මහා පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ එතුමාගේ බෑණා වුණු 2 වෙනි විජයබාහු රජතුමා රාජ්‍යත්වයට පත් වෙනවා. මුළු රටේම ජනතාවගේ හදවත් කම්පාවට පත් කරමින් ජනහිතකාමී පාලකයෙක් වුණු 2 වෙනි විජයබාහු රජතුමාව ඝාතනය කරලා 6 වෙනි මිහිදු රාජ්‍යත්වයට පත් වෙනවා. 2 වෙනි විජයබාහු රජතුමාගේ යුව රජ වුණු, කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ලයන් 6 වෙනි මිහිදුව ඝාතනය කරලා රජකම ගන්නවා.
නිශ්ශංකමල්ල රජතුමා පොළොන්නරු රාජධානියේ අවසාන කාලයේ රාජ්‍යත්වයට පත් වුණු පාලකයෙක්. ක්‍රි.ව 1157දී (විජයාවතරණයෙන් අවුරුදු 1700ක්) උත්පත්තිය ලබන නිශ්ශංකමල්ල කියන්නෙ, 2 වෙනි විජයබාහු රජතුමාගේ ආරාධනයෙන් අපේ රටේ රාජ්‍යත්වයට පත් වෙන්න, තරුණ කාලයේම ලoකාවට ආපු කාලිoග වoශික කුමාරයෙක්. නිශ්ශංකමල්ල රජතුමා අපේ රටේ සිoහාසනයට පත් වෙන්නෙ මහා පරාක්‍රමබාහු රජතුමාගේ අනුප්‍රාප්තිකයෙක් විදිහට.

නිශ්ශංකමල්ල රජතුමා ලoකාවේ වැඩිම අභියෝග ගණනකට මුහුණ දීපු පාලකයා විදිහට ඉතිහාස පොතට එකතු වෙනවා. රජතුමා මුහුණ දීපු ඒ දේශපාලනික අභියෝග මෙන්න මේ විදිහට පෙළ ගස්වන්න පුලුවන්.
* විජාතිකයෙකු වීම
* බෞද්ධයෙක් නොවීම
* බලවත් සෙන්පතිවරුන්ගේ බලපෑම්
* ප්‍රත්‍යන්ත ජනපදවල විරෝධතා
* ගොවි කුල වoශිකයන්ගේ විරෝධතා
* විදේශීය කුමාරවරුන්ගේ තර්ජන
* සිහසුනට උරුමකම් කී දේශීය කුමාරවරුන්ගේ තර්ජන
* පරාක්‍රමබාහු රජතුමාගේ ශ්‍රේෂ්ඨත්වය ඉක්මවීමට සිදු වීම
විජාතිකයෙක් වීම තමයි නිශ්ශංකමල්ල රජතුමා මුහුණ දීපු පළවෙනි දේශපාලනික අභියෝගය. මොකද මේ සිoහල රටේ රජකම ලැබෙන්නෙ සිoහලයන්ට විතරයි. ඉතින් කාලිoග වoශිකයෙක් වෙන නිශ්ශංකමල්ල රජතුමා, කාලිoග වoශිකයන්ටත් අපේ රටේ රාජ්‍ය උරුමයක් තියෙනවා කියලා පෙන්නන්න උත්සාහ කළා. මෙයාගෙ සෙල්ලිපිවලින් වැඩි හරියක්ම වෙන් කරලා තියෙන්නෙත් කාලිoග වoශිකයන්ගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න. අපේ රටේ සිoහාසනේ ගන්න නිශ්ශංකමල්ල රජතුමා බුදු දහම වැළද ගන්නවා. ඒ රටේ මිනිස්සුන්ගෙ හිත් දිනා ගන්න. බුදු දහම වැළද ගත්ත රජතුමා, ඒ පාර කාලිoග වoශිකයන් බෞද්ධයෝ කියලා පෙන්නන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවේ "අපේ රටේ පාලකයා අනිවාර්යෙන්ම බෞද්ධයෙක්" වෙන්න ඕන කියලත් නීතියක් ගේනවා.
