9 වෙනි ධර්ම පරාක්‍රමබාහු රජතුමත් එක්ක සිoහාසනයට යුද්ධ කරන විජයබාහු කුමාරයා, 9 වෙනි ධර්ම පරාක්‍රමබාහු රජ්ජුරුවන්ව ඝාතනය කරලා, 6 වෙනි විජයබාහු නමින් රාජ්‍යත්වයට පත් වෙනවා. මේ වෙනකොට 6 වෙනි විජයබාහු රජතුමාට බුවනෙකබාහු, රයිගම්බණ්ඩාර, මායාදුන්නේ කියලා පුත් කුමාරවරු තුන් දෙනෙක් හිටියා. රජතුමාගේ පළවෙනි කසාදෙන් පස්සෙ, රජතුමා දෙවෙනි කසාදෙකුත් කර ගන්න කල්පනා කරනවා. ඊට පස්සෙ රජතුමා "කීරවැල්ලෙ කුමාරිහාමි"ව විවාහ කර ගන්නවා. මේ 6 වෙනි විජයබාහු රජතුමාගෙ වගේම, කීරවැල්ලෙ කුමාරිහාමිගෙත් දෙවෙනි කසාදෙ. කසාදෙන් පස්සෙ කීරවැල්ලෙ කුමාරිහාමි 6 වෙනි විජයබාහු රජතුමාගෙ මාළිගාවට එන්නෙ, එයාගෙ පළවෙනි කසාදෙ දරුවවත් (දේවරාජ) අරගෙන. ටික දවසක් ගියායින් පස්සෙ කීරවැල්ලෙ කුමාරිහාමි, 6 වෙනි විජයබාහු රජතුමාට මෙන්න මෙහෙම කියනවා.
"මේ..!!! ඇහුනද..??? ඔහේගෙන් පස්සෙ ඔය ඔළුවෙ දාගෙන ඉන්න ඔටුන්න මගේ දරුවට දෙනවනන් හොදයි. ඔහේගෙ පළවෙනි කසාදේ ළමයි තුන්දෙනා නම් කිසිම වැඩකට නැති මෝඩ මූසලයො වගයක්. ඒක නිසා ඊළගට රජකම දෙන්න ඕන මගේ දේවරාජ පුතාට. එහෙම නැත්නම් මම නරක ගෑණි කියලා කියන්න එපා".
මේ විදිහට කුමාරිහාමි හැමතිස්සෙම රජතුමාට බල කරන්න ගත්තා. ඉතින් 6 වෙනි විජයබාහු රජතුමාට මේක හරි කරදරයක් වෙනවා. ඉවසලා ඉවසලා බැරිම තැන රජතුමා, කුමාරිහාමිට මෙන්න මෙහෙම කියනවා. "හා හා. බය වෙන්න එපා මගෙ කුමාරිහාමි. මගෙන් පස්සෙ මම රජකම දෙන්නෙ අපි දෙන්නගෙ දේවරාජටම තමයි".
රජතුමත් බිසවට වගේම දේවරාජටත් හරි ආදරෙයි. ඒත් නීත්‍යානුකූලව රජකම යන්න ඕන විජයබාහු රජතුමාගෙ පළවෙනි කසාදෙ පුත්තුන්ට. මොකද දේවරාජට වඩා ඒ අය ගොඩක් වැඩිමල්. හැබැයි රජතුමා කුමාරිහාමිටත් පොරොන්දුව දීලා ඉවරයි. මේක රජතුමාගෙ පළවෙනි කසාදෙ දරුවො තුන්දෙනාට ආරoචි වෙනවා. දැන් එයාලගෙ ජීවිතවලට ලොකු තර්ජනයක් එල්ල වෙලා.

ඉතින් මේ තුන්දෙනා රජ මාළිගාවෙන් පැනලා යනවා. මේ කුමාරවරු තුන්දෙනාට ඥාති සහෝදරයෙක් හිටියා කන්ද උඩරට රාජධානියේ "ජයවීර" කියලා. ජයවීර කියලා කියන්නෙ මහ නුවර දෙවෙනි පාලකයට. ඉතින් මේ ජයවීර බණ්ඩාරගෙන් හමුදාවකුත් අරගෙන, කුමාරවරු තුන්දෙනා කෝට්ටේ රාජධානිය වට කරනවා.
