අවුරුදු 1000කටත් වඩා තිබුණු, රජවරු 140කටත් වඩා රජකම් කරපු, "අනුරාධපුර රාජධානි" කාලයෙ රටට දැනෙන්න වැඩක් කරපු ප්‍රධාන පෙළේ රජවරු හිටියෙ බොහෝම සුළු පිරිසක්. අන්න ඒ රජවරු ගැන තමයි අපි, කලින් ලිපිවලින් දිගටම සාකච්ඡා කළේ.
* පණ්ඩුකාභය රජතුමා
* දේවානම්පියතිස්ස රජතුමා
* කාවණ්තිස්ස රජතුමා
* දුටුගැමුණු රජතුමා
* වළගම්බා රජතුමා
* වසභ රජතුමා
* මහසෙන් රජතුමා
* ධාතුසේන රජතුමා
බලන්න. අනුරාධපුර යුගයේ රජවරු 140කටත් වඩා හිටියට, අපිට කතා කරන්න පූලුවන් රජවරු ඉන්නෙ කීයෙන් කී දෙනාද කියලා..???? අතේ ඇගිලි ගාණටවත් නෑ. මහා කාශ්‍යප රජතුමා ගැනත් අපි කතා කරන්න නෙවේ හිටියෙ. ඒත් ධාතුසේන රජතුමා ගැන සදහන් කරපු නිසා ලියන්නෙ නැතුව ඉන්න මොකක්ද වගේ කියලා හිතුනා. ඒ වගේම තමයි සීගිරිය සහ ආදි හෙළයන් විසින් සීගිරියට යොදලා තියෙන තාක්ෂණය ගැන සාකච්ඡා කරන්නත් ඕන. එහෙම කරන්න පුලුවන් වෙන්නෙත්, මහා කාශ්‍යප රජතුමා යටතේ තමයි. මහා කාශ්‍යප රජතුමාවම තමයි, "1 වෙනි කාශ්‍යප" එහෙමත් නැත්නම් "සීගිරි කාශ්‍යප" වගේ නම්වලිනුත් හදුන්වන්නෙ. මහා කාශ්‍යප රජතුමා අපේ රටේ ඉතිහාසයට එකතු වෙන්නෙ පීතෘ ඝාතක රජ කෙනෙක් විදිහටයි.
* පණ්ඩුකාභය රජතුමා
* දේවානම්පියතිස්ස රජතුමා
* කාවණ්තිස්ස රජතුමා
* දුටුගැමුණු රජතුමා
* වළගම්බා රජතුමා
* වසභ රජතුමා
* මහසෙන් රජතුමා
* ධාතුසේන රජතුමා
බලන්න. අනුරාධපුර යුගයේ රජවරු 140කටත් වඩා හිටියට, අපිට කතා කරන්න පූලුවන් රජවරු ඉන්නෙ කීයෙන් කී දෙනාද කියලා..???? අතේ ඇගිලි ගාණටවත් නෑ. මහා කාශ්‍යප රජතුමා ගැනත් අපි කතා කරන්න නෙවේ හිටියෙ. ඒත් ධාතුසේන රජතුමා ගැන සදහන් කරපු නිසා ලියන්නෙ නැතුව ඉන්න මොකක්ද වගේ කියලා හිතුනා. ඒ වගේම තමයි සීගිරිය සහ ආදි හෙළයන් විසින් සීගිරියට යොදලා තියෙන තාක්ෂණය ගැන සාකච්ඡා කරන්නත් ඕන. එහෙම කරන්න පුලුවන් වෙන්නෙත්, මහා කාශ්‍යප රජතුමා යටතේ තමයි. මහා කාශ්‍යප රජතුමාවම තමයි, "1 වෙනි කාශ්‍යප" එහෙමත් නැත්නම් "සීගිරි කාශ්‍යප" වගේ නම්වලිනුත් හදුන්වන්නෙ. මහා කාශ්‍යප රජතුමා අපේ රටේ ඉතිහාසයට එකතු වෙන්නෙ පීතෘ ඝාතක රජ කෙනෙක් විදිහටයි.
