සර් රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයගෙන් පස්සෙ, 1848 වෙනකන් අපේ රටේ වැඩ භාර ගත්තු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු මෙන්න මේ විදිහට ලැයිස්තු ගත කරන්න පුලුවන්.
*එඩ්වඩ් පැජට් (1822 - 1824)
*එඩ්වඩ් බාන්ස් (1824 - 1831)
*රොබට් විල්මට් හෝට්න් (1831 - 1837)
*ජේ.ඒ.ස්ටුවට් මැකන්සි (1837 - 1841)
*කොලින් කැමල් (1841 - 1847)
*ටොරිංටන් සාමි (1847 - 1850)
ටොරිංටන් ස්වාමිවරයගෙන් අපි ලැයිස්තු ගත කිරීම නැවැත්තුවේ අපේ සාකච්ඡාව 1848 ටොරිංටන් ස්වාමිවරයා ආණ්ඩු කරන කාලේ ඉදන් පටන් ගන්න නිසා. 1818 ඒ මහා අරගලයෙන් පස්සෙ සිද්ධ වුණු ඊළග ප්‍රබලම අරගලය සිද්ධ වෙන්නෙ 1848දි. මේ කාලය වෙන කොට (19 වන සියවස) ලෝකයේ ආර්ථික පරිහානියක් ඇති වෙන්න ගත්තා. ඒ නිසා අපේ රටෙන් අපනයනය කරන කුරුදුවල මිළත් එන්න එන්නම පහළ බහින්න ගත්තා. රාජ්‍ය ආදායම අඩු වුණ නිසා රාජ්‍ය වියදම් පියව ගන්න බැරි තත්වයක් උදා වෙන්න ගත්තා.
මේ නිසා ටොරිංටන් ස්වාමිවරයා ඒ වෙනකොටත් අය කරපු බදු වර්ග සෑහෙන ප්‍රතිශතයකින් වැඩි කළා. ඒ කියන්නෙ ඔය වෙළදසැල්වලට, ඔරුවලට, පාරුවලට, බෝට්ටුවලට, මුද්දරවලට ගහපු බදු එහෙම. ඒ විතරක් නෙවේ, අලුත් අලුත් බදු වර්ගත් පනවන්න ගත්තා. ගෙදර තියෙන බර කරත්තෙට අවුරුද්දකට රන් පවුමක් අය කරන්න ගත්තා. තුවක්කුවලට සිලිම් දෙකක් අවුරුද්දකට අය කළා. කොටින්ම කියනව නම් ගෙදර ඉන්න බල්ලටත් අවුරුද්දකට සිලිමක් අය කළා. ඒ වෙන කොටත් අපේ රටේ හිටියෙ බොහෝම සරල ජීවන රටාවක් ගත කරන මිනිස්සු කොට්ඨාසයක්. ඒ අයට අද වගේ අහස උසට බලාපොරොත්තු තිබ්බෙ නෑ. ඒ අය අද අය වගේ වීදුරු ගෙවල් ඇතුළෙ නෙවේ ජීවත් වුණේ. එදා වේල කන්න තිබ්බම ඒ හොදටම ඇති. ලද දෙයින් සතුටු වුණා. ඉතින් මේ බදු සාමාන්‍ය මිනිස්සුන්ට දරා ගන්න අමාරුයි. හම්බ කරන සොච්ච්ම, බද්දෙන් 1/4ක් විතර ඇති.
ඒ මදිවට හැම අවුරුද්දකටම සති 3ක් පිරිමි අනිවාර්යෙන්ම මාර්ග තැනීමේ වැඩවලටත් නොමිළේ උදව් කරන්න ඕන කියලා නීතියක් ගෙනාවා. මේකෙන් නිදහස් වෙන්න නම් ලොකු ගාණක් ආණ්ඩුවට ගෙවන්න ඕන. ඉතින් අපේ රටේ මිනිස්සු ගොඩක් කල කිරුණා.

