා හාමුදුරු නමක්. සද්ධර්මතිලක විහාරයට එනකොට අපිට මුලින්ම හම්බ වෙන්නෙ "විජයොත්පාය" කියන ගොඩනැගිල්ල. මේ විදිහේ අපේ රටේ තියෙන එකම ගොඩනැගිල්ල තමයි මේ.
ප්‍රධාන චෛත්‍යයේ හතර පැත්තෙන් බුදු ගෙවල් හතරක් තියෙනවා. ඒ බුදු ගෙවල්වල බුද්ධ ප්‍රතිමා හතරක් දකින්න පුලුවන්. ඒ වගේම මහ නුවර යුගයටත් කලින් ඇදපු චිත්‍ර දකින්න පුලුවන්. බුදු ගෙවල්වල වහල උඩ තවත් උප චෛත්‍යය හතරක් නිර්මාණය කරලා තියෙනවා. ඒ උප චෛත්‍යය හතර මැද්දෙ තමයි ප්‍රධාන චෛත්‍යය තියෙන්නෙ.
සද්ධර්මතිලක විහාරයේ තියෙන ප්‍රධාන බුදු මැදුර දකුණු ඉන්දියාවේ විජයනගර් අධිරාජ්‍යයේ ගෘහ නිර්මාණවලට නෑකම් කියනවා. ඒක නිර්මාණය කරලා තියෙන්නෙ "ගෙඩිගේ" සම්ප්‍රදායට අනුවයි. ඒ කියන්නෙ ගොඩනැගිල්ලේ උඩ "ශිඛර" වගේ හදලා තියෙනවා.
බුදු මැදුර එළියෙ වගේම ඇතුළෙත් එක එක ජාතියේ කැටයම් ගණනාවක් තියෙනවා. බුදු මැදුරෙ ඇතුළෙ තියෙන ප්‍රධාන බුදු පිළිම හැරුණම, ලoකාතිලක විහාරයේ පිළිමගේ බිත්තිවල වගේම මහ නුවර යුගයේ චිත්‍ර ඇදලා තියෙනවා. විහාරයේ තියෙන සෙල්ලිපිවලින් ද්වී භාෂා ලිපිය, ඉතිහාසඥයන්ගේ සෘජු අවධානයට ලක් වෙලා තියෙන ලිපියක්.
4 වෙනි බුවනෙකබාහු රජතුමාගෙන් පස්සෙ, රජතුමාගෙ සහෝදරයා "5 වෙනි පරාක්‍රමබාහු" නමින් රාජ්‍ය පාලනය කරනවා. සමහරක් සෙල්ලිපිවල පරාක්‍රමබාහු රජතුමා ගැන සදහන් වෙන්නෙ "ත්‍රී සිoහලාධීෂ්වර" රජ කෙනෙක් විදිහට. ඒ කියන්නෙ මුළු ලoකාවම රජතුමා යටතේ පාලනය වුණා කියන එකයි. ඒත් මේ වෙනකොට යාපනය රාජධානියේ, ආර්යය චක්‍රවර්තීන් ගොඩක් බලවත් වෙලා ඉදලා තියෙනවා. ඒ වගේම විටින් විට සිoහල පාලන ප්‍රදේශවලට පහර දීලත් තියෙනවා. රටේ කැරලි කෝලහාල එහෙමත් තිබිලා තියෙනවා. 5 වෙනි පරාක්‍රමබාහු රජතුමා, දෙවනගල වනරතන හාමුදුරුවො එක්ක එකතු වෙලා, ශාසන සoශෝධනයක් කරනවා. දුස්සීල හාමුදුරුවරු ශාසනෙන් නෙරපලා, ශාසනය පිරිසිදු කරනවා.
5 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ "3 වෙනි වික්‍රමබාහු" රජතුමා ගම්පල ඉදන් රාජ්‍ය පාලනය කරනවා.
* Cover Photo -
Taken from www.travelforlanka.com