තමන්ට හිමි නැති රජකම, හිමි කර ගන්න ධාතුසේන රජතුමාව ඝාතනය කරනවා. අපි මේ ගැන කලින් "ධාතුසේන රජතුමා" ගැන ලියපු ලිපියෙන් ගොඩක් සාකච්ඡා කළා. දැන් අපි ඉතිරි ටික සාකච්ඡා කරමු.
මේත් එක්කම අපේ රටේ සිංහාසනයට නීත්‍යානුකූල අයිතිය තියෙන මුගලන් කුමාරයා ඉන්දියාවට පැනලා යනවා. ඊට පස්සෙ තමයි මහා කාශ්‍යප රජතුමා සීගිරි පර්වතය මාළිගාව කරගෙන අවුරුදු 18ක් රජකම් කරන්නෙ. මේ තමයි අපේ රටේ රජ කෙනෙක් අගනුවරින් පිට ඉදගෙන රාජ්‍ය පාලනය කරපු පළවෙනි අවස්ථාව. ගොඩක් දෙනෙක්ට එක පාරටම මතක් වෙන්නෙ නැති වුණාට, සීගිරිය පිහිටලා තියෙන්නෙ මාතලේ දිස්ත්‍රික්කයේ.
රජතුමාගේ පාලන කාලය අතරතුර රජතුමා ගොඩක් ආගම දහමට නැඹුරු වෙලා තියෙනවා. සිල් සමාදන්වීම්, භාවනා කිරීම්, දහම් පොත්පත් පරිහරනය කිරීම, දන්සැල් පැවැත්වීම්, පිළිම ගෙවල් නිර්මාණය කිරීම වගේ දේවල් කළා කියලා ඉතිහාසයට සම්බන්ධ පොත්පත්වල සදහන් වෙනවා. ඒ බොහෝ දුරට තමන්ගෙ පියාව ඝාතනය කරපු පාප කර්මය නිසාම වෙන්න ඇති.
රජතුමා අනුරාධපුර ඉසුරුමුණි විහාරය ප්‍රතිසංස්කරණය කරන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒ නිසාම මේ විහාරය පස්සෙ කාලයක "උපුල්වන්බෝ කසුප්ගිරි විහාරය" කියලා හදුන්වන්න පටන් ගෙන තියෙනවා. නමේ මුල් කොටසින් කියවෙන්නෙ කාශ්‍යප රජතුමාගේ දියණියන් දෙදෙනාගේ නාමයන්. ඒත් සමහරක් ඉතිහාසඥයන් මත පල කරනවා මේ නමින් හැදින්නුවේ රජතුමා විසින්ම නිර්මාණය කරපු පිදුරංගල විහාරය කියලා. ප්රාග් ඓතිහාසික මානවයන් පවා ගැවසුනු සීගිරි පර්වතය, අනුරපුර රාජධානි සමයේ මුල් කාලයේ පිරී ඉතිරී තිබුණේ භාවනා කරන භික්ෂූන් වහන්සේලාගෙන්. සීගිරි පර්වතය මාළිගාව විදිහට තෝරා ගත්ත රජතුමා, ඒ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්, සීගිරිය පේන තෙක් මානයේ "පිදුරංගල විහාරය" නිර්මාණය කරනවා.
ධාතුසේන රජතුමාව ඝාතනය කරලා බලය ලබා ගෙන 18 වෙනි අවුරුද්ද වෙනකොට, ඉන්දියාවට පැනලා ගියපු මුගලන්, විශාල ඉන්දීය හමුදාවකුත් අරගෙන ලංකාවට එනවා. මේ නිසා කාශ්‍යප රජතුමත් තමන්ගෙ හමුදාව අරගෙන මුගලන් කුමාරයා එක්ක යුද්ධ කරන්න යනවා. කාශ්‍යප රජතුමාගේ අවසානය ගැන පරස්පර විරෝධී මත ගණනාවක්ම තියෙනවා.
