අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි පරිහානියට ලක් වුණායින් පස්සෙ, සිංහල රාජධානිය නිරිතදිගට විතැන් වෙන්න ගත්තා. මුලින්ම දඹදෙනියටත්, දඹදෙනියෙන් පස්සෙ යාපහුවටත්, යාපහුවට පස්සෙ කුරුණෑගලටත්, කුරුණෑගලින් ගම්පලටත්, ඊට පස්සෙ කෝට්ටෙටත් ආදී වශයෙන් නිරිතදිගට විතැන් වුණා.
මේ විදිහට සිංහල රාජධානිය නිරිතදිගට විතැන් වෙන්න බලපාපු කරුණු, ප්‍රධාන වශයෙන් මාතෘකා දෙකකට බෙදන්න පුලුවන්.
01. රජරට ශිෂ්ටාචාරයේ පරිහානිය
02. නිරිතදිග ප්‍රදේශවල තිබූ යෝග්‍යතාව
අපි කලින් ලිපියෙන් රජරට ශිෂ්ටාචාරයේ පරිහානිය ගැන ගොඩක් දේවල් සාකච්ඡා කරපු නිසා, මේ ලිපියෙත් ආයිත් ඒ මාතෘකාව ගැන ලියන්න අදහසක් නෑ. ඒ නිසා අපි නිරිතදිග ප්‍රදේශවල තිබුණු යෝග්‍යතාව කියන මාතෘකාව ගැන විතරක් අධ්‍යනය කරමු. නිරිතදිග ප්‍රදේශවල තිබුණු යෝග්‍යතාව, අපිට මෙන්න මේ විදිහට කොටස් කරන්න පුලුවන්.
01. ආරක්ෂා සහිතවීම
02. බටහිර වෙරළේ වැදගත්කම
03. වෙළදභෝග අපනයන වෙළදපලට හුරුවීම
04. නිරිතදිග කුරුදු වගාව ව්‍යාප්තවීම
05. පහසු ජීවන ක්‍රම කෙරෙහි අවධානය යොමුවීම
06. සරු පස
07. සෞඛ්‍යයට හිතකරවීම
මේ කරුණු අනිත් පැත්ත හැරෙව්වොත්, ඒ ටික රජරට ශිෂ්ටාචාරයේ පරිහානියට හේතු වුණ කරුණුවලට ඇතුළත් කරන්නත් පුලුවන්. අපේ ප්‍රධාන මාතෘකාවට හැරෙමු.
රජරට පරිහානියත් එක්ක අපේ මිනිස්සුන්ට අවශ්‍ය වුණා, ආයිත් අලුත් ආරම්භයකින් ජීවිතය පටන් ගන්න. ඉතින් මේ ජීවන ගමන පටන් ගන්න හොදම ප්‍රදේශ පිහිටලා තියෙන්නෙ, අපේ රටේ නිරිතට වෙන්න කියලා, මෙයාලා හොයාගත්තා.

රජරට ශිෂ්ටාචාරයෙන් පස්සෙ, සිංහල රාජධානිය නිරිතට විතැන් වෙන්න බලපාපු දෙවන ප්‍රධාන සාධකය (පළමු සාධාකය - මාඝගේ ආක්‍රමණය) විදිහට, නිරිතදිග පැවති යෝග්‍යතාව හදුන්වන්න පුලුවන්. අනුරාධපුර සහ පොළොන්නරු රාජධානිවල අවසාන කාලයේදී, ඒ භූමි ප්‍රදේශ බොහොම අනාරක්ෂිත ප්‍රදේශ බවට පත් වුණා. අපේ රටට මන්නාරමින් ඇතුල් වුණත්, ගෝකණ්ණෙන් ඇතුල් වුණත්, දඹකොළ පටුනෙන් ඇතුල් වුණත්, විදේශීය ආක්‍රමණිකයන්ට බොහොම ලේසියෙන් රජරටට ඇතුල් වෙන්න පුලුවන් වුණා. ඒ නිසා රාජධානිය නිරිතට විතැන් කරනකොට, පාලකයො සහ සාමාන්‍ය මිනිස්සු ගොඩක්ම සැළකිලිමත් වුණේ රාජධානියේ ආරක්ෂාව ගැනයි. ඉතින් රාජධානි ගොඩනගන්න තෝරගත්තෙ ස්වභාවිකව ආරක්ෂා වුණු ප්රදේශයි.
මේකට හොදම උදාහරණය තමයි දඹදෙනි රාජධානිය. දඹදෙනි රාජධානිය කියන්නෙ තුන් පැත්තකින් වට වුණු රාජධානියක්. රාජධානියට ඇතුල් වෙන්න තිබුණෙ එක පැත්තකින් විතරයි. එතන ආරක්ෂාව තර කළාම, සතුරාට රාජධානියට ඇතුල් වෙන්න බෑ.
රජරට ආර්ථිකයේ අත්තිවාරම වුණේ ගොවිතැනයි. ඒත් වැව් අමුණු විනාශ කිරීමේ මාඝගේ ප්‍රතිපත්තිය නිසාත්, අවුරුදු දහස් ගාණක් තිස්සෙ ගොවිතැන් කරලා කරලා කරලා, රජරට පස නිසරුවීම නිසාත්, තැන තැන රැදුනු කැඩිලා ගිය වැව් අමුණුවල වතුරවලින් වසංගත ලෙඩ රෝග ව්‍යාප්තිය නිසාත් රජරට ආර්ථිකය බලාගෙන ඉන්න ගමන්ම කඩාගෙන වැටුණා. මේ නිසා මිනිස්සු ගොවිතැන් කරන්න හොද භූමියක් හෙව්වා. ගොවිතැන් කටයුතු කරන්න හොද පොළොවක්, නිරිත දිශාවෙ තියෙනවා කියලා මිනිස්සු හදුන ගත්තා. නිකං පොළොවක් නෙවේ, බොහොම සාරවත් පොළොවක්.
ඒ වගේම ගොවිතැන ඇරෙන්න, අනිත් වගා කටයුතු (වෙළදභෝග) එහෙමත් කරන්න පුලුවන් කියලත්, ඒ හරහා අපනයන කටයුතු කරන්න පුලුවන් කියලත් හදුනාගත්තා. විශේෂයෙන්ම කුරුදු වගාවට ගොඩක් හිතකර පරිසරයක් නිරිත ප්‍රදේශයේ තිබුණා. රාජධානියක පැවැත්ම තීරණය වෙන ප්‍රධාන සාධකයක් තමයි ආර්ථිකය කියන්නෙ. ඒ නිසා රජරට රාජධානිවලින් පස්සෙ, මිනිස්සු සිංහල රාජධානිය නිරිත දිශාවටම අරගෙන ගිහින්, නිරිත දිශාව එයාලගෙ කේන්ද්‍රස්ථානය කර ගත්තා.