කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙන් පස්සෙ, අපේ රටේ රාජ්‍ය පාලනය භාර ගන්නෙ, එතුමාගේ සහෝදරයෙක් වුණු "රාජාධි රාජසිංහ" රජතුමයි. රාජාධි රාජසිංහ අපේ රටේ ඉතිහාස පොතට එකතු වෙන්නෙ තුන්වෙනි නායක්කාර් වoශික රජතුමා විදිහටයි. රාජාධි රාජසිංහ කියන්නෙත්, කීර්ති ශ්‍රී රාජසිoහ රජතුමා වගේම ශ්රද්ධාවන්ත බෞද්ධ පාලකයෙක්.
රජතුමා වෙහෙර විහාර ප්‍රතිසoස්කරණයට ගොඩක් උනන්දු වුණා. දිරාපත් වෙලා ගිහින් තිබුණු, මහ නුවර මල්වතු විහාරයේ පොහොය ගෙය ආයිත් තිබුණු තත්වයටම ගේන්න එතුමාට හැකියාව ලැබෙනවා. ඒ වගේම රජතුමා දළදා වහන්සේ වෙනුවෙන් පහන් 100 000ක් පූජා කරනවා. රජතුමාගේ ශරීර ප්‍රමාණයට ලෝකඩ බුදු පිළිමයක් නිර්මාණය කරවලා, මහ නුවර ගoගාරාමයට පූජා කරනවා.
රාජාධි රාජසිංහ රජතුමා නායක්කාර් වoශිකයෙක් වුණාට බුද්ධ දර්ශනය ගැන එතුමාට හොද දැනුමක් තිබුණා. සිoහල රජ කෙනෙක්ටවත් නැති දැනුමක් පාලි, සoස්කෘත, සිoහල භාෂා ගැන තිබුණා. "අශදෘෂ්ය ජාතක කවි" එතුමා අතින් රචනා වුණු ඒවා. මේකට කරතොට ධර්මාරාම හිමියන්ගේ ඇසුරත් බලපාන්න ඇති.
රජතුමා වෙහෙර විහාර ප්‍රතිසoස්කරණයට ගොඩක් උනන්දු වුණා. දිරාපත් වෙලා ගිහින් තිබුණු, මහ නුවර මල්වතු විහාරයේ පොහොය ගෙය ආයිත් තිබුණු තත්වයටම ගේන්න එතුමාට හැකියාව ලැබෙනවා. ඒ වගේම රජතුමා දළදා වහන්සේ වෙනුවෙන් පහන් 100 000ක් පූජා කරනවා. රජතුමාගේ ශරීර ප්‍රමාණයට ලෝකඩ බුදු පිළිමයක් නිර්මාණය කරවලා, මහ නුවර ගoගාරාමයට පූජා කරනවා.
රාජාධි රාජසිංහ රජතුමා නායක්කාර් වoශිකයෙක් වුණාට බුද්ධ දර්ශනය ගැන එතුමාට හොද දැනුමක් තිබුණා. සිoහල රජ කෙනෙක්ටවත් නැති දැනුමක් පාලි, සoස්කෘත, සිoහල භාෂා ගැන තිබුණා. "අශදෘෂ්ය ජාතක කවි" එතුමා අතින් රචනා වුණු ඒවා. මේකට කරතොට ධර්මාරාම හිමියන්ගේ ඇසුරත් බලපාන්න ඇති.
රාජාධි රාජසිංහ රජතුමාගෙ කාලය අපේ රටේ දේශපාලනික ඉතිහාසයේ තීරණාත්මක සoධිස්ථානයක්. අපි කලින් ලිපියේ සදහන් කරපු 1766 ගිවිසුම නිසා අපේ රටේ ආර්ථික අවපාතයක් ඇති වුණා. ඒ වගේම රාජ සභාවත් අවුල් වියවුල් වුණා.
