සේන සහ ගුත්තික කියන ආක්රමණිකයෝ දෙන්නගෙන් රට බේරගෙන රටේ පාලකයා වුණු අසේල රජතුමාව ඝාතනය කරලා, තවත් දකුණු ඉන්දීය ද්‍රවිඩ ආක්‍රමණිකයෙක් වුණු එළාර සිoහාසනයේ වාඩි ගන්නවා. මේත් එක්කම රෝහණ රාජ්‍ය කේන්ද්‍ර කර ගෙන විශාල විමුක්ති අරගලයක් ඇති වෙනවා. වoශ කතාවලට අනුව භද්දකච්චායනා බිසවගේ සහෝදරයෙක් වුණු රෝහණ, මේ ජනපදය ආරම්භ කළාය කියලා කියවෙනවා. ඒත් රෝහණය රාජධානියක් විදිහට ආරම්භ වෙන්නෙ "මහානාග" කුමාරයාගෙන්.
මහානාග කුමාරයා කියලා කියන්නෙ, දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ සහෝදරයට. දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ අපේ රටේ රජකම් කරනකොට, අපේ රටේ යුව රජ වුණේ මහානාග කුමාරයා. දේවානම්පියතිස්සගේ බිසව වෙච්ච "අනුලා බිසව"ගේ හිතේ ලොකු සැකයක් තිබ්බා, දේවානම්පියතිස්සගෙන් පස්සේ රටේ පාලනය තමන්ගෙ පුත්‍රයට නොදී, මහානාග කුමාරයා ගනී කියලා. මේ නිසා රජ බිසව ලොකු සැලැස්මක් හදනවා මහානාග කුමාරයව මරන්න.
මහානාග කුමාරයා කියලා කියන්නෙ, දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ සහෝදරයට. දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ අපේ රටේ රජකම් කරනකොට, අපේ රටේ යුව රජ වුණේ මහානාග කුමාරයා. දේවානම්පියතිස්සගේ බිසව වෙච්ච "අනුලා බිසව"ගේ හිතේ ලොකු සැකයක් තිබ්බා, දේවානම්පියතිස්සගෙන් පස්සේ රටේ පාලනය තමන්ගෙ පුත්‍රයට නොදී, මහානාග කුමාරයා ගනී කියලා. මේ නිසා රජ බිසව ලොකු සැලැස්මක් හදනවා මහානාග කුමාරයව මරන්න.
ඉතින් දවසක් මහානාග කුමාරයට සේවිකාවක් අතේ අඹ වට්ටියක් යවනවා. මේ අඹ වට්ටියේ අඹ ගොඩ උඩින්ම තිබ්බෙ දැක්කම කන්න ආස හිතෙන ලොකුම ලොකු අඹ ගෙඩියක්. ඉතින් මහානාග කුමාරයා මේක අතට ගන්න කොටම එතනට අනුලා බිසවගේ පුත් කුමාරයා එනවා. මොනවා වුණත් අයියගෙම පුතානෙ කියලා හිතාගෙන, පුත් කුමාරයව උකුළ උඩට අරන් අතට ගත්ත ලොකුම ලොකු අඹ ගෙඩිය දරුවට දෙනවා. ටිකක් වෙලා යනකොට තමයි මහානාග කුමාරයට තේරුණේ ඒ අඹ ගෙඩියට විෂ පොවලා කියලා. අනුලා බිසව මහානාග කුමාරයව මරන්න යවපු අඹ ගෙඩිය කාපු, අනුලා බිසවගෙම පුත්‍රයා එතනම මැරිලා වැටෙනවා.
තව දුරටත් මාළිගාවෙ රැදිලා ඉන්න එක අවදානම් වැඩක් කියලා හිතපු මහානාග කුමාරයා, තමන්ගේ බිරිදත්, සේනාවත් අරගෙන රෝහණයට පැනලා යනවා. මෙහෙම යනකොට මහානාග කුමාරයගෙ බිරිදට දරුවෙක් හම්බ වෙනවා. "යටාල" කියන ප්‍රදේශයේ උත්පත්තිය ලබපු නිසා "යටාල තිස්ස" කියලා නම තියනවා. යටාල තිස්සවත් අරගෙන රෝහණ දේශයට යන මහානාග කුමාරයා, "මාගම" අග නුවර කරගෙන රාජධානියක් ගොඩ නගනවා.