ඒ මදිවට ආණ්ඩුවෙන් අපේ රටේ මිනිස්සුන්ගේ පෞද්ගලික තොරතුරු එකතු කරලා වාර්තාවකුත් හදන්න ගත්තා (නිල් පොත ව්‍යාපෘතිය - Blue Data Book). ඒකෙන් ආණ්ඩුව තව තවත් බදු ගහයි කියලා මිනිස්සු තවත් කලබල වෙන්න ගත්තා. මිනිස්සු මේ ගැන බ්‍රිතාන්‍ය ආණ්ඩුවට හිසේ කෙස් ගාණට කිව්වත්, ආණ්ඩුව ගණන් ගත්තෙ නෑ. මොකද නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ.
මේ විදිහට කාලයක් යන කොට "Colombo Observer" පත්තරේ ලිපියක මෙන්න මෙහෙම කොටසක් පළ වුණා.
"අසාධාරණ බදු ගෙවමින් තම බලය නොපෙන්වා සිටීම නිසා සිංහලයා අසාධාරණයට හිස නමන නිවට ජාතියක් ලෙස ලෝ වැසියන් පිළිගනු ඇත"
ඉතින් මේක දැකපු අපේ මිනිස්සු මී මැස්සො රංචුවක් වගේ ඇවිස්සුනා. බ්‍රිතාන්‍ය පාලනයට යටත් වෙලා, නිදාගෙන හිටපු අයත් ටිකෙන් ටික ඇහැරෙන්න ගත්තා. මේ ලිපිය ඊට පස්සෙ අපේ රට වටේට අස්සක් මුල්ලක් නෑර යන්න ගත්තා. රට වටේට මේ දැන්වීම අච්චු ගහලා බෙදන්න ගත්තා. මේ දේවල් වෙලා දවස් 3ක් යන කොට 1848 නිදහස් අරගලය පටන් ගත්තා. ලක්ෂ ගණන් මිනිස්සු ඉංග්‍රීසි පාලනයට විරුද්ධ වෙලා පාරට බහින්න ගන්නවා.
රට පුරාම උද්ඝෝෂණ මතු වෙන්න ගන්නවා. විශේෂයෙන් කොළඹ, මහ නුවර, බොරැල්ල වගේ ජනාකීර්ණ නගර ඉලක්ක කර ගෙන. ආණ්ඩුකාරවරයට මේ අසාධාරණය ගැන කියලා මිනිස්සු පෙත්සම් යවන්න ගත්තා. ඒත් ආණ්ඩුකාරවරයා මෙව්වා ඒ කණින් අහලා, මේ කණින් පිට කළා. ඉතින් අන්තිමේදි විප්ලවයක් පටන් ගත්තා.
ගාල්ල කච්චේරිය ඉස්සරහ කරපු උද්ඝෝෂණයේදී යටත් විජිත ලේකම් "එම(ර්)සන් ටෙනන්ට්"ට අපේ මිනිස්සුන්ගෙන් ගුටි කන්නත් වෙනවා. මේ අස්සෙ 1848 ජූනි මාසෙ 6 වෙනිදා මහ නුවරට රැස් වුණු 4000ක විතර පිරිසක් පෙත්සමක් අත්සන් කරනවා අලුත් බදු ක්‍රමේට විරුද්ධව.
මේ පෙත්සම මඩුගල්ලේ (දුම්බර රටේ මහත්මයා) මහ නුවර ඒජන්තවරයා වුණු "බුල(ර්)ස්"ට භාර දුන්නත්, ඒජන්තවරයා ආදා වගේ ලිස්සලා යනවා. මේත් එක්කම මිනිස්සු ඇවිස්සෙනවා. අලුත් බදු ක්‍රමයට එරෙහිව ආරම්භ කරපු සටන, අන්තිමේදී බ්‍රිතාන්‍ය විරෝධී නිදහස් සටනක් බවට පරිවර්තනය වෙන්න ගන්නවා.