ජනප්රවාදයට අනුව මුගලන් කුමාරයා එක්ක යුද්ධෙට යන කොට ඇතා පිට නැගලා ඉස්සරහින්ම ගිහිල්ලා තියෙන්නෙ කාශ්‍යප රජතුමාලු. ටික දුරක් ඉස්සරහට යන කොට විශාල මඩ වලක් හම්බවෙලා තියෙනවා. ඒ නිසා ඉස්සරහට යන්න අදිමදි කරපු ඇතා, පිටිපස්සෙන් පිටිපස්සට ගිහින්, කාශ්‍යප රජතුමාගේ සේනාව දිහාවට හැරිලා තියෙනවා. කාශ්‍යප රජතුමා පසු බහිනවා කියලා හිතපු සේනාව සී සී කඩ දිව්වලු. රජ කෙනෙක් කියන්නෙ අභිමානවත් චරිතයක්. රජතුමාගේ ජීවිතයට කැලලක් වුණොත්, ජීවත් වෙලා ඉන්න තාක් කල් රජවරු ඒ දේ ගැන කල්පනා කරමින් හිතින් විදවනවා. අභිමානය, පිළිගැනීම, තත්වය නැතුව යනවා. ඒ නිසා ලැජ්ජාවෙන් බේරිලා, තමන්ගෙ අභිමානය රැක ගන්න රජතුමා මගුල් ඇතා පිට ඉන්දැද්දිම කඩුවෙන් ඇන ගෙන, සියදිවි නසා ගත්තලු.
රජතුමාගේ මරණය ගැන තියෙන අනිත් මතය තමයි කාශ්‍යප රජතුමාගේ හමුදාව සහ මුගලන් කුමාරයාගේ හමුදාව අතර ඇති වෙච්ච සටනින්, කාශ්‍යප රජතුමාගේ හමුදාව අන්ත පරාජයක් ලැබුවා කියන මතය. ඒ නිසා කාශ්‍යප රජතුමා කන්දකින් පල්ලෙහට පැනලා සියදිවි නසා ගත්තා කියන එක. කොහොම වුණත් රජතුමාගේ අවසානය නම් ඛේදවාචකයක් කියලා මේ මත දෙකෙන්ම පැහැදිලි වෙනවා.
ධාතුසේන රජතුමාව ඝාතනය කළත්, මහජන පක්ෂපාතීත්වය කාශ්‍යප රජතුමාට ලැබුණා කියන එක තමයි දැනට තියෙන මතය. මහජන පක්ෂපාතීත්වය මුගලන් කුමාරයාට තිබුණා නම්, මුගලන් කුමාරයාට සේනාව සංවිධානය කරන්න ඉන්දියාවට පලා යන්න අවශ්‍යතාවයක් නෑ. කාශ්‍යප රජුගේ මරණයෙන් පස්සෙ සිංහාසනයේ වාඩි වෙන, 1 වන මුගලන් රජු හෙවත් සිහසුනේ සැබෑ උරුමක්කරුවා අවුරුදු 17ක් රජකම් කළා කියලා සාහිත්‍ය මූලාශ්රවල සදහන් වෙනවා. ඒත් එක්කම ආයිත් අනුරාධපුරය අගනුවර බවට පත් වෙනවා.
සීගිරිය ගැන කතා කරනවා නම් බොහෝ දෙනෙක් සීගිරිය එක එක විදිහට හදුන්වනවා. සමහරු සීගිරිය බලකොටුවක් විදිහට අර්ථකතනය කරද්දී, තවත් සමහරු සීගිරිය මාළිගාවක් විදිහට හදුන්වනවා. ටිකක් ගැඹුරින් බැලුවොත් සීගිරිය කියන්නේ මාළිගාවක් මිස බලකොටුවක් නෙවේ. අපි දන්නවා අපේ රටේ ජනාධිපතිවරයා ඉන්න අරලියගහ මන්දිරය කියන්නෙ අධි ආරක්ෂිත කලාපයක්. ඒ රටේ ප්‍රධාන පුරවැසියා ජීවත්වන ප්‍රදේශය නිසා. ඒ නිසාම මුර කපොලු, බංකර් එහෙම දාලා ආරක්ෂාව ටිකක් තදට යොදලා තියෙනවා. ඒ වගේම තමයි සීගිරියත්. සීගිරි මාළිගාව අවට ප්රදේශයෙත් ආරක්ෂාව තර කළා. දිය අගල් තනලා, කිඹුල්ලු දාලා, පර්වතය උඩ දුනුවායන් ස්ථානගත කරලා, අවට ප්‍රදේශයේ මුර කපොලු සහ මුරකාවල් දාලා තිබිලා තියෙනවා. ඒ රජ්ජුරුවන්ගේ වාසස්ථානය නිසා. ඉතින් බලකොටුවක් කියන අර්ථයෙන් සීගිරිය හැදින්වීම ඒතරම් සුදුසු නෑ. බලකොටුවක් කියලා කියන්නේ සතුරන්ගේ පහර දීම්වලින් බේරෙන්න හදා ගත්තු සුරක්ෂිත ස්ථානයකට.
