අනුරාධපුර යුගයට වඩා පොළොන්නරු යුගයේ කාන්තා නායකත්වය ගොඩක් ඉස්මතු වෙන තැන් අපිට දකින්න පුලුවන්. පොළොන්නරු යුගයේ කාන්තා නායකත්වය අපිට කාරණා කිහිපයක් නිසා වැදගත් වෙනවා. අනුරාධපුර යුගයෙ ඉදන් අපේ රටේ තිබ්බ කාන්තා නායකත්වය අවසන් වෙන්නෙ පොළොන්නරු යුගයෙන්. අනික් කාරණය තමයි අනුරාධපුර යුගයේ කාන්තා නායකත්වයෙන් පාලකයන්ව හිටන් සිoහාසනයට පත් කරලා තියෙනවා. ඒත් පොළොන්නරු යුගයේ කාන්තාවන්ව සිoහාසනයට පත් කරලා තියෙන්නෙ පුරුෂ පක්ෂය. ඒ වගේම පොළොන්නරු යුගයේ අවසාන භාගය වෙනකොට කාන්තා නායකත්වය කියන එක නාමික තත්වයකට එන්න ගන්නවා. සෙන්පතියන්, ඇමතිවරු තම තමන්ගේ වැඩ කටයුතු ටික කර ගන්න පුලුවන් කාන්තාවන්ව සිoහාසනයේ වාඩි කරවලා, රූකඩයක් වගේ නටවනවා. පොළොන්නරු යුගයේ කාන්තා නායකත්වය ඉස්මතු වෙන තැන් ගොඩක් තියෙනවා. ඒ කාන්තාවන් අතරින් මෙන්න මේ අය ගොඩක් වැදගත්.
01. මිත්තා කුමරිය
02. සුගලා බිසව
03. ලීලාවතී රැජිණ
04. කල්‍යාණවතී රැජිණ
01. මිත්තා කුමරිය
02. සුගලා බිසව
03. ලීලාවතී රැජිණ
04. කල්‍යාණවතී රැජිණ
මිත්තා කුමරියව අපිට හම්බ වෙන්නෙ මහා විජයබාහු රජතුමාගේ සහෝදරියක් විදිහට. මහා විජයබාහු රජතුමාගෙන් පස්සෙ රජ පවුලෙ අය, රජකම බෙදා ගන්න බැරුව භේද භින්න වෙනවනෙ. ඒත් එක්කම මේක යුද්ධ කරන්න තරම් උඩු දුවනවා. මේ වෙලාවෙ මේ තත්වය පාලනය කරන්න මිත්තා කුමරිය මැදිහත් වෙනවා. මිත්තාගේ වැඩිමහළු පුත්‍රයා මානාභරනට දක්ඛින දේශයේ පාලනයත්, කිත්සිරි මෙවන්ට දොළොස් දහස් රටේ පාලනයත්, ශ්‍රී වල්ලභට අට දහස් රටේ පාලනයත් බෙදලා දෙනවා. මිත්තා කුමරිය මැදිහත් නොවෙන්න රජ පවුල භේද භින්න වෙලා යුද්ධ කරලා විනාශ වෙන්න පුලුවන්කම තිබුණා. ඒකෙන් පරාක්‍රමබාහුලා, නිශ්ශoකමල්ලලා බිහි නොවෙන්න තිබුණා. ඒ වගේම එතනින්ම පොළොන්නරු රාජධානිය අවසන් වෙන්නත් තිබුණා.