කුරුණෑගල අරගලයට හගුරංකෙත ඩිංගිරාළ කොරාළත්, මාතලේ අරගලයට ගොංගාලේ ගොඩබණ්ඩත් නායකත්වය දුන්නා. ගොඩබණ්ඩාගේ නායකත්වයෙන් දියත් වෙලා යන මාතලේ සටනට, තවත් දේශ ප්‍රේමියෙක් එකතු වෙනවා. ඒ තමයි පුරන් අප්පු.
රටකට රජ කෙනෙක් අවශ්‍යයි. රජ්ජුරුවො රැකුනොත් රට රැකෙනවා. ඒ නිසා මේ ඔක්කොම එකතු වෙලා අපේ රටට අපේම පාලකයෙක් පත් කරනවා. දඹුල්ල රජමහා විහාරයේදී මිනිස්සු ලක්ෂ ගාණකගේ සහභාගීත්වයෙන් ගොංගාලේ ගොඩබණ්ඩාව, "ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි රාජසිංහ" කියලා ඔටුනු පළන්දනවා. මේ සිද්ධිය වෙන්නෙ අපේ රටේ අන්තිම රජ්ජුරුවො නැති වෙලා අවුරුදු 33කට පස්සෙ. ගොංගාලේ ගොඩබණ්ඩාගෙ සහෝදරයා වුණු "පදිය පැලැල්ලෙ බණ්ඩා"ට උප රජ තනතුරත්, හගුරංකෙත ඩිංගිරාළට හත්කෝරළයේ රජ තනතුරත් භාර දෙනවා. ඊට පස්සෙ දඹුල්ල, මාතලේ, වාරියපොළ, කුරුණෑගල වගේ ප්‍රදේශ ඉලක්ක කර ගෙන දරුණු සටන් ඇති වෙන්න ගන්නවා. මේ සටන් වලින් ඉංග්‍රීසි හමුදාවේ දහස් ගාණක් මැරෙනවා.
මහ උසාවිය විනාශ කරලා, මුඩුබිම් පනත් ගැන තියෙන ලියකියවිලි ගිනි තියනවා. කෝපි වතු, කෝපි ගබඩා ගිනි තියනවා. කුරුණෑගල හිරගේ කඩලා, සිංහල මිනිස්සු නිදහස් කරනවා. කුරුණෑගල උසාවිය විනාශ කරලා හේන් වගාව ගැන තියෙන ලියකියවිලි ඔක්කොම පුච්චනවා. මේ නිසා ටොරිංටන් ආණ්ඩුකාරවරයා යුද්ධ නීතිය ක්‍රියාත්මක කරනවා. අරගලයට සහභාගී වෙන අයට වගේම නායකයන්ටත් දිගට හරහට වෙඩි තියන්න ගන්නවා.
කුඩාපොල හාමුදුරුවොත් නිදහස් සටනට උදව් කරන්න ගන්නවා. උන්වහන්සේ සත් කෝරළයේ අරගලකරුවන්ට කෑම, බීම්, ඉදුම් හිටුම් දීලා, ගොංගාලේ ගොඩබණ්ඩට ආරක්ෂාව සපයනවා.
මේ අස්සෙ බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් වරප්‍රසාද ගන්න කියලා හිතාගෙන පාලකුඹුරේ බස්නායක නිළමෙයි, පුතයි, වීදියවැල්ලෙ විදානෙයි ඉංග්‍රීසීන්ට උදව් කරනවා. ඒ අයගේ ඔත්තුවක් අනුව ඉංග්‍රීසී හමුදාව කුඩාපොල හාමුදුරුවන්ව අල්ල ගන්නවා. 1848 අගෝස්තු මාසයේ නඩු කියලා, ගොංගාලේ ගොඩබණ්ඩට ආරක්ෂාව සපයා දීමේ වරදට මරණීය දණ්ඩනය දෙන්න ඉංග්‍රීසී උසාවියෙන් නියෝග කරනවා. අගෝස්තු 26 වෙනිදා කුඩාපොල හාමුදුරුවන්ව, මහ නුවර දළදා මාළිගාව ඉස්සරහදි වෙඩි තියලා අපවත් කරනවා. මේ සිද්ධිය ගැන අපේ රටේ විතරක් නෙවේ, මුලු ලෝකෙම මිනිස්සු කතා කරන්න ගන්නවා. එන්ගලන්තෙ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවත් දෙදරලා යනවා.