එන පොට හොද නැති බව දැන ගන්න 6 වෙනි විජයබාහු රජතුමා කුමාරවරුන්ට පොරොන්දු වෙනවා ඊළගට රජකම දේවරාජට නැතුව කුමාරවරුන්ට දෙනවා කියලා. ඒත් රජතුමාගෙ යටි හිතේ තිබුණෙ කුමාරවරු තුන්දෙනාට වැඩක් දීලා, දේවරාජ කුමාරයටම රජකම දීලා දාන්න. ඒක නිසා කුමාරවරු තුන්දෙනාව ඝාතනය කරන්න, මාළිගාව වටේට හේවායො දානවා. ඒත් මේක වැඩිමහල් කුමාරවරු තුන්දෙනාට ඉවෙන් වගේ දැනෙනවා. රජතුමාට කලින් කුමාරවරු ටික ඉස්සර වෙනවා. විදේශීය ඝාතකයෙක්ව කුලියට අරගෙන 6 වෙනි විජයබාහු රජතුමාව ඝාතනය කරනවා.
මේ සිදුවීම අපි "විජයබා කොල්ලය" කියලා හදුන්වනවා. මේ සිද්ධිය අපේ රටේ ගමන් මාර්ගය වෙනස් කරන්න තරම් භයානක විදිහට බලපානවා. අපේ රටේ ඉතිහාසය උඩුයටිකුරු වෙනවා. මේ වෙනකොට අපේ රටේ රාජධානි 3ක් තිබුණා. ඒ තමයි කෝට්ටේ රාජධානිය, යාපනය රාජධානිය සහ මහ නුවර රාජධානිය. 6 වෙනි විජයබාහුව ඝාතනය කරලා රාජ්‍ය බලය අල්ල ගන්න කුමාරවරු තුන්දෙනා කෝට්ටේ රාජධානිය කෝට්ටේ, සීතාවක, රයිගම කියලා කොටස් 3කට කඩනවා. කෝට්ටේ රාජධානිය බුවනෙකබාහු කුමාරයත් (7 වෙනි බුවනෙකබාහු රජතුමා), රයිගම රාජධානිය රයිගම් බණ්ඩාරත්, සීතාවක රාජධානිය මායාදුන්නෙත් පාලනය කරනවා. මේත් එක්කම අපේ රටේ රාජධානි සoඛ්‍යාව දෙකකින් වැඩි වෙනවා. ඒ කියන්නෙ 5ක් දක්වා ඉහළ යනවා.
විජයබා කොල්ලයෙන් පස්සෙ බුවනෙකබාහු, බණ්ඩාර, මායාදුන්නේ කියන සහෝදරවරු තුන්දෙනා කෝට්ටේ රාජධානිය බෙදාගෙන, සහෝදරවරුන්ට උදව් උපකාර කර ගෙන, වෙන වෙනම පාලනය කළාට කාලයක් යන කොට එකිනෙකා පරයමින් තම තමන්ගේ රාජධානි බලවත් කර ගන්න දගලන "සීතල යුද්ධයක්" බවට පරිවර්තනය වෙනවා.
සීතල යුද්ධය තව තවත් උඩු දුවලා සහෝදරවරු යුද්ධ කරන්න පටන් ගන්නවා. මේ ඔක්කොම වුණේ විජයබා කොල්ලය නිසයි. මේ සිද්ධිය නිසා අපේ රටේ දේශපාලනික, ආර්ථික, ආගමික, සාමාජීය කියන මේ හැම අoශයක්ම මුලුමනින්ම වෙනස් වෙනවා.
මේ සිදුවීම් මාලාවේ තියෙන තවත් විශේෂත්වයක් තමයි පෘතුගීසීන් වගේ ප්‍රබල යුරෝපීය හමුදාවක් අපේ රට අල්ල ගන්න හදන වෙලාවක සිදුවීම. මේ විදිහට අපේ රට භේද බින්නවීම, පෘතුගීසීන්ට තමන්ගේ අරමුණ කරා ගමන් කරන්න ලොකු එළියක් වෙනවා.
අමතර කරුණක් දෙකක් -
යාපහුවේ ගැමුණු එක්නැලිගොඩ
අපි ඉතිහාසය අධ්‍යනය කරන්න අපිට උපකාරී වෙන මූලාශ්‍ර ගැන සාකච්ඡා කළේ සෙල්ලිපි, කාසි, නටබුන්, සාහිත්‍යය පදනම් කර ගෙන. හැබැයි ඒ හැම එකකටම වඩා 200%ක්ම විශ්වාස කරන්න පුලුවන් තවත් මූලාශ්‍රයක් තියෙනවා. හැබැයි මේක නම් ඒ ගොඩට යන්නෙ නෑ. ඒ තමයි මෝහන විද්‍යාව. මේ කියන්න යන්නේ මේ ලිපියට සෘජුවම සම්බන්ධ නැති, ඒත් 6 වෙනි විජයබාහු රාජ්‍ය සමයට සම්බන්ධ කරුණු වගයක්. මේ කරුණු වලින් ඒ කාලයේ අපේ රටේ තිබ්බ දේශපාලනික, ආර්ථික, ආගමික, සාමාජීය, තත්වයන් ගැන තොරතුරු ලබා ගන්න පුලුවන්.
මේ කරුණු වෛද්‍යය එච්.බී.ජයසිoහ මහත්මා රචනා කරපු "මෝහන ප්රතිගමන ප්‍රතිකාර තුළින් තහවුරු වන කර්මය සහ පුනර්භවය" කියන පොතෙන් උපුටා ගත්තුවා. ජයසිoහ මහත්තයා එක්තරා රෝගියෙකුගේ රෝග නිධානයක් හොයන්න, රෝගියව මෝහනය කරන කොට, රෝගියා කෝට්ටේ 6 වෙනි විජයබාහු රාජ්‍ය සමය ගැන කරුණු කියන්න ගන්නවා. මෙතනින් පස්සෙ යන්නෙ ඒ කතාවයි. ප්රශ්නය අහන්නේ ජයසිoහ මහත්තයා. උත්තර දෙන්නෙ මෝහනයට භාජනය වෙන එක්කෙනා.
01. තවත් පස්සට යන්න. තවම ගර්භාෂයට ඇතුළු වෙලා නෑ. කොහෙද දැන් ඉන්නෙ..???
# උඩ.
02. උඩ..???
# ඔව්. අහසෙ පාවෙනවා.
03. කොහෙන්ද පාවෙන්න පටන් ගත්තෙ..???
# ලොකු කැළෑවකින්.
04.කොහේ කැළෑවකින්ද..???
# යාපහුවෙන්.
05. ඔබේ නම මොකක්ද..???
# ගැමුණු එක්නැළිගොඩ.
06. වයස කීයද..???
# 70යි.
07. කොහොමද මැරුණෙ..???
# අලියෙක් ගහලා.
08. ඒ කොහොමද..???
# අස්නක් අරන් අශ්වයා පිට යන කොට, යාපහුවට ඇතුළු වුනා. කැළේ මැද්දෙදි තනි අලියා හම්බ වුණා. අලියා අපේ පැත්තට හැරුණා. අශ්වයා කුලප්පු වෙලා ඉස්සරහ කකුල් උඩ දාලා පස්ස කකුල් දෙකෙන් හිට ගත්තා. මම ඌව හරවන්න හැදුවා. එතකොටම ඌ පස්ස ගැස්සුවා. මම විසිවෙලා බිම වැටුණා. නැගිටින්න හැදුවා. ඒත් බැරිවුණා. එකපාරටම අලියා මාව හොඩවැලෙන් උස්සලා පොළොවෙ ගැහුවා. ඊ ළගට මගේ ඔළුව පෑගුවා. මගේ ඔළුව චප්ප වුණා.
09. ඊට පස්සෙ..???
# මම මැරුණා. හිත ඇගෙන් අයින් වුණා.
10. අයින් වෙලා..??? මොකක්ද දැනුනේ..???
# උඩට පාවෙලා ගියා. සැහැල්ලු ගතියක් දැනුණා.
11. ශරීරය කොහොමද..???
# ශරීරයක් නෑනෙ.
12. කොහෙද දැන් පාවෙන්නෙ..??? මොනවද පේන්නෙ..???
# කැලේට උඩින්. හතර වටෙන්ම කැලේ පේනවා.
13. වෙන මොනවද දැක්කෙ..???
# මo වගේම තව පාවෙන අය පේනවා.
14. ඒ අය හදුනනවද..???