සීගිරියේ නිර්මාතෘවරයා ගැන කියන්න අමාරුයි. ඒත් ඒක මහා කාශ්‍යප රජතුමාගේ නිර්මාණයක් නොවෙන බව නම් පැහැදිලියි. මොකද අවුරුදු 18ක් වගේ කාලයක් ඇතුළත මේ සා විශාල ඉදි කිරීම් ගොඩක් කරන්න කොහෙත්ම බෑ. ඒ නිසා සීගිරිය කලින් රජවරුන්ගේ කාලවල්වල ඉදලම ටිකෙන් ටික දියුණු වෙමින් පැවතුනාය කියන එක තමයි දැන් පිළිගෙන තියෙන මතය. ඒත් සීගිරියේ දියුණුවේ උච්ඡතම අවස්ථාව කාශ්‍යප රජ දවස සිදු වුණාට කිසිම සැකයක් නෑ. කාශ්‍යප රජතුමාගෙන් පස්සෙ ආයිත් මේ ස්ථානය ක්‍රමත් ක්‍රමයෙන් ජන ශූන්‍ය වෙමින්, ඝන කැළෑවක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සෙ නැවතත් භාවනායෝගී භික්ෂූන් වහන්සේලාගේ ආරාමයක් විදිහට, පොළොන්නරු යුගයේ අග භාගය වෙනකන්ම තිබිලා තියෙනවා.
බොහෝ දෙනෙක් කියනවා සීගිරිය ගොඩ නැගුවේ මහා රාවණ රජතුමා කියලා. ඒ මීට අවුරුදු 6000කට විතර කලින්. මොකද සීගිරි පර්වතය අයත් වෙන ප්‍රදේශයේ තමයි ලංකාවේ යක්ඛ ජනකොට්ටාශයේ අග නුවර වුණු "ලංකාපුර" කියන නගරය තිබිලා තියෙන්නෙ. ඒ විතරක් නෙවේ රාවණා යුගයේ අපේ මුතුන් මිත්තෝ ඒ විදිහට සම්බන්ධතා ගොඩ නගපු බැබිලෝනියන් ශිෂ්ටාචාරයෙන් හමු වුණු මැටි ඵලකයක තිබුණු "බැබිලෝනියාවේ එල්ලෙන උයන සහ නගර සැලැස්ම ගොඩ නැගීමට උපකාර කළේ, අහසින් පැමිණි සිංහ මිනිසුන් බවත්, එය ඔවුන්ගේ රටේ 'සිහගිරි' නම් ස්ථානයේ සැලසුම අනුව ගොඩ නගා ඇති බවත්" දැක්වෙන සටහනෙන් මේ මතයත් එක්තරා ප්‍රමාණයකට තහවුරු වෙනවා.
* සිංහ මිනිසුන් - සිංහ නමින් සිංහලයන් හදුන්වයි
* සිහගිරි - සීගිරියට කියන තවත් නමකි
* අහසින් පැමිණි - දඩුමොණරය
ඉහතින් සදහන් කළ බැබිලෝනියන් මැටි පුවරුවල සිංහ මිනිසුන් සහ රාවණා රජුගේ දඩුමොණරයට සමාන අහස් යාත්‍රාවල රූපත් ඇදලා තියෙනවා.