අපේ රටේ පාලකයෝ රාජ්‍ය පාලනය කරනකොට, බෞද්ධ සoකල්පවලටත් අවධානය යොමු කළා. ඒ නිසා එක එක යුගවලදී එක එක බෞද්ධ සoකල්පවලට අනුව දේශපාලනය කරන්න ගත්තා. කාලයක් රජතුමා බෝසත්වරයෙක් වගේ වෙන්න ඕන කියලා සoකල්පයක් ආවා. ඒ කියන්නෙ බෝධිසත්වයෙක් සතු උතුම් ගුණාoගවලින් යුක්ත වෙන්න ඕන කියන එක. තවත් කාලයක සoකල්පයක් තිබුණා, රටේ රජතුමා අනිවාර්යෙන්ම බුද්ධත්වය ප්‍රාර්ථනා කරන්න ඕන කියලත්. මේ ඒකෙ එක තෝතැන්නක්. නිශ්ශංකමල්ල ඒ කරපු ප්‍රකාශය කොච්චර වැදගත්ද කියනවා නම්, අද වෙනකොට අපේ රටේ ව්‍යවස්ථාවටත් ඒක ගිහිල්ලා තියෙනවා. අද වුණත් රටේ ජනාධිපතිවරණයට තරග කරන්න පුලුවන්, රටේ ජනාධිපතිවරයා වෙන්න පුලුවන් බෞද්ධයෙක්ට විතරයි. වෙන කිසිම ජාතියක කෙනෙක්ට බෑ. "පාලකයා අනිවාර්යෙන්ම බෞද්ධයෙක් විය යුතුයි" කියන සoකල්පය එදා ඉදන් අද වෙනකන්ම අඛන්ඩව පැවත ගෙන ආපු එකත් ගොඩක් වටිනවා. මහ නුවර යුගයේ අන්තිම කාලයේ රජ වුණු නායක්කාර් වoශික රජවරු හිටන් මේ නීතියට අවනත වුණා. එයාලා හින්දු අය වුණත් බුදු දහම වැළදගෙන, බුදු දහම වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරනවා.

නිශ්ශංකමල්ලගේ සමහරක් සෙල්ලිපිවල ගොවි කුල වoශිකයන්ට අවවාද දීලා තියෙනවා. ඒ වගේම සමහරක් සෙල්ලිපිවල තර්ජනාත්මක ප්‍රකාශ හිටන් කොටලා තියෙනවා. ඒ නිසා මේ කාලයේ ගොවි කුල වoශිකයන් එක්ක රජතුමා මොකක් හරි ප්‍රශ්නයක් ඇති කර ගෙන හිටියා කියලත් හිතන්න පුලුවන්.
ඒ වගේම සිoහාසනයට ඇහැ ගහගෙන හිටපු බල සම්පන්න සෙන්පතිවරුන්ගේ, විදේශීය කුමාරවරුන්ගේ බලපෑම් සාර්ථකව මර්ධනය කරන්නත් නිශ්ශංකමල්ලසමත් වෙනවා.
වඩාත්ම වැදගත් දේ තමයි, නිශ්ශංකමල්ල රජතුමාගේ පාලන කාලයේ, අපේ රටේ තිබුණෙ සාමකාමී වාතාවරණයක්. කිසිම යුද්ධයක් ගැන, කැරැල්ලක් ගැන, කලකෝලහාලයක් ගැන වාර්තා වෙන්නෙ නෑ.
