අනුරාධපුරයේ 5 වෙනි මහින්දව දකුණු ඉන්දීය චෝළ අධිරාජ්‍යයට අරගෙන යනවාත් එක්කම, රජරට රාජධානියේ කොඩි කණුවේ චොළ අධිරාජ්‍යයේ කොඩියක් එසවෙනවා. දැන් 5 වෙනි මහින්ද රජතුමා නැති හින්දා, රටේ පාලන බලය එන්න ඕනි මහින්දගේ පුත්‍රයා වුණු 6 වෙනි කාශ්‍යපට. ඉතින් අපේ සිoහල හමුදාපතිලා 6 වෙනි කාශ්‍යපව ආරක්ෂාව සහිත බoකරයකට ගෙනියනවා. මොකද දැන් රටේ බලය තියෙන්නෙ 6 වෙනි කාශ්‍යප අතේ. ඒ මදිවට චෝළ හමුදාව සිoහාසනයට උරුමකම් කියන අයව ඝාතනය කරන්න පටන් අරන්. මතකද අපි වළගම්බා, ධාතුසේන රජවරු ගැන සාකච්ඡා කරන කොට කියපුවා..???? පාලකයා හිටියොත් රට ආරක්ෂා වෙනවා. රට රැකෙනවා. පාලකයා කොහේ හිටියත් පාලකයම තමයි. පාලකයා ජීවතුන් අතර හිටියොත්, එයාට පුළුවන් අනාගතයේ කවදා හරි දවසක නැගී සිටින්න. පාලකයා නැති වුණොත් මුළු රටම නැති වෙනවා. ඒ වගේම අපි ඒ ලිපිවල මෙන්න මෙහෙම දෙයකුත් මතක් කළා.
මතකනෙ 1815දි අපේම එවුන්, ශ්‍රී වික්රමරාජසිoහ රජ්ජුරුවන්ව සුද්දන්ට අල්ලලා දුන්න හැටි...???? 1815 ඉදන් අපේ රටේ ආර්ථික, සාමාජීය, දේශපාලනික, ආගමික, සoස්කෘතික වශයෙන් අවුරුදු 200ක් තිස්සෙ අපේ රටට වෙච්ච වින්නැහියේ ප්‍රතිඵල අදටත් දකින්න තියෙනවනෙ. ආගම දහමක් අදුරන්නෙ නැති, සoස්කෘතියක් කියලා දෙයක් තියෙනවද කියලවත් දන්නෙ නැති කළු සුද්දො රැලක් බිහි වෙලා ඉන්නෙ අන්න ඒක නිසයි. ශ්‍රී වික්රමරාජසිoහ රජතුමාව බ්‍රිතාන්‍යන් ඉන්දියාවට ගෙනියන කොට රජ්ජුරුවො බ්‍රිතාන්‍යන්ට කිව්වෙ "අපේම උන් මාව උඹලට අල්ලලා දුන්නා. මම තව ටික කලක් හිටිය නම්, උඹලට ගහලා මේ රටින් උඹලව අතු ගාලා දානවා" කියලයි.
ඉතින් 6 වෙනි කාශ්‍යපට ආරක්ෂාව දීපු අය මොන තරම් ඥානවන්ත පිරිසක් වෙන්න ඇතිද..??? රටේ පාලකයා වටේට ඉන්න ඕන මෙන්න මේ වගේ අය තමයි. කාශ්‍යපට මුළු රටේම අයගෙ ආදරය ලැබෙනවා. මේ අස්සෙ චෝළ බුද්ධි අoශයට ආරoචි වෙනවා කාශ්‍යප කුමාරයා රුහුණෙ ඉන්නවා කියලා. ඉතින් රජරට ඉදන් 95 000ක චෝළ රෙජිමේන්තුවක් එනවා, කාශ්‍යප කුමාරයව අල්ල ගන්න. ඒත් කාශ්‍යපට බය වෙන්න දෙයක් තිබ්බෙ නෑ. කාශ්‍යපට හිටියා කීර්ති සහ බුද්ධ කියලා ඇමතියො දෙන්නෙක්. මේ දෙන්නා රාජකීය හමුදාවත් එක්කලා, චෝළයින්ට රුහුණට ඇතුල් වෙන්න ඉඩ දෙන්නෙ නැතුව, රුහුණෙ Border එක ළග ඉදගෙන චෝළයින්ට ගහන්න ගත්තා. මේ විදිහට මාස 6ක් Border එක අපි අල්ලගෙන හිටියා. මාස 6 ඉවර වෙනකොට 95 000ක චෝළ හමුදාවෙන් ඉතිරි වුණේ 5%ක් වගේ සුළු ප්‍රමාණයක්. ඉතින් ඒ අය බේරිලා ආයිත් රජරටට පැනලා යනවා.
මතකනෙ 1815දි අපේම එවුන්, ශ්‍රී වික්රමරාජසිoහ රජ්ජුරුවන්ව සුද්දන්ට අල්ලලා දුන්න හැටි...???? 1815 ඉදන් අපේ රටේ ආර්ථික, සාමාජීය, දේශපාලනික, ආගමික, සoස්කෘතික වශයෙන් අවුරුදු 200ක් තිස්සෙ අපේ රටට වෙච්ච වින්නැහියේ ප්‍රතිඵල අදටත් දකින්න තියෙනවනෙ. ආගම දහමක් අදුරන්නෙ නැති, සoස්කෘතියක් කියලා දෙයක් තියෙනවද කියලවත් දන්නෙ නැති කළු සුද්දො රැලක් බිහි වෙලා ඉන්නෙ අන්න ඒක නිසයි. ශ්‍රී වික්රමරාජසිoහ රජතුමාව බ්‍රිතාන්‍යන් ඉන්දියාවට ගෙනියන කොට රජ්ජුරුවො බ්‍රිතාන්‍යන්ට කිව්වෙ "අපේම උන් මාව උඹලට අල්ලලා දුන්නා. මම තව ටික කලක් හිටිය නම්, උඹලට ගහලා මේ රටින් උඹලව අතු ගාලා දානවා" කියලයි.
