ඉතිහාස වාර්තාවල තියෙන විදිහට නම් දෙවෙනි විමලධර්මසූරිය රජතුමාගේ රාජ්‍ය පාලන කාලය අපේ රටේ සාමකාමි යුගයක්. රජතුමා පුoචි කාලයෙ ඉදන්ම හැදුනේ වැඩුනෙ පන්සල් ආශ්‍රය කරගෙන. ඒ නිසා දෙවෙනි විමලධර්මසූරිය රජතුමා කියන්නෙ බොහොම උපශාන්ත රජ කෙනෙක්. පාරම්පරික උරුමය නිසා සිoහාසනයේ වාඩි වුණාට, රජතුමාට රාජ්‍ය පාලනය ගැන, පරිපාලනය ගැන කිසිම දැනුමක් තිබුණෙ නෑ. දේශපාලනික ඵලපුරුද්දක් තිබුණෙ නෑ. මේක රජතුමාගෙ වටේ ඉන්න රදළ පැලැන්තියේ අමාත්‍යවරුන්ට වාසි සහගත කාරණාවක් වෙනවා. හැමතිස්සෙම රජතුමා දේශපාලනික තීරණ ගන්න කොට, අමාත්‍යවරුන්ගේ උපදෙස් ලබා ගන්නවා. ඒ නිසා රදළ බලය ක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා.
මේ කාලයේ රජයේ සහ ලන්දේසි හමුදා අතර කිසිම සටනක් සිද්ධ වුණේ නෑ. සාමකාමී කාලයක්. රජතුමා යුද්ධවලට ප්‍රිය කළේ නෑ. පුoචි කාලයේ ඉදන්ම පන්සල් ආශ්‍රය කරගෙන ජීවත් වීම මේකට තදින්ම බලපාන්න ඇති. රජතුමා ලන්දේසීන් එක්ක ප්‍රශ්න ඇති කර ගත්තෙ නෑ. රජතුමාගේ මේ දේශපාලන අපරිනත බව සහ නම්‍යශීලී බව ලන්දේසීන්ගේ වාසියට හේතු වෙනවා. ඒ නිසා ලන්දේසීන් කිසිම බාධාවක් නැතුව තම තමන්ගේ වෙළද කටයුතු ටික අඛන්ඩව කර ගෙන යන්න ගත්තා.
ඒ කාලයේ අපේ රටේ ලන්දේසි ආණ්ඩුකාරවරයා වුණේ "ලොරන්ස් ෆිල්" කියන ආණ්ඩුකාරවරයා. මේ ආණ්ඩුකාරවරයගෙන් 1665 ලන්දේසීන්ගේ පාලනයට යටත් කර ගත්ත ප්‍රදේශ උඩරටටම පවරලා දෙන්න කියලා රජතුමා ඉල්ලීමක් කරනවා. රජතුමාගේ සාමකාමී දේශපාලනික ප්‍රතිපත්තිය නිසා රජතුමාගෙන් බාධාවක් වෙන්නෙ නැති නිසා, ලන්දේසීන් බස්නාහිර සහ දකුණු පළාත් ඇරෙන්න ලන්දේසී පාලනය යටතේ තිබුණු අනිත් හැම ප්රදේශයක්ම රජතුමාට භාර දෙනවා. ඒ වගේම 1696දී ලන්දේසීන් අල්ල ගත්ත වරායන් රජතුමාට භාර දෙනවා. මේකෙ ප්‍රතිඵලයක් විදිහට 1703දී රජතුමා ලන්දේසීන්ට, උඩරට එක්ක වෙළද කටයුතු සිද්ධ කරන්න අවසරය දෙනවා.
දෙවෙනි විමලධර්මසූරිය කියන්නෙ ගොඩක් ශ්රද්ධාවන්ත රජ කෙනෙක්. ඒ වගේම රජතුමා ගොඩක් නිර්ලෝභීව බුද්ධ ශාසනයට රාජ්‍ය අනුග්‍රහය දෙනවා. දළදා වහන්සේ වෙනුවෙන් තුන් මහල් ප්‍රාසාදයක් ඉදි කරවලා, දළදා වහන්සේව තැන්පත් කරන්න රිදී 5000ක රත්තරo කරඩුවක් හදවනවා. රජතුමා "රක්ඛoග දේශයට" පුද පඩුරු යවලා (සිවුරු ආදී පූජා භාණ්ඩ එක් වර්ගයකින් 500 බැගින්) මහා නායක හාමුදුරුවරු 33 නමක් ලoකාවට වඩම්වලා, උපසම්පදා විනය කර්මයක් සිද්ධ කරනවා. ඒ වගේම කුල පුත්‍රයන් 120ක් පැවිදි කරවනවා.
