ඕනෑම දේකට ආරම්භයක් වගේම අවසානයකුත් තියෙනවනෙ. ඉතින් සීතාවක රාජධානියත් බිද වැටෙන්න ගත්තා. මේක එක පාරටම වෙච්ච දෙයක් නෙවේ. කාලයත් එක්ක ටිකෙන් ටික වුණු දෙයක්. මායාදුන්නේගෙන් ආරම්භ වුණු සීතාවක රාජධානිය, එයාගේම පුත්‍රයා වෙච්ච රාජසිoහයන්ගෙන් අවසන් වෙනවා. මේකට බලපාපු ප්‍රධානතම හේතුව තමයි රාජසිoහගෙන් පස්සෙ, අපේ රටේ ජාතික අවශ්‍යතාවය ඉෂ්ට කරන්න සීතාවකට නායකත්වය දෙන්න උරුමක්කාරයෙක් නොසිටීම. ඉතින් රාජසිoහගෙන් පස්සෙ උරුමක්කාරයෙක් හිටියෙ නැති නිසා සීතාවක, කෝට්ටේ රාජ්‍යත් එක්ක එකතු වෙනවා.
1 වන රාජසිoහ රජ්ජුරුවො, එහෙමත් නැත්නම් ටිකිරි බණ්ඩාර කුමාරයා අපේ රටේ ඉතිහාසයට එකතු වෙන්නෙ පීතෘ ඝාතක රජ කෙනෙක් විදිහටයි. මේකත් සීතාවක පරිහාණියට සෘජුවම බලපානවා. මායාදුන්නෙත් පීතෘ ඝාතක රජ කෙනෙක්. ඒත් 6 වන විජයබාහුව ඝාතනය වීමට වඩා, මායාදුන්නෙව ඝාතනය වීම ගැන මිනිස්සු ගොඩක් කතා කළා. මොකද මායාදුන්නෙ කියන්නෙ අපේ රටට දැනෙන්න වැඩ කරපු රජ කෙනෙක්. ඒ වගේම අපේ රට පරoගීන්ගෙන් බේර ගන්න ඉදිරියටම ගියපු ශ්‍රේෂ්ඨයෙක්.
1 වන රාජසිoහ රජ්ජුරුවෝ (ටිකිරි බණ්ඩාර) අපේ රට පරoගීන්ගෙන් බේර ගන්න ලොකු උත්සහයක් ගත්තා. ලොකු සටනක් කළා. මේකට හොදම උදාහරණය තමයි මුල්ලේරියා සටන. රටක් එක්ක යුද්ධ කරලා පෘතුගීසින් ලබපු දරුණුම පරාජය ලැබුවෙ මෙන්න මේ සටනෙදි. මේක සැලසුම් කළේ, අධීක්ෂණය කළේ මායාදුන්නෙ වුණත්, සටන් බිමේදී සිoහල හමුදාවට නායකත්වය දුන්නේ අවුරුදු 16ක් තරම් ළාබාල වයසෙ හිටපු ටිකිරි බණ්ඩාර කුමාරයා.
තරුණ අවධියට එනකොට, මායාදුන්නෙගෙ හිතට ලොකු බලාපොරොත්තුවක් ආවා, මායාදුන්නෙගෙන් පස්සෙ සීතාවක ගෞරවය ආරක්ෂා කර ගෙන, මේ සටනට ටිකිරි බණ්ඩාර හොද නායකත්වයක් දෙයි කියලා. ඉතින් තවත් ගොඩක් කල් රජකම කර ගෙන යන්න අවස්ථාව තියෙද්දිම, මායාදුන්නේ ටිකිරි බණ්ඩාරට කලින්ම රජකම දීලා විශ්‍රාම යනවා. දැන් ටිකිරි බණ්ඩාර, එහෙමත් නැත්නම් 1 වන රාජසිoහ සීතාවක රාජ්‍ය පාලනය කරනවා. මායාදුන්නේ විවේක සුවයෙන් මාළිගාවටම වෙලා ඉන්නවා. මායාදුන්නේගේ හිතටත් ලොකු නිදහසක් දැනෙන්න පටන් ගත්තා.