ඉතින් 6 වෙනි කාශ්‍යපට ආරක්ෂාව දීපු අය මොන තරම් ඥානවන්ත පිරිසක් වෙන්න ඇතිද..??? රටේ පාලකයා වටේට ඉන්න ඕන මෙන්න මේ වගේ අය තමයි. කාශ්‍යපට මුළු රටේම අයගෙ ආදරය ලැබෙනවා. මේ අස්සෙ චෝළ බුද්ධි අoශයට ආරoචි වෙනවා කාශ්‍යප කුමාරයා රුහුණෙ ඉන්නවා කියලා. ඉතින් රජරට ඉදන් 95 000ක චෝළ රෙජිමේන්තුවක් එනවා, කාශ්‍යප කුමාරයව අල්ල ගන්න. ඒත් කාශ්‍යපට බය වෙන්න දෙයක් තිබ්බෙ නෑ. කාශ්‍යපට හිටියා කීර්ති සහ බුද්ධ කියලා ඇමතියො දෙන්නෙක්. මේ දෙන්නා රාජකීය හමුදාවත් එක්කලා, චෝළයින්ට රුහුණට ඇතුල් වෙන්න ඉඩ දෙන්නෙ නැතුව, රුහුණෙ Border එක ළග ඉදගෙන චෝළයින්ට ගහන්න ගත්තා. මේ විදිහට මාස 6ක් Border එක අපි අල්ලගෙන හිටියා. මාස 6 ඉවර වෙනකොට 95 000ක චෝළ හමුදාවෙන් ඉතිරි වුණේ 5%ක් වගේ සුළු ප්‍රමාණයක්. ඉතින් ඒ අය බේරිලා ආයිත් රජරටට පැනලා යනවා.
ඔන්න ඉතින් කාවණ්තිස්ස, දුටුගැමුණු යුගවල වගේම විදේශීය ආක්‍රමණිකයන්ට එරෙහි පළවෙනි වෙඩි මුරය රුහුණෙන් පත්තු වෙනවා. 6 වෙනි කාශ්‍යප කුමාරයා, "වික්‍රමබාහු" කියලා නම මාරු කර ගන්නවා. ඔටුන්නත් දාගෙන රටේ පාලකයා වෙන්න කියලා මිනිස්සු කියන්න ගන්නවා. ඒත් ඒකට සුදුසු වාතාවරණය මේක නෙවේ කියලා කියපු වික්‍රමබාහු කුමාරයා (6 වෙනි කාශ්‍යප), සොළීන් එක්ක යුද්ධ කරන්න ලොකු හමුදාවක් සoවිධානය කරන්න ගන්නවා. කාලයක් තිස්සෙ මේ විදිහට හමුදාව සoවිධානය කර ගෙන එන කොට, රටේ අවාසනාවකට වික්‍රමබාහු කුමාරයා ලෙඩ වෙලා මැරෙනවා.
ඔන්න දැන් අපිට පාලකයෙක් නෑ. ඒ නිසා සොළීන් මේකෙන් ප්‍රයෝජනය ගන්න පුලුවන්. ඒත් ඊට කළින් කුමාරයා ළග හිටපු සෙන්පතියෙක් වෙන කීර්ති සෙන්පතියා රටේ පාලකයා වෙනවා. මෙන්න මේක හොද ක්‍රියා මාර්ගයක්.
මේ වගේ දෙයක් නම් ඊයෙ පෙරේදත් වුණා. ඒ කියන්නෙ 1993 අවුරුද්දෙ. 1993 වැඩ කරන ජනතාවගේ දවසෙදි රණසිoහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වෙනවා. ඝාතනය වෙලා ටික වේලාවක් යන්නත් කලින් ඩී.බී.විජේතුoග මහත්තයා, රටේ ජනාධිපතිවරයා විදිහට වැඩ භාර ගන්නවා. සමහරක් අයට මුලින්ම ආවේ විජේතුoග මහත්තයා ජනාධිපතිවරයා විදිහට වැඩ භාර ගත්තාය කියන ප්‍රවෘත්තිය. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වුණ එක ගැන දන්නෙ පස්සෙ.
ජනාධිපතිවරයා ඝාතනය වුණාම අපේ රටේ හමුදාවට Orders දෙන්න රාජ්‍ය නායකයෙක් නෑ. කෙලින්ම ප්රභාකරන් නිරුපද්‍රිතව කොළඹට ඇවිල්ලා ජනාධිපති මන්ධිරය වටලලා, අපේ රටේ ජනාධිපති වෙලා දරුණු පාලනයක් කර ගෙන යනවා. රටේ පාලකයට වගකීම් සමූහයක් තියෙනවා. ඒ වගේම ආයතන, ත්‍රිවිධ හමුදාව, අමාත්‍යාoශ, දෙපාර්තමේන්තු.... මේ හැම එකක්ම තියෙන්නෙ ජනාධිපතිවරයා යටතේ. මේවට නියෝග දෙන්න, පාලකයා නැති වුණාම මේ ඔක්කොම අවුල් ජාලයක් වෙනවා. අන්න ඒ වින්නැහිය වෙන්න කලින් තමයි ඩී.බී.විජේතුoග මහත්තයා ජනාධිපතිවරයා විදිහට, එදාම දිවුරුම් දෙන්නෙ.