දක්ෂ විදිහට මාගම ඉදගෙන රෝහණ දේශය පාලනය කරන මහානාග කුමාරයා, යටාල තිස්ස කුමාරයාගේ උත්පත්තිය සිහිවෙන්න යටාල ප්‍රදේශයේ චෛත්‍යයක් හදනවා.
මේක තියෙන්නෙ තිස්සමහාරාමය කිට්ටුව. යටාල වෙහෙර කියලා අද හැදින්නුවට, එදා කියලා තියෙන්නෙ "දළදා දාගැබ" කියලා. මේ චෛත්‍යය රෝහණය හෙවත් දකුණු පළාතේ නිර්මාණය වුණු පළවෙනි චෛත්‍යයි. අපේ රටෙන් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වුණු පළවෙනි මහරහතන් වහන්සේ (අරිට්ඨ හිමියන්) ප්‍රධාන කරගත් මහා සංඝරත්නයට අතපැන් වත්කරලා මේ චෛත්‍යය පූජා කළා කියලා ලළාට ධාතු වංශයේ සදහන් වෙනවා. පරසතුරු උවදුරුවලින් ආරක්ෂා කර ගන්න රජරට ඉදන් රුහුණට වැඩම කරවපු ධන්ත ධාතුන් වහන්සේ මේ චෛත්‍යයේ නිධන් කළා කියලා සෙල්ලිපිවල සදහන් වෙනවා.
මේ චෛත්‍යය වටේ ගොඩනැගිලි 10ක් විතර තිබිලා තියෙනවා. අදටත් ඒවයෙ අත්තිවාරම් සහ කණු දකින්න පුලුවන්. ඒ අතරින් එක ගොඩනැගිල්ලක් බුද්ධ මන්දිරයක් විදිහට හදුනාගෙන තියෙනවා. ඒ මන්දිරයේ තිබුණු හිටි පිළිම වහන්සේලා දෙනමක් අදටත් සුරක්ෂිතව තියෙනවා දකින්න පුලුවන්. ඒ වගේම එක ගොඩනැගිල්ලක බෝධිසත්ව ප්‍රතිමාවක් දකින්න පුලුවන්. ඒ ගොඩනැගිල්ලට ඇතුල් වෙන කොට ප්‍රාථමික මට්ටමේ සදකඩ පහණක් සහ කොරවක්ගල් කිහිපයක් දැක ගන්නත් පුලුවන්.
අනිත් ගොඩනැගිලිවලින් සමහරක් සංඝාරාම විදිහටත් තිබිලා තියෙනවා. මේ සෑම එකක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදීමයි කියලත් මතක තියා ගන්න ඕන. ඒ කියන්නෙ අනුරාධපුර යුගයේ මුල් කාලයේ. අපේ රටට ශ්‍රී සද්ධර්මය වැඩම කරපු කාලයේ. ක්‍රි.පූ 220දී නිර්මාණය වුණු මේ යටාල වෙහෙර ස්ථානගත කරලා තියෙන්නෙ සුවිශාල සලපතල මළුවක් ඇතුළතයි.
යටාල රජමහා විහාරය වටා නිර්මාණය කරලා තියෙන "ඇත් පවුර" පූජා භූමි පරිශ්‍රයට තවත් සුවිශේෂී භාවයක් එක් කරනවා. අපේ රටේ විහාරස්ථානයකින් හමු වෙන පැරණිතම ඇත් පවුර විදිහට, යටාල විහාරයේ ඇත් පවුර වාර්තා පොතට එකතු වෙනවා. ඒ වගේම උපන් දා සිට තුරුණු විය දක්වාම මාගම් පුරවරයේ ජීවත් වුණු දුටුගැමුණු රජතුමා, රුවන්වැලි මහා සෑය වටෙත් ඇත් පවුරක් නිර්මාණය කළේ, යටාල විහාරයේ ඇත් පවුර අධ්‍යනය කිරීමකින් වෙන්නත් බැරි කමක් නෑ.