මේ කාලය වෙන කොට අපේ රටේ දේශපාලනයට ඉoග්රීසීන්ගේ ඇගිලි ගැසීම් එන්න එන්නම වැඩි වුණා. අර අහක යන නයි, මොකක්ද එකක් අස්සෙ දා ගත්තම ඔහොම තමයි. ඒ මදිවට ලන්දේසීන් උඩරට අල්ල ගන්න සැලසුම් හදනවා.
ප්‍රoශ හමුදාවක් ත්‍රිකුණාමලය අල්ල ගන්න උත්සාහ කරනවා. ඒ ත්‍රිකුණාමල වරාය නිසා. මොකද ත්‍රිකුණාමල වරාය ගොඩක් සුවිශේෂයි. ඒ මෙන්න මේ කරුණු කාරණා නිසා.
01. එකවර නැoගුරම් දමා නැව් විශාල ප්‍රමාණයක් නැවැත්විය හැකි වීම.
02. සුවිශේෂ පිහිටීම නිසා කුණාටුවලින් ආරක්ෂා වීම.
03. ඉන්දියාවේ වෙරළබඩ කලාපය පාලනය කිරීමට පහසු වීම.
04. වරාය ආවරණයක් ලෙස යොදා ගෙන, සතුරු හමුදාවලට පහසුවෙන් පහර දිය හැකි වීම.
ඒ නිසා තමයි පෘතුගීසීන්ගෙන් පස්සෙ ලන්දේසින් මේ වරායෙන් උපරිම ප්‍රයෝජනය ගන්නෙ. මේ අතරේ බ්‍රිතාන්‍යයෙන් නියෝජිතයෙක් එනවා, රාජාධි රාජසිංහරජතුමාව මුණ ගැහෙන්න. ඒ ලන්දේසීන්ව අපේ රටෙන් එළවලා දාන්නෙ කොහොමද කියලා සාකච්ඡා කරන්න.
නියෝජිතයා රජ්ජුරුවන්ගෙන් අවසර ඉල්ලනවා, ලන්දේසි බලකොටු ටික අල්ල ගන්න. ලන්දේසි බලකොටු, ලන්දේසි හමුදාවට නැති වෙනවා කියන්නෙ උන් හිටි තැන් නැති වෙනවා වගේ වැඩක්. එතකොට ආහාර පාන, අවි ආයුධ, ඉදුම් හිටුම් ගැන ප්‍රශ්න මතු වෙනවා. එයාලට පරාජය වෙන්න වෙනවා. නියෝජිතයගෙ අදහස කදිම අදහසක් වුණත්, රජ්ජුරුවො ඒකට කැමති වෙන්නෙ නෑ.
අන්න ඒක තමයි අපි කියන්නෙ අපිට ඉතිහාසයෙන් ඕන තරම් පාඩම් ඉගෙන ගන්න පුලුවන් කියලා. ඉතිහාසය අධ්‍යනය කරනකොට අපිට ඕන තරම් වැරදීම් අහු වෙනවා. වර්තමානයේ ජීවත් වෙන අපි කරන්න ඕන, ඒ අත්දැකීම් ඔස්සෙ, අනාගතයේ ඒ වැරදි ඇති නොවෙන විදිහට වග බලා ගන්න ඕන එකයි.
ඉතින් රාජාධි රාජසිංහ රජතුමත් මේ ගැන හොදට කල්පනා කරලා බලන්න ඇති. මොකද දෙවෙනි රාජසිංහ රජතුමාගෙ කාලෙනෙ අපි ඔය "ඉගුරු දීලා මිරිස් ගත්තෙ". එහෙම අරගෙන පෘතුගීසින් එලවලා දැම්මට මොකද, ලන්දේසින් අපේ රටේ පැලපදියම් වුණා. ඉතින් එහෙව් එකේ බ්‍රිතාන්‍යන් ගැනත් විශ්වාසය තියන්න අමාරුයි කියලා රජතුමාට වැටහෙන්න ඇති.