ඒත් සෙන්පති කීර්තිට නම් ජීවත් වෙන්න වාසනාව තිබ්බෙ දවස් 8ක් විතරයි. කීර්තිව මරලා මහාලාන කීර්ති කියලා කෙනෙක් රාජ්‍යත්වය ගන්නවා. මහාලාන කීර්ති අවුරුදු 2ක් සොළීන් එක්ක යුද්ධ කරනවා. අන්තිමේදි යුද්ධෙන් පැරදෙනවා.
ඒ අගෞරවය නැති කර ගන්න, මහාලාන කීර්ති සිය දිවි හානි කර ගන්නවා. මොකද රජ කෙනෙකුගේ අභිමානය තියෙන්නෙ යුද්ධ ජයග්‍රහණ මතයි. යුද්ධයෙන් පරදින එක රජතුමාට ලොකු ලැජ්ජාවක්. ඒකෙන් ගෞරවයත් නැති වෙනවා. ඒකෙන් සමාජයට මුහුණ දෙන්න බැරි නිසා සමහරක් රජවරු මේ වගේ වෙලාවල්වලදි සිය දිවි හානි කර ගෙන තියෙනවා. මහා කාශ්‍යප රජතුමා මේකට හොද උදාහරණයක්. The Last Samurai චිත්‍රපටයේ අන්තිම හරිය මතකයි නේද..???
මහාලාන කීර්තිගෙන් පස්සෙ එතුමාගේ පුත්‍රයා වුණු වික්‍රම පාණ්ඩ්‍ය කුමාරයා, කළුතර ඉදන් සොළීන්ට ගහන්න ගන්නවා. ඊට පස්සෙ ජගතිපාල කියලා කෙනෙක්ගෙ අතින් ඝාතනය වෙනවා. අවුරුදු 4ක් ජගතිපාලත් අනිත් අය වගේම ප්‍රාදේශීය පාලකයෙක් විදිහට හිටියත්, අන්තිමේදි එයත් චෝළ හමුදාව අතින් මැරුම් කනවා. ඊට පස්සෙ ජගතිපාලගේ පුත්‍රයෙක් වුණු පරාක්‍රම පාණ්ඩ්‍ය රජ වෙනවා. අවුරුදු 2කට පස්සෙ පරාක්‍රම පාණ්ඩ්යව මරලා, ලෝකේෂ්වර කියලා සෙනෙවිවරයෙක් සොළීන් එක්ක යුද්ධ කරන්න ගන්නවා.
මෙන්න මේ වෙලාවෙදි තමයි කිත්ති කුමාර චරිතය කරලියට එන්නෙ. මහා විජයබාහු රජතුමාව තරුණ කාලයේ හදුන්වලා තියෙන්නෙ "කිත්ති කුමාරයා" (කීර්ති) කියලා.
මානවම්ම පෙළපතින් එන කිත්ති කුමාරයටත් රටේ සිoහාසනයට උරුමයක් තිබ්බා. විජයබාහු කුමාරයට බුද්ධරාජ සහ දේවමල්ල කියන විශ්වාසවන්ත අමාත්‍යවරු දෙන්නා ගොඩක් උදව් කරනවා. ඔය පොත්පත්වල "බුදල්නා" කියලා කියන්නෙත් මේ බුද්ධරාජ අමාත්යවරයටම තමයි. ඉතින් මුලින්ම මෙයාලට අවශ්‍ය වුණේ රුහුණේ පාලන බලය ගන්න එක.
ඕනිම දෙයක් කරන්න කලින්, තමන්ට ඒකට සුදුසුකමක් තියෙනවද කියලා බලන්න ඕන. එහෙම නැත්නම් ඒකට සුදුසුකමක් හදාගෙන ඉන්න ඕන. රටෙන් සොළී හමුදාව නෙරපලා, රට එක්සේසත් කරලා, රජ වෙන්න ඕන එක තමයි අවශ්‍යතාවය. මේකට සුදුසුකම ගන්න පුලුවන් රුහුණේ පාලන බලය අරගෙන. ඉතින් මාස ගාණක් මෙයාලා කැලෑවෙ හැoගිලා ගස්වල මල්, ගෙඩි, කොළ ක කා දුෂ්කර ක්‍රියා කරමින් පොඩි හමුදාවක් ගොඩ නගනවා. ඊට පස්සෙ හමුදාවත් එක්ක ගිහින් අවුරුදු 6ක් රුහුණේ හිටිය ලෝකේශ්වරව පරද්දලා රුහුණේ පාලනය ගන්නවා.
මේ වෙලාවෙ සොළීන්ට විරුද්ධව යුද්ධ කර කර හිටිය, ලෝකේශ්වරගේ පුත්‍ර "කේශධාතු කාශ්‍යප" රුහුණෙන් පැනලා යනවා. දැන් රුහුණේ බලය තියෙන්නෙ විජයබාහු කුමාරයගෙ අතේ.