යටාල විහාරය ළගින්ම තියෙනවා, මැණික් රජමහා විහාරය කියලා පන්සලක්. අද වෙන කොට මේ විහාරයේ ඓතිහාසික වස්තූන් අතරින් ඉතිරි වෙලා තියෙන්නෙ පැරණි චෛත්‍යයක්, මුරගලක්, පද්මාසනයක් සහ ගල් කණු කිහිපයක් විතරයි. බ්‍රිතාන්‍යයේ ප්‍රකට ඉතිහාසඥයෙක් වන "හෙන්රි පාකර්" මහතා මේ ස්තූපය ගැන අප්‍රසිද්ධ මතයක් ඉදිරිපත් කරනවා. හෙන්රි පාකර්ට අනුව මේ චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්නෙ දුටුගැමුණු රජතුමා. ඒ මාගම රාජධානියේ ආරම්භක පාලකයා වන "මහානාග රජතුමාව" සිහි වීම සදහා. ඒත් මේ මතය නිර්මාණය කරන්න පාදක කර ගත්ත කිසිම මූලාශ්‍රයක් හෝ සදහනක් ගැන හෙන්රි පාකර් ඉදිරිපත් කිරීමක් කරලා නෑ.
ඒත් අපේ රටේ ඉතිහාසඥයන්ගේ පිළිගැනීම අනුව නම් මේ චෛත්‍යය, එදා මහානාග රජතුමා විසින් මාගම රාජධානියේ කරවපු දාගැබ් 10න් එකක්. වෙහෙර මුදුනේ රජතුමාගේ ඔටුන්නෙ තිබුණු මැණික් ගලක්, චූඩා මාණික්‍ය ලෙස තැන්පත් කිරීම සහ ධාතු ගර්භයේ මැණික් බුදු පිළිමයක් තැන්පත් කිරීම නිසා, මේ ස්තූපය "මැණික් චෛත්‍යය" කියලා නම් කෙරුනා.
යටාල විහාරය ළගින්ම තියෙනවා, මැණික් රජමහා විහාරය කියලා පන්සලක්. අද වෙන කොට මේ විහාරයේ ඓතිහාසික වස්තූන් අතරින් ඉතිරි වෙලා තියෙන්නෙ පැරණි චෛත්‍යයක්, මුරගලක්, පද්මාසනයක් සහ ගල් කණු කිහිපයක් විතරයි. බ්‍රිතාන්‍යයේ ප්‍රකට ඉතිහාසඥයෙක් වන "හෙන්රි පාකර්" මහතා මේ ස්තූපය ගැන අප්‍රසිද්ධ මතයක් ඉදිරිපත් කරනවා. හෙන්රි පාකර්ට අනුව මේ චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්නෙ දුටුගැමුණු රජතුමා. ඒ මාගම රාජධානියේ ආරම්භක පාලකයා වන "මහානාග රජතුමාව" සිහි වීම සදහා. ඒත් මේ මතය නිර්මාණය කරන්න පාදක කර ගත්ත කිසිම මූලාශ්‍රයක් හෝ සදහනක් ගැන හෙන්රි පාකර් ඉදිරිපත් කිරීමක් කරලා නෑ.
ඒත් අපේ රටේ ඉතිහාසඥයන්ගේ පිළිගැනීම අනුව නම් මේ චෛත්‍යය, එදා මහානාග රජතුමා විසින් මාගම රාජධානියේ කරවපු දාගැබ් 10න් එකක්. වෙහෙර මුදුනේ රජතුමාගේ ඔටුන්නෙ තිබුණු මැණික් ගලක්, චූඩා මාණික්‍ය ලෙස තැන්පත් කිරීම සහ ධාතු ගර්භයේ මැණික් බුදු පිළිමයක් තැන්පත් කිරීම නිසා, මේ ස්තූපය "මැණික් චෛත්‍යය" කියලා නම් කෙරුනා.
ඒ වගේම නාග විහාරය සහ තිසා වැව නිර්මාණය කරන්නත් අනුග්‍රහය දුන්නෙ මහානාග කුමාරයා. මහානාගගෙන් පස්සෙ යටාල තිස්සත්, යටාල තිස්සගෙන් පස්සෙ ගෝඨාබයත්, ගෝඨාබයගෙන් පස්සෙ කාවණ්තිස්සත් (කාකවණ්ණතිස්ස) රුහුණේ පාලනය භාර ගන්නවා.