පොළොන්නරු යුගයේ අපේ රටට දැනෙන්න වැඩක් කරපු රජවරු හිටියෙ තුන්දෙනයි. අපි රජවරු දෙන්නෙක් ගැන කතා කළා. නිශ්ශංකමල්ල කියන්නෙ තුන්වැන්නා. ඒ වගේම ඒ ගොන්නට වැටෙන අවසාන පාලකයා. නිශ්ශංකමල්ල රජතුමා රාජ්‍යත්වයට පත් වෙන්න කලින් අපේ රටට දැනෙන්න වැඩක් කරපු අන්තිම පාලකයා තමයි මහා පරාක්‍රමබාහු රජතුමා. මහා පරාක්‍රමබාහු රජතුමා කියන්නෙ බොහෝම ප්රතාපවත් රජ කෙනෙක්. ඒ වගේම අභිමානවත් චරිතයක්. ඒ නිසා මිනිස්සුන්ගෙ ආදරය, ගෞරවය සහ පක්ෂපාතීත්වය කියන තුනම පරාක්‍රමබාහු රජ්ජුරුවන්ට ලැබුණා. ඉතින් නිශ්ශංකමල්ල රජ්ජුරුවන්ට ඕන වුණා පරාක්‍රමබාහු රජතුමාගේ ශ්‍රේෂ්ඨත්වය ඉක්මවා යන්න කටයුතු කරන්න. මොකද පරාක්‍රමබාහු රජතුමා තරම්වත් ශ්‍රේෂ්ඨ චරිතයක් වුණේ නැත්නම්, මිනිස්සු තමාව පිළිගන්න එකක් නෑ කියලා රජතුමාට හිතුණා. ඉතින් ඒ අභියෝගයත් රජතුමාට ජය ගන්න හැකි වුණා. මොකද පරාක්‍රමබාහු රජතුමාගේ සoකේන්ද්‍රගත පාලන ක්‍රමය, නිශ්ශංකමල්ල තවත් ශක්තිමත් කළා. පොළොන්නරු රාජධානියේ බලය තව තවත් වර්ධනය කළා.
ඒත් නිශ්ශංකමල්ල පස්සෙ ආපු පාලකයන්ට ඒ දේවල් හරියාකාරව කර ගන්න බැරි වුණා. ඒ නිසා රාජධානිය ටිකෙන් ටික බිද වැටෙන්න ගන්නවා. නිශ්ශංකමල්ලගෙන් පස්සෙ ආපු පාලකයන්ට නිශ්ශංකමල්ල තරම්වත් හරියාකාරව රාජධානිය ගොඩ නගන්න, පාලනය කරන්න බැරි වීමම, රජතුමාගේ ශ්‍රේෂ්ඨත්වය ගැන ප්‍රකාශ කරන්න ඇති නේද..????
ඉතින් නිශ්ශංකමල්ල රජතුමාටත් ජනතා පක්ෂපාතීත්වය ලැබෙනවා. රජතුමා ධර්මාශෝක අධිරාජ්‍යයාගේ චරිතය තමන්ට ආරෝපණය කර ගන්නවා. රජතුමාගේ අවධානය යොමු වුණේ සමාජ සුභ සාධනය පැත්තට. ඉතින් රජතුමා අවුරුදු 5කට අපේ රටේ ජනතාවගෙන් බදු අය කරන එක නැවැත්තුවා. සමහරක් බදු වර්ග අහක් කළා. තවත් සමහරක් බදු වර්ගවල අය කරන ප්‍රතිශතය අඩු කළා. ඔන්න අද ඉන්න ආණ්ඩුවටත් අපි වෙනුවෙන් කරනව නම් වැඩ. සමහරක් විට ඒ කාලේ අපේ රට ආර්ථිකයේ උච්ඡතම අවස්ථාවට ගිහින් හිටියා වෙන්නත් පුලුවන්. රාජ්‍ය වියදමට වඩා රාජ්‍ය ආදායම දස දහස් ගුණයකින් වැඩි වෙලා, ජනතාවගෙන් බදු අය කරන්න තරම් අවශ්‍යතාවයක් ඇති වුණේ නැතුවත් ඇති.