අපේ රට රාමඤ්ඤ දේශයත් එක්ක තිබ්බ සම්බන්ධතා වර්ධනය වෙන්න ගන්නෙ පොළොන්නරු යුගයෙ ඉදලා. රාමඤ්ඤ දේශය කියලා කියන්නෙ බුරුමයට. අද නම් මියන්මාරයට. අපේ රටත් එක්ක රාමඤ්ඤ දේශය සම්බන්ධතා ඇති කර ගත්තායින් පස්සෙ රටවල් දෙක අතර දේශපාලනික, ආගමික, ආර්ථික, සාමාජීය අoශයන් හුවමාරු වෙන්න ගත්තා. රාමඤ්ඤ දේශයත් එක්ක වැඩියෙන්ම අපි ඇති කර ගත්තේ ආගමික සහ දේශපාලනික සම්බන්ධතා.
ඉතින් මේ වෙලාවෙ විජයබාහු කුමාරයත් රාමඤ්ඤ දේශයත් එක්ක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කර ගන්නවා. රාමඤ්ඤ දේශයෙන් යුද්ධ ආධාර, උපකරණ ලබා ගන්නවා. මේ නිසා සොළී ආධාර අරගෙන අපේ රටට එන නැව්, මුහුදෙදිම ගිල්වන්න අපේ අයට පුලුවන් වෙනවා.
විජයබාහු කුමාරයා කතරගම සහ මලය දේශයේ දේශ සීමා පුළුල් කරන්න ගන්නවා. දැන් රටේ හැමෝගෙම පක්ෂපාතීත්වය විජයබාහු කුමාරයට එන්න ගන්නවා. මොකද අපේ රටේ මිනිස්සු විජයබාහු කුමාරයා හරහා රටේ සාමය දැක්කා. එක්සේසත් රටක් දැක්කා. මේ වෙන කොටත් රුහුණ දිහාවට ලොකු චෝළ හමුදාවක් එනවා. මොකද රුහුණට පායපු මේ අලුත් තරුව ගැන චෝළ බුද්ධි අoශයට ආරoචි වෙලා තිබුණෙ.
චොළ හමුදාව රුහුණට එනකොට සුදු කොඩියක් අරගෙන ආපු ලොකු සිoහල හමුදාවකුත් මෙයාලට එක්කහු වෙනවා. ඒ හමුදාව මෙහෙය වන්නෙ විජයබාහු රජ්ජුරුවන්ගෙ විශ්වාසවන්තම අමාත්‍යවරු දෙන්නෙක් වුණු "රවිදේව" සහ "චල" කියන දෙන්නා. චෝළ හමුදාවේ නායකයත් ගොඩක් සන්තෝස වෙනවා. කුමාරයට විරුද්ධව තමන්ගෙම රටේ මිනිස්සුත් කටයුතු කරන එක දැක්කම. මේ විදිහට මේ හමුදා දෙක ගිහින් රුහුණෙ විජයබාහු කුමාරයා හැoගිලා ඉන්න පර්වතය වට කරනවා. ඔන්න ඉතින් සැලැස්මට අනුව වැඩේ සිද්ධ වෙනවා. එකපාරටම චෝළ හමුදාවට එකතු වුණ සිoහල හමුදාවත්, චෝළ හමුදාවට ගහන්න පටන් ගත්තා. පර්වතය උඩිනුත් චෝළ හමුදාවට දැවැන්ත ප්‍රහාරයක්. විජයබාහු කුමාරයගෙ හමුදාවට මුහුණ දීගන්න බැරි වෙලා, පරාජය වෙච්ච චෝළ හමුදාවෙ ඉතිරි අය ඔළුව හැරුණු හැරුණු දිහාවට දුවන්න ගන්නවා. චෝළ ඇමතියත් ඝාතනය වෙනවා.
ඊට පස්සෙ විජයබාහු කුමාරයා, චෝළ හමුදාවත් එක්ක කරපු සටන් එක දිගට ජයග්‍රහණය කරන්න ගන්නවා. තවත් ලොකු දෙමළ හමුදාවක් පරද්දනවා. ඊට පස්සෙ මාස 3ක් විල්ලිකබාන, වාකිරිගල, මඩුගල්ල, මහානාගහුල කියන තැන්වලටත් ගහලා, ඒ ප්‍රදේශ චෝළයින්ගෙන් අත්පත් කර ගන්නවා. මේ අස්සෙ මිය ගිය කේශධාතුගෙ සහෝදරයෙක් විජයබාහුට විරුද්ධව කරපු කැරැල්ලකුත් සාර්ථකව මර්ධනය කරනවා. ඊට පස්සෙ විජයබාහු කුමාරයා හැරෙන්නෙ ලoකාවේ චෝළයින්ගේ Head Quarters එක තියෙන පොළොන්නරුව දිහාවට. එතන අල්ල ගන්නවා කියන්නෙ මුළු රටේම සොළී හමුදා බලය නැති වෙනවා කියන එක. මේ නිසා බුද්ධරාජ ඇමතිවරයා එක්ක රජ්ජුරුවො පොළොන්නරුවට යන්න ලොකුම ලොකු හමුදාවක් නිර්මාණය කරනවා. දවස් ගණනක් තිස්සේ වෙහෙස මහන්සි වෙලා සැලැස්මක් හදනවා. මේක චෝළ පාලන ප්‍රදේශ ගැන ලොකු අධ්‍යනයක් කරලා, සූක්ෂමව නිර්මාණය කරපු සැලැස්මක්.
සැලැස්මට අනුව හමුදාව පොළොන්නරුවට යවන්නෙ එක පැත්තකින් නෙවේ. තුන් පැත්තකින්. එක හමුදා කණ්ඩායමක් මහානාගහුල ඉදලා, මාගම හරහා පොළොන්නරුවට යනවා.
