ඉස්සර ඉදලම අපේ රට, විදේශීය රටවල් එක්ක වෙළදාම් කරලා තියෙනවා. අපේ රට මුළු ලෝකයේම රටවල්වල අවධානය දිනා ගන්න එක හේතුවක් තමයි, ජාත්‍යන්තර වෙළදාමට තිබුණු සුදුසුකම. ඒ වගේම අපේ රට පිහිටලා තියෙන්නෙ ඉන්දියන් සාගරයේ මධ්‍යගතව, පෙරදිග සහ අපරදිග සම්බන්ධවෙන මුහුදු ගමන් මාර්ග කේන්ද්‍ර කරලා.
ග්‍රීසිය, රෝමය, චීනය, පර්සියාව, අරාබිය, ඉන්දියාව වගේ රටවල් එක්ක තමයි වැඩි හරියක් ගණුදෙණු සිද්ධ කරලා තියෙන්නෙ. අපේ රටේ ගොඩක් වෙළද භාණ්ඩවලට ජාත්‍යාන්තරයේ ලොකු ඉල්ලුමක් තිබුණා. ඒ වගේම හොද මිළකුත් තීරණය වුණා. මුතු මැණික්, අලි ඇත්තු, ඇත් දළ, කැස්බෑ ලෙලි, කුරුදු වගේ දේවල් වලට වගේම යුද්ධ ආයුධවලටත් හොද ඉල්ලුමක් තිබුණා. ඒවා අපනයනය කරලා, අනිත් රටවල්වලින් රෙදි, පිගන් බඩු, සුවද විලවුන් වගේ දේවල් මෙහාට ආනයනය කළා.
ජාත්‍යන්තර වෙළදාමේදී මහාතිත්ථ, ගෝකණ්ණ, ජම්බකෝලපට්ටන වගේ වරායවල් ප්‍රධාන තැනක් ගත්තා. ගොඩවාය සෙල්ලිපියෙ වරායන්වල සිද්ධ වෙන ජාත්‍යන්තර වෙළද කටයුතු සහ අය කරපු බදු ගැන සදහන් වෙනවා. භාණ්ඩ ප්‍රවාහනය නැව්වලින් සිද්ධ වුණා. හියුත්සාo හාමුදුරුවන්ගේ දේශාටන වාර්තාවල, අපේ රටට අයිති වෙළද නැව්, ඉන්දියාවෙදි සියැසින්ම දැක්කා කියලා සදහන් වෙනවා.

ජාත්‍යන්තර වෙළදාම එහෙම යනකොට, දේශීය වෙළදාමත් කෙරී ගෙන ගියා. වෙළදාම් කරන කොට අය කළ බදු සහ නීති රීති ගැන බදුලු ටැම් ලිපියෙ තියෙනවා. ඒ වගේම ස්ථාවර, ජoගම, පදික ආදී වශයෙන් වෙළදාම් කළා. භාණ්ඩ ප්‍රවාහනය සත්තුන්ගෙ පිට මත තබා ගෙන, තමන්ගෙ කර මත තබා ගෙන, කරත්තවල දාගෙන සිද්ධ කෙරුණා. කාසි භාවිතයත් දේශීය වෙළදාම ජනප්‍රියව තිබුණා කියන්න පුලුවන් හොද සාක්ෂියක්. කාසි භාවිතය දියුණු වුණේ වෙළදාමේ තිබුණු දියුණුව නිසයි.
රජරට ශිෂ්ටාචාරයේ ආර්ථික ව්‍යුහයේ තවත් සාධකයක් තමයි කර්මාන්ත. වoශ කතාවලට අනුව අපේ රටට සoඝමිත්තා තෙරණියත් එක්ක 18 කුලයක පිරිසක් එනවා. ඒ කියන්නෙ ශිල්ප ශ්‍රේණි 18කට අයත් පිරිසක්. එක් එක් වෘත්තීන්ට අදාළ විශේෂඥයන්. විජයාවතරණයට කලින් ඉදලම අපේ රටේ දියුණු කර්මාන්ත තිබුණත්, දුමින්දාගමනයත් එක්ක මේවා තව තවත් විධිමත් වෙන්න ගන්නවා. අපේ රටේ තිබ්බ කර්මාන්තවලින්
# රෙදිපිලි විවීම
# ගඩොල් කර්මාන්තය
# රන් රිදී කර්මාන්තය
# ආයුධ කර්මාන්තය
# වළo කර්මාන්තය
ගොඩක් ජනප්‍රිය කර්මාන්ත වෙනවා. මේවා පුරාවිද්‍යාත්මකවත් ඔප්පු කරලා තියෙනවා. අනුරාධපුරයේ, පොළොන්නරුවේ ගොඩනැගිලි ඉදි කිරීම්වලට ගොඩක් උළු ගඩොල් පාවිච්චි කරලා තියෙන නිසා, උළු ගඩොල් කර්මාන්තය මහා පරිමාණයෙන් සිද්ධ වෙන්න ඇති කියලා නිර්ණය කරන්න පුලුවන්.