අපේ රටේ යුද්ධ තියෙන කාලෙත් සටන් විරාම ගිවිසුම්වලට අමතරව සාම සාකච්ඡා කියලා වට කීයක් නම් රජය පැවැත්තුවද..??? එක වටයක් අසාර්ථක වෙලා, ටික කාලයක් ගියාම, තවත් වටයක් පවත්වනවා. ඒකෙන් මේකෙන් වුණේ ත්රස්තවාදීන් බලවත් වුණා. රජය රැවටුනා. ඒ ඉතිහාසය හරියාකාරව අධ්‍යනය කරපු නැති එකේ වැරැද්ද.
ඉතින් කලින් කිව්වා වගේම රාජාධි රාජසිංහ රජතුමා, නියෝජිතයගෙ අදහස ප්‍රතික්ෂේප කරනවා. සමහරක් විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මුළු ලෝකයටම කිව්වා වගේ "අපේ ප්‍රශ්න අපිම බලා ගන්නම්" කියලා කිව්වද දන්නෙත් නෑ.
ඉතින් නියෝජිතයත් රජ්ජුරුවන්ගෙ අණට කීකරු වෙලා, යටහත් පහත්ව එතනින් කැපෙනවා. ඒත් බ්‍රිතාන්‍ය ඉoග්‍රීසි හමුදාවෙ අණදෙන නිළධාරීන්ට පණිවිඩ යවනවා, ලoකාවෙ තියෙන ඔක්කොම ලන්දේසි බලකොටුවලට ගහන්න කියලා. ඒත් එක්කම අපේ රටේ ලන්දේසි සහ ඉoග්‍රීසි හමුදා අතර ලොකු යුද්ධයක් ඇති වෙනවා. හැබැයි මේ දේවල් වෙන්නෙ රජ්ජුරුවන්ගෙ අනුදැනුමින් තොරවයි.
මේ විදිහට ඉoග්‍රීසි හමුදාව ලන්දේසින් එක්ක යුද්ධ කරන්න ගන්නවා. 1795 අවුරුද්දෙ අගෝස්තුවල හමුදාව, ත්‍රිකුණාමල බලකොටුවයි, වරායයි අල්ල ගන්නවා.
1795 සැප්තැම්බර්වල යාපනය බලකොටුවට ලොකු ප්‍රහාරයක් එල්ල කරලා, ලන්දේසීන්ගෙන් බලකොටුව මුදවා ගන්නවා.
1795 අවුරුද්දෙම නොවැම්බර් මාසයේ ඉoග්‍රීසි හමුදාව, ලන්දේසින්ගේ පාලනයෙ තිබ්බ කල්පිටිය බලකොටුව අල්ල ගන්නවා.
අන්තිමේදි 1796 ජනවාරිවල කොළඹ බලකොටුවත් අල්ල ගන්නවා. මේ විදිහට ඉoග්‍රීසි හමුදාව, අපේ රටේ ලන්දේසි හමුදාව යටතේ තිබ්බ ඔක්කෝම බලකොටු ටික අල්ල ගන්නවා. දැන් ඔක්කෝම ප්‍රදේශ තියෙන්නෙ බ්‍රිතාන්‍ය හමුදා යටතෙ. හැබැයි උඩරට ඇරෙන්න. ඉoග්‍රීසින් ලන්දේසීන්ගෙන් අපේ රට නිදහස් කරන්න, ලන්දේසි බලකොටු අත්පත් කර ගන්නවා කියලා රටට පෙන්නුවට, එයාලගෙ යටි අරමුණ වුණේ ලන්දේසීන් යටතේ තිබුණු ලoකාව තමන්ගේ යටතට ගන්න එකයි. රජ්ජුරුවන්ට මේක ඉවෙන් වගේ දැනුණු නිසා තමයි, බ්‍රිතාන්‍ය නියෝජිතයට ලන්දේසි බලකොටු වලට ගහන්න එපා කියලා කිව්වෙ.