මාගම රාජ්‍යයේ කාවණ්තිස්ස පාලකයා වෙනකොට රජරට පාලනය කළේ එළාර. මාගමට අමතරව කැළණි රාජ්‍යය, සෝම රාජ්‍යය, සේරු රාජ්‍යය, ගිරි රාජ්‍යය වගේ තවත් ප්‍රාදේශීය රාජ්‍යන් තිබිලා තියෙනවා. එළාරගෙන් අපේ රට බේර ගන්න නම් මුලින්ම අපේ රටේ අනිත් රාජධානි එක්සේසත් වෙන්න ඕන කියලා හිතාපු කාවණ්තිස්ස රජතුමා, මේ වැඩේ රෝහණයෙන්ම පටන් ගත්තා.
මොකද දර කෝටුවක් ලේසියෙන්ම කඩා ගන්න පුලුවන් වුණාට, දර මිටියක් කඩන්න අමාරුයි. ඒ නිසා හැමෝම එකමුතු වුණොත් අපිව පරද්දන්න බෑ. මෙන්න මේ ටික කාවණ්තිස්ස හොදින් තේරුම් ගත්තා. ඒත් අද අපේ පාලකයො මෙව්වා තේරුම් ගන්නෙ නැති එක තමයි පුදුමෙ. ඉතිහාසයෙන් අපිට කොච්චර පාඩම් ඉගෙන ගන්න පුලුවන්ද බලන්න? නිල්, කොළ, රතු විදිහට බෙදිලා බෙදිලා වෙනම ගමනක් යන්නෙ නැතුව පක්ෂ පාට අත හැරලා දාලා, හැමෝම එකමුතු වෙලා, එකම ගමනක් ගියා නම් ඔය කොයි ජාත්‍යන්තර බලවේගයක් ආවත් අපිව පරද්දන්න බෑ.
කැළණිතිස්ස රජ්ජුරුවන්ගේ දූ කුමරිය වෙච්ච "විහාර මහා දේවිය"ත් එක්ක විවාහ ගිවිස ගැනීම අනපේක්ෂිතව සිදු වුනත්, කැළණි රාජ්‍යයේ උරුමක්කාරයෙක් වෙන්නත්, කැළණිය එක්ක සම්බන්ධතා ගොඩ නගා ගන්නත් කාවණ්තිස්ස රජ්ජුරුවන්ට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම "අභය" කියන ප්‍රාදේශීය නායකයට තමන්ගෙ සහෝදරිය "සෝමා" දේවිය විවාහ කරලා දීලා, "ගිරි රාජ්‍ය"ත් තමන්ගෙ අණසකට යටත් කරනවා. ඊ ළගට කාවණ්තිස්ස රජ්ජුරුවන් හැරුනෙ "සේරු රාජ්‍ය" දිහාවට. මේකට කාවණ්තිස්ස රජතුමා ආගමික උපක්‍රමයක් යොදනවා.
හාමුදුරු නමක්ව සේරු රාජ්‍යයට යවනවා හොදවැයින් බොරුවක් කියන්න පුරුදු කරලා. මේ හාමුදුරුවො සේරු රාජ්‍යයට ගිහිල්ලා මෙන්න මෙහෙම කියනවා. "අනාගතයේ දවසක උතුම් වූ සිරි ලක්දිව, රෝහණ රාජ්‍යයේ රජකම් කරන කාවණ්තිස්ස නම් රජ කෙනෙක්, සිද්ධාර්ථ ගෞතම බුදු පියාණන් වහන්සේගේ ලළාට ධාතු නිධන් කර, සේරු රාජ්‍යයේ මහා දාගැබක් ඉදි කරන බව, අතීතයේ සිද්ධාර්ථ ගෞතම බුදු පියාණන් වහන්සෙ, උන්වහන්සෙගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලදී". කොහොමද වැඩේ..????
