අලකේශ්වර රජතුමාගේ කාලය එක්තරා ආකාරයකට වෙනස්ම කාල වකවානුවක්. මොකද මේ කාල වකවානුවේ අපේ රටට චීන ආක්‍රමණයක් එල්ල වෙනවා. දවසක් "මිo" රජ පෙළපතේ "ඉයුලෝ" චීන අධිරාජ්‍යය සමයේ (1405), "විoහෝ" කියන චීන සෙන්පතිවරයා අපේ රටට එනවා පුද පඩුරු සහ පූජා භාණ්ඩ අරගෙන. එහෙම එන්නෙ අපේ රටේ තියෙන බෞද්ධ වෙහෙර විහාරස්ථාන වැද පුදා ගන්න. ඒත් අලකේශ්වරට මේක එච්චර අල්ලන්නෙ නෑ. ඒ නිසා රාජ ආඥාවක් පනවනවා, ඒ චීන සෙන්පතියව අල්ල ගන්න කියලා. ඒත් ඊට කලින් සෙන්පතිවරයා චීනයට පැනලා යනවා. මේ සිද්ධිය වෙලා කාලය ගෙවී ගෙන යනවා.
ඒත් රජතුමා හිතන්නෙවත් නැති වෙලාවක, අවුරුදු 3කට පස්සෙ විoහෝ සෙන්පතිවරයා, 3000ක චීන හමුදාවක් එක්ක අපේ රටට ආක්‍රමණයක් එල්ල කරනවා (1408). මේක අන්තිමේදි විශාල යුද්ධයක් බවට පරිවර්තනය වෙනවා.
යුද්ධය දරුණුවට තිබ්බත් අන්තිම මොහොතෙදි රජතුමාව චීන හමුදාවට අහු වෙනවා. ඊට පස්සෙ රජතුමාවයි, රජතුමාගේ පවුලයි චීනයට අරගෙන යනවා. මෙහෙම චීනයට අරගෙන ගියපු අපේ රජතුමාව, චීන සෙන්පතිවරයා චීන රජතුමාට ඉදිරිපත් කරනවා. දැන් චීන රජතුමයි, අමාත්‍ය මණ්ඩලයයි ඉස්සරහ විශාල නඩුවක් යනවා. නඩුවෙන් අපේ රජතුමා වැරදිකරු වෙනවා.
ඒ අපේ රටේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කරන්න යහපත් සිතින්, ආපු සෙන්පතිවරයට කරදර හිරිහැර කරපු නිසා. ඒත් චීන අධිරාජ්‍යයා, අපේ රජතුමාට අනුකම්පා කරලා තීරණයකට එළඹෙනවා. අලකේශ්වර රජතුමා චීන සෙන්පතිවරයට කරන්න හදපු දේ නිසා, රජතුමාගෙ ක්‍රියා කලාපය සහ චරිතය ඒ තරම් හොද නෑ කියලා ඔප්පු වෙනවා. ඒ නිසා චීන අධිරාජ්‍යයා අමාත්‍ය මණ්ඩලයත් එක්ක මේ ගැන සාකච්ඡා කරලා, අලකේශ්වර රජතුමා වෙනුවට, ලoකාවෙ රජකමට ඒ පවුලෙම සුදුස්සෙක් පත් කරන්න තීරණය කරනවා.
මේ අනුව අලකේශ්වර රජතුමාගේ පුත්‍රයා වුණු "පරාක්‍රම ඈපා" කුමාරයව ලoකාවේ පාලකයා කරන්න අමාත්‍ය මණ්ඩලය තීරණය කරනවා. ඊට පස්සෙ ආයිත් මේ වගේ දෙයක් නොවෙන විදිහට අවවාද කරලා, අධිරාජ්‍යයා ඒ බව දන්වලා, රාජ මුද්‍රාව ගහපු සන්නස් පත්‍රයක් භාර දෙනවා පරාක්‍රම ඈපා කුමාරයට. ඊට පස්සෙ මේ ඔක්කොම අයව ආයිත් ලoකාවට එවනවා. ඒ වගේම මේ දේවල් අධීක්ෂණය කරන්න චීන තානාපතිවරයෙකුත් එවනවා.
අලකේශ්වර රජතුමාව චීනයට අල්ල ගෙන ගිහින් අවුරුදු 2ක් වෙනවා. ඒ කියන්නෙ මේ යන්නෙ 1410 අවුරුද්ද. ඒ කියන්නෙ අවුරුදු 2ක් අපේ රට පාලනය කරන්න පාලකයෙක් ඉදලා නෑ. ඉතින් සමාජ තත්වය වගේම, පාලන තන්ත්රයත් අවුල් වියවුල් වෙලා ගිහින් තිබුණා. ඊටත් වඩා තවත් හුටපටයක් වෙලා.
අලකේශ්වර රජතුමාවයි, පවුලයි චීනයට අල්ල ගෙන ගියපු මේ අවුරුදු 2ක අරාජික කාලයේ, ගම්පල රාජධානියේ 5 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ පුත්‍රයෙක් වෙච්ච, ලම්බකර්ණ වoශික ක්ෂත්රීය පරපුරකින් එන 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා, අපේ රටේ බලය අල්ලගෙන.
ඉතින් කර කියා ගන්න දෙයක් නැතුව, පරාක්‍රම ඈපා තමන්ට හිමි වෙන්න ඕන බලය ගන්න, 1412දි 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා එක්ක "දැදිගම" ප්‍රදේශයේදි යුද්ධයක් කරනවා. ඒ යුද්ධෙන් පරාක්‍රම ඈපා පැරදෙනවා. 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා ඉහළින් ජයග්‍රහණය කරනවා. ඊට පස්සෙ ආරම්භ වෙන්නෙ 6 වෙනි පරාක්‍රමබාහු රාජ්‍ය පාලන සමයයි...!!!!!!
අලකේශ්වර රජතුමාව, රජ කෙනෙක් විදිහට ඉතිහාසඥයින් නම් කරන්නෙ නෑ. ඒ නිසා කෝට්ටේ රාජධානියේ පළවෙනි රජතුමාවීමේ වාසනාව, අලකේශ්වරගෙන් උදුර ගන්න ඉතිහාසඥයන්, ඒක 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාට දෙනවා.
පිටකෝට්ටේ හන්දියේ ඉදලා රාජගිරිය පැත්තට යනකොට දකුණු පැත්තෙන් හම්බ වෙන 'අලකේශ්වර මාවතෙන්' හැරිලා ටික දුරක් යනකොට 'දේවාල පාර' කියලා පාරක් හම්බ වෙනවා. මේ පාර දිගේ ගියාම අපිට හම්බවෙනවා කෝට්ටේ රාජධානියේ, අලකේශ්වර සම්බන්ධව ඉතුරුවෙලා තියෙන එකම පුරාවිද්‍යා ස්ථානය.
මේ භූමියේ පිහිටලා තියෙන්නෙ අලකේශ්වරගේ මාළිගාවයි. අද වෙනකොට ඉතුරු වෙලා තියෙන්නෙ කබොක් ගල්වලින් හදපු, එකිනෙකට වෙනස්, හතරැස් හැඩයක් සහිත, ගොඩනැගිලි අත්තිවාරම් කොටස් දෙකක් විතරයි. මේ අලකේශ්වරගේ සොහොන කියලත් මතයක් තියෙනවා. හැබැයි මේ භූමියෙන් හම්බ වුණු ඇඹරුම් ගල්, ජල පෙරණ වගේ ගෘහ උපකරණ නිසා, ඒ මතය ප්‍රතික්ෂේප වෙලා යනවා.
* Cover Photo - Taken from www.1368-1644.com