# නෑ.
15. ඒ අය එක්ක කතා බහ කරනවද..???
# නෑ.
16. කොච්චර කාලයක් පාවුණාද..???
# මෙහෙම ඉන්න කොට කාලයක් දැනෙන්නේ නෑනෙ.
17. අලියා ගහනකොට කවුරු එක්කද හිටියේ..???
# තනියම. මමයි අශ්වයයි විතරයි.
18. වයස 70දි අශ්වයා පිටේ ගියාද..???
# ඔව් ඉතින්. ඒ කාලයේ ඇගට හොද හයියක් තිබුණනේ.
19. ඔබ කවුද..???
# අණ දෙන හේවායෙක්
20. හමුදාවෙද..???
# ඔව්. සේනාoකයක් භාරව හිටියෙ.
21. කාගෙ හමුදාවෙද..???
# රජ්ජුරුවන්ගෙ
22. මොන රජ්ජුරුවන්ගෙද..???
# 6 වෙනි විජයබාහු
23. කොයි කාලෙද මේ..???
# එක්දහස් හාරසිය ගණන්වල
24. ඔබේ ගෙදර කොහෙද තියෙන්නෙ..???
# වලව්වෙ.
25. රජතුමා ඉන්නෙත් යාපහුවෙද..???
# නෑ. කෝට්ටෙ.
26. අසුන කාගෙන්ද..???
# කෝට්ටෙ සෙන්පතිගෙන්.
27. එයාගෙ නම..???
# පරාක්‍රම රණසිoහ.
28. අස්න අරන් යන්නෙ කාටද..???
# යාපහුවේ සේනාපතිට.
29. එයාගෙ නම මොකක්ද..???
# විජය ශ්‍රී රණබාහු.
30. ගැමුණු එක්නැළිගොඩ සතුටින්ද ඉන්නෙ..???
# නෑ. නිතරම සටන්වලට යනවනෙ.
31. කවුරු එක්කද සටන් කරන්නෙ..???
# සුදු හමක් තියෙන උන් වගයක්.
32. කවුද ඒ..???
# පෘතුගීසින්.
33. පෘතුගීසින් එහේ ආවද සටනට..???
# නෑ. මාව යැව්වා උන් එක්ක සටනට.
34. කොහාටද..???
# කොළඹ කොටුවට.
35. කවුරු එක්කද ගියේ..???
# සේනාවක් එක්ක.
36. කොහොමද ගියේ..???
# ඇත්තු, අශ්වයෝ පිට.
37.මොනවද තිබුණු ආයුධ..???
# කඩු, හෙල්ල, තෝමර.
38. ඉතින් මොකද වුණේ..???
# අපි කොටුවට පැනලා, උන්ට ගහලා ගිනි කදන් විස්සක් විතර උදුර ගත්තා.
39. ඉතින් උන් වෙඩි තිබ්බද..???
# තිබ්බා. අපේ අය කීප දෙනෙක්ම මැරුණා. අපේ හේවායෙක් උන්ට පණ පිටින් අහු වුණා.
40.ඉතින්..???
# ඒ හේවායගෙ අත් දෙකම කපල අපි ළගට එව්වා.
41. ඉතින් මොකද කළේ..???
# මිනිහගෙන් වැඩක් නෑනෙ. මම හේවායෙක් ලවා එයාට නොපෙනෙන්න හෙල්ලෙන් අන්නවලා මරලා දැම්මා. ඊට පස්සෙ අපි ඒකෙ පලිය ගත්තා.
42. ඒ කොහොමද..???
# අපි පරoගි දෙන්නෙක් අල්ල ගත්තා. උන්ගෙ අත්, කකුල්, කන්, නාසා ඔක්කොම කපල ගිහින් දැම්ම කොටුව ඇතුළටම.
43. ඔබ ඉස්සර වෙලාම යුද්ධෙට යනකොට වයස කීයද..???
# අවුරුදු 20යි.
44. කොහාටද ගියේ..???
# යාපහුවෙ කැරැල්ලක් මැඩපවත්වන්න.
45. කවුද කැරලි ගැහුවෙ..???
# රජ්ජුරුවන්ට විරුද්ධව සිoහල මිනිස්සු.
46. ඉතින් මොකද වුණේ..???