අනිත් කණ්ඩායම මහානාගහුල ඉදලා, වලවේ ගග තරණය කරලා මහියoගනය හරහා කෙළින්ම පොළොන්නරුවට ඇතුල් වෙනවා.
අනිත් කණ්ඩායම පොළොන්නරුවට යන්නෙ අනුරාධපුරය හරහා. අනුරාධපුරයට ඇතුල් වෙනකොට ඒ කණ්ඩායම කොටස් දෙකකට බෙදෙනවා. එක කණ්ඩායමක් එතනින් හැරිලා මහාතිත්ථ වරාය තියෙන තැනට යනවා. එතන තමයි චෝළ හමුදාව ඉන්දියාව එක්ක Contact එක තියාගෙන ඉන්නෙ. ඒ කියන්නෙ ඉන්දියාවේ චෝළ අධිරාජ්‍යයෙන් එන ඔක්කොම Supply එන්නෙ එතනට. එතනින් තමයි එව්වා පොළොන්නරුවට Transport කරන්නෙ. ඒ කණ්ඩායම එතන ඉන්න චෝළ හමුදාවට නැත්තටම නැති වෙන්න ගහලා, එතන පාලන බලය අරගෙන, ඉන්දියාවෙන් එන නැව් ගැන අවධානයෙන් ඉන්නවා.
අනිත් කණ්ඩායම අනුරාධපුරය හරහා පොළොන්නරුවට ඇතුල් වෙනවා.
මහානාගහුල ඉදලා, මහියoගනය හරහා කෙලින්ම යන හමුදාවත් එක්ක තමයි විජයබාහු කුමාරයා යන්නෙ. මෙහෙම ගිහිල්ලා, චෝළයින්ගේ ප්‍රධාන මූලස්ථානයට එක පාරටම ගහන්න ගන්නවා. මූලස්ථානය වට කරලා තියෙන නිසා චෝළයින් මූලස්ථානයේම හිර වෙනවා. මුලදි එළියට ඇවිල්ලා සටන් කළත්, සටනට යන හැමෝම මැරෙන නිසා, කරන්න දෙයක් නැතුව චෝළ හමුදාව බලකොටුවෙ ප්‍රධාන දොර වහනවා.
සති 6ක් මේ විදිහට ලොකු චෝළ හමුදාවක්, බලකොටුවක් අස්සෙ හිර වෙලා ඉන්නවා. තියෙන කෑම බීම එහෙම ඔක්කොම ඉවරවෙලා, සොළීන් හොදටම හෙම්බත් වෙනවා. මේක ඉවෙන් වගේ විජයබාහු කුමාරයට දැනෙනවා. ඊට පස්සෙ කණ්ඩායම් තුන එක්කම, බලකොටුවෙ ගේට්ටුවත් කඩා ගෙන ඇතුල් වෙලා ඉන්න ඔක්කොම ටික ඝාතනය කරලා දානවා. බලකොටුවෙ කොඩි කණුවෙ සිoහල කොඩියක් එසවෙනවා.
බලන්න කොච්චර සූක්ෂමව මේක කළාද කියලා? 2008 අපේ හමුදාව ත්රස්තවාදීන්ගෙන් තොප්පිගල මුදවා ගන්න කරපු මෙහෙයුමටත් පාවිච්චි කළේ, මෙන්න මේ Plan එකම තමයි. එදා ඒ මෙහෙයුම අතිසාර්ථක වුණා. ඒ මෙහෙයුම ගැන මුළු ලෝකයක්ම කතා කළා. හැබැයි ඒකෙදි නම් පොඩි වෙනසක් වුණා. විජයබාහු කුමාරයගෙ මෙහෙයුමේ නම් ප්‍රදේශය තුන් පැත්තකින් වට කළා. ඒත් මේකෙදි එහෙම වුණේ නෑ. තොප්පිගල කියන්නෙ ගිරි දුර්ගවලින් පිරුණු මහා ඝන කැළෑවක්. ඉතින් තොප්පිගල කන්දෙ පිටිපස්ස හරියට ඇතුල් වෙන්න බැරුව යනවා. ඒ නිසා හමුදාව කණ්ඩායම් තුන ගිහින් වට කළේ කන්ද ඉස්සරහින්. ඉස්සරහින් ගිහින් තුන් පැත්තකින් වට කළා. කන්දෙ පිටිපස්සෙන් ඉතිරි වෙච්ච ත්රස්තවාදීන් ටික පැනලා ගියා. හැබැයි මෙහෙයුම සාර්ථක වුණා.
"දැන් නම් සිoහල අය බලවත් වෙලා. අපිට දැන් එයාලත් එක්ක යුද්ධ කරන්න ශක්තියක් නෑ" කියලා හිතපු ඉන්දියාවේ චෝළ අධිරාජ්‍යයා, ආයිත් මෙහාට කවදාවත් චෝළ හමුදාවක් එවන්නෙ නෑ. මේ විජයග්රහණයෙන් පස්සෙ විජයබාහු කුමාරයා, "මහා විජයබාහු" නමින් රටේ පාලකයා වෙනවා.
