හැබෑටම මොකක්ද මේ ප්රාග් ඓතිහාසික යුගය කියලා කියන්නේ..???? දැනට පවතින මතය අනුව නම් "ලේඛන කලාව ආරම්භ වීමට පෙර යුගය"යි. මානව විද්‍යාව අධ්‍යනය කළ උගත් මහාචාර්යයවරු අධ්‍යනයේ පහසුවට මානව පරිණාමනය යුග තුනකට බෙදනවා.
01. පැලියෝලිතික යුගය ( පූර්ව ශිලා යුගය)
02. මෙසෝලිතික යුගය (මධ්‍ය ශිලා යුගය)
03. නියෝලිතික යුගය (නව ශිලා යුගය)
මානව පරිණාමනයේ ප්‍රධානතම අවධි ;-
01. හෝමෝ හැබිලිස්
02. හෝමෝ ඉරෙක්ටස්
03. හෝමෝ සේපියන්
04. හෝමෝ සේපියන් සේපියන් (වර්තමාන)
01. පැලියෝලිතික යුගය ( පූර්ව ශිලා යුගය)
02. මෙසෝලිතික යුගය (මධ්‍ය ශිලා යුගය)
03. නියෝලිතික යුගය (නව ශිලා යුගය)
මානව පරිණාමනයේ ප්‍රධානතම අවධි ;-
01. හෝමෝ හැබිලිස්
02. හෝමෝ ඉරෙක්ටස්
03. හෝමෝ සේපියන්
04. හෝමෝ සේපියන් සේපියන් (වර්තමාන)
01. පැලියෝලිතික යුගය ( පූර්ව ශිලා යුගය)
මෙතෙක් කරන ලද පුරාවිද්‍යාත්මක කැනීම්වලින් අපට හමු වූ සාධක අනුව, ප්රාග් ඓතිහාසික මානවයන් ජීවත් වූ බවට තොරතුරු ලැබෙනවා. පූර්ව ශිලා යුගයෙන් හමු වූ සාධක අනුව, අපේ රටේ ඉතිහාසය අවුරුදු 125 000කටත්(රත්නපුර සoස්කෘතිය) පෙර යුගයට දිව යන බව , මීට අවුරුදු කිහිපයකට කලින් (2010) අප මතක් කළේ මහත් වූ අභිමානයෙන්. ඒත් කාලය වගේම ඉතිහාසයත් අවුරුද්දෙන් අවුරුද්ද, මාසයෙන් මාසය, සතියෙන් සතිය, දිනෙන් දින වෙනස් වෙනවා. බොහෝ දුරට නව සොයා ගැනීම් සහ ඉතිහාසඥයන්ගේ නව මතයන් ඒකට බලපානවා.
අපේ රටේ ආදීතම මානවයා අයත් වෙන්නේ මේ යුගයටයි. 2011 අවුරුද්දේ මහාචාර්යය රාජ් සෝමදේව මහත්මා ඇතුළු කැණීම් කණ්ඩායමකට "හෝමෝ ඉරෙක්ටස්" මානවයෙකුගේ අවශේෂ සොයා ගන්නට පුළුවන් වුණා.
මේ නිසා අපේ රට, අවුරුදු 137 000ක ඉතිහාසයක් ඇති රටක් විදිහට නම් කෙරුණා. 2012 වෙනකොට අපේ රට පුරාවිද්‍යාත්මක වශයෙන් ඔප්පු කළ හැකි අවුරුදු 500 000ක ඉතිහාසයක් ඇති රටක් විදිහට නම් කළා. අපේ රටේ පූර්ව ශිලා යුගය දැන අවුරුදු 500 000ක් තරම් ඈත අතීතයකට දිව යනවා. ලෝකයේ වඩාත්ම පැරණිතම ඉතිහාසයක් තියෙන රට, අපේ රට වෙන්න බැරිද හැබෑටම...????? පූර්ව ශිලා යුගයේ ජනාවාස පැතිරිලා ගිහින් තියෙන්නේ බූන්දල, බෙල්ලන්බැදි පැලැස්ස, පතිරාජවෙල ආදී ප්රදේශවලයි. ආදී මානවයා විසින් භාවිතා කරපු මෙවලම් රැසකුත් මේ වන විට සොයා ගෙන තිබෙනවා.