ඉතින් මේක අහන සේරු රාජ්‍යයේ පාලකයා (ශිව) උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙනවා. චෛත්‍යය හදන්න දුන්නොත් කාවණ්තිස්සගේ බලයට යටත් වෙනවා. චෛත්‍යය හදන්න අවසර දුන්නෙ නැත්නම් බෞද්ධ ලෝකයාගේ දෝෂ දර්ෂනයට ලක් වෙන්න පුලුවන්. ඒක නිසා ශිව, කාවණ්තිස්සට සේරු රාජ්‍යයේ චෛත්‍යයක් හදන්න දීලා පැත්තකට වෙනවා. මේත් එක්කම දුටුගැමුණු කුමාරයා ලොකු පෙරහැරකින් ගිහින් ලළාට ධාතුන් නිධන් කරලා "සේරුවාවිල දාගැබ" නිර්මාණය කරන්න පටන් ගන්නවා.
ඉතින් ශිවටත් සිද්ධ වෙනවා මාගමට යටත් වෙන්න. මේ විදිහට මාගම වටේ තිබුණු හැම ප්‍රාදේශීය රාජ්‍යක්ම තමන්ගෙ රාජ්‍යය යටතට අරගෙන ඒ ඒ පාලකයන්ගේ පක්ෂපාතීත්වය ගන්නවා. ඒ වගේම මාගම ශක්තිමත් කරනවා. ඊ ළගට කාවණ්තිස්සගේ අරමුණ වුණේ එළාරගෙ පාලනයෙන් අපේ රට මුදවා ගන්න එකයි. ඒ නිසා කාවණ්තිස්ස, එළාර පාලනයෙන් අපේ රට බේරගන්න ක්‍රියා මාර්ග ගොඩක් ගන්නවා.
පළවෙනි එක සේනා සoවිධානය කිරීම. හැම පවුලකින්ම එක්කෙනෙක් හමුදාවට බැදෙන්න ඕන කියලා අණක් පනවනවා. හමුදා සාමාජිකයන්ට අවශ්‍යය නායකත්වය සහ පුහුණුව ලබා දෙනවා. මේ හමුදාවට දස මහා යෝධයන්ව එකතු කරනවා. ආයුධ නිෂ්පාදනය කරන්න, හැම ගමකම ආයුධ කම්හල් ස්ථාපිත කරනවා. බඩගින්නෙ යුද්ධ කරන්න බැරි නිසා යුද්ධ කාලවල රටවැසියන්ට සහ හමුදාවට ප්‍රයෝජනයට ගන්න ආහාර රැස් කරනවා. සද්ධාතිස්ස කුමාරයාව යවලා දිගාමඩුල්ලෙ කුඹුරු අස්වද්දනවා. රුහුණෙ ඉදලා අනුරාධපුරයට යන්න තියෙන ගමන් මාර්ගවල හමුදාවට ප්‍රයෝජනයට ගන්න ආහාර ගබඩා ඉදි කරනවා. යුද්ධයට ඕන කරන සැලසුම් නිර්මාණය කරනවා. දේශ සීමා ලකුණු කරලා එළාරගේ බල ව්‍යාප්තිය සීමා කරනවා.
එළාරගේ පාලනයෙන් අපේ රට මුදව ගන්න මේ හැම දෙයක්ම සoවිධානය කරලත්, යුද්ධයකට අවශ්‍ය හැම පසුබිමක්ම සoවිධානය කරලත් " එළාර එක්ක යුද්ධ කළේ නැත්තෙ ඇයි..???? " කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන්.
අපේ රටේ ඉතිහාසඥයන් මේකට හේතු 3ක් දක්වනවා. පළවෙනි කාරණාව තමයි එළාරගේ ජනප්‍රියත්වය. වoශ කතාවලට අනුව නම් එළාර කියන්නෙ බොහොම කරුණාවන්ත රජ කෙනෙක්. ඒත් තමන්ගෙ රට වගේ 60 ගුණයක් පුoචි රටක් ආක්‍රමණය කරපු ආක්‍රමණිකයෙක්, කරුණාවන්ත කෙනෙක් වෙන්නෙ කොහොමද කියලත් ප්‍රශ්නයක් මතු වෙනවා. කොහොම හරි වoශ කතාවල තියෙන විදිහට නම් එළාර යුක්තිය සහ සාධාරණත්වය අගය කළා. මේ නිසා අපේ රටේ මිනිස්සු අතර එළාර ජනප්‍රිය වෙන්න ගන්නවා. මිනිස්සු ආදරය කරන්න, පක්ෂපාතීත්වය දක්වන්න පටන් ගන්නවා. එළාර එක්ක යුද්ධ කරලා එළාරව මැරුවොත්, එළාර ලබා ගෙන තිබුණු ජනප්‍රියත්වය නිසා කාවණ්තිස්සට විරුද්ධව ලොකු ජනතා බලවේගයක් ගොඩ නැගෙන්න පුලුවන්. ඒ වගේම එළාර එක්ක යුද්ධ කරනකොට ජනතා සහාය එළාරට ලැබිලා, එළාර ජයග්‍රහනය කරන්නත් ඉඩ තියෙනවා.