මිනිස්සුන්ට විතරක් නෙවේ සතා සිව්පාවුන්ට හිටන් කරුණාවන්ත වුණා. අපේ රටේ සියලුම සත්වයින්ට අභය දානය දෙනවා. රට පුරා දාන ශාලා හදනවා. ධර්ම යාත්‍රා තියනවා. අවුරුද්දකට පස් වතාවක් තුලාභර දාන දෙනවා.

අපේ රටේ වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් පිහිටුවීමේ වාර්තාවට හිමිකම් කියන්නෙත් නිශ්ශංකමල්ල රජතුමා. මේ රජතුමාගේ සෙල්ලිපි හම්බ වුණේ නැති තැනක් හොයා ගන්නත් නැති තරම්. ඒ සෙල්ලිපිවල ගොඩක්ම සදහන් කරලා තියෙන්නෙ රජතුමා කරපු පිo අතේ වැඩ ගැන. ඒත් ඒ සෙල්ලිපිවල සදහන් වෙන ගොඩක් කරුණු අතිශ්‍යෝක්තියට බර දේවල්. ඒ කියන්නෙ රජතුමා, තමන් නොකළ වැඩත් කරපු වැඩ විදිහට පෙන්නලා තියෙනවා.
පොළොන්නරුවේ තියෙන ගල්පොත ලිපියත් නිශ්ශoකමල්ල රජතුමාගේ සෙල්ලිපියක්. අපේ රටෙන් හොයා ගත්ත සෙල්ලිපි අතරින් ලොකුම සෙල්ලිපිය කියලත් කියනවා. ඒකෙත් රජතුමාගෙ වැඩ කිඩ ගැන තමයි සදහන් කරලා තියෙන්නෙ. දිග අඩි 26යි. පළල අඩි 4යි. ඝනකම අඩි 3යි. කොටස් 3කට වෙන් කරලා තියෙන මේ ලිපිය, පිටු 3ක් විදිහට සම්පාදනය කරලා තියෙනවා. අනුරාධපුරේ මිහින්තලය පැත්තෙ නිර්මාණය කරලා, එහේ ඉදන් මෙහාට අලි ඇත්තු ලවා ඇදගෙන ආවා කියලා තමයි ඉතිහාසයේ තියෙන්නෙ.
පොළොන්නරුව ඇරුණම නිශ්ශoකමල්ලයන්ගේ සෙල්ලිපි දඹුල්ල, පඩුවස් නුවර, දෙවුන්දර, කතරගම වගේ ප්‍රදේශවලිනුත් හොයා ගෙන තියෙනවා. පහළින් තියෙන්නෙ එතුමා පඩුවස් නුවර සංචාරය කරපු වෙලාවක, පිහිටවපු ලිපියක්.
රජතුමාගේ විනෝදාoශය තමයි බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කර ගන්න යන එක. මේ නිසා ගොඩක් බෞද්ධ වෙහෙර විහාර රජතුමා ප්‍රතිසoස්කරණය කරනවා. දඹුල්ල රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා 72කට රන් ආලේප කළා කියලා සෙල්ලිපිවල තියෙනවා. ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කරන්න යන අයට මාර්ග පහසුකම් නිර්මාණය කරනවා. නිශ්ශංකමල්ල රජතුමාගේ අනුග්‍රහය ඇතිව නිර්මාණය වුණු විශාලම ඉදි කිරීම තමයි රන්කොත් වෙහෙර. මේක පොළොන්නරුවේ තියෙන ලොකුම චෛත්‍යයි. ලoකාවේ තියෙන විශාල චෛත්‍යන් අතරින් හතර වෙනි ස්ථානය ගන්නවා. චෛත්‍යයේ උස අඩි 180ක් වෙනවා.
