"දැනට" ලංකාවේ "රාජ්‍යත්වය" කියන සංකල්පය ගැන අපිට පළවෙනි වතාවට අහන්න ලැබෙන්නෙ විජයාවතරණයෙන් පස්සෙ. විජයාවතරණයට කලින් අපේ රටේ තිබුණු දේශපාලනික පාලන තන්ත්රය ගැන කිසිම මූලාශ්‍රයක් හෝ තොරතුරක් තවම හොයා ගෙන නෑ. විජය කුමාරයා ලංකාවට එන්න කලින් හැදී වැඩුනු සමාජය තුළ රාජ්‍යත්වය කියන සංකල්පය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වුණා කියන එක කවුරුත් දන්න කාරණයක්. ඒ නිසාම අපේ රට පාලනය කරන කොටත් අපේ රටේ මේ සංකල්පය පවතින්න ඇති. පණ්ඩුකාභය රාජ්‍ය සමයෙදි ලංකාව තුළ රාජ්‍ය පිළිබද සංකල්පය ක්‍රමවත් ලෙස වර්ධනය වෙනවා. එදා ලංකාවේ තිබුණු ක්‍රමවේද අනුව අභිෂේක ලබලා, අග නුවර නිර්මාණය කරලා, රාජාණ්ඩු ක්‍රමය ස්ථාපිත කරනවා.
රාජාණ්ඩු ක්‍රමය අපේ රට පුරාවටම සීඝ්රයෙන් පැතිරිලා යන්න ගන්නෙ දේවානම්පියතිස්ස රාජ්‍යය සමයේ ඉන්දියාව සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගොඩ නගා ගැනීමත් එක්කයි. මෞර්ය අධිරාජ්‍යයේ ප්‍රධාන ලක්ෂණ රැසක්ම අපේ රටේ රාජ්‍යත්ව සංකල්පයට එකතු වුණා. ඒ අතර මෞර්ය අභිෂේක ක්‍රමය, විරුධ නාම භාවිතය කැපී පෙනෙනවා. බුදු දහමේ ආගමනයත් එක්ක සතර සංග්‍රහ වස්තු, පංච ශීල ප්‍රතිපදාව, දස රාජ ධර්ම, දස සක්විතිවත්, සප්ත අපරිහාණී ධර්ම, සතර බ්‍රහ්ම විහරණ ආදී බෞද්ධ ඉගැන්වීම්වලින් පෝෂණය වෙනවා.
ප්‍රාදේශීය රාජ්‍ය විදිහට වෙන් වෙලා තිබුණු ලංකාව එක්සේසත් කරලා රාජ්‍යත්ව සංකල්පය ලංකාව පුරාවටම ව්‍යාප්ත කරන්න දුටුගැමුණු රජතුමත් සමත් වුණා. බ්රාහ්මී අක්ෂරවලින් ලිය වුණු සෙල්ලිපිවල රාජ, මහ රජ, දෙවනපිය, සලමෙවන්, බුධදස, සිරිසගබෝ වගේ විරුධ නාම භාවිතා කරලා සමහරක් රජවරු තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය විදහා දැක්කුවා.
අනුරාධපුර යුගයේ අවසාන සමයේ මහායාන සහ හින්දු බලපෑම නිසා රාජ්‍යත්වය බලවත් සහ සංකීර්ණ සංස්ථාවක් බවට පරිවර්තනය වුණා. ඒ නිසාම රාජ්‍යත්වය සංකල්පයට වැඩි වශයෙන්ම බෞද්ධ ආකල්ප ඇතුළත් වෙනවා.
කෙටියෙන්ම කිව්වොත් රටේ ,
a. විධිමත් පාලනය
b. බුදු දහමේ සුරක්ෂිතතාව
c. ආර්ථික සමෘද්ධිය (සමාජ සුභ සාධනය)
d. රට වැසියාගේ ආරක්ෂාව
e. දේශීය සහ විදේශීය අභියෝග වලින් රට මුදවා ගැනීම
f. ජනතාවගේ ආධ්‍යාත්මික දියුණුව වැඩි දියුණු කිරීම
වගේ කරුණු ගොඩකින් එකට බැදුනු සංකල්පයක් තමයි රාජ්‍යත්වය කියන්නෙ. මේ කරුණු අවුරුදු 2550 ගණනක ඈත අතීතයේ නිර්මාණය වුණත්, අදත් ක්‍රියාත්මකයි. අද අපේ රටේ ව්‍යවස්ථාව නිර්මාණය වෙලා තියෙන්නෙත් මේ කරුණු පදනම් කරගෙනයි.