ථූපාරාමය ළග තියෙන මහාබෝධි විද්‍යාලය ළග තමයි විජයබාහු රජතුමාගේ අනුරාධපුර මාළිගාව තියෙන්නෙ. 1 වන විජයබාහු රජතුමා තමන්ගේ රාජාභිෂේකය සිද්ධ කළේ මේ මාළිගාවේ ඉදන්. මේ නිර්මාණය පොළොන්නරු යුගයේ රජමාලිගා සැලසුම් සම්ප්‍රදායට සමානකම් පෙන්වනවා. මාළිගාවේ ඉදිරිපස වගේම පිටුපසිනුත් දොරටුවක් තියෙනවා. සෑම දොරටුවක් දෙපැත්තෙම සංඛනිධි සහ පද්මනිධි ඉන්න මුරගල් ද්විත්වයක් දකින්න පුලුවන්. මාළිගාවේ අත්තිවාරම පරික්ෂා කළාම, කුටි ගණනාවක් තිබිලා තියෙනවා කියලා නිගමනයකට එළඹෙන්න පුලුවන්. මාළිගාව මැද්දෙ තියෙන බිත්තියේ අතරින්පතර බිතු සිතුවම් දැක ගන්න පුලුවන්.
දෙමහල් ගොඩනැගිල්ලක් විදිහට තිබුණු මේ මාළිගාව අතාරින රජතුමා, අභිෂේකයෙන් පස්සෙ පොළොන්නරුවට යනවා. ඊට පස්සෙ පොළොන්නරුව රාජධානියක් විදිහට ගොඩ නගලා 1070 ඉදන් රාජ්‍ය පාලනය කරන්න ගන්නවා.
මහා විජයබාහු රජතුමා පොළොන්නරු රාජධානියේ පළවෙනි පාලකයා වෙන්නෙ, පොළොන්නරු යුගයත් ආරම්භ කරගෙනමයි.
ඊළගට රජ්ජුරුවො රටේ වැඩ භාර ගත්තායින් පස්සෙ මුලින්ම කළේ, රජකම ගන්න උදව් කරපු අයට කළගුණ සළකන එක. අද දේශපාලඥයන්ගෙන් මේ ගුණය තියෙන්නෙ කීයෙන් කී දෙනාටද..??? තනතුර ගත්තායින් පස්සෙ ඒ තැනට එන්න උදව් කරපු අය මතක නෑ. ඒ අය උදව්වක් ඉල්ලුවම අහක බලා ගන්නවා. ඒ හැමෝටම මහා විජයබාහු රජතුමා හොද ආදර්ශයක්.
රජතුමා තමන්ට උදව් කරපු බුදල්නටයි, අනිත් අමාත්‍යවරුන්ටයි, සෙබළුන්ටයි තාන්න මාන්න දෙනවා. රජතුමාගෙ සෙවනැල්ල වගේ පස්සෙන් හිටපු බුදල්නට තාන්න මාන්න විතරක් නෙවේ, මුළු පරම්පරාවටම වරප්‍රසාද දෙනවා. බුදල්නාගේ පරම්පරාවේ අයට කොයි මොහොතකවත් රාජ්‍ය දඩුවම් දෙන්න බෑ. රජයෙන් පරවේණි ගම් බිම් දෙනවා. පරම්පරාවෙ කෙනෙක් මිනිමෑරුම් 3ක් කළත්, රජයෙන් සමාව දෙන්න ඕන. මේ ටික රජතුමාගේ "පණාකඩුව තඹ සන්නසේ" තියෙනවා. වැදගත්ම එක තමයි ත්‍රී සිoහලාධීශ්වර වෙච්ච රජ කෙනෙක් වුණත්, තමන්ට උදව් කරපු අයට කළගුණ සළකන්න තරම් නම්‍යශීලී වීම.
මේ වෙනකොට අවුරුදු ගානක් තිස්සෙ අපේ රටේ තිබ්බ ද්‍රවිඩ පාලනය නිසා අපේ රටේ බුදු දහම නැත්තටම නැති වෙලා ගිහින්. රටේ යුද්ධයක් තියෙන කොට, රටේ මිනිස්සු යුද්ධෙ දිහාවට ඇහැ ගහගෙන ඉන්න කොට, සමහරක් පන්සල්වල වෙන වෙන දේවල් වෙලා. ඉතින් සාoඝික දානයකට සිල්වත් හාමුදුරුවරු පස් නමක්වත් හොයා ගන්න බැරි තත්වයක් උදා වෙලා. උපසම්පදාව නැති වෙලා ගිහින්. වෙහෙර විහාර කඩා ගෙන වැටිලා. සමහරක් එව්වා චෝළ හමුදාව කඩලා දාලා. අපේ රටේ අවුරුදු ගාණක් තිබ්බ ද්‍රවිඩ පාලනය නිසා අපේ රටට වුණ වින්නැහිය නිකාය සoග්‍රහය, රාජරත්නාකාරය වගේ පොත්පත්වල සදහන් කරලා තියෙනවා.
මේ නිසා රජතුමා රාමඤ්ඤ දේශයෙන් ආයිත් අපේ රටට උපසම්පදාව ගේනවා. බෞද්ධ පොත්පත් ආනයනය කරනවා. උගත් බුද්ධිමත් හාමුදුරුවරුන්ව අපේ රටට වඩම්වනවා.
රාමාඤ්ඤ දේශයට කරන ප්‍රති උපකාරයක් විදිහට රජතුමා අපේ රටේ ලියවුණු බෞද්ධ පොත්පත්, බුදු පිළිම වහන්සේ නමක්, දළදා වහන්සේගේ අනුරුවක් රාමඤ්ඤ දේශයට පරිත්‍යාග කරනවා.
ඒ වගේම සොළීන් කඩලා බිදලා දාපු පන්සල් ඔක්කොම ටික ප්‍රතිසoස්කරණය කරනවා. හුග කාලයක් තිස්සෙ නැවතිලා ගිහින් තිබ්බ බෞද්ධ පිoකම් ආයිත් පටන් ගන්න අනුග්‍රහය දෙනවා. ශ්‍රී පාදස්ථානය නඩත්තු කරලා, රාජ්‍ය අනුග්‍රහය දෙනවා.
පොළොන්නරුවේ අටදාගෙයක් නිර්මාණය කරලා දළදා වහන්සේව තැන්පත් කරනවා. අටදාගේ කියන්නෙ පොළොන්නරුවේ පළවෙනි දළදා මන්දිරයටයි.
අනුරාධපුර රාජධානියට එල්ල වුණ ඒ ආක්රමණයේ අත්දැකීම් පාදක කරගෙන රජතුමා පොළොන්නරුව වටේට උස් පවුරු, බලකොටු, දිය අගල් හදනවා. ප්‍රාදේශීය රාජ්‍යන් අතර තියෙන තරගය නැති කරලා, පාලනය එක මාර්ගයකට ගන්නවා. රටේ අධිකරණ කටයුතු ආයිත් ආරම්භ කරන්න උපදෙස් දීලා මිනිස්සුන්ට හිරිහැරයක් වෙන්නෙ නැති විදිහට අය කරන බදුවල සoශෝධනයක් ඇති කරනවා. මහ වැව් 16ක් නිර්මාණය කරලා, කැඩිලා බිදිලා ගිහින් තිබ්බ හැම වැවක්ම ප්‍රතිසoස්කරණය කරනවා.
මහා විජයබාහු රජතුමාගේ මේ ප්‍රතිසoස්කරණ කටයුතු ගැනත් පොඩි ඇගයීමක් කරන්න ඕන. මොකද මොකක් හරි දෙයක් නිර්මාණය කරන එක ලේසියි. ඒත් ඒ නිර්මාණය කරපු දේ ප්‍රතිසoස්කරණය කරන එක, නඩත්තු කරන එක ගොඩක් අමාරු කටයුත්තක්. රජතුමා රටේ ආර්ථිකය ගොඩ ගන්න වැව් හැදුවා වගේම තිබ්බ වැව් ටික ප්‍රතිසoස්කරණය කළා. අලුතින් වෙහෙර විහාර නිර්මාණය කළා වගේම, තිබ්බ වෙහෙර විහාර ටික ප්‍රතිසoස්කරණය කළා. අන්න ඒ කර්තව්‍යන් ටිකම විජයබාහු රජතුමාගේ කාර්යය සාඵල්‍ය අගය කරන්න තරම් වටිනවා.
මොකද රජතුමා ඒ ටික ප්‍රතිසoස්කරණය කරන්නෙ නැතුව ඒ විදිහටම තියෙන්න ඇරියා නම්, ඊට පස්සෙ එන පාලකයන්ට ඒ ටික ප්‍රතිසoස්කරණය කර කර ඉන්න වෙනවා මිසක්, අලුතින් යමක් නිර්මාණය කරන්න තරම් කාලයක් නැතුව යනවා. ඒත් පස්සෙ එන පාලකයන්ට ඒ ටික ප්‍රතිසoස්කරණය කරන්න ඉඩ තියන්නෙ නැතුව, රජතුමා ඔක්කොම ටික ප්‍රතිසoස්කරණය කරලා දැම්මා. ඒ නිසා පස්සෙ ආපු පාලකයන්ට අලුත් අලුත් දේවල් නිර්මාණය කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඔය පරාක්‍රම සමුද්‍රය, රන්කොත් වෙහෙර, ගල් විහාරය, අටදාගේ වගේ දේවල් නිර්මාණය වෙන්නෙ අන්න ඒ නිසයි. විජයබාහු රජතුමා ඒ ප්‍රතිසoස්කරණ කටයුතු නොකරන්න පරාක්‍රම සමුද්‍රය, රන්කොත් වෙහෙර, ගල් විහාරය, අටදාගේ වගේ දැවැන්ත නිර්මාණ ගොඩක් දුරට බිහි නොවෙන්නත් තිබුණා.
ඔන්න අපේ රටේ අද පාලකයන්ටත් ගන්න හොද ආදර්ශ. ආණ්ඩුවක් ගිහින් අලුතෙන් ආණ්ඩුවක් එනකොට ඒ අය කරන්නෙ අලුත් අලුත් ව්‍යාපෘති. පරණ ආණ්ඩුව කර කර හිටපු ව්‍යාපෘති එහෙම්මම නවතිනවා. අද ලoකාවේ මුල්ගල් කීයක් පැළ කරලා තියෙනවද කියලා බලන්න? අද ඉන්න ආණ්ඩුව ඒ කාර්යය භාරය හරියට කළේ නැත්නම්, එතන ඉදන් ඒ වැඩ ටික කරන්න ඊළගට එන ආණ්ඩුවට සිද්ධ වෙනවා. එතකොට ඒ ආණ්ඩුවට අලුත් දේවල් කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒ ආණ්ඩුවත් වැඩ ටික භාගෙට ඉවර කරලා යනකොට, ඊළගට එන ආණ්ඩුවට අලුත් දෙයක් කරන්න වෙන්නෙ නැතුව, අර ආණ්ඩුව නවත්තපු තැනින් පටන් ගන්න වෙනවා. ඒ ආණ්ඩුවත් වැඩ ටික ඉවර කරලා යන්නෙ භාගෙට. අපේ රටේ සoවර්ධනයේ වේගය අඩු වෙන්න ඔන්න ඕකත් එක හේතුවක් තමයි.
ඊළගට රජතුමා ආයිත් දකුණු ඉන්දියාවේ චෝළ අධිරාජ්‍යයෙන් ප්‍රහාරයක් එල්ල වෙන එක වළක්වන්න, ඒ කාලයේ චෝළයින් එක්ක යුද්ධ කරපු, චෝළයින්ට විරුද්ධව හිටිය රාජ්‍යන් එක්ක සම්බන්ධතා ඇති කර ගන්නවා. එතකොට චෝළ අධිරාජ්‍යයෙන් අපේ රටට ප්‍රහාරයක් එල්ල කළත්, අර රාජ්‍යන් ඔක්කොම අපිත් එක්ක ඉන්නවා. අපිට උදව් කරනවා. My Enemy's Enemy Is My Friend කියන්නෙ ඔන්න ඕකටයි. ඉතින් රජතුමා ඒ ඒ රාජ්‍යන් එක්ක නෑදෑකම් ඇති කර ගන්නවා. විශේෂයෙන්ම කාලිoග, පාණ්ඩ්‍ය, බුරුම වගේ රාජ්‍යන් එක්ක. "තිලෝක සුන්දරී" කියලා කාලිoග වoශික කුමාරිකාවක්ව විවාහ කරගෙන අග බිසව කර ගන්නවා. තමන්ගෙ සහෝදරිය "මිත්තා" කුමරියව, පාණ්ඩ්‍ය දේශයේ කුමාරයෙක්ට විවාහ කරලා දෙනවා. මේ නිසා චෝළ අධිරාජ්‍ය අපේ රටට ආක්‍රමණයක් එල්ල කරන්න බය වෙනවා.
රජතුමා කොච්චර දුර දිග හිතලා මේ වගේ තීරණයක් ගත්තත්, මේ තීරණේ තියෙන බරපතලකම රජ්ජුරුවන්ට තේරුණේ නෑ. මොකද විදේශීය වoශිකයන් එක්ක ඇති කර ගත්ත නෑදෑකම් නිසා රජතුමාගෙන් පස්සෙ ලoකාවේ සිoහාසනයට දේශීය අය අතරේ වගේම, විදේශීය අය අතරත් උරුමයක් ඇති වෙනවා. ඒ නිසා පස්සෙ කාලෙක දේශීය සහ විදේශීය දෙගොල්ලන් අතරෙම තරගයක් ඇති වෙනවා ලoකාවේ රජකමට. ඔය කාලිoග දේශයේ මාඝ අපේ රට ආක්‍රමණය කරන්නෙත් අන්න ඒ උරුමය නිසා.
කිව්වත් වගේම විජයබාහු රජතුමාගෙ මරණයෙන් පස්සෙ රාජ්‍යත්වය ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. රජතුමාගේ ප්‍රධාන බිසවට දරුවන් පස් දෙනෙක් හිටියා. ඒ අතරින් වැඩිමලා තමයි වික්‍රමබාහු කුමාරයා. ඒත් රජතුමාගේ මරණය ගැන, රජතුමාගේ සහෝදරිය මිත්තා කුමරිය, වික්රමබාහුට කියන්න ගියේ නෑ. මිත්තාට හිටියා පුතාලා තුන් දෙනෙක්. ඒ අය තමයි මානාභරන, කිත්සිරි මෙවන්, ශ්‍රී වල්ලභ කියන අය. මිත්තා කුමරිය, සිoහාසනයේ සැබෑ උරුමක්කාරයා වෙන වික්රමබාහුට කියන්නෙ නැතුව, මානාභරන සහ ශ්‍රී වල්ලභට යුව රජ තනතුරු දීලා, කිත්සිරි මෙවන්ව පොළොන්නරුවේ ඊළග පාලකයා කරන්න යනවා.
මේක දැනගන්න වික්‍රමබාහු කුමාරයා, මහා විජයබාහු රජතුමාගේ සොහොනට ගෞරව දක්වලා මේ හැමෝටම ගහලා පොළොන්නරුවේ බලය ගන්නවා. පාත්‍රා සහ දන්ත ධාතුව බලෙන්ම අයිති කර ගන්නවා. මිත්තා කුමරියගේ කුමන්ත්‍රණයට භික්ෂූන් වහන්සේලත් උදව් කරනවා. මේ නිසා තියෙන කේන්තියට පන්සල් බලෙන්ම අල්ල ගන්නවා. ඊට පස්සෙ වික්‍රමබාහු රජතුමාට හිතවත් අයට එව්වා නේවාසිකාගාර විදිහට පවරනවා. පන්සල්වලට අයිති ඉඩකඩම් ගන්නවා. පන්සල්වලට පූජා කරලා තියෙන රන්, රිදී, මුතු මැණික්, වස්තුව, ධනය හැම එකක්ම කොල්ල කනවා. නුසුදුසු අයට රජයේ ඉහළ තනතුරු දෙනවා.
මේ නිසා රජ්ජුරුවන්ට විරුද්ධව රටේ කැරලි කෝලහාල ඇති වෙන්න ගන්නවා. මේ වෙනකොට අපේ රටේ බලය බෙදිලා ගිහින් තිබ්බෙ මෙන්න මෙහෙමයි.
* දක්ඛින දේශය -
මානාභරන | කුoකගාම (දැදිගම )
* දොළොස් දහස් රට -
කිත්සිරි මෙවන් | මහානාගහුල
* අට දහස් රට -
ශ්‍රී වල්ලභ | උදුන්දොර
* රජරට -
වික්‍රමබාහු | පොළොන්නරුව
* Cover Photo - Taken from www.artstation.com