සුගලා බිසවව අපිට මුණ ගැහෙන්නෙ මහා පරාක්‍රමබාහු රාජ්‍ය චරිතය අධ්‍යනය කරන කොට. පරාක්‍රමබාහු රජතුමාට, ගජබාහු රජතුමාගෙන් පස්සෙ පොළොන්නරුවේ බලය හිමි විය යුතුව තිබුණත්, පරාක්‍රමබාහු රජතුමා රාජ්‍යත්වය භාර ගන්න රජරටට යන අතරේ සුගලා බිසවගේ නියෝග මත, සුගලා බිසවගේ පුත්‍රයෙක් වෙන "මාණාභරන" කුමාරයා සිoහාසනයේ වාඩි වෙනවා. සුගලා බිසව අපේ රටේ දන්ත ධාතුන් වහන්සේව අයිති කර ගෙන රුහුණේ නායිකාව බවට පත් වෙනවා. මේ නිසා තමන්ට හිමි වෙන්න ඕන රජකම ගන්න පරාක්‍රමබාහු රජතුමාට යුද්ධ කරන්න වෙනවා. මොකද රටේ රාජ්‍ය බලය ගන්න උරුමය විතරක් තිබ්බට මදියි. දන්ත ධාතුන් වහන්සෙත් ළග තියෙන්න ඕන. ඒක තමයි අපේ රටේ රාජ්‍ය බලයේ සැබෑ සoඛේතය. සුගලා බිසව අපේ රටේ ඉතිහාසයට එක් වෙන්නේ අපේ රටේ බලවත්, ප්රතාපවත්, අභිමානවත් රජ කෙනෙකුගේ බලයට විරුද්ධව නැගී හිටලා, ඊට විරුද්ධව ප්‍රබල අභියෝගයක් එල්ල කරපු පළවෙනි කාන්තාව විදිහට. මේ යුද්ධයේදී සුගලා බිසව එක අඩියක්වත් පස්සට තියන්නෙ නෑ. පරාක්‍රමබාහු රජතුමාගේ හමුදාව බිසවව අල්ල ගන්නකන්ම, අවුරුදු 5ක් මේ විදිහට සටන් කරනවා.
අපි නිශ්ශoකමල්ල රජතුමා ගැන සාකච්ඡා කරන කොට කතා කළා, නිශ්ශoකමල්ලගෙන් පස්සෙ අපේ රටේ පාලනය භාර ගන්න සුදුස්සෙක් හිටියෙ නෑ කියලා. මේ නිසා පොළොන්නරුවේ අන්තිම කාලය වෙනකොට දුර්වල පාලකයො රටේ රජකම භාර ගත්තා. දේශපාලනික වශයෙන් මේ කාලය වෙන කොට අපේ රට අවුල් වියවුල් වුණා.
නිශ්ශoකමල්ලයන්ගෙන් පස්සෙ එයාගෙ බිසව කල්‍යාණවතී රැජින රාජ්‍යත්වයට පත් වෙනවා. ටික කාලයක් යන කොට පරාක්‍රමබාහු රජතුමාට පක්ෂපාත පිරිසක්, කල්‍යාණවතී රැජිනව එලවලා, පරාක්‍රමබාහු රජතුමාගේ බිසව ලීලාවතී රැජිනව සිoහාසනයට පත් කරනවා. මේ විදිහට එකියක පහ කරමින් එකියෙකු රජ වුණා. ලීලාවතී රැජින විතරක් මේ විදිහට කාලයෙන් කාලයට 3 පාරක් අපේ රටේ පාලනය භාර ගන්නවා.
ලීලාවතී රැජින අපේ රට වෙනුවෙන් සෑහෙන්න වැඩ කොටසක් කළා කියලා සෙල්ලිපිවල තියෙනවා. දුප්පත් අයට ගොඩක් උදව් කරනවා. ඒ අයට ධනය බෙදලා දෙනවා. අනුරාධපුරයේ දාන ශාලාවක් ඉදි කරනවා. විදේශීය වෙළදාම දියුණු කරනවා. විශේෂ වෙළද මධ්‍යස්ථාන ඉදි කරනවා. ලීලාවතී රැජින රන් කහවණු හිටන් නිකුත් කරනවා. මේ විදිහට ලීලාවතී රැජින අපේ රටේ අවුරුදු 5ක් කඩින් කඩ රාජ්‍ය පාලනයේ නිරත වෙනවා ( අවුරුදු 3 + අවුරුදු 1 + මාස 7 )
කල්‍යාණවතී විහාරය නිර්මාණය කරලා, රාජ කුල වඩ්ඩන පිරිවෙන නිර්මාණය කරලා, වෙහෙර විහාර ප්‍රතිසoස්කරණය කරන කල්‍යාණවතී රැජින එක දිගට අපේ රට අවුරුදු 7ක් පාලනය කරනවා. පන්සල්වලට ගම්වර පූජා කරන්නත්, රුවන්වැලි සෑය සහ ශ්‍රී මහා බෝධිය පිළිසකර කරන්නත් සමත් වෙනවා. මේ අවුරුදු 7 ඇතුළත අපේ රටේ දේශපාලනය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්න කල්‍යාණවතී රැජින උත්සාහ කරනවා.
මේ කරුණු සමාලෝචනය කරන කොට පොළොන්නරු රාජ්‍ය සමයේ දේශපාලන පොර පිටියේ විශාල කාන්තා නායකත්වයක් ඉස්මතු වුණා කියලා නිගමනය කරන්න පුලුවන්.
* Cover Photo - Taken from www.maharajagemunu.lk