මහා වංශය කියලා කියන්නේ "අට්ඨ කතා" ගණයට අයිති ග්රන්ථයක්. අට්ඨ කතාවල සමහරක් නොතේරෙන, අපැහැදිලි තැන් විස්තර කරන්න ටීකාකරණයක් අවශ්‍යයි. වංසත්ථප්පකාසිනිය කියලා කියන්නෙ මහා වංශයට ලියපු ටීකාව. ක්‍රි.ව 8 සහ 11 වන ශත වර්ෂය අතර ලියවෙන වංසත්ථප්පකාසිනයේ කතුවරයා, මහානාම කියලා හාමුදුරු නමක්. හැබැයි ඒ මහා වංශය ලියපු මහානාම හාමුදුරුවො නම් නෙවේ. මේකෙ මහා වංශයේ තියෙන සුළු සුළු කරුණු හිටන් විස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි මහා වංශයේ නැති තොරතුරු හිටන්, වංසත්ථප්පකාසිනයේ තියෙනවා. කාරණාවක් දෙකක් උදාහරණ විදිහට ගත්තොත්,
1. වළගම්බා රජ්ජුරුවෝ පළවෙනි වතාවට ද්‍රවිඩ හමුදා එක්ක සටන් කරලා පැරදිලා, මලය දේශයට පලා යනවා කියලා මහා වංශයේ තියෙනවා. ඒත් සැගවෙලා හිටපු කාල වකවානුවක් ගැන සදහන් වෙන්නේ නෑ. ඒත් වළගම්බා රජ්ජුරුවෝ අවුරුදු 14කුත් මාස 7කුත් මලය දේශයේ සැගවිලා හිටියා කියලා වංසත්ථප්පකාසිනියේ තියෙනවා.
2. ඒ වගේම විදේශීය ආක්‍රමණ හමුවේ දකුණින් එල්ල වුණු ස්වදේශීය ආක්රමණවලට මුහුණ දෙන්න වළගම්බා රජතුමා "නීතිමා ක්‍රමය" භාවිතා කළා කියලා මහා වංශයේ තිබ්බත්, නීතිමා ක්‍රමය කියන්නේ මොකක්ද කියලා සදහන් කරලා නෑ. ඒත් නීතිමා ක්‍රමය කියන්නේ මොකක්ද කියලා, වංසත්ථප්පකාසිනයේ තියෙනවා. ඒ කියන්නෙ "තල්පතකින් තල්පතක් සිදින්නා සේ, සතුරාගෙන් සතුරා නැසීමේ ක්‍රමය"ට.
3. පණ්ඩුකාභය රජතුමා "සිවිකා" සහ "සොත්ථි" නමින් ශාලා දෙකක් ඉදි කළා කියලා මහා වංශයේ තියෙනවා. ඒත් ඒ මොනවද කියලා සදහන් කරලා නෑ. ඒත් වංසත්ථප්පකාසිනියේ මේවා ගැන විස්තර කරලා තියෙනවා. සොත්ථි ශාලා කියන්නෙ බමුණන් වේදය හදාරන්න භාවිතා කරපු ස්ථානයකට / ආරෝග්‍ය ශාලාවකට. සිවිකා ශාලා කියන්නෙ ශිව ලිංග දේවාලයකට / මාතෘ නිවාසයකටයි.
4. ඒ වගේමයි උතුරු ඉන්දියාව සහ ලංකාව අතර තිබුණු සම්බන්ධතා ගැන, දේවානම්පියතිස්ස රජුට අශෝක අධිරාජ්‍යයාගෙන් අභිෂේක උපකරණ ලැබීම ගැන, ද්වතීය අභිෂේක මංගල්‍යය ගැන වංසත්ථප්පකාසිනයේ තියෙන කරුණු වෙනත් මූලාශ්රවල දකින්නට ලැබෙන්නෙත් නෑ.
Cover Photo -
Taken from www.palmleafupali.blogspot.com
Taken from www.palmleafupali.blogspot.com