දෙවෙනි කාරණාව ඇවිල්ලා වයස් පරතරය. කාවණ්තිස්ස ගොඩක් මහළුයි. එළාර කාවණ්තිස්සට වඩා ගොඩක් බාලයි. කායික හෝ මානසික ශක්තියක් නෑ කියලා කියන්නෙ, මානව ලක්ෂණ අනුව කොහොමත් කාර්යශූර වෙන්න බෑ කියන එකනෙ. ඒ නිසා එළාර එක්ක යුද්ධ කළොත් අනිවාර්යෙන්ම කාවණ්තිස්සට යුද්ධයෙන් පරදින්න වෙනවා.
ඒ වගේම එළාර අපේ රට පාලනය කරන කොට දකුණු ඉන්දියාව සහ උතුරු ඉන්දියාව අපේ රට දිහාවට ඇහැ ගහගෙන හිටියා. බැරිවෙලාවත් එළාර එක්ක යුද්ධ කරන කොට, එළාර ඉන්දියාවේ රාජ්‍යන්වලින් උදව් ඉල්ලුවොත්, අනිවාර්යෙන්ම එහෙන් හමුදාව එවනවා එළාරගේ උදව්වට. ඒක නිසා උතුරු සහ දකුණු ඉන්දීය අධිරාජ්‍යන්, එළාර ගැන හොයල බලන්න බැරි තරමට දුර්වල වෙනකන් කාවණ්තිස්ස බලා ගෙන හිටියා.
දුටුගැමුණු එළාර එක්ක යුද්ධ කරන කොට, එළාරගෙ උදව්වට ඉන්දියාවෙන් හමුදාවක් එවපු බවක් සදහන් වෙනවා. මේක තමයි සැබෑ පාලකයෙක්ට තියෙන්න ඕනම කරන දේ. ඒ වගේම අද අපේ පාලකයන්ට නැති දේ. "දුර දිග සිතා බැලීමේ හැකියාව". බලන්න කාවණ්තිස්ස කොච්චර දුරට මේක ගැන හිතුවද කියලා? හොදට විචාරපූර්වකව කල්පනා කරලා තමයි පාලන කටයුතු කරලා තියෙන්නෙ. ඒත් එළාර එක්ක යුද්ධ නොකළට අපිට කාවණ්තිස්සගේ කාර්යය සාඵල්‍ය කොහොමටවත් අවතක්සේරු කරන්න බෑ.
මොකද මේ කරුණුත් එක්ක බලන කොට දුටුගැමුණු විජයග්‍රහණයේ සැබෑ නියමුවා වෙන්න ඕන කාවණ්තිස්ස රජ්ජුරුවො. මහා වoශය රචනා කරන මහානාම හාමුදුරුවො කාවන්තිස්ස දුර්වල පාලකයෙක් කියලත්, දුටුගැමුණු කුමාරයා කාන්තා වස්ත්‍රයි ආභරණයි යැව්වා කියලත් සදහන් කරලා තියෙනවා. මොකද මහානාම හාමුදුරුවන්ට ලොකු කැසිල්ලක් තිබිලා තියෙනවා දුටුගැමුණු චරිතය ප්‍රධාන තැනකට ගේන්න.