02. මෙසෝලිතික යුගය (මධ්‍ය ශිලා යුගය)
අපේ රටේ ප්රාග් ඓතිහාසික ස්ථානවලින් වැඩිම ප්‍රමාණයක් හමු වෙන්නෙ "මධ්‍ය ශිලා යුගයෙන්". අවුරුදු කිහිපයකට උඩදි නම් ක්‍රි.පූ 125 000ත් - ක්‍රි.පූ 900 දක්වාත් කාලයයි. දැන් නම් ක්‍රි.පූ 500 000ත් - ක්‍රි.පූ 900ත් අතර කාලයක්... කැණීම්වලින් මේ යුගයට අයත් මානව හා සත්ව අවශේෂ, ශිලා මෙවලම්, පාෂාණ වර්ග සොයා ගන්න පුළුවන් වුණා. බූන්දල, බට දොඹ ලෙන, පාහියන්ගල ලෙන, අළු ලෙන, බෙල්ලන්බැදි පැලැස්ස කදිම නිදසුන් විදිහට ගන්න පුළුවන්.
මෙසෝලිතික යුගයෙන්, කැණීම් කණ්ඩායම්වලට හමු වූ ශිලා ආයුධ අර්ධ චන්ද්‍රාකාර, ත්රිපීසියමාකාර, ත්‍රිකෝණාකාර ස්වභාවයක් ගන්නවා. ඊට අමතරව සත්ව ඇට කොටස්ද ආයුධ ලෙස භාවිතා කරලා තියෙනවා. සමහරක් මෙවලම් සකසලා තියෙන්නේ (ඇඹරුම් හා තැලුම් ගල්) , කහද සහ තිරුවානා වගේ විශේෂ පාෂාණ වලින්.
බලoගොඩ ආශ්රිත ප්‍රදේශයෙන් මේ අපූරු සභ්‍යත්වය හමු වුණු නිසා දැරණියගල මහතා විසින් "බළoගොඩ මානව සoස්කෘතිය" විදිහට මේ කාල වකවානුව නම් කළා. බළoගොඩ මානව ඇටසැකිල්ල (හෝමෝ සේපියන්), මෙම යුගයෙන් අපට හුමු වුණු වටිනා සම්පතක්.
ශරීර ලක්ෂණ
01. ඉදිරියට නෙරූ නළල් තලය
02. ශක්තිමත් පුළුල් ඇට
03. පස්සට නෑඹුරු වූ නිකට
04. විශාල දත්
05. මුක්කන් නහය
ආහාර
01. මුහුදු මාළු
02. මුහුදු ඌරන්
03. ගෝන්නු
04. ඉත්තෑවෝ
05. මුගටියන්
06. තලගොයින්
07. ඉබ්බන්
08. බෙල්ලන්
09. මිරිදිය මසුන්
10. කැකුන ඇට
11. වල් කෙසෙල්
12. වල් දෙල්
13. පළතුරු
14. එළවළු
ප්රාග් ඓතිහාසික මානවයෙකුගේ යැයි සැලකෙන මාළිගයක් හොයා ගෙනත් තියෙනවා. ආහාර ගැනීමට භාවිතා කළ "ගෑරප්පු" සොයා ගෙන තියෙනවා. ඔහුගේ වාසස්ථාන අවටින් හමු වෙච්ච අලු ස්ථර සහ ලිප්වලින් ඔප්පු වෙනවා, ඔවුන් ගින්දර භාවිතා කළා කියලා. ගින්දර භාවිතය මානව ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යක්. ඒ වගේම තමයි, මස් මාoශ අමුවෙන් කනවා වෙනුවට පුළුස්සා ආහාරයට ගෙන තියෙනවා. ඒ කියන්නෙ ඒ කාලයේ ඉදන්ම BBQ System එක තිබිලා තියෙනවා. දියුණු අභිචාර විධි අනුගමනය කරලා තිබෙනවා. මේ යුගයට අයත් සොහොන් පිට්ටනි රැසක්ම සොයා ගෙනත් තිබෙනවා. ඔවුන් මළවුන් පිළිබදව, පුනර්භවය සහ පුනරුත්පත්තිය පිළිබදව විශ්වාස කළා. ඔවුන්ගේ අභිචාර විධි (කෙනෙක් මිය ගිය විට අනුගමනය කරන ක්‍රමවේද) තුනක් දැක ගන්න පුලුවන්.