මේත් එක්කම ටොරිංටන් ආණ්ඩුකාරයා සටන්කාරයෝ මර්ධනය කරන වැඩේ ඉක්මන් කරන්න ගන්නවා. මේ වැඩේට "කපිතාන් වොට්සන්" කියලා හමුදා නිළධාරියෙක් ඉන්දියාවේ ඉදන් අපේ රටට එනවා බ්‍රිතාන්‍ය රාජකීය හමුදාව අරගෙන.
සටන උග්‍ර අතට හැරෙනවා. දෙපැත්තෙම ගොඩ දෙනෙක් මැරෙනවා. තුවාල වෙනවා. බ්‍රිතාන්‍ය හමුදාව සටන්කරුවන් ඉන්න ප්‍රදේශවලට යනකොට හම්බ වෙන හැම අහිංසක ගැමියෙක්ම මරණවා. ගම් බිම් ඔක්කොම විනාශ කරනවා. මේ විදිහට ගිහින් බ්‍රිතාන්‍ය හමුදාව අරගලය දියත් වෙන ප්‍රදේශවලට ඇතුල් වෙනවා.

මාතලේ සටනට සහයෝගය දීපු දුල්ලෑවේ මහ නිළමෙ බ්‍රිතාන්‍ය අත්අඩංගුවට පත් වෙනවා. 1948 අගෝස්තු 29 වෙනිදා බ්‍රිතාන්‍ය හමුදාව කරපු යුද්ධයකදි පුරන් අප්පුයි, ඩිංගිරාළයි ඉංග්‍රීසීන්ට කොටු වෙනවා. බ්‍රිතාන්‍යන්ට විරුද්ධව නැගී සිටීම සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළඹවීම මත මේ දෙන්නව වෙඩි තියලා ඝාතනය කරනවා.
අයුක්තිය අසාධාරණය දැකපු තැන, ඒකට එරෙහිව නැගී හිටින එක 1812 නොවැම්බර් මාසයේ 07 වෙනිදා මොරටුවේ උත්පත්තිය ලබපු පුරන් අප්පුගේ සිරිතක් වුණා. මේ නිසා ඉස්කෝලෙ කාලෙත් අහිංසක ළමයින්ට හිරිහැර කරන ළමයි එක්ක රණ්ඩුසරුවල් එහෙම ඇති කර ගත්තා. ශිෂ්‍ය නිදහස වෙනුවෙන් නැගී හිටියා. මෙහෙම ඉදලා ගමේ මිනිස්සුන්ට කරදර හිරිහැර කරන ගමේ ගම්පතියටත් ගහනවා. ඊට පස්සෙ ගමේ හතුරො ඇති වෙන්න ගත්තු නිසා, රත්නපුරේට යනවා. එහෙදිත් ඉංග්‍රීසී වතුකාරයොන්ටයි, ඉංග්‍රීසී හමුදාවටයි ගහනවා. අහිංසක ගැමියෙක්ට අසාධාරණ විදිහට නඩු තීන්දුවක් දුන්න ඉංග්‍රීසී නඩුකාරයෙක්ටත් ගහලා දේපලවලට හානි කරනවා. ඊට පස්සෙ ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත් වෙලා සිර ගත කෙරෙනවා. පස්සෙ හිර ගෙයින් පැනලා, මහ නුවරට යනවා. ඊට පස්සෙ තමයි නිදහස් අරගලයට සම්බන්ධ වෙන්නෙ. "මගේ අම්මා මං වගේ තව තුන් දෙනෙක්වත් බිහි කළා නම් ඉංග්‍රීසීන්ව අපේ රටෙන් අතුගාලා දාන්න තිබ්බා" කියන එක පුරන් අප්පුගේ මුවින් පිට වෙච්ච ප්‍රකාශයක්..!!!!!