රක්ඛoග දේශය කියන්නෙ "පහළ බුරුමය"ට (පේගු රට). චූල වoශයේ තියෙන විදිහට නම් රජතුමා රක්ඛoග දේශයට පුද පඩුරු යැව්වෙ ලන්දේසි නැවකින්. ඒ කියන්නෙ මේ ශාසනික කටයුත්තට ලන්දේසීනුත් අනුග්‍රහය දීලා තියෙනවා. පහත රට තියෙන වෙහෙර විහාර ප්‍රතිසoස්කරණය කරලා බෞද්ධ සිද්ධස්ථානවලට අයිති දේපළවල අයිතිය ලන්දේසීන්ගෙන් ලබා ගන්නත් රජතුමා කටයුතු කරනවා. ජීවිතයේ අන්තිම කාලයේදී රජතුමා ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්නත් ගියා කියලා පොත්පත්වල තියෙනවා.
රජතුමා විවාහ කර ගන්නෙ දකුණු ඉන්දීය ද්‍රවිඩ කුමාරිකාවක්. පොත්පත්වල තියෙන විදිහට රජතුමා තමන්ගෙ පුත්‍රයටත් විවාහ කරලා දෙන්න, දකුණු ඉන්දීය කුමාරිකාවක් හොයන්න 1705දී කණ්ඩායමක් දකුණු ඉන්දියාවට පිටත් කරලා තියෙනවා.
2 වෙනි විමලධර්මසූරිය රජතුමාගේ සම්පූර්ණ රාජ්‍ය පාලන කාලය අවුරුදු 20ක් වෙනවා. රජතුමාගේ අන්තිම අවුරුදු 4 ගැන තියෙන විස්තර නම් ගොඩක් විවාදාත්පන්නයි. සිoහල පොත්වල තියෙන විදිහට නම් අන්තිම අවුරුදු 4දි රජතුමා සහ ලන්දේසීන් අතර තිබුණු සුහදත්වයේ පළුදු වීමක් වෙලා තියෙනවා. ඒ නිසා අන්තිම අවුරුදු 4දි ලoකා - ලන්දේසි සම්බන්ධතාව, තාවකාලිකව බිද වැටෙනවා. ඒත් ලන්දේසීන්ගේ සටහන්වල තියෙන්නෙ නම් රජතුමාගේ අන්තිම අවුරුදු 4දි, කලින් තිබුණටත් වඩා සුහදත්වය ගොඩක් වර්ධනය වුණා කියලා.
ලන්දේසීන් එක්ක යුද්ධ කරේ නැතත්, 2 වෙනි විමලධර්මසූරිය රජතුමාගේ ක්‍රියාදාමය අපිට අවතක්සේරු කරන්න බෑ. අපි දකින විදිහට නම් 2 වෙනි විමලධර්මසූරිය රජතුමාගේ චරිතයට ළගින්ම යන චරිතයක් තමයි බිoදුසාර රජතුමාගේ චරිතය. බිoදුසාර රජතුමා කියන්නෙ ඉන්දියාවෙ මගධ අධිරාජ්‍යයේ, මෞර්ය වoශික රජ පෙළපතේ දෙවෙනියා. මේ රජතුමාගේ පාලන සමයත් බොහොම සාමකාමී යුගයක්. ඒත් බිoදුසාර රජතුමාට කලින් හිටපු මෞර්ය චන්ද්‍රගුප්ත රජතුමාගේ පාලන කාලයයි, පස්සෙ ආපු අශෝක අධිරාජ්‍යයාගේ පාලන කාලයයි ගත්තම මීට වඩා හාත්පසින්ම වෙනස්. යුද්ධවලින් පිරිලා ගිය, කෝටි ගාණක අහිoසක මිනිස් ජීවිත නිකරුණේ විනාශ වෙලා ගිය කාල වකවානුවක්. ඒත් යුද්ධ මග හැරලා රාජධානියේ සාමය ආරක්ෂා කර ගන්න බිoදුසාර රජතුමාට පුලුවන් වෙනවා. ඒ වගේම රාජධානිය හොදින් ආරක්ෂා කරන්නත් සමත් වෙනවා. ඒ නිසා රාජධානියේ එක ප්‍රදේශයක්වත් රාජධානියට අහිමි වුණේ නෑ.
2 වෙනි විමලධර්මසූරිය රජතුමාටත් පාලන කාලය තුළ පුලුවන් වෙනවා රටේ සාමය පවත්වාගෙන යන්න. ඒ වගේම මහ නුවර රාජධානියත් හොදින් ආරක්ෂා කළා. රජතුමා සිoහාසනයේ වාඩි වෙනකොට තිබ්බ රාජධානියමයි, නරේන්ද්රසිoහ රජතුමා සිoහාසනයේ වාඩි වෙන කොටත් තිබුණෙ.
* Cover Photo - Unknown