රටක හරි පුද්ගලයෙකුගෙ හරි පුද්ගලයන් පිරිසකගෙ හරි වස්තුවක හරි පරම්පරාගත කතාව විස්තර කරන ග්රන්ථ, "වංශ කතා" කියලා හදුන්වනවා. සාහිත්‍යය මූලාශ්‍ර අතර වංශ කතාවලට හිමි වෙන්නෙ නම් ගොඩක් සුවිශේෂී තැනක්. ඒ අතරිනුත් පාලියෙන් ලියලා, පස්සෙ කාලයක සිංහලයට පරිවර්තනය කරපු දීපවංශය ගොඩක් ඉදිරියෙන්ම ඉන්නවා. ඒ දැනට ලංකා ඉතිහාසය ගැන ලියවුණු, අපේ රටේ ඉතිරි වෙලා තියෙන පොත්පත් අතරින් පැරණිතම ග්‍රන්ථය වෙන නිසා. ක්‍රිව 4 සහ 5 වන සියවස් අතර කාලයක ලිය වෙන දීපවංශයේ බොහෝමයක් කරුණු විශ්වාසදායක බව උගතුන්ගේ මතය වෙනවා.
දීපවංශයේ පරිච්ඡේද 22යි. මහා වංශයට වඩා ප්‍රමාණය අතින් ගොඩක් කුඩා වුණත්, අන්තර්ගත ගොඩක් කරුණු මහා වංශයෙන් හොයා ගන්න ලැබෙන්නෙ නෑ. කරුණු හොයා ගන්න භාවිතා කරපු මූලාශ්‍ර ගැන කිසිම සදහනක් නැති නිසා ජනප්‍රවාද, ජන කතා, විශ්වාස පදනම් කරගෙන ලිව්වා වෙන්නත් පුළුවන්.
බුදුන් වහන්සේගේ බුද්ධ චරිතය, විජයගේ සිට මහාසෙන් රාජ්‍ය සමය වෙනතෙක් රාජ නාමාවලිය සහ තොරොතුරු, මහා සම්මත රාජ වංශය, 1 වන ධර්ම සංගායනාව, පණ්ඩුවාසදේව රජුගේ පුතුන් දස දෙනාගෙ නම්, සංඝමිත්තා තෙරණියත් සමග වැඩම කරපු භික්ෂුණීන් වහන්සේලාගේ නම් දීපවංශයේ ඇතුළත් වෙනවා.
ඒ වුණාට දීපවංශයේ අඩු පාඩු නැහැයි කියලත් කියන්න බෑ. දීපවංශය ලියලා තියෙන්නෙ එක එක භාෂා ශෛලීන්ගෙන්. මේකෙ ගොඩක් ව්‍යරණ දුර්වලතා වගේම පුනරුක්ති දෝෂත් තියෙනවා. පුනරුක්ති දෝෂයක් කියන්නේ, එකම කරුණ කිහිප තැනක සදහන්වීමකට. මේ නිසා අපට නිගමනයකට එන්න පුළුවන්, මේක කිහිප දෙනෙක් විසින් වෙන වෙනම ලියලා, කොටස් එකට එක් කරලා සංග්‍රහයක් විදිහට එළි දක්වපු එකක් කියලා. ඒ වගේමයි නැවත කියවා බැලීමක් සිද්ධ කරලත් නෑ. විධිමත් සැලසුමකින් තොරවයි ලියලා තියෙන්නේ.
"රුවන්වැලි සෑය හා ලෝවමහා ප්‍රාසාදය ඉදි කරන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්" කියලා එක තැනක තිබුණත් තවත් තැනක "සද්ධාතිස්ස රජ්ජුරුවෝ ඉදි කළාය" කියලා සදහන් වෙනවා. මේක සංස්කරණය නොකරපු අවස්ථාවක්.
භික්ෂුණින් වහන්සේලා ගැන මේ ග්‍රන්ථයේ වැඩි වශයෙන් කරුණු තියෙන නිසා, භික්ෂුණින් වහන්සේලා කණ්ඩායමක් විසින් දීපවංශය රචනා කළා කියලත් අප්‍රකට මතයක් ගොඩ නැගී ගෙන යනවා. කෙසේ හෝ වේවා ලංකාවේ ඓතිහාසික තොරතුරු ගවේෂණයේදී වංශ කතා අතරින් ලියවුණු පළවෙනි වංශ කතාව "දීප වංශය" කියලා සදහන් කරන්න පුළුවන්.
* Cover Photo -
Taken from www.palmleafupali.blogspot.com
Taken from www.palmleafupali.blogspot.com