ගොංගාලේ ගොඩබණ්ඩවත් අන්තිම මොහොතෙදි ඉංග්‍රීසීන්ට අහු වෙනවා. කස පාර 100ක් දීලා, ගොඩබණ්ඩව මලක්කාවට පිටුවහල් කරනවා. 1848 දෙසැම්බර් මාසයේ පළවෙනිදා ඒ අභීත වීරයා හෘදයාබාධයකින් මිය යනවා. මේත් එක්කම අපේ මිනිස්සු දියත් කරපු දෙවෙනි නිදහස් අරගලයත් නිමා වෙනවා. එදායින් පස්සෙ අවුරුදු 100ක් (1948) යනකන් එක අරගලයක්වත් බ්‍රිතාන්‍යන්ට විරුද්ධව දියත් වුණේ නෑ. උතුවන්කන්දේ සරදියෙල් (1860) වගේ කිහිප දෙනෙක් ඇරුණම, කවුරුවත් ඉංග්‍රීසීන්ට විරුද්ධව හඩක් නැගුවෙ නෑ. 1848 අරගලය මර්ධනය කරපු හැටි දැකලා අපේ අය ගොඩක් බය වුණා. 1848 අරගලය පටන් ගෙන, දවස් 5ක් යන්නත් කලින් ඉවර වුණා කියලා තමයි පොත්පත්වල තියෙන්නෙ. ඒ කියන්නෙ අරගලය පටන් ගන්නත් කලින් ඉවර වෙනවා. 1818 අරගලය වගේ හුග කාලයක් උඩු දුවන්නෙ නෑ. මේකට හේතු ගණනාවක්ම තියෙනවා.
01.
ඒ වෙන කොටත් 1818 අරගලයෙන් ඉංග්‍රීසී පාලකයෝ අපේ රටේ අරගල ගැන හොද අත්දැකීමක්, පුළුල් දැනුමක් ලබා ගෙන තිබුණා.
02.
මේ වෙන කොට අපේ රට යටිතල පහසුකම් වලින් සoවර්ධනය කෙරෙමින් තිබුණා. ඒ නිසා එක්දහස් අටසිය ගණන්වල වගේ ඉංග්‍රීසීන්ට මහ නුවරට යන එක මහ ලොකු කජ්ජක් වුණේ නෑ. උඩරටට යාවෙන්න මහා මාර්ග හදලා තිබ්බ නිසා, හමුදාවට ක්ෂණිකව, අඩු වේලාවක් ඇතුළත, පහසුවෙන් මධ්‍යම කදුකරයට ඇතුල් වෙන්න පුලුවන් වෙනවා. ගංගා හරහා පාලම් නිර්මාණය වෙලා තියෙන නිසා ගිරි, වන, ජල දුර්ගවල බලපෑම ගොඩක් අඩු වුණා.
03.
මේ සටනට ප්‍රමාණවත් විදිහට අපිට යුද්ධ උපකරණ තිබුණෙ නෑ. ඒ වගේම මානව සම්පත් ප්‍රමාණවත් වුණේ නෑ. අපිට හිටියෙ නායකයන් කිහිප දෙනයි. ඒ නිසා ඒ නායකයන් ඉංග්‍රීසීන්ට අහු වෙන කොට, අරගලයට නායකත්වය දෙන්න අය නැතුව අරගලය මහ මග නතර වෙනවා.
04.
මේ අරගලය මැඩපවත්වන්න බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා දරුණු විදිහට යුද්ධ නීතිය ක්‍රියාත්මක කරනවා. අමානුෂික විදිහට මේක මැඩ පවත්වනවා. ඒ වගේම ඉන්දියාවෙනුත් විශාල ඉංග්‍රීසී හමුදාවක් ආධාරත් අරගෙන මේකට සම්බන්ධ වෙන්න ගත්තා.
05.