ඒත් සමහරක් තැන්වල තියෙනවා මේක මහා පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් කියලත්. පරාක්‍රමබාහු රජතුමා ආරම්භ කරපු චෛත්‍යයේ වැඩ, නිශ්ශoකමල්ල රජතුමා ඉවර කරපු නිසා චෛත්‍යය නිශ්ශoකමල්ල රජතුමා හැදුවා කියලත් කියනවා. පොළොන්නරුවේ තියෙන නටබුන් අතරින් ආගමික අoශය යටතට ගැනෙන ගොඩනැගිලි 90%ක්ම නිර්මාණය කරලා තියෙන්නෙ නිශ්ශංකමල්ල රජතුමා. ඒත් අපි අර කලින් සදහන් කළා වගේ නිශ්ශoකමල්ලගේ සෙල්ලිපිවල තියෙන කරුණු කාරණා අතිශ්‍යෝක්තියට බර ඒවා. ඒ නිසා නිශ්ශංකමල්ල රජතුමා අනුන්ගෙ නිර්මාණත්, තමන් කරපු නිර්මාණ ගොඩට දාගෙනලු. නිශ්ශංකමල්ල රජතුමා හිටියේ අවුරුදු 9යි. අවුරුදු 9ක් වගේ සුළු කාලයකින් මේ වගේ වැඩ කොටසක් කරන්න බෑ කියන එක තමයි ඉතිහාසඥයන්ගේ අදහස.
හැටදාගෙටත් වෙලා තියෙන්නෙ මේ වැඩේමයි. හැටදාගේ කියන්නේ දළදා වහන්සේ තැන්පත් කරන්න ඉදි වුණු ගොඩනැගිල්ලට. හැටදාගේ නිර්මාණය කරන්න කලින් දළදා වහන්සේ තැන්පත් කළේ මහා විජයබාහු රජතුමා නිර්මාණය කරපු අටදාගේ. හැටදාගේ දෙවෙනි දළදා මන්දිරය. නිශ්ශංකමල්ල රජතුමා හැටදාගේ නිර්මාණය කළා කියලා අද අපි පිළිගත්තට, හැටදාගේ නිර්මාණය කළේ නිශ්ශංකමල්ල රජතුමා නෙවේ කියලා අප්‍රසිද්ධ මතයක් අද ගොඩනැගෙමින් පවතිනවා. මොකද අපි කලින් ලිපියේ සාකච්ඡා කළා වගේ දන්ත ධාතුන් වහන්සේව ලබා ගන්න, දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් පරාක්‍රමබාහු රජතුමා සෑහෙන්න වැඩ කොටසක් කරපු නිසා, දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරන්න නිර්මාණය කරපු හැටදාගේ, පරාක්‍රමබාහු රජතුමාගේ ඉදි කිරීමක් කියලා ඒ අය පිළිගන්නවා.
මේ කරුණු ඇත්ත නම් නිශ්ශංකමල්ල රජතුමාගෙයි, අද දේශපාලඥයන්ගෙයි අතර කිසිම වෙනසක් නෑ. මේ කරුණු දිහා බලන කොට නිශ්ශංකමල්ල රජතුමා බොරුවෙන්ම ජීවත් වුණු රජ කෙනෙක්ද කියලත් හිතෙනවා. වටදාගෙය, කිරි වෙහෙර මහා පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණ කියලා පිළිගන්න පුලුවන් ප්‍රබල සාක්ෂි තියෙද්දිත්, නිශ්ශoකමල්ල ඒ දෙකත් තමන්ගේ නිර්මාණ කියලා සෙල්ලිපිවල කොටනවා.
සත්මහල් ප්‍රාසාදයත් නිශ්ශංකමල්ල රජතුමා නිර්මාණය කළා කියලා තමයි දැනට තියෙන පිළිගැනීම. මේක ගොඩනැගිල්ලකට සමාන චෛත්‍යයක්. මේ වගේ චෛත්‍යයක් ලoකාවේ වෙන කිසිම තැනකින් අපිට හම්බ වෙන්නෙ නෑ.