# අපි යනකොට කැරලිකාරයෝ ගල් ගුහාවක් ඇතුළෙ හිටියෙ.
47. මැරුවද..???
# නෑ. පරoගි නම් එකෙක් නෑර මරනවා. අපේ මිනිස්සු හින්දා යටත් වෙන්න කිව්වා.
48. යටත් වුණාද..???
# ඔව්. අරගෙන ගිහින් රජ්ජුරුවන්ට භාර දුන්නා.
49. තව පස්සට යන්න. දැන් ඔබේ වයස අවුරුදු 5යි. කව්ද ගෙදර ඉන්නෙ..???
# අප්පච්චියි, අම්මයි, මමයි.
50. අප්පච්චිගෙ නම මොකක්ද..??? මොකක්ද කළ රාජකාරිය..???
# එක්නැළිගොඩ නිළමෙ. අප්පච්චි තමයි රජ්ජුරුවන්ගෙ අසරු සේනාව භාරව හිටියෙ.
51. අම්මගෙ නම..???
# ඒකනායක කුමාරිහාමි.
52. ඔබ ඉගෙන ගත්තෙ කොහෙද..???
# වලව්වෙදිමයි. ආචාරී කෙනෙක් වලව්වට ඇවිත් ඉගැන්නුවා.
53. මොනවද..???
# කඩු ශිල්ප, යුද්ධ හරඹ, අශ්වයන් හැසිරවීම වගේ දේවල්.
54. වයස කීයද එව්වා ඉගෙන ගන්නකොට..???
# කඩු හරඹ ඉගෙන ගත්තෙ අවුරුදු 7දි. අශ්වයන් හැසිරවීම 9දි වගේ.
55. වයස 9දි තනියම අශ්වයෙක් පිටේ යන්න පුලුවන්ද..???
# පුලුවන්.
56. ඊට පස්සෙ..???
# වයස 16දි අසරු සේනාවට බැදුනා.
57. සේනාoකයේ අණ දෙන නිළධාරියා වුණේ වයස කීයෙදිද..???
# 45 විතර.
58. සාමාන්‍ය මිනිස්සුන්ට කරදර කළාද..???
# ඒ කාලෙ නෑ.
59. ඒ කියන්නෙ..???
# අණ දෙන නිළධාරියා වුණාට පස්සෙ එහෙම කළේ නෑ. හේවායෙක් හැටියට රාජකාරි කරන කොට නම් කළා.
60. මොනවද කළේ..???
# කප්පම් එකතු කළා. රජ්ජුරුවන්ට කියලා මිනිස්සුන්ගෙන් වී, හාල්, මුදල් එකතු කරලා රජ මාළිගාවට ටිකක් දීලා, වැඩි හරිය අපි තියා ගත්තා.
61. බොහොම නරක වැඩනෙ. මිනිස්සු කැමැත්තෙන්ද දුන්නෙ..???
# නෑ. දෙස් තිය තියා.
62. රජ්ජුරුවන්ට අහු වුණොත් එහෙම..???
# හිරේ තමයි.
63. අහු වෙලා තියෙනවද..???
# නෑ.
64. වෙන මොනවද කරපු නරක වැඩ..???
# බඩු විකුණන්ට අරන් යන තම්බිලා අහු වුණාම අපි උන්ව බය කරනවා. අනේ අපේ බඩු ඔක්කොම අරන් අපිට යන්න දෙන්න, අපිව මරන්න එපා කියලා වදිනවා. ඉතින් අපි උන්ගෙ බඩු අරන් යනවා.
65. අණ දෙන නිළධාරියා වුණාට පස්සෙ මොනවද කරපු නරක දේවල්..???
# සූදු පොළවල් ඇල්ලුවා. ඒවගෙන් අල්ලන සල්ලි අපි තියා ගන්නවා. රජ්ජුරුවන්ට දෙන්නෙ නෑ.
66. ඇයි එහෙම කළේ..???
# අපටත් ඉතින් සල්ලි ඕනනෙ.
67. රජ්ජුරුවෝ පඩි දෙන්නෙ නැද්ද..???
# දෙනවා. ඒ උනාට ඒක විතරක් මදිනෙ.
68. වෙන මොනවද කරන නරක වැඩ..???
# තව මොනවත් නෑ.
* Cover Photo - Taken from www.anandtech.com