ඒත් රාජසිoහගෙ හිතේ ලොකු සිතුවිල්ලක් හොල්මන් කරන්න ගත්තා. "තාත්තට තව ගොඩක් කල් සීතාවක රජ්ජුරුවො විදිහට ඉන්න තිබ්බා. ඒත් තව ගොඩක් කල් ඉන්න පුලුවන්කම තියෙද්දිත්, ඇයි වේලාසනින්ම මට රජකම දුන්නේ..???? මෙතන මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවා. මේ වැඩ ඔක්කොම කරගෙන යන්න පුලුවන්කම තියෙන එකේ, සමහරක් විට මගෙන් ආපහු රජකම ගන්නත් බැරි නෑ". ඔන්න රාජසිoහට හිතුණ දේ. ඉතින් රාජසිoහ, තමන්ගෙම පියා වෙච්චි මායාදුන්නේව ඝාතනය කරන්න සැලසුමක් ගහනවා.

මායාදුන්නේ රජ්ජුරුවන්ට හැමෝම වගේ හිතවත් නිසා කවුරුත් මේ අපරාදයට දායක වෙන්න කැමති වෙන්නෙ නෑ. සමහරක් පොත්වල තියෙන විදිහට නම් රාජසිoහ රජ්ජුරුවො, මායාදුන්නෙව ඝාතනය කරන්න ඝාතකයෙක්ව පිට පළාතකින් ගෙන්ව ගන්නවා. මායාදුන්නෙ අස්වභාවික විදිහට මැරෙන්නෙ, සීතාවක ජතතාව දුකට පත් කර ගෙනයි. ඉතින් ගොඩක් අය මේ කරපු අපරාදෙට, රාජසිoහ රජ්ජුරුවන්ට විරුද්ධ වෙන්න ගත්තා. තමන් කරපු වැඩේ බරපතලකම රාජසිoහ රජ්ජුරුවන්ට තේරෙන්න පටන් ගන්න කොට, ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි.
අපේ රටේ පාලකයන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවම, ඒක තම තමන්ට විසද ගන්න බැරි වුණාම, කෙලින්ම අරගෙන යන්නෙ හාමුදුරුවරු ළගට. ඒ තමයි අපේ ජාතියෙ මුර දේවතාවුන් වහන්සේලා. ඉතින් රාජසිoහත් මේ ක්‍රියා මාර්ගයමයි ගත්තෙ. ඒත් අපේ බුදු හාමුදුරුවො දේශනා කළානෙ පoචානන්තරීය පාප කර්ම ගැන. පියා මැරුවොත් අනිවාර්යෙන්ම අපායගාමී වෙනවා. මේ තත්වය හාමුදුරුවරු තේරුම් කරනවත් එක්කම, රාජසිoහගෙ මානසික ආතතිය තවත් වැඩි වෙනවා. ඒ වගේම "වදින්න ගිය දේවාලෙ ඉහේ කඩන් වැටුනා" වගේ දෙයක් වුණේ. හාමුදුරුවරුන්ගෙන් පිළිසරණක් ගන්න බැරි වුණ නිසා, රාජසිoහට ගොඩක් කේන්ති ගියා.

ඊට පස්සේ හාමුදුරුවරුන්ට වගේම බුද්ධාගමටත් වෛර කරන්න ගත්තා. මෙන්න මේ වෙලාවෙ තමයි රජ්ජුරුවන්ට "අරිට්ඨකීවෙණ්ඩු" කියන හින්දු පූජකවරයව මුණ ගැහෙන්නෙ. ඉතින් රජ්ජුරුවෝ හින්දු ආගමෙන්වත් පිහිටක් ගන්න කියලා හිතා ගෙන, තමන්ගෙ ප්‍රශ්නෙ පූජකයට කියනවා.