පොළොන්නරුවේ තියෙන නටබුන් අතරින් නිශ්ශංක ලතා මණ්ඩපය හැමෝගෙම අවධානයට ලක් වෙන නිර්මාණයක්. මේ ගොඩනැගිල්ලෙ ඉදගෙන නිශ්ශංකමල්ල රජතුමා පිරිත් සහ ධර්මය ශ්‍රවණය කළා කියලා සදහන් වෙනවා. මේ මණ්ඩපයේ තියෙන ගල් කණුවල තියෙන සමහරක් කැටයම් මේ කාල වකවානුවට විතරක් ආවේණික වුණු ඒවා.
ලෞකික ගොඩනැගිලි ඝනයට අයිති වෙන නිශ්ශoක රාජ සභා මණ්ඩපය, නිශ්ශංකමල්ල රජතුමාගේ රාජ සභාව පවත්වපු තැන කියලා සදහන් වෙනවා. මේකේ ආකෘතිය, නිශ්ශංක ලතා මණ්ඩපයේ ආකෘතියට ටිකක් සමානයි. සමාන මිනුම් අනුව දෙපැත්තෙ තියෙන කුළුණු යට තියෙන ආසනවල එක එක තනතුරුවල නම් කොටලා තියෙනවා. කුඩා සිoහාසනය යුව රජතුමාට වෙන් කරලා තියෙනවා. කැටයම් කරපු සිoහයාගේ පිට උඩ නැගලා රජතුමා සභාව මෙහෙයුවා කියලත් මතයක් තියෙනවා. මේ නිර්මාණයෙන් අපේ පැරණි රජ දරුවෝ, රට ගැන තීරණ ගත්තේ කොහොමද කියලා සුළුවෙන් හරි අධ්‍යනය කරන්න පුලුවන්.
රජතුමා කෘෂි කර්මාන්තය දියුණු කරන්නත් පියවර ගත්තා කියලා එතුමාගේ සෙල්ලිපිවල තියෙනවා. ඒ වැව් අමුණු නිර්මාණය කරලා. නිශ්ශංකමල්ල රජතුමා, "නිශ්ශංක සමුද්‍රය" කියලා ලොකු වැවක් නිර්මාණය කළා කියලා ගල්පොත ලිපියේ තියෙනවා. ඒත් ඒ වැව තාමත් නිශ්චිත වශයෙන් අදුර ගෙන නෑ. ඒත් අපේ පුරාවිද්‍යාඥයන් පරාක්‍රම සමුද්‍රය ළග කැනීම් කරගෙන යටට හාරගෙන යන කොට, මේ වැව නිශ්ශංකමල්ල රජතුමා හැදුවා කියලා Board ලෑල්ලක් හම්බ වෙනවා. තවත් යටට හාරගෙන යනකොට, මේක පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් කියලා තියෙන තවත් Board ලෑල්ලක් හම්බ වෙනවා. බැලින්නම් පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් වෙන පරාක්‍රම සමුද්‍රයේ Board එක ගලවලා, ඒක නිශ්ශංකමල්ල රජතුමා කළා කියලා, නිශ්ශංකමල්ලරජතුමා Board ලෑල්ලක් ගහලා. සමහරක් විට ඒ නිසා පරාක්‍රම සමුද්‍රය, එතුමාගේ කාලයේ නිශ්ශංක සමුද්‍රය කියලා හැදුන්නුවද දන්නෙත් නෑ. වැව් අමුණු ප්‍රතිසoස්කරණයට අමතරව රන්තිස, මිනිහොර ගoහල, පදි, පාoඩි වාපි, පාoඩි විජය කුලම් ආදී වැව් නිර්මාණය කළා කියලත් ගල්පොතේ සදහන් වෙනවා.
