3 වෙනි වික්‍රමබාහු රජතුමාගෙන් පස්සෙ රාජ්‍ය පාලනය භාර ගන්නෙ 5 වෙනි බුවනෙකබාහු රජතුමා. 5 වෙනි බුවනෙකබාහු රජතුමා කියන්නේ සේනාධිලoකාර අමාත්‍යවරයගෙ බෑණා කෙනෙක්. මේ වෙන කොට නිශ්ශoක අලගක්කෝනාරගේ මූලිකත්වයෙන් කෝට්ටේ බලකොටුවක් හැදෙනවා. යාපනය රාජධානිය බලවත් නිසා, ආර්යය චක්‍රවර්තීන් ගම්පල රාජධානිය ආක්‍රමණය කරන්න වුණත් ඉඩ තියෙනවා. එහෙම වෙලාවකදි ගම්පල රජතුමාව කෝට්ටේ බලකොටුවට ගෙනියන්න පුලුවන්. මොකද රජතුමා ආරක්ෂා වුණොත් රට ආරක්ෂා වෙනවා. කෝට්ටේ බලකොටුව හදන්නෙ ජලාශවලින් වට වෙච්ච, ආක්රමණිකයෙකුට ලේසියෙන් ඇතුල් වෙන්න බැරි බිම් ප්‍රදේශයක.
5 වෙනි බුවනෙකබාහු රජතුමත් කලින් රජවරු වගේම සoඝ සoශෝධනයක් කරනවා. දුසිල් මහණුන්ව ශාසනයෙන් එළවලා දානවා. ඒ වගේම රජතුමා රිදී 7000ක කරඩුවක් හදලා, කරඩුව ඇතුළෙ දළදා වහන්සේව තැන්පත් කරනවා. මේ කාලයේ ලියවෙන "මයුර සoදේශයත්", 5 වෙනි බුවනෙකබාහු රජතුමාගේ පාලන කාලයට වටිනාකමක් එක් කරනවා.
මයුර සoදේශය රචනා කරන්නෙ "ගුරුළුගෝමී" පඩිතුමාගෙ මුණුබුරෙක් වුණු "කවීශ්වර" කියන කවියා. මේ විදිහට රජතුමා අවුරුදු 20ක් ගම්පල රාජධානියේ ජීවත් වෙනවා. ඊට පස්සෙ රජතුමා ඉතිරි කාලය ගත කරන්න කෝට්ටේ බලකොටුවට යනවා. ඒ රජතුමාගෙ අවසාන කාලය නිසා.
මේ අතරෙ සේනාධිලoකාර අමාත්‍යවරයගෙ පුත්‍රයෙක් වුණු වීරබාහු කුමාරයා, " 2 වෙනි වීරබාහු" නමින් රාජ්‍යත්වයට පත් වෙනවා. ඒත් ඊට කලින් හිටිය 5 වෙනි බුවනෙකබාහු රජතුමා තාමත් ජීවතුන් අතර. රජතුමා කෝට්ටෙ ඉන්නවා. තාමත් අපේ රටේ රජ්ජුරුවො. ඒ නිසා 5 වෙනි බුවනෙකබාහු රජතුමාට හිටිය "අලකේශ්වර" කියලා සහෝදරයෙක්, 2 වෙනි වීරබාහු රජතුමාට විරුද්ධව යුද්ධයක් පටන් ගන්නවා. ඒත් 2 වෙනි වීරබාහු රජතුමාගේ යුද්ධ ශක්තිය ඉස්සරහා, අලකේශ්වර පැරදිලා ඉන්දියාවට පැනලා යනවා.
"නිකාය සoග්‍රහය" කියන පොත, 2 වෙනි වීරබාහු රජතුමාගෙ කාලයේ සම්පාදනය වුණු එකක්. මේ විදිහට වීරබාහු රජතුමා අවුරුදු 5ක් අපේ රටේ දැහැමෙන් සෙමෙන් රාජ්‍ය පාලනය කරනවා. 2 වෙනි වීරබාහුගේ මරණයත් එක්කම, ඉන්දියාවට ගියපු 5 වෙනි බුවනෙකබාහු රජතුමාගේ සහෝදරයා ආයිත් අපේ රටට එනවා. ඇවිත් ටික දවසකින්, කෝට්ටේ බලකොටුවෙ අවුරුදු 14ක් හිටපු 5 වෙනි බුවනෙකබාහු රජතුමත් මිය යනවා. ඊට පස්සෙ 5 වෙනි බුවනෙකබාහු රජතුමාගෙ සහෝදර "අලකේශ්වර" රාජ්‍යත්වයට පත් වෙනවා.
* Cover Photo -
Taken from www.wccftech.com