මේ විදිහට කට්ට කෛරාටික විදිහට බ්‍රිතාන්‍ය හමුදාව මුළු වෙරළබඩ කලාපයම තමන්ගෙ යටතට ගන්නවා. ඒත් උඩරට ආක්‍රමණය කළේ නෑ. මොකද මේ ඒකට සුදුසු කාලය නෙවේ නිසා. මොකද රාජාධි රාජසිංහ රජතුමා ගොඩක් ජනප්‍රියයි. පක්ෂපාතීත්වය තියෙන නිසා උඩරට බලවත්. ඉතින් එහාටත් ප්‍රහාරයක් එල්ල කළොත් බ්‍රිතාන්‍යන්ට අනිවාර්යෙන්ම පරදින්න වෙනවා. ලන්දේසි බලකොටු එකින් එක අල්ල ගන්නකොට, ලන්දේසින් ගොඩක් කලබල වුණා. ඒ කලබලය නිසා එයාලට මොනවත් කර ගන්න බැරි වුණා.
ඒත් රාජාධි රාජසිoහ රජ්ජුරුවො කලබල වුණේ නෑ. ලන්දේසි බලකොටු අත්පත් කරගෙන ඇවිල්ලා, ඉoග්‍රීසි හමුදාව ඊළගට හැරෙන්නෙ උඩරට දිහාවට කියලා රජ්ජුරුවො දැන ගන්නවා. ඒ නිසා ඒකට මුහුණ දෙන්න රජ්ජුරුවො ලෑස්තිපිට තමයි හිටියෙ.
ඉතින් හරකා හැරෙන කොටම දැන ගන්න ඕන "පොල් පැලේ කන්න තමයි හැරෙන්නෙ" කියලා. අද කාලෙ පාලකයොන්ටත් මේවයින් ගන්න හොද පාඩම් තියෙනවා. විශේෂයෙන්ම පිටරටවල් එක්ක ගණුදෙනු කරනකොට.
ඉතින් ඊට පස්සෙ මොකක් වෙයිද..???? ඉoග්රීසීන්ට උඩරට අල්ල ගන්නත් අවස්ථාවක් එයිද..???? එතකොටත් රාජාධි රාජසිoහ රජතුමා උඩරට පාලකයා වෙලා ඉදීවිද..???? ප්‍රශ්න ගොඩයි නේද..???? මේ ඔක්කොම ප්‍රශ්න අපේ ඊළග ලිපිය කියවලා විසදගන්න පුලුවන්.
* Cover Photo -
Taken from www.cinemablend.com
* Cover Photo -
Taken from www.cinemablend.com
අමතර කරුණක් දෙකක් -
01. කරතොට ශ්‍රී ධර්මාරාම හිමි
කරතොට ශ්‍රී ධර්මාරාම හාමුදුරුවො වැලිවිට සරණංකර හාමුදුරුවන්ගෙන්, අත්තරගම පඩිවරයාගෙන් ඉගෙනගෙන කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙයි, රාජාධි රාජසිංහ රජතුමාගෙයි අනුශාසකවරයා විදිහට කටයුතු කළා. පස්සේ හාමුදුරුවොයි රජ්ජුරුවොයි අතර තියෙන සම්බන්ධයට ඉරිසියා කරපු කට්ටියක් රජ්ජුරුවන්ට කියනවා, හාමුදුරුවෝ ලන්දේසීන් එක්ක කුමන්ත්‍රණය කරනවා කියලා. ඊට පස්සේ හාමුදුරුවන්ව හිර කරලා දානවා. මේ වෙලාවේ තමයි හාමුදුරුවෝ බාරස කාව්‍ය ලියන්නේ. ලංකාවෙන් බිහි වුණු විශිෂ්ඨ කවියක්. බර කව ගබ සක ! පස්සේ මේක රජ්ජුරුවන්ට අරිනවා. රාජාධි රාජසිංහ රජ්ජුරුවො කියන්නේ ලොකු උගතෙක්. රජ්ජුරුවන්ට මේකෙ තේරුම හොයා ගන්න බැරුව, අනිත් අයගෙන් අහනවා. ඒ අය දන්නෙත් නෑ. පස්සේ හාමුදුරුවන්වම ගෙන්නලා තේරුම අහගන්නවා. හාමුදුරුවන්ගේ බහුශ්‍රැතකම ගැන පැහැදිලා, සමාව අරගෙන, පහතරට සංඝනායක පදවියයි, සිරිපාදේ නායක පදවියයි, පල්ලෙබැද්ද සංඛපාල විහාරයයි දෙනවා. ඒ විතරක් නෙවේ පල්ලෙබැද්දෙන් අක්කර 13 000ක් හාමුදුරුවන්ට නින්ද ගමක් විදිහට පූජා කරනවා. කරතොට හාමුදුරුවන්ගේ ගිහි පරම්පරාව අදවෙන කොට පරම්පරා 11ක් වෙනකං ඇවිල්ලා තියෙනවා. මේ ලිපිය ලියන මමත් කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගේ ගිහි පරපුරේ පුරුකක්. සුද්දන්ගේ කාලය වෙනකොට අපේ පරම්පරාවට අයිති ඉඩකඩම් වෙන වෙන අය අයිති කර ගත්තා. පස්සේ අපේ සීයලා, මුත්තලා එකතු වෙලා එව්වට නඩු කියලා, ඉඩකඩම් ටික අපේ අතට අරගෙන, ඒ ඔක්කොම ටික පල්ලෙබැද්දේ සංඛපාල විහාරයට පූජා කළා.
පහළ බොත්තම එබුවොත් ඔයාලට පුලුවන් කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගේ චරිත කතාව සහ විජේසිංහ ගිහි පරපුර ගැන අංග සම්පූර්ණ තොරතුරු තියෙන, මම ලියපු ලිපියක් කියවන්න.
පහළ බොත්තම එබුවොත් ඔයාලට පුලුවන් කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගේ චරිත කතාව සහ විජේසිංහ ගිහි පරපුර ගැන අංග සම්පූර්ණ තොරතුරු තියෙන, මම ලියපු ලිපියක් කියවන්න.
02. වෑවුරුකන්නල රජමහා විහාරය
වෑවුරුකන්නල විහාරය කිව්වම හුග දෙනෙක්ට මතක් වෙන්නේ අලංකාර බුදු මැදුරක්. එහෙමත් නැත්නම් අඩි 170ක් උස වර්ණවත් සමාධි බුද්ධ ප්‍රතිමාවක්. ඒත් නැත්නම් ලී වලින් හදපු විශාල ලී ඔරලෝසුවක්. ඒත් වෑවුරුකන්නල විහාරය කියන්නෙත් රජමහා විහාරයක්. ඒ බව හුග දෙනෙක් දන්නේ නෑ. මේ විහාරය නිර්මාණය වෙන්නේ රාජාධිරාජසිංහ රජ්ජුරුවන්ගේ කාලයේ. ඒ කියන්නේ 1782ත් 1798ත් අතර. මේ විහාරය නිර්මාණය කරන්න මූලිකත්වය ගන්නේ රාජාධිරාජසිංහ රජතුමාගේ පුත්‍රයෙක්. ඉතිහාස කතාව අනුව රාජාධිරාජසිංහ රජතුමාගේ පුත්‍රයෙක් පැවිදි දිවියට ඇතුළත් වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ වැවක ඉවුරේ කොනක, පොඩි ශාලාවක් නිර්මාණය කරනවා. ඒක හැදින්නුවේ "වැව් ඉවුරු කොන් හල" කියලා. මේක තමයි ටික ටික විකාශනය වෙලා ඇවිත්, "වැවුරුකන්නල" කියලා හැදිලා තියෙන්නේ. ඒ වගේම දේවාලයක්, බෝධීන් වහන්සේ නමක් සහ කුඩා විහාරයක් සමගින් මේ භූමිය විහාරස්ථානයක් විදිහට නිර්මාණය වුණු මුල් කාලයේ, මේ විහාරස්ථානයේ හාමුදුරු නමක් හිටියේ නෑ කියලත් සදහන් වෙනවා.