මේ සටන මුලු රට පුරාම යන්නෙ නෑ. ප්‍රදේශ කිහිපයක විතරයි ගියේ. ඒ නිසා ඉංග්‍රීසීන්ට අවධානය යොමු කරන්න තිබ්බෙ සුළු කොටසකට විතරයි. ඉතින් මුලු හමුදා බලයම ඒ සුළු ප්‍රදේශයට දැම්මා.
06.
මේ අරගලය අසාර්ථක වෙන්න තවත් ප්‍රබලම හේතුවක් තමයි පාවාදීම් සිද්ධ වීම. අපේ රටේ විතරක් නෙවේ ඉන්දියාව, ඇමරිකාව වගේ රටවලත් බ්‍රිතාන්‍ය විරෝධී අරගල සිද්ධ වෙනකොට ස්වදේශිකයන් විසින්ම තමන්ගේ රට, බ්‍රිතාන්‍යන්ට පාවා දුන්නා. 1818 වගේම උසස් වරප්‍රසාද ගන්න, අපේම මිනිස්සු අපේම මිනිස්සුන්ව පාවා දුන්නා. අපේ නිදහස් සටන වගේම රටත් පාවා දුන්නා. ඒ අය තමයි අරගල නායකයන් ගැන ඉංග්‍රීසීන්ට තොරතුරු සැපයුවෙ. මේක රටේ ඉදිරි ගමනට ලොකු බාධාවක්. එදා වගේම අදත් එහෙමයි. අපේ රටේ ඉපදිලා, අපේ රටේ හැදුනු වැඩුනු කී දෙනෙක් අදත් අපේ රටට විරුද්ධව ඩයස්පෝරාවට, Channel 4 වලට උදව් කරනවද..??? පහු ගිය යුද්ධ කාලෙ කීදෙනෙක් අපේ රටේ දේශපාකයන්ව, හමුදා නිළධාරීන්ව ඝාතනය කරන්න LTTE එකට තොරතුරු දීලා තිබ්බද..???
1848 අරගලයෙන් පස්සෙ අපේ රට ගොඩක් වෙනස් වෙනවා. මුලදි කිව්වා වගේ මේ අරගලය මර්ධනය කරපු විදිහ දැන ගත්තු එන්ගලන්තයේ ගොඩක් බ්‍රිතාන්‍ය ජාතිකයො කම්පාවට පත් වෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මේ ගැන ගොඩක් කතා වුණා. විශේෂයෙන්ම කුඩාපොල හාමුදුරුවන්ව අපවත් කරපු සිද්ධිය නිසා ටොරිංටන්ව ගොඩක් අයගේ දෝෂ දර්ශනයට ලක් වෙන්න ගත්තා. මේ නිසා වෙනමම මණ්ඩලයක් පත් කරලා, මේ ගැන හොයලා බලලා ටොරිංටන්ව එන්ගලන්තයට ගෙන්වලා, හැම තනතුරකින්ම එයාව ඉවත් කරනවා. ටොරිංටන් ජීවිතේ අන්තිම කාලෙ ගත කරන්නෙ සමාජයෙන් කොන් වුණු හිස් මිනිහෙක් විදිහට. ඒ වගේම ඒ කාලයේ මැතිවරණවලින් බ්‍රිතාන්‍යයේ අගමැතිවරයත් පරාජයට පත් වෙනවා.
ටොරිංටන් කියන්නෙ ඉස්සර එන්ගලන්තෙ ගොවිපලක වැඩ කරපු එක්කෙනෙක්. එයා කළේ සත්ව පාලනයයි. සත්තු මැරුවා, සත්තුන්ව හම ගැහුවා, කිරි දෙව්වා. ටොරිංටන් ඒ කාලයේ බ්‍රිතාන්‍යයේ අගමැතිවරයගෙ ඥාතියෙක් වෙනවා. ඉතින් අගමැතිවරයා තමයි ටොරිංටන්, අපේ රටේ ආණ්ඩුකාරවරයා කරන්නෙ. මිනිහෙක් පල්ලෙහා ඉදලා, වෙහෙස මහන්සි වෙලා, ටිකෙන් ටික ඉහළට යන එක, දියුණු වෙන එක වෙනම කතාවක්. ඒත් පල්ලෙහා හිටපු මිනිහෙක්ට එක පාරටම ලොකු තනතුරක් හම්බුනාම, එයාට ඒකෙන් මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ. සමහරක් විට ගොවිපලක වැඩ කරපු නිසා, ටොරිංටන්ට මිනිස්සුන්වත් සත්තු වගේ පෙනුනද දන්නෙ නෑ.