මේ නිසා දුටුගැමුණු රජ්ජුරුවන් හා සමාන කාර්යය සාඵල්යක් ඉෂ්ට සිද්ධ කරපු රජවරු ගැන ලියවිලා නැති තරම්. ඒ වගේම කාවණ්තිස්ස ගැන දක්වලා තියෙන්නෙත් බොහොම අඩුවෙන්. ඒ නිසා මහානාම හාමුදුරුවො ලොකු වැරැද්දක් කර ගෙන තියෙනවා. අපේ රටේ ඉතිහාසය අදුරු කරලා දාලා. හැබැයි කාවණ්තිස්ස රජතුමා හිටියෙ නැත්නම් දුටුගැමුණු රජ්ජුරුවන්ට පරිච්ඡේද 32න් 11කම පෙනී ඉදලා, මහා වoශයේ වීරයා වෙන්න ලැබෙන එකක් නෑ.
කාවණ්තිස්ස රජ්ජුරුවෝ, එළාර එක්ක යුද්ධ කරන්න සුදුසු කාලය මේක නෙවේ කියලා නිකන් හිටියෙ නෑ. ප්‍රාදේශීය රාජ්‍ය ඈදා ගෙන රුහුණේ බලය වර්ධනය කළා. හමුදා සoවිධානය, ආහාර නිෂ්පාදනය, ආයුධ නිෂ්පාදනය, ආයුධ පුහුණුව ලබා දීම, සැලසුම් සකස් කිරීම, දේශ සීමා ලකුණු කිරීම...... මේ හැම දෙයක්ම කරලා ලොකු දායකත්වයක් දුන්නා.
ඒත් දුටුගැමුණු රජ්ජුරුවන්ට තිබ්බෙ මේ ඔක්කොම ටික ක්‍රියාත්මක කරන්න විතරයි. කාවණ්තිස්ස රජ්ජුරුවො තමයි වයර් ඇදලා, පැනල් දාලා Plug එක හයි කරන්නෙ. දුටුගැමුණු රජ්ජුරුවන්ට එච්චරම මහන්සියක් ගන්න ඕන වුණේ නෑ. දුටුගැමුණුට තිබ්බෙ Switch එක දාන්න විතරයි. මොකද ඔක්කොම දේවල් කිසිම අඩු පාඩුවක් නැතුව කාවණ්තිස්ස රජ්ජුරුවො සoවිධානය කරලා තිබුණා.
ඒ නිසා විජයග්රහණයට ලොකු සේවාවක් කරපු කාවණ්තිස්ස රජ්ජුරුවන්ව එහෙම අවතක්සේරු කරන එක නුවණට හුරු නෑ. මේ නිසා දුටුගැමුණු විජයග්‍රහණයේ අයිතියෙන් අවම වශයෙන් 50%ක්වත් කාවණ්තිස්ස රජ්ජුරුවන්ට දෙන්න ඕන කියන එක තමයි අපේ මතය.
ඒ කාවණ්තිස්ස රජතුමාගේ දේශපාලනික කාර්යය සාඵල්‍ය. සේරුවාවිල ඉදි කරපු එක හැරුනම තවත් ගොඩක් වෙහෙර විහාර, කාවණ්තිස්ස රජ්ජුරුවෝ හදලා තියෙනවා. සිතුල්පව්ව විහාරය එයින් එකක් විතරයි. මේ පූජා භූමිය මහ රහතන් වහන්සේලා උදෙසා නිර්මාණය කරපු එකක්. වෙල්ගම් වෙහෙර, ජාත පබ්බත වගේ වෙහෙර විහාරත් කාවණ්තිස්ස රජතුමා ඉදි කරනවා. මේ විදිහට වෙහෙර විහාර 64ක් ඉදි කළා කියලා පොත්පත්වල සදහන් වෙනවා. ඒ වගේම කැළණි විහාරය වගේ වෙහෙර විහාරස්ථාන ගණනාවක්ම ප්‍රතිසoස්කරණය කරන්නත් රජතුමා සමත් වෙනවා.
තිස්සමහාරාම විහාරය ඉදි කිරීමේ ගෞරවය හිමි වෙන්නෙත් කාවණ්තිස්ස රජතුමාටයි. සොළොස්මස්ථානවලින් එකක් වෙන තිස්සමහාරාමයේ චෛත්‍යය ඇතුළේ බුදුන් වහන්සේගේ වම් දළදාවක් නිධන් කරලා තියෙනවා කියලත් කියවෙනවා.
* Cover Photo - Taken from www.maharajagemunu.lk
* Seruvavila Album - Dishan Rajapaksha