"අයියෝ ඕක මොකක්ද රජතුමනි. අපේ ආගමේ ඕන දේකට ප්‍රතිකර්ම තියෙනවා. බුද්ධාගම නම්, ඕනම නෑ. මම නම් කියන්නෙ බුද්ධාගම අහක් කරන්න ඕන මෙහෙන්. බුද්ධාගමේ කරන්න බැරි දේවල් අපේ ආගමෙන් කරන්න පුලුවන්. ඔබතුමා කිසිම දේකට බය වෙන්න එපා. අපේ ආගම වැළද ගෙන, අපිට අනුග්‍රහය දක්වන්නකො. අපි ළග තියෙනවා හොද පූජා වගයක්. ඒ ටික කරන කොට, ඔය පව් ඔක්කොම ටික නැති වෙනවා".
මිනිහෙක් ලොකු කරදරයක වැටුණම ඒකෙන් බේරෙන්න තුත්තිරි ගහේ වුණත් එල්ලෙනවනෙ. ඒ වගේම මිනිහෙක් මැරුවොත්, ඒ පාප කර්මයෙන් බේරෙන්න ක්‍රම තියෙනව නම් තව මිනිස්සු තිහක් හතළිහක් වුණත් බාවන්න ලෑස්තියි. ඉතින් රාජසිoහ රජ්ජුරුවොත් හින්දු ආගම වැළද ගන්නවා. හරියට අපේ මුහුදුබඩ පළාත්වල උදවිය කළා වගේ.
අපේ ආගමෙ හැටියට සත්තු මරන එක ලොකු පාපයක්. එහෙම කළොත් මේ ආත්මයේ හරි ලබන ආත්මෙක හරි ඒ කරපු පාප කර්මයට විදින්න වෙනවා. මුහුද අයිනෙ ඉන්න අපේ ධීවර ජනතාව ගොඩ දෙනෙක් අද කතෝලික වුණාට පරම්පරා ගණනාවකට කලින් බෞද්ධ. ඒ අය ජීවත් වෙන්න මාළු ඇල්ලුවට මොකෝ, අපේ ආගම අනුව නම් ඒක කරන්න සුදුසු කර්මාන්තයක් නෙවේ. 1505 අපේ රටට එන පෘතුගීසින්, මුලින්ම අල්ල ගන්නෙ අපේ රටේ තියෙන වෙරළබඩ පළාත්. මෙහෙම අල්ල ගෙන මුහුදු තීරයේ ඉන්න මිනිස්සු අතරේ කතෝලික ධර්මය ව්‍යාප්ත කරනවා. ඉතින් ඒ ධීවරයන්ගෙ ප්‍රශ්නෙටත් ඒකම උත්තරයක් වෙනවා. කතෝලික ආගමට අනුව අපි ජීවත් වෙන්නේ මේ ආත්මෙ විතරයි. ඒ කියන්නෙ ලබන ආත්මයක්වත්, ඊට පස්සෙ ආත්මයක්වත් නෑ. ඉතින් මේ ආත්මෙ මොනව කළත් ප්‍රශ්නයක් නෑ. අන්න ඒ නිසා ධීවරයො බුරුතු පිටින් කතෝලික දහම වැළද ගන්න පටන් ගත්තා.
රාජසිoහ රජ්ජුරුවොත් මේ සාම්පලේම තමයි. හින්දු ආගම වැළද ගෙන, හින්දු ආගමට අනුග්‍රහය දක්වන ගමන් (බැරැන්ඩි කෝවිල) , අරිට්ඨ කීවෙණ්ඩු එක්ක එකතු වෙලා වෙහෙර විහාර විනාශ කරන්න පටන් ගත්තා. හාමුදුරුවරුන්ට හිරිහැර කරන්න ගත්තා. මේ නිසා මිනිස්සු ගොඩක් කළකිරුනා. කාලයක් අපේ රටේ බුදු දහමේ මුර දේවතාවා වුණු සීතාවක රාජ්‍ය, සීතාවක රාජ්‍යයේම පාලකයා වුණු රාජසිoහගේ බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිය නිසා කඩා ගෙන වැටෙන්න ගත්තා. ජනතා පක්ෂපාතීත්වය නැත්තටම නැති වුණා.
ඒ වගේම තමයි සීතාවක රාජ්‍යය ආරම්භ කෙරුණු දවසෙ ඉදලම යුද්ධවලට මුල් තැන දීපු රාජ්‍යයක්. මේ නිසා සෙබළුන්ට, අලි ඇතුන්ට, අශ්වයන්ට, සෙබළුන්ගේ පවුල්වලට, සෞඛ්‍ය සහ ප්‍රථමාධාර පහසුකම්වලට, අවි ආයුධ නිෂ්පාදනයට, ආහාරපානවලට හිතා ගන්නවත් බැරි වියදමක් දරන්න වුණා. යුද්ධෙ දිහාවටම හැරිලා හිටපු නිසා අනෙක් ක්ෂේත්‍ර බිද වැටුණා. ආර්ථිකය බිoදුවටම බැස්සා. හම්බවෙන සුළු ආදායමත්, යුද්ධෙට වියදම් කළා. සාමයට ආරක්ෂාවට තර්ජන එල්ල වුණා. දීර්ඝ කාලීන සටන් නිසා මිනිස්සු කළකිරුණා. යුද්ධවලට නායකත්වය සහ ප්‍රමුඛත්වය දිගෙන යුද්ධම කිරීම, සීතාවක පරිහාණියට තදින්ම බලපෑවා.
2005 ඉදන් 2009 වෙනකන් අපේ රටේ යුද්ධය දරුණුවටම තිබ්බ කාලෙ අපේ රටේ රාජ්‍ය ආර්ථිකයෙන් ලොකු කොටසක් වෙන් කළේ යුද්ධයටමයි. ඒත් අපේ රටේ ආර්ථිකය කඩා ගෙන වැටුනෙ නැත්තෙ, යුද්ධය යන ගමන් තවත් පැත්තකින් සoවර්ධනයත් සිද්ධ කරපු නිසයි.
හොදයි. දැන් අපි ආයිත් අපේ කතාවට හැරෙමුකො. මේ දේවල් අස්සෙ මහ නුවර අලුතින් රාජධානියක් ගොඩ නැගෙන්න ගත්තා. සීතාවක විරුද්ධවාදියෙක් වුණු "කොනප්පු බණ්ඩාර", 1 වන විමලධර්මසූරිය ලෙස රජ වෙනවා. මේත් එක්කම විමලධර්මසූරියගෙ වටේට ජනතාව අත්වැල් බැදගන්නවා. ප්‍රබල දේශපාලනයක්, සාමකාමි ව්‍යුහයක් සහ සමාජ රටාවක්, ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගෙනවා. මේ නිසා සිතාවක මිනිස්සු උඩරටට සoක්‍රමණය වෙන්න ගන්නවා. උඩරට අල්ලන්න අන්තිම සටන එල්ල කරපු රාජසිoහ රජ්ජුරුවන්, විමලධර්මසූරිය රජ්ජුරුවන් අතින් පරාජය වෙලා පසු බහින කොට, "පෙතන්ගොඩ" උයනෙදි උණ කටුවක් ඇනිලා මැරෙනවා. ඒත් එක්කම සීතාවක රාජ්‍යය මුළුමනින්ම බිද වැටෙනවා. ඊට පස්සෙ රාජසූරිය, නිකපිටියෙ බණ්ඩාර වගේ අය පාලන තනතුරු දැරුවත් ඒ හැම උත්සහයක්ම අසාර්ථක වෙනවා.
* Cover Photo - Taken from www.gamespot.com