මෙන්න මේ නිසා තමයි ඡන්දය දෙන කොට වුණත් හොද බුද්ධිමත් කෙනෙක්ට ඡන්දය දෙන්න ඕන. නූගත් අයව බලයට පත් කළාම ඔහොම තමයි වෙන්නෙ. දැන් ඔය සමෘද්ධි නිළධාරියාව ගස් බැදපු එක්කෙනා වුණත්, පල්ලෙහා ඉදන් එක පාරටම උඩට ආපු එක්කෙනෙක්නෙ. කිසිම උගත්කමක් නෑ. බලයට පත් වෙලා කරන දේවල් පේනවනෙ..????
ටොරිංටන්ගෙන් පස්සෙ 1850 නොවැම්බර්වල "ජෝර්ජ් ඇන්ඩ(ර්)සන්" කියලා ජනහිතකාමී අලුත් ආණ්ඩුකාරවරයෙක් පත් වෙනවා. ඊට පස්සෙ ජනතාවගේ අප්‍රසාදයට ලක් වුණු අලුත් බදු වර්ග අයින් කරනවා. අනිත් බදු වර්ග මිනිස්සුන්ට සහනයක් වෙන විදිහට සංශෝධනය කරනවා. 1848 අරගලයට පිං සිද්ධ වෙන්න 1850න් පස්සෙ හැමෝම අපේ රටේ මිනිස්සු දිහා ඇස් ඇරලා බලන්න ගන්නවා. මිනිස්සුන්ට හිතකර විදිහට පාලන ප්‍රතිපත්ති අලුතින් හදනවා.
අමතර කරුණක් දෙකක් -
කදුකරයේ විජිතසේන
අපි ඉතිහාසය අධ්‍යනය කරන්න අපිට උපකාරී වෙන මූලාශ්‍ර ගැන සාකච්ඡා කළේ සෙල්ලිපි, කාසි, නටබුන්, සාහිත්‍යය පදනම් කර ගෙන. හැබැයි ඒ හැම එකකටම වඩා 200%ක්ම විශ්වාස කරන්න පුලුවන් තවත් මූලාශ්‍රයක් තියෙනවා. හැබැයි මේක නම් ඒ ගොඩට යන්නෙ නෑ. ඒ තමයි මෝහන විද්‍යාව. මේ කියන්න යන්නේ මේ ලිපියට සෘජුවම සම්බන්ධ නැති, ඒත් 1848 අවුරුද්දට සම්බන්ධ කරුණු වගයක්. මේ කරුණු වලින් ඒ කාලයේ අපේ රටේ තිබ්බ දේශපාලනික, ආර්ථික, ආගමික, සාමාජීය, සoස්කෘතික තත්වයන් ගැන තොරතුරු ලබා ගන්න පුලුවන්.
මේ කරුණු වෛද්‍යය එච්.බී.ජයසිoහ මහත්මා රචනා කරපු "මෝහන ප්රතිගමන ප්‍රතිකාර තුළින් තහවුරු වන කර්මය සහ පුනර්භවය" කියන පොතෙන් උපුටා ගත්තුවා. එක්තරා රෝගියෙකුගේ රෝග නිධානයක් හොයන්න, රෝගියව මෝහනය කරන කොට, රෝගියා 1848 කාලය ගැන කරුණු කියන්න ගන්නවා. මෙතනින් පස්සෙ යන්නෙ ඒ කතාවයි. ප්රශ්නය අහන්නේ ජයසිoහ මහත්තයා. උත්තර දෙන්නෙ මෝහනයට භාජනය වෙන එක්කෙනා.
01. ඔබේ නම කියන්න..???
# විජිතසේන.
02. ගම කොහෙද..???
# කදුකරයේ ගම්මානයක්. ගම වටේම කදු.
03. මොකක්ද රස්සාව..???
# රෙදි සෝදන එක.
04. දැන් වයස කීයද..???
# 54ක් විතර ඇති.
05. ගෙදර කොහොමද..???
# කටු මැටි ගහපු ගෙයක්.
06. වෙන කව්ද ගෙදර ඉන්නෙ..???
# පවුලයි, දුවල දෙන්නයි.
07. රෙදි සෝදන එක ඇරෙන්න වෙන මොනවද කරන්නෙ..???
# කුඹුරු කෑල්ලක් තියෙනවා. ඒක අස්සද්දනවා. ගොඩිනුත් ඉඩම් කෑල්ලක් තියෙනවා, ඒකෙ එළවලු ටිකක් හදා ගන්නවා.
08. කරදර එහෙම මොනවත් තියෙනවද..???
# සුද්දො ඇවිත් අපේ ඉඩම් ටික අල්ල ගන්නවා. අපේම විදානෙලා, ආරච්චිලා සුද්දන්ගේ වාසි ගන්න ඕනෑ හින්දා, අපේ මිනිස්සු බලෙන් එළවලා දාලා උන්ට ඉඩම් ටික අල්ලලා දෙනවා.
09. වෙන ප්‍රශ්නයක් නැද්ද..???
# අපි බොහොම දුප්පත්, අහිoසක මිනිස්සු, අපට වැඩියෙන් හිරිහැර කරන්නෙ අපේම ඉහළ කුලවල මිනිස්සු. ඒ අය අපිව පාගා ගෙනයි ඉන්නෙ.
10. ඒ ඇයි..???
# අපි අඩු කුලේ හින්දා.
11. මොනවද ඒ අයගෙන් තියෙන කරදර..???
# ඒ ගොල්ලො පාරෙ එනකොට අපි කාණුවට බහින්න ඕනෑ, කරේ තියෙන තුවාය අතට ගන්න ඕනෑ. දෙකට නැමිලා, "හාමුදුරුවනේ" කියලා කියන්න ඕන.
12. එහෙම නොකළොත්..???
# එහෙමනම් ගමේ ඉදලා ඉවරයි.
13. දැන් රට පාලනය කරන්නෙ කව්ද..???
# සුද්දෝ.
14. කොයි කාලෙද මේ..???
# එක්දහස් අටසිය ගණන්වල. වීර පුරන් අප්පු ගැන මිනිස්සු කතා කරනවා.
15. මිනිස්සු මොකද කියන්නෙ..???
# මේ තමයි සිoහලයගෙ අන්තිම සටන කියල කියනවා.
16. වෙන මොනවද කියන්නෙ..???
# ගොoගාලේ ගොඩබණ්ඩා රජ පවුලට අයිති කෙනෙක් නෙවෙයි කියලත් මිනිස්සු කියනවා.
17. වෙන කවුරු ගැනද කතා කරන්නෙ..???
# කුඩාපොල හාමුදුරුවො ගැනත් කතා කරනවා.
18. දැන් මොකද වෙන්නෙ..???
# සුද්දො අපේ මිනිස්සු දැක්ක දැක්ක තැන මරනවා. අන්තිමට පුරන් අප්පුත් අහු වෙනවා. මිනිස්සු කියනවා "සිoහලයා අන්තිම සටනිනුත් පරාදයි, ආයේ කවදාවත් කැරලි ගහන්න ශක්තියක් සිoහලයට ඉතුරු වෙන්නෙ නෑ, මේ තමයි සිoහලයගෙ අවසානය" කියලා. ඉතින් අපිත් හුගක් දුක් වෙනවා.
* Cover Photo - Taken from www.santabanta.com