සීගිරිය කියන්නේ ලෝකයේ තියෙන විශිෂ්ඨතම මාළිගාවට. සීගිරියට යොදලා තියෙන තරම් තාක්ෂණයක්, ලෝකයේ වෙන කොහෙවත්ම යොදලා නෑ. සීගිරියෙ තිබිලා හම්බුණා යකඩ කූරු වගයක්. ඒවායේ ඇතුළෙ යකඩ. පිට වානෙ. බොහොම ඉහළ ඉංජිනේරු තාක්ෂණයක්. පොළොව හාරනකොට තවත් මේ වගේ කූරු සිය ගණනක් හම්බවෙලා තියෙනවා. සීගිරි ගල විදලා, මේ කූරු හයි කරලා, එව්වා උඩ තමයි ලී දාලා, තරප්පු දාලා තියෙන්නෙ. එතන වානෙ කම්හලක නටබුනුත් හොයා ගෙන තියෙනවා. ඒ වානේ ලෝකෙ හොදම වානෙ. මැද පෙරදිගට යවපු ඒ වානෙවලින් තමයි Damascus Swords කියන කඩු හැදුනෙ කියලා ලොවම පිළිඅරගෙන තියෙනවා.
ඒ විතරක් නෙවේ එදා සීගිරියේ පොකුණුවල තිබුණු වතුර මල් අදටත් ක්‍රියාත්මකයි. පොළොවේ ඉදලා අඩි දහස් ගාණක් උඩට වතුර සපයන විදිහ, ජල පීඩනය හරියාකාරව පවත්වාගෙන යන විදිහ එදා ඉදන්ම හෙළයා දැනගෙන හිටියා. ඒ වගේම ඒ කාලයේ රජතුමාට යන්න විශේෂ සෝපානයකුත් (Lift) සවි කරලා තිබිලා තියෙනවා.
මගුල් මඩුව, කැටපත් පවුරු, අගනා බිතුසිතුවම් 500ක්, ප්‍රධාන අංගන, කාමර, රජ මැදුරු, තටාක, පොකුණු, කැටයම් ආදී බොහෝ දේවලින් සමන්විත සීගිරිය මාළිගාවකට හෝ කලාගාරයකට විතරක් සීමා කරන්න හැකියාවක් නෑ. දැනට ඉතිහාසඥයන්ගේ මතය අනුව සීගිරිය එදා ලෝක වෙළද මධ්‍යස්ථානයක් විදිහටත් පවත්වාගෙන ගිහින් තියෙනවා. එදා මෙදා තුර ලංකාවෙන් හමු වෙලා තියෙන විශාලතම විදේශීය කාසි ප්‍රමාණය සොයා ගැනෙන්නේ සීගිරියෙන්. ඉන්දීය, රෝම, පර්සියානු ආදී රටවල් විශාල ප්‍රමාණයකට අයත් කාසි සීගිරියෙන් හොයා ගෙන තියෙනවා.
අමතර කරුණක් දෙකක්
සීගිරිය කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ දිය අගල් වලින් සමන්විත බලකොටුවක්, එහෙමත් නැත්නම් බිතුසිතුවම් සහ කැටපත් පවුරු සහිත කලාගාරයක්, ඒත් නැත්නම් භූගත උමං මාර්ග ඔස්සේ ඉහළට වතුර ගෙනයන තාක්ෂණයක්. හැබැයි සීගිරිය තවත් අංශ ගණනාවකින් අපට වැදගත් වෙනවා. සිංහ පාදය, කැටපත් පවුරු, ජල මල්, බිතු සිතුවම් වගේ දේවල් හැරුණුකොට සීගිරියේ තව ගොඩාක් දේවල් බලන්න තියෙනවා. සීගිරිය හරියට අධ්‍යනය කරනවා නම් ඒ වැඩේ කරන්න සම්පූර්ණ දවසක් වුණත් මදි. ගොඩක් අය පෙළබිලා තියෙන්නෙ සීගිරිය බලද්දි, කිසිම තැනක නතර වෙන්නෙ නැතුව, ප්‍රධාන මාර්ගය දිගේ කෙලින්ම ගිහින්, පඩි පෙළ් ටික නැගගෙන නැගගෙන උඩටම යන්න. ඒ නිසා කොච්චර හොඳට පේන්න තිබ්බත්, සම්ප්‍රදායික සංචාරකයින්ට සීගිරියට සම්බන්ධ ගොඩක් අංග මග හැරෙනවා.
* Cover Photo - Taken from www.lucycalder.wordpress.com
* Pidurangala Album - Thivanka Nillegoda
* Sigiriya Album - Dishan Rajapaksha