01. මිය ගිය පසු භූමදානය කිරීම
02. භූමදානය කර මස් කුණු වූ පසු නැවත භූමදානය කිරීම
03. මළ මිනිය දෙදනින් නමා වකුටු කර භූමදානය කිරීම
හිතන්න බලන්න, අපේ මානවයන්ගේ දියුණුව කොහොමද කියලා...????
ඕනෑම අයෙක් එක ප්‍රදේශයක ඉතාමත් දීර්ඝ කාලයක් වාසය කරන කොට, ඒ අයගේ ශරීරවල, ඒ ඒ පරිසරය අනුව අභ්‍යන්තරික සහ භාහිර වශයෙන් වෙනස්කම් හට ගන්නවා. බලoගොඩ මානවයා කියලා කියන්නේ 500 000 - 900ත් අතර කාලයක් තිස්සේ අපේ රටේ වාසය කළ අයෙක්.
03. නියෝලිතික යුගය (නව ශිලා යුගය)
පූර්ව ශිලා යුගයෙන් මිදෙන මිනිසා මධ්‍ය ශිලා යුගය පසු කරමින්, නව ශිලා යුගයට පැමිණෙනවා. දැන් සියලු ක්‍රමවේදවලින් වෙනස් වෙලා. දඩයමෙන් ජීවත් වූ මිනිසා, නිෂ්පාදන කාර්යයට යොමු වෙනවා. තමන්ට අවශ්‍ය දේ තමන්ම නිපදවා ගන්න යුගයක්. විවිධ කර්මාන්ත සහ නිෂ්පාදන බිහි වෙනවා. තැනින් තැන ඇවිදිමින්, සoචාරක ජීවිතයක් ගත කළ මිනිසා, නිවාස ගොඩ නගා ස්ථීර ජනාවාස ඇති කර ගනියි. මෙම යුගයට අයත් මෙවලම් රැසක් කැණීම වලදී සොයා ගැනුණා. ඇදුම් සහ ආභරණ භාවිතය, නිදහස් චින්තනය, පරිසරය කෙරෙහි නැඹුරු වීම, සාගරික සම්පත් ප්‍රයෝජනයට ගැනීම, සoවිධානාත්මක පාලනය දක්නට ලැබෙන විශේෂ අවස්ථා ලෙස ගන්නට පුළුවන්. ඒ වගේම අපේ රටේ ඉස්සර කැණීම් කරපු සුදු මහත්තයෙකුට අපේ රටේ ආදි මානවයන් ගොඩ නගපු පරණ ආරක්ෂක පවුරකුත් හම්බ වෙලා තියෙනවා. මේක අවුරුදු 13 000කට වඩා පරණ එකක්. අපේ රටෙන් මේ වෙනකොට හොයා ගෙන තියෙන පරණම පෙදරේරු නිර්මාණයත් ඒකයි.
* Cover Photo - www.newsweek.com
අමතර කරුණක් දෙකක් -
අනුරාධපුර ගෙඩිගේ
අනුරාධපුර දළදා මාළිගාව පිහිටලා තියෙන භූමිය අයිති වෙන්නෙ ඇතුලු නුවරටයි. ඇතුලු නුවර පුරාවිද්‍යා කැණීම් කරන භූමිය පිටිපස්සට වෙන්න තමයි දළදා මාළිගාව තියෙන්නෙ. ඒ කියන්නෙ රුවන්වැලි සෑය ඉස්සරහා ඉදලා කුට්ටම් පොකුණට යන පාරෙ. මේ දළදා මාළිගාවට පිටිපස්සෙන් ගොඩනැගිල්ලක් දැකගන්න පුලුවන්. මේක නම් කරලා තියෙන්නෙ "ගෙඩිගේ" කියලා. අනුරාධපුර යුගයේ ධාතුඝරයක් විදිහට තියෙන්න ඇති කියලා අනුමාන කරන මේ ගොඩනැගිල්ල තියෙන භූමියේ 1969 අවුරුද්දෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කැණීමක් කරනවා. ඒ කැණීමේදී වසර 7000කට පෙර පැවති මානව ජනාවාසයක් ගැනත් තොරතුරු හම්බ වෙලා තියෙනවා.