රජතුමා උතුරු සහ දකුණු ඉන්දියාවේ ඔරිස්සා, වoග, කර්ණාට, ආන්ද්‍රා, ගුජරාට් වගේ ප්‍රදේශ එක්කත්, කාම්බෝජය, බුරුමය, ශ්‍රී විජය වගේ රාජ්‍යන් එක්කත් විදේශීය සම්බන්ධතා පවත්වලා තියෙනවා. චෝළ සහ පාණ්ඩ්‍ය රාජධානිවලින් කප්පම් එකතු කළා කියලත් රජතුමාගේ සෙල්ලිපිවල සදහන් වුණත්, එව්වායේ ඇත්ත බවක් නම් පේන තෙක් මානයකවත් නෑ.
අවුරුදු 9ක් මේ විදිහට සාර්ථක රාජ්‍ය පාලනයක නිරත වෙලා 1196 අභාවප්‍රාප්ත වෙන නිශ්ශoකමල්ල රජතුමාගෙන් පස්සෙ එතුමාගේ පුත්‍රයා වුණු වීරබාහු කුමාරයා රජ වෙනවා.
එදා රාත්‍රියේදීම වීරබාහු කුමාරයාව සේනාපතියෙක් ඝාතනය කරනවා. සේනාපතිවරයාව ඝාතනය කරලා, නිශ්ශoකමල්ල රජතුමාගේ බාල සහෝදර 2 වෙනි වික්‍රමබාහු රජ වෙනවා. මාස 3කට පස්සෙ 2 වෙනි වික්‍රමබාහු රජතුමාව ඝාතනය කරලා චෝඩගoග කියලා රජ කෙනෙක් මාස 9ක් රජකම් කරනවා. චෝඩගoගව ඝාතනය කරලා පරාක්‍රමබාහු රජතුමාගේ බිසව ලීලාවතී රැජින පාලනය භාර ගන්නවා. ලීලාවතීව එළවලා, නිශ්ශoකමල්ල රජතුමාගේ තවත් සහෝදරයෙක් වෙන සහස්සමල්ල රාජ්‍යත්වයට පත් වෙනවා. ඊට පස්සෙ නිශ්ශoකමල්ල රජතුමාගේ බිසව කල්‍යාණවතී අවුරුදු 6ක් රජකම් කරනවා. කල්‍යාණවතී බිසවව නෙරපන ආයස්මන්ත කියලා සෙනෙවියෙක් මාස 3ක් වයස ධර්මාශෝක කියලා බිළින්දෙක්ව සිoහාසනේ තියලා, භාරකාර රජ්ජුරුවො විදිහට අවුරුද්දක් රට කරවනවා.
මේ දෙන්නව ඝාතනය කරලා අනිකoග කියලා චෝළ රජ කෙනෙක් සිoහාසනේ පැහැර ගන්නවා. දවස් 17කට පස්සෙ අනිකoගව මරලා ලීලාවතී බිසව දෙවෙනි පාරටත් සිoහාසනයේ වාඩි වෙනවා. අවුරුද්දකට පස්සෙ ලීලාවතී බිසවව බලයෙන් පහ කරලා ලෝකේශ්වර කියලා චෝළ රජ කෙනෙක් සිoහාසනය ගන්නවා. මාස 9කට පස්සෙ ආයිත් ලීලාවතී බිසව රටේ පාලනය ගන්නවා. මාස 7කට පස්සෙ ලීලාවතී බිසවව එළවලා පාණ්ඩ්‍ය දේශයෙන් ආපු පරාක්‍රම පාණ්ඩ්‍ය රජ්ජුරුවො රජකම ගන්නවා.
* Cover Photo - Taken from www.gei.aerobaticsweb.org
* Gal Potha Album - Amila Wickramarachchi
* Rankoth Vehera Album - Amila Wickramarachchi
* Heta Dage Album - Amila Wickramarachchi
* Nishshanka Mandapa Album - Amila Wickramarachchi
* Panduwas Nuwara Album - Oshan Nanayakkara