උතුරේ යාපනය රාජධානියේ ආර්යය චක්‍රවර්තීන් බලවත් වෙලා විටින් විට අපේ සිoහල රාජධානිවලට ගහන්න ගත්තා. ඒ වගේම සිoහල රාජධානිවලට අයිති මිනිස්සුන්ගෙන් කප්පම් ගත්තා. මේ නිසා සිoහල රාජධානිය කාලෙන් කාලෙට කුරුණෑගල ඉදලා ගම්පලටත්, ගම්පල ඉදලා කෝට්ටෙටත් විතැන් කරන්න සිද්ධ වෙනවා. ගම්පල රාජධානි කාලයේ "පාණ්ඩ්‍ය" කියලා දමිළයෙක් ගම්පලට ආක්‍රමණයක් එල්ල කරනවා. ආර්යය චක්රවර්තීන්වුත් මේ විදිහට ආක්‍රමණයක් කළොත් රජ්ජුරුවන්ට බේරිලා පැනලා යන්න කෝට්ටේ, රාජධානියක් නිර්මාණය වෙනවා. මොකද රජ්ජුරුවො රැකෙනවා කියන්නේ රට රැකෙනවා කියන එකනෙ. කෝට්ටේ රාජධානිය නිර්මාණය වෙන්නෙ ගම්පල රාජධානිය තියෙන කාලෙමයි. කෝට්ටේ බලකොටුව නිර්මාණ කරන්නේ ගම්පල ප්‍රභූ පවුලක් වන "අලගක්කෝනාර" පරම්පරාවේ "නිස්සoක අලගක්කෝනාර"ගේ සoකල්පයකට අනුවයි.
කොට්ටේ "රාජධානියේ" පළවෙනි පාලකයා වෙන්නෙ අපේ මාතෘකාවෙ කතා නායකයා. ඒ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා. 6 වෙනි පරාක්‍රමබාහු රාජ්‍ය සමය අපිට ගොඩක් වැදගත්. ඒ සාහිත්‍යයේ ස්වර්ණමය යුගය නිසා විතරක්ම නෙවේ. රජ කෙනෙක් අපේ රට අන්තිම වතාවට එක්සේසත් කරපු කාලය නිසා. රාජාවලිය, පැරකුම්බා සිරිත, කාව්‍යශේකරය, අලකේශ්වර යුද්ධය, සoදේශ කාව්‍ය වගේ සාහිත්‍ය මූලාශවලින් අපිට 6 වෙනි පරාක්‍රමබාහු චරිතය අධ්‍යනය කරන්න පුලුවන්. ක්‍රි.ව 1412 සිoහාසනයේ වාඩි වෙන 6 වෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කාර්යය සාඵල්‍ය දේශපාලනික, ආගමික ආදී වශයෙන් වර්ග කරන්න පුලුවන්. අපි මුලින්ම දේශපාලනික සේවාව ගැන බලමු.

6 වෙනි පරාක්‍රමබාහු, රටේ පාලකයා විදිහට වැඩ භාර ගන්න කොට උතුරේ ලොකු යුද්ධයක් තිබුණා. මේ යුද්ධය ජයග්‍රහණය කරලා අපේ රටට සාමය උදා කරලා දීම තමයි රජ්ජුරුවන්ගෙ එකම බලාපොරොත්තුව වෙලා තිබුණෙ. ඒක නිසා රජ්ජුරුවෝ මුලින්ම කළේ රටේ ප්‍රාදේශීය නායකයන්ගේ පක්ෂපාතීත්වය දීන ගන්න කටයුතු කරපු එකයි.
වන්නි ජනපදය පිහිටලා තිබ්බෙ යාපනය රාජධානිය සහ කෝට්ටේ රාජධානිය වෙන් කෙරෙන දේශසීමව විදිහට. මේ රාජ්‍යන් දෙක වන්නි ජනපදයෙන් වෙන් කෙරුණත්, යුද්ධෙදි වන්නි ජනපදයේ පක්ෂපාතීත්වය යාපනයට ලැබෙන්න පුලුවන්කමකුත් තිබ්බා. වන්නි ජනපදයට ප්‍රදේශ 18ක් අයිති වුණා. මේ නිසා පරාක්‍රමබාහු රජ්ජුරුවො වන්නි ජනපදයේ පක්ෂපාතීත්වය ගන්න නායකයො එක්ක සාකච්ඡා කළා. සාකච්ඡා කරන්න බැරි තැන්වලදි ක්ෂණික මෙහෙයුම් දියත් කළා. මුළු රට වටෙන්ම පක්ෂපාතීත්වය ලබා ගත්තු රජතුමා ආර්යචක්‍රවර්තීන් එක්ක යුද්ධ කරන්න දක්ෂ සේනාවක් සoවිධානය කරලා, හොද පුහුණුවක් දුන්නා. ඒ වගේම අවි ආයුධ නිෂ්පාදනය කරලා, පිඹුරුපත් සකස් කළා. ඊට පස්සේ මේ හමුදාව පිටත් කරනවා යාපනේට. "සපුමල් කුමාරයා"ගේ නායකත්වයෙන් යුක්තව ගිය ඒ හමුදාවට යාපා පටුන ජයග්‍රහණය කරන්න පුලුවන් වෙනවා.
ඒත් එක්කම රජ්ජුරුවන්ට විරුද්ධව "ජෝතිය" කියලා සිටුවරයෙක් කැරැල්ලක් ගහනවා. මේක මර්ධනය කරන්න රජ්ජුරුවන්ගෙ තවත් ඥාති පුත්‍රයෙක් වෙච්ච "අම්බුලුගල කුමාරය"ව යවනවා. 6 වෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට මුහුණ දෙන්න වෙන අභියෝග එතනිනුත් ඉවර වෙන්නෙ නෑ. දකුණු ඉන්දීය විජයනගර් අධිරාජ්‍යයෙන් ලොකු ආක්‍රමණයක් අපේ රටට එල්ල වෙනවා. මේකත් ඉහළින්ම ජයග්‍රහණය කරන්න රජ්ජුරුවන්ට වාසනාව ලැබෙනවා. ඒ වගේම දකුණු ඉන්දියාවේ අපේ වෙළද කටයුතු වලට "අධිවීර පට්ටන" තොටුපලේ අධිපතිගෙන් බාධා ඇති වෙලා තියෙනවා. මේක මැඩපවත්වන්නත් පරාක්‍රමබාහුගේ අධීක්ෂණයෙන් යුක්ත හමුදාවක් අධිවීර පට්ටන ආක්‍රමණය කරලා, වෙළද අරමුණු ජය ගන්නවා.
මේ වෙනකොට උඩරට වෙනම ස්වාධීන රාජධානියක් නිර්මාණය වෙමින් පවතිනවා, "සේනාසම්මත වික්‍රමබාහු" කියලා පාලකයෙක් යටතේ. උඩරටත් 6 වෙනි පරාක්‍රමබාහුගෙ යටතේ තිබුණත්, පරාක්‍රමබාහුගේ මරණයෙන් පස්සෙ කෝට්ටෙන් මිදිලා, වෙනම ගමනක යෙදෙනවා.
අපි දන්නවා කෝට්ටේ යුගය හදුන්වන්නෙ "සිoහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය" කියලා. ඇත්තටම මේක සමස්ථ සoස්කෘතියේම ස්වර්ණමය යුගයක් වෙනවා. මේ කාලයේ සිoහල සාහිත්‍යය කෘති (ගද්‍ය සහ පද්‍ය) හිසේ කෙස් ගාණට නිර්මාණය වෙන්න ගන්නවා. මේකට මූලික හේතුව අධ්‍යාපනයයි. අපි මේ ගැන "2 වන පරාක්‍රමබාහු රජතුමා" ගැන සාකච්ඡා කරන කොටත් සදහන් කළා. 6 වෙනි පරාක්‍රමබාහු රාජ්‍ය සමය වෙන කොට කෑරගල පද්මාවතී, පැපිලියාන සුනෙත්‍රාදේවි, තොටගමුවේ විජයබා, වීදාගම ශ්‍රී සoඝානන්ද, දෙවුන්දර ඉරුගල් කුලතිලක වගේ පිරිවෙන් කේන්ද්‍ර කරගෙන විද්‍යා ප්රබෝධයක් ඇති වෙනවා. හරියට අද කාලෙ විශ්වවිද්‍යාල වගේ. ඒවායෙ ගොඩක් සoකීර්ණ විෂයන් උගන්වනවා.
බුද්ධ ධර්මය, පාලි, සoස්කෘත, සිoහල, අර්ථ ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව, නක්ෂත්ර විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වගේ විෂයවල් දේශීය සහ විදේශීය, ගිහි පැවිදි දෙපක්ෂයම හදාරලා තියෙනවා. 6 වෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවොත් පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන හදලා නවතින්නෙ නෑ. අපේ රටේ තියෙන හැම පිරිවෙනකටම අනුග්‍රහය දක්වනවා. මේ නිසා තොටගමුවේ රාහුල, වීදාගම මෛත්‍රීය, කෑරගල වනරතන, වෑත්තෑවේ වගේ හාමුදුරුවරුත්, නන්නූර්තුනෙයියාර් වගේ ගිහියන්වුත් පන්හිද අතට අරන් කරලියට පිවිසෙනවා. ඒ අය අතින් මේ වගේ විශිෂ්ට ගද්‍ය සහ පද්‍ය කෘතීන් බිහි වෙන්න ගන්නවා.
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ;-
පoචිකා ප්‍රදීපය, කාව්‍යශේකරය, පරෙවි සoදේශය, සැළලිහිණි සoදේශය, පද්යසාධන ටීකාව
දෙවිනුවර ඉරුගල් කුලතිලක හිමි ;-
කෝකිල සoදේශය
වෑත්තෑවේ හිමි ;-
ගුත්තිල කාව්‍ය
වීදාගම මෛත්‍රීය හිමි ;-
බුදුගුණාලoකාරය, ලෝ වැඩ සගරාව
පළාබත්ගල ධර්මසේන හිමි ;-
සද්ධර්මරත්නාවලිය
ශ්‍රී රාමචන්ද්‍ර භාරතී ;-
බෞද්ධ ශතකය, වෘතමාලා ව්‍යඛ්‍යාව, වෘත්තරත්නාකර පoචිකා
නන්නූර්තුනෙයාර් ;-
නාමාවලිය
6 වෙනි පරාක්‍රමබාහු රජු ;-
රුවන් මල, පියුම් මල
# කතෘ අඥාත ;- හoස සoදේශය, ගිරා සoදේශය
ඒ වගේම රජතුමා දළදා මන්දිරයක් ඉදි කරලා, දළදාව තැන්පත් කරලා, අටුවා ටීකා සහිතව ත්‍රිපිටකයත් ලියවනවා. සුමන සමන් දේවාලයත්, මහියoගන චෛත්‍යයත් ප්‍රතිසoස්කරණය කරනවා.
අනිත් අතට රාජධානිය පුරාවටම වෙහෙර විහාර නිර්මාණය කරනවා. ඒ විහාර අතරින් ප්‍රධානතම ටික හරි සදහන් කරන එක වටිනවා කියලා හිතුනා. මේ ලිපියේ පළවෙනි අනුවාදයේදී ඒ ඒ විහාරස්ථාන ගැන සෑම සියලු විස්තරයක්ම ඇතුළත් කරලා තිබුණත්, ඒ විස්තරවලින් ලිපිය ගොඩක් දිග ලිපියක් වුණු නිසා, දෙවන අනුවාදයේදී ඒ හැම විස්තරයක්ම ඉවත් කරලා, මගේ දෙවෙනි බ්ලොග් අඩවියට සම්බන්ධ කළා. පහළ තියෙන ඒ ඒ පින්තූරවලට අදාළ බොත්තම එබුවම, ඔයාලට පුලුවන් මගේ දෙවෙනි බ්ලොග් අඩවියේ ඒ ඒ විහාරස්ථාන ගැන ලියලා තියෙන විස්තර කියවන්නත්, ඒ වගේම සමස්ථ ඡායාරූප එකතුවම නරඹන්නත්.

මේ විදිහට 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා අපේ සoස්කෘතිය වෙනුවෙන්, රට වෙනුවෙන්, ආගම වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරනවා.
අවුරුදු 57ක් අපේ රට පාලනය කළාය කියලා පොත්පත්වල සදහන් වෙනවා. මුළු කෝට්ටේ යුගයෙන්ම, එහෙමත් නැත්නම් කෝට්ටේ රාජධානියෙන්ම බිහි වුණු ශ්‍රේෂ්ඨතම රජතුමා වෙන්නෙත් 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා. කෝට්ටේ රාජධානියෙන් බිහි වුණු, රටට දැනෙන්න සේවාවක් කරපු එකම රජතුමත් 6 වෙනි පරාක්‍රමබාහු රජතුමයි. ඒ විතරක් නෙවේ අපේ රට අවසන් වතාවට එක්සේසත් කරපු රජ කෙනෙක් ඉන්නව නම